ගෙවා රෑ යම උදා අලුයම - දෝත පා නුඹ පිළිගමී.. |
කර පින්නන් ආපු හින්ද
දෙපා මගේ රිදෙන හින්ද
ගිනි ගණනට කිරි අරගෙන
උගුර උගුර දීපු හින්ද
මගේ හිත බැඳුණාය පුතේ
උඹ නැතිවම බැරිය පුතේ
...සේද පිළි විසි කරදා
කඩමලු ඇඟ ඔතාලා
සිහිල් දියෙන් දොවාලා
ගොඩක් වතුර පොවාලා
මං උස්සන් උඹ උස්සන් යනවා
කර පින්නා ගෙන යනවා
සුබ ආරංචියක්......
අපි කට ඇරගෙන බලා හිටියා මොකක්ද මේ සුබ ආරංචිය කියලා. ණය ප්‍රතිව්‍යුහ ගත කරගන්න පුළුවන් වෙලා. ඒකයි මේ සුබ ආරංචිය.
වැල් පාලමේ කතාවත් නිතර නිතර කියවෙනවා. මට නම් අසඩක් හොද පදමට දා ගත්ත වෙලාවට. ඒතකොට දෙන තීන්දුත් නියමයි.
වානිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ඩොලර් බිලියන 12.5ක් ජාත්‍යන්තර ස්වෛරිත්ව බැදුම් කර ( ISB) ණය ප්‍රතිව්‍යුහගතකරනය කරමින් සිටියද 2022 ණය සහ පොලිය නොගෙවීම නිසා එය ඩොලර්් බිලියන 18 දක්වා වැඩිවී ඇත. 2022 අප්‍රේල් සිට ණය ගෙවීම නතර කිිරීම නිසා ද්වි පාර්ශවීය සහ වානිජ නය ඩොලර් බිලියන 6.6 ක් එකතු වී ඇත. ප්‍රතිව්‍යුහගතකරනය කල යුතු විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 29 ක් වන අතර එයන් ඩොලර් බිලියන 11 ක්ද්වි පාර්ශවික ණය වන අතර ඉන් ණය ප්‍රතිව්‍යුහගතකරනය යටතේ ප්‍රතිව්‍යුහගතකරනය කර ඇත්තේ ඩොලර් බිලියන 10 කි.2028 දක්වා ණය මුදල් නොගෙවුවද වසරකට ඩොලර් මිලියන 500ක් පොලී වශයෙන් ණය හිමි රටවලට ගෙවිය යුතුය.
මෙන්න මේකයි සුුබ ආරංචිය.
මේ සුබ ආරංචිය සජබෙට ඇහුනේ ආණ්ඩු පැත්තට ඇහුුන විදියට නෙමෙයි. ණය ද්වි පාර්ශවික ,බහු පාර්ශවීය සහ සෙසු කණ්ඩායම් වලින් ගත් ණය තියෙනවා. ඔය ඔක්කොම මේකට එකග වෙලා නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී රජය අසාර්ථකයි කියලා සජබෙ කියන්නේ අපි කලා නම් ඔයිට වඩා හොදට කරනවා ! එයාලගේ මතය. ණය ගෙවීම කල් ගැණිම , ණය වලින් කොටසක් කපා හැරීම. ගැන කියන්නේ අපි කලා නම් ඔයිට වඩා කාලයක් ගන්නවා - ඔයිට වඩා ඉහල ප්‍රතිශතයකින් ණය කපා හැරීමට කටයුතු කරනවා කියලා.
දැන් වෙලා තියෙන්නේ 2028 වෙනකම් සහන කාලයකුයි 10 % ක ණය කපා හැරීමකුයි රජය ලබා ගෙන තියෙන්නේ
ඒකත් අපි කලා නම් ඔයිට වඩා හොදින් කරනවා වගේ කතාවක්.
කවුරු කලත් කර ගන්න පුළුවන් ඔය ටික තමයි කියලා අපිට නම් තේරේනවා. සුබ ආරංචියක් කියන ගමන් දේශීය ණය ගැන නම් කතා කලේම නැහැ.
ජනාධිපතිතුමා නිතරම හුණුවටයේ කථාව ගැන කියනවා. හුණුවටයේ කතාවේ පූරක මෙහෙම කියනවා
බෙදු එම නීතිය
දිගු නොවු කෙටි කාලය
ඒ රට ස්වර්ණමය යුගයක්ම වු බව
දනන් තුඩ තුඩ තවත් පැවසෙයි
හුණු වටය පිලිබද ඇසු මෙ පුවත
සබේ වියතුනි , පැවසු ලෙස
දන පුරානේ තබා ගනු මැන
සිතෙහි මේවදන
දෙයක් වේ නම් යම් සුදුස්සාටම
අයිති විය යුතුම කියන ලෙස
මෙලෙද ලැබිය යුතු මවු ගුණයය ඇති අය
දරුවන් දිනිය යුතු වෙයි
රියදුරු මනාව
ලැබිය යුතු වු සේම අස්රිය
මුදු ගුණයය ඇති අය
දරුවන් දිනිය යතු වෙය
ගොවි දන මනාවු
දිනිය යුුතු සේම ගම් බිම්.
අවසානයේ අසඩක් ගැන කියන්නේ මෙහෙමයි.
විදා අත් තල දෙන
නොදෙන දේ රැගෙන හෝ නොමරැගෙන
පොදවේ නිදානයකින් රැගෙන දෙන මෙන්
යුක්ති ධර්මය සැමට බෙදු එදා
පිටවුු විනිසුරු ඒ යළිත් නැත
කිසි දිනෙක දුටුවේ මෙදා වනතුරු
ඔහුගේ අණ ගුණ
දනන් තුඩ තුඩ තවද කියවේ.
2 comments:
ජනපති රනිල් ඇමරිකා තානාපතිට ඇමරිකා නීතිය කියා දෙයි.. ලංකාවේ ව්‍යවස්ථාව උගන්වයි..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට රැඳීසිටින විදේශ තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් කිහිපදෙනෙක් හමුවී තිබේ.
එහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ රැඳීසිටි අරගලකරුවන් ඉන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ යෙදවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ඝ වශයෙන් පැහැදිලි කර ඇත.
එම හමුවට අමෙරිකාව, කැනඩාව, ප්‍රංශය, බ්‍රිතාන්‍ය, ජපානය සහ ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස්වරුන් සහ තානාපතිවරුන් මෙන්ම මෙරට යුරෝපා සංගම් කාර්යාලයේ නියෝජිතයින්ද එක්වී සිටි බව වාර්තා විය.
මෙරට නීතිපතිවරයා, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන මහත්මියද අදාළ හමුව සඳහා සහභාගී වී තිබේ.
එහිදී අමෙරිකානු තානාපතිනී ජුලී චන්ග් පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් තමන් කණස්සල්ල පළකරන බවය.
ඊට පිළිතුරු දෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දී තිබුණේ, අමෙරිකාවේ කැපිටල් ගොඩනැගිල්ල එරට විරෝධතාකරුවන් පිරිසකගෙන් මුදාගැනීම සඳහා අමෙරිකානු නීතියට අනුකූලව එරට ආරක්ෂක අංශ කටයුතු කරනු ලැබුවේදී මේ ආකාරයටම බවය.
ජනාධිපති ලේකම් කාර්යාලය මෙරට ප්‍රධාන පරිපාලනමය ගොඩනැගිල්ල වන අතර ඉතා වැදගත් ලියකියවිලි රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ පවතින බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
එමෙන්ම 14,16 සහ 21 යන දිනවලදී විරෝධතාකරුවන්ට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් වන ලෙස පූර්ව දැනුම්දීම් සිදුකර තිබුණද පෙරදින අලුයම 6ට එම පරිශ්‍රයෙන් පිටත්වීම ප්‍රතික්ෂේප කළ විරෝධතාකරුවන් පස්වරු 2වන තෙක් කල් ඉල්ලා සිටි බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.
නමුත් එලෙස දිගින් දිගටම කල් ලබාදීමට හැකියාවක් නොමැති පසුබිමක රටේ නීතියට අනුකූලව පොලීසිය සහ ආරක්ෂක අංශ යොදාගෙන විරෝධතාකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද ජනාධිපතිවරයා පවසා තිබේ.
තමන් වැඩබලන ජනාධිපතිවරයාව සිටියදී තම පෞද්ගලික නිවස ගිනිබත් කළ අවස්ථාවේ කිසිදු පාර්ශ්වයක් ඊට විරුද්ධත්වය පළකරමින් ට්විටර් පණිවිඩ නිකුත් නොකිරීම සම්බන්ධයෙන්ද තමා විමතියට පත්වන බව ජනාධිපතිවරයා තානාපතිවරිය හමුවේ පවසා ඇත.
එහිදී කැනේඩියානු මහ කොමසාරිස්වරයා පවසා ඇත්තේ අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කළ ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමය ද සිය විරෝධය දක්වමින් නිවේදනයක් නිකුත් කර ඇති බවය.
තමා මෙන්ම මෙම සාකච්ඡාවට සහභාගී වන විදේශ කටයුතු ඇමතිවරයා ද ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාජිකයින් වන අතර එය නීතීඥ සංගමයේ සමස්ත මතය නොවන බව ජනාධිපතිවරයා එහිදී පවසා තිබේ.
නමුත් එය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් මහතාගේ මතය විය හැකි බවද ජනාධිපතිවරයා පැවසූ බව වාර්තා වෙයි.
1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සැකසීමේ ක්‍රියාදාමයේ සාමාජිකයෙකු ද වන තමන් සෑමවිටම කටයුතු කරන්නේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූකූලව බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කර තිබේ.
මීදුම ව්‍යවස්ථාවට සහ නීතියට ගරු කරයි.
අරගලය නියෝජනය කරන පාර්ශව නීතියට සහ ව්‍යවස්ථාවට එහා යමින් උඩුගං බලා යන යෝජනා ඉදිරිපත් කරයි. ඒවා යථාර්තයක් බවට පත් කරගන්නේ කෙසේදැයි ප්‍රශ්න සහගත වේ.
රාජ්‍ය පාලනය බැරෑරුම් විෂයයකි. ලස්සන වචන රැසකින් ආලවට්ටම් කර ජනතාව රැවටුවත් යථාර්තය හමුවේ විදවන අයුරු දැන් පැහැදිලියි. අවබෝධ වෙයි. තවදුරටත් අපි නොරැවටි සිට අනාගතයට මුහුණ දීමට සැලසුම් ඇති කර ගත යුතුයයි මීදුම සිතයි.
Post a Comment