පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Monday, August 29, 2022

රන්ජන් ගේ පාඩම





අපේ රටේ දේශපාලනය වෛර්නය. දේදුන්නක් වගේය. පුංචි ලමයි ප්‍රිය කරන සුරංගනා කතාවකි බදුය.

වරෙක දුමින්ද සිල්වා වැනි අය නිදහස්ව සභාපති කම් දරන අතර රන්ජන් වැනි අය එළියට එන්නට බලාපොරොත්තු ඇතිව හිර ගෙදරය. තවත් වරෙක දුමින්ද සිල්වා නැවතත් ඇතුලට යන අතර රන්ජන් එළියට විත් ආණ්ඩුවෙන් තනතුරුද විපක්‍ෂ නායකයා ගෙන් තනතුරු වරප්‍රසාද පෝලිමක් ලබන්නට හේතු වාසනා ඇතිවන්නේය.

වරද දේශපාලකයාට මෙන්ම අවශේෂ ජනතාවටද සමවන්නේය. එය කතාවකි. නීතිය ඉදිරියේ කවුරුත් සමානව සලකන බව කියවෙන්නේය. එහෙත් පාර්ලිමේන්තුවේ පලාත් සභාවේ රස්සාව කරන අයට මෙය වෙනස්ය. තමන්ගේ ලොක්කා රජවු පමනින් නීතිය ඒ දෙසට නැමෙන්නේය. හිරු දෙසට නැමෙන පීණිබර මළක් සේය.

ධිකරණයට අපහාස කිරීමේ වරදට අවුරුදු 4ක් හිරේ ගිය රංජන් අවුරුදු දෙකක් ගතවීමටත් පෙර ගෙදර ආවේය.රජන්ට හිරේ යන්න වුණේ විනිසුරුවන්ගෙන් සහ නීතිඥයන්ගෙන් සියයට 95ටත් වඩා දූෂිතයැයි කීම නිසාවෙනි.

 මෙම වරදට රංජන්ට හිරේ නොගොස් බේරෙන්න අවස්ථාව තිබුණි. ඒ මුල් අවස්ථාවේදී ම ප්රකාශය ඉල්ලා අස්කර ගැනීමෙනි. එහෙත් රංජන් නැවත නැවතත් කීවෙ තමන් කී දේ සත්ය බවත් එය කිසිසේත් ඉල්ලා අස්කර නොගන්නා බවයි. එසේම ජීවිත කාලයම හිරේ දැම්මත් සමාව ගන්නේ නැති බවද කීවේ පුදුම වීරත්වයක් නිර්භීත කමක් පෙන්වමිනි.

 එහෙත් ඊයේ පෙරේදා රංජන් වචනයෙන් පමණක් නොව ලිඛිතව දිවුරැම් ප්රකාශයක් ලබා දෙමින් තමන් කී දේ මුලුමනින්ම වැරදි බවත් තම ප්රකාශ පිළිබඳ සමාව ගන්නා බවත් කියා සිට ඇත.

රන්ජන්ද මුලදී සිටියේ කේසර සිංහයෙකු විලසිනි. පසුව ටිකින් ටික සිංහ සෙයියාව අතහරින්ට ඇරෙන්ට ඇත. පසුගිය මාධ්‍ය හමුවකදී දුටුවේ ගෙදර ඉන්නා සුරතලෙක්ගේ තත්වයෙන්ය.

කවුරුත් ජීවිතය අවබෝධයෙන් හැසිරිවිය යුතුය. රන්ජන් කියාදෙන පාඩම එයයි සිතෙන්නේය.


notes of imaginary

7 comments:

miduma said...

අදහස් නම් මරු.භාෂා විලාශය නම් 🍺 බියර් දෙකේ මතට වැඩිය පෙන්නනවා.මට අනුකම්පා කරලා බස් වහර වෙනස් කර ගනිමු .



Anonymous said...

රන්ජන් රාමනායක සමලිංගිකයෙක් කියනවා නේද? එහි සත්‍යතාවක් තිබෙනවද

miduma said...

ඒ ඔහුගේ පෞද්ගලික ජීවිතයට අදාල කාරනයක්. දේශපාලනඥයෙක් යයි හදුන්වන්නට මම කැමති නැහැ.එවැනි ලක්‍ෂණ දකින්න නැති නිසා. දේශපාලනය වෘත්තීයක් කර ගත්ත එවැනි පරිචයක් නැති පිරිසකට අපි දේ්ශපාලනඥයෝ කියලා කියනවා. අපේ රටට වෙලා තියෙන හාණියට මෙයත් හේතුවක්.

Anonymous said...

පළවෙනි වෙඩිල්ල

මානුෂික මෙහෙයුමේ අවසාන වකවානුවෙදි ආරක්ෂක හමුදාවෝ පරන්තන් හංදියේ ඉදලා මුලතිව් පාර දිගේ ඉදිරියට ඇදෙන්න ගත්තා .පරන්තන් හංදියේ ඉතිරි උනේ එකම එක බල්ලයි.. ඌත් බුරන්නෙ නැතුව බය බිරාන්ත වෙලා නට්ට පස්සේ ගහන් දුවන එක ජාතික රූපවාහිනියෙත් ගිහින් තිබුනා..සතියෙන් සතියට විනාඩි පහක් කතාකරන්න දෙන ඇමතුමේදි අපේ අම්මා ඒක හරි ආඩම්බරයෙන් කියන කොට මම මගේ ජීවිතේ පලවෙනි වෙඩිල්ල රට ජාතිය වෙනුවෙන් දෙමළෙක්ට තියලා තිබුනා..

පරන්තන් පහුකලාම අහුවෙනවා ධර්මපුරම් කියලා ගමක්.මේජර් බැස්ටියන් සර් ඒක ධර්ම පුරය කලා.. අන්න ඒ ධර්මපුරයෙදි තමයි පුහුණුවෙදි මට ග්‍රීස් වල ඔතලා චීනෙන් ගෙනැවිත් දීපු අවි අංක 6785289 කියන චීන ප්‍රහාරක රයිපලයෙන් පලමු වරට මනුස්සයෙක්ව මම මැරුවේ.. ඒ කතාව දිග හැරුනේ මෙහෙමයි.

ආනන්දවාසම් කියන ගම්මානය මැදින් අපි සතුරා ලුහු බදින කොට අපේ වෙඩි බලය එක්ක උඩින් වැටෙන ආටිලරි බෝම්බ එක්ක හැප්පෙන්න තියා හැරෙන්නවත් බැරිවෙච්ච කොටි පුලු පුලුවන් විදියට ජීවිතේ බේරගන්න පුදුකුඩු ඉරිප්පු පැත්තට පසුබැස්සා..

ඔය අතරෙදි එක්තරා තැනක පසුපස වෙලකට මායිම් වෙන්න පලාගියපු ත්‍රස්තවාදීන් කීපදෙනෙක් කොටු උනා.. ඒ අයට කොහෙත්ම එතනින් වෙලට පනින්න ක්‍රමයක් තිබුනේ නෑ..එහෙම පැනලා දිව්වනම් වෙල හරහා විවෘත භූමියක දුවනකොට අනිවාර්යයෙන්ම අකාරුණික විදියට පතුරම් වල පෙනේර වෙන්න ඒ අයට සිද්ධ වෙන බව එයාලා දැනගෙන ඉන්න ඇති..

ඒ නිසා ජීවිතේ ඉතිරි අවසාන බලාපොරොත්තුවද මන්දා... උන් නැවතිලා, හඹාගෙන එන සියගනනක සේනාවක් එක්ක සටන් කරන්න සූදානම් උනා.. එතන ඕනනම් එකොලහක් ඉන්න ඇති.. "සෙලවෙන සියල්ලට වෙඩි " එහෙම ඕඩර් ලබපු හමුදාව ඔවුන් එක්ක ලෙහෙසි සටනකට සූදානම් උනා..

මම කවර් උනේ හරියටම තල් වැටක කොනකට.. විසාල ඉඩමක් තිබුනු පුපුරලා වැටුන සිමෙන්ති අසූව දශකයේ ගෙදරක් දෙපසක අපි අපි සටන් වැදුනා.. ලාන්ස් කෝප්‍රල් වාසල ක්‍රියාත්මක කරපු gpmg වෙඩි බලයෙන් හාත්පසම දුහුවිල්ලක් වෙලා ගියා ..

ඒ වෙනකම් ඔලුව පහත් කරන් හිටපු උන් තැන තැනින් සටන අහවර නෑ කියන්න වගේ පහර දුන්නා.. උන්ගේ එකෙක්ට අපේ පහක් හයක් හිටපු සටනක භයානකම මොහොත එලඹුනා.. මම ටී පනස් හය තල් වැටෙන් ඉලක්ක කරලා එක මනුස්සයෙක්ට පතුරමක් නිදහස් කලා.. හරියටම ඒක වැදුනේ මිනිහගේ බෙල්ලට වෙන්න ඕන.. මිනිහා එතන අල්ලගෙන දනගහලා වැටුනා..ඒතෙක්කම කෝප්‍රල් " බඩි මූ "කිව්වා..

අපි එතනට යනකොටත් උන් ඔක්කොම මැරිලා.. එකෙක් විතරක් පණ බේරගෙන වෙල දිගේ දුවනකොට ඩෝං ගාලා ඇහුන සද්දෙන් මගෙ ඇසුත් වැහුනා.. ඒක තිබ්බේ මගේ වම්පැත්තෙම කොල්ලෙක්.. ඇස් අරින කොට වෙල් නියරෙන් උඩට දුවපු එකාගේ කකුල් දෙක විතරක් ඉස්සිලා තිබ්බා..
එක එකා සර්ච් කරපල්ලා කියන කොට මම වෙඩිතිබ්බ එකාලගට මම දිව්වා..මට ඕන උනේ ඇත්තටම වෙඩිල්ල වැඳුන තැන බලන්න.. "ඒ මනුස්සයා මැරිලා නෑ.".දෙයියනේ මගේ පපුව ගැහෙන්න ගත්තා.. මහ උන්ගෙන් ගුටි කන්න වෙයිද... මට මුකුත් හිතාගන්න බැරි උනා..

වෙව්ලාපු කටින් මම ඌට "ඇස් වහපන් හුත්තෝ"කියලා කිව්වා.. ඒත් ඌ ඇස් වැහුවේ නෑ..මගේ දිහා ඇස් ඇරගෙන බලාගෙන හිටියා.. ඒවා හරි පැහැදිලි ඇස්. කලු දෙමලුන්ගේ ඇස් හරි පැහැදිලියි..ඌ මගේම වයසේ විතර කොල්ලෙක්.. රැවුල මගෙ වගේම ලාවට වැවෙන එකෙක්.උඩ රැවුලක් රන් පාටට ලාවට වැවිලා තිබ්බා..උගේ ඇස් එක කෙලින් තියෙන අතරේ හුස්මත් අමාරුවෙන් ගත්තා..උගේ තුවක්කුව අපට වඩා වෙනස් ..ඒක stf එකක්.. මම ඒ දිහා බැලුවා.. ඒත් ඌ ඒක දිහා බැලුවේ නෑ..ඒ කොල්ලා ආයුධ අත ඇරලා තිබ්බා..

මිනිහා තවමත් මම දිහා බලාගෙන..අපිට ඉලක්ක පත වලට ජීව පතුරම් වලින් වෙඩි තියන්න ඉගැන්නුවට ඒවා වැදුන මනුස්සයෙක් මොකද මුලින්ම කරන්නේ කියලා උගන්නලා තිබුනේ නෑ.. ඇත්තටම වෙඩි කාපු මනුස්සයෙක්ගේ අවසාන බැල්ම වෙඩි තියපු මනුස්සයා දිහාට එල්ල වීම හරිම කේදවාචකයක් ..

අනිත් එක, ඒ මනුස්සයගේ ජීවිත කාලේ අවසානම බැල්ම වැටිලා ඊට පස්සේ ඒ මතකය එක්ක ජීවත්වෙන වෙඩික්කරුවෙක්ගේ ජීවිතය ..මට හිතෙන්නෙම ඒ මොහොතෙදි දෙන්නම මැරිලා යනවා.. කෙනෙක් ශාරීරිකව..අනෙකා මානසිකව.. හැම දෙයක් ගැනම නිකම් දකිනවට වඩා හිතලා ඉස්සර ඉදන් ට්‍රැක් චේන් පන්න ගන්න මට දකුණේ ඉදන් තුවක්කුවක් කරේ තියන් ඇවිත් ජීවිතේට මට වරදක් නොකරපු එකෙක්ට වෙඩි තියලා මරලා දාපු එක මහ පුංචි සිදුවීමක් උනේ නෑ...

ඒ මනුස්සයගේ බෙල්ලෙන් ගලාගෙනගියපු ලේ රතුපාටට වැලිපොඟවගෙන එතනම රවුමට තිබුනා..තව දුරටත් ඒ ආයාසයෙන් ගන්න හුස්ම මගේ පපුවටම වැදෙනවා වගේ මට දැනුනා .

Anonymous said...

තියෙන අසහනේ කියන්න ලඟම යාළුවට ගත්තා.. ඌත් බිසී කියපන්කෝ.. පස්සේ බැලුවා දුක කියන්නේ කාටද කියලා..

මේකයි බන් කාරණේ.. දැන් සති දෙකක් ඇති ඩේලි බියර් දෙකක් ගහන්න ඕනේ වෙලා බන්... මොන හුට්ටක්ද මන්දා.. අපේ ඔපිස් එකේ එහා පැට්ටේ රෙස්ටුරන්ට් එකක් හෑව්... මම නිකමට දවසක් ගොඩ වැදුනා.. දැන් වයසේ හැටියට බොන්නත් බෑ.. නිකමට බියර් එකයි පෝක් එකයි ගැහුවා..

ටවුකන්ඩ... දැන් ඩේලි ගහන්න ඕනේ වෙලා බන්.. මොන උට්ටක්ද මන්දා...මටම එපා වෙලා බන්.. හැමදාම ටයිගර් බියර් දෙකයි පෝක් ප්ලේට් එකයි..සිගරට් දෙකයි. පඩිය ඉවරයි යකූ... උදේට හිතා ගන්නවා නෑ නෑ අදනම් බොන්නේ නෑ . සල්ලිත් ඉවරයි.. කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට ඕෆ් උන ගමන් ඔතනින් යද්දි කාන්දම වගේ ඇදෙනවා බන්ස්..

මාර කරුමයක් බන් උනේ.. පෝක් එකත් තියෙනවා තුන පහ ටික දාලා සුප්පට.. දවසෙම මහන්සි වෙලා කූල් බියර් උගුරක් බොනගමන් මස් කෑල්ලක් හැපෙද්දි දැනෙන රස කිසිම ආතල් එහෙකින් ගන්න බෑ බන්.. ගෑණියෙකුත් නැති මම මනෝ පාරක් ගහන් ආතල් එකේ තනියෙන් බොනවා බන්...

දැන් ඩේලි ඇබ්බැහි වෙලා.. උදේට හිතා ගන්නවා අම්බෝ අද නම් කටේ තියන්නේ නෑ කියලා.. උට්ට හවසට කණ මදයා වගේ බොණවා..

ගෙදරත් චොර වෙලා බන්.. ඩේලි බොනවා කියලා..මේ උට්ට ගහලා ආවම ගොත ගැහෙනවා.... ඉතින් මාට්ටූ.. බයිනවා ලෙල්ල හුටන් වෙන්න...

මේ ඇබ්බැහියෙන් මිදෙන්න විදියක් කියපල්ලකෝ ...

Anonymous said...

විශ්‍රාම යන සෑම රාජ්‍ය සේවකයෙකුටම මුහුණ දීමට සිදුවන අපූරු අත්දැකීමක් වෙයි. එයට මුලපිරෙන්නේ මෙසේය. විශ්‍රාම ගැනීම සඳහා ලියකියවිලි බාර දුන් පසුව විශ්‍රාමලාභියාට සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවීමක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබෙයි. එහිදී සිදුකරනු ලබන්නේ ඉදිරිපත් කරන ලද ලේඛනවල සත්‍යතාව තහවුරු කරගෙන විශ්‍රාම වැටුප අනුමත කිරීමයි. (අදාල කාර්යාල වලින් සියළු ලේඛන තහවුරු කළ පසු මෙවන් සම්මුඛ පරීක්ෂණයක් නැවත අවශ්‍ය වන්නේ කුමක් නිසාදැයි දන්නා කෙනෙකුට පැහැදිළි කළ හැකිය.) කෙසේ වුවද එතැන්හිදී විශ්‍රාම වැටුප් ලාභියාට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන හැඳුනුම්පතක් ද ලැබෙයි. එය ද අපූරු හැඳුනුම්පතකි. එහි එක් පසෙක අදාළ පුද්ගලයාගේ නම, ලිපිනය, විශ්‍රාම වැටුප් අංකය යනාදී තොරතුරු ඇතුළත් වන අතර අනෙක් පැත්තේ පෞද්ගලික බැංකුවක වීසා කාඩ්පතකි. එය භාවිත කිරීමට එම බැංකුවේ ගිනුමක් ආරම්භ කළ යුතුය.

එසේ කරන ලද කෙනෙක් තවමත් මෙම ලියුම්කරුට මුණගැසී නැත. ලියුම්කරු කළේ ද නැත. අනුමාන කළ හැක්කේ එක් පැත්තක් බැංකුවේ වීසා කාඩ්පතක් කිරීමේ හිලව්වට බැංකුව විසින් නොමිලේ හැඳුනුම්පත සකස් කිරීමේ බරපැන දරනවා විය හැකි බව ය. එමෙන්ම සම්මුඛ පරීක්ෂණය නිමවා ආපසු ඒමට එළියට බැස්ස තැන් සිට දුරකතනයට මෙන්ම කන් දෙකට ද නිවාඩුවක් නැත. ඒ ලංකාවේ තිබෙන සියළුම පෞද්ගලික බැංකු වලින් පාරිතෝෂිකය එම බැංකුවේ තැන්පත් කරන්නටත් එය ඇපයට තබා ණයක් ගන්නටත් කරන ඇවිටිලි නිසාය. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් එළියට බැස බසයකට නගින්නටත් පෙර එන මෙවන් ඇමතුම් අපට කියාදෙන්නේ අපගේ පෞද්ගලික ලිපිගොනුවේ තොරතුරු සම්මුඛ පරීක්ෂණය අතරතුරම හෝ එය නිම වූ සැනින් පෞද්ගලික බැංකු අතට පත්කරනු ලබන බව ය. විශ්‍රාම වැටුප් ලාභියාගේ අවසරයකින් තොරව ඔහුගේ හෝ ඇයගේ තොරතුරු වෙනත් පාර්ශවයක් අතට පත් කිරීම කෙතරම් දුරට නිත්‍යානුකූල ද හා සදාචාරාත්මක දැයි දෙපාර්තමේන්තුව පැහැදිළි කළ යුතුය. මෙතරම් දිගට කරුණු කියන්නට සිදු උනේ එසේ බැංකුවක් කියන දේ අසා ණයක් ගත් පසුව සිදුවූ අලකලංචියක් ගැන කියන්නටය. හැබැයි ගත්තේ රාජ්‍ය බැංකුවකින් මිස පෞද්ගලික බැංකුවකින් නොවේ.

මෙම සිදුවීමට මුහුණ දුන් තැනැත්තා තම විශ්‍රාම වැටුප ඇපයට තබා ලංකා බැංකුවෙන් රු.1 000 000 ක ණයක් ගත්තේය. ගන්නා ණය මුදල තීරණය කළේ මසකට විශ්‍රාම වැටුපෙන් ගෙවීමට හැකි උපරිම මුදල අනුව ය. බැංකුව නියමිත දිනදී විශ්‍රාම වැටුපෙන් මෙම වාරිකය අඩුකර ගනී. එහිදී එවකට අය කළ 9% පොලිය අනුව වාරිකය රු. 10749 විය. එය තහවුරු කරගැනීම සඳහා යළි විමසීමේදී ලිපිකරු අවධාරණය කළේ වාරික 168 කින් කපා නිමකර ගන්නා තෙක් එය නොවෙනස්ව පවතින බවය. එහෙත් පසුගිය සතියේ දැකගන්නට ලැබුනේ රු. 16000 ඉක්මවූ මුදලක් වාරිකය ලෙස කපාගෙන ඇති බවයි. අදාළ බැංකු ශාඛාවේ කලමණාකරුගෙන් කළ විමසීමකදී ලැබුන ප්‍රතිචාරය පහත පරිදිය.

"අපි විශ්‍රාම වැටුපට දීපු හැම ණයකටම විචල්‍ය පොලිය තමයි දැම්මෙ. අපි හිතුවේ නෑ මෙච්චර පොලී අනුපාතය වැඩිවෙයි කියලා. සමහර අයගේ විශ්‍රාම වැටුප මදි වාරිකය කපාගන්න. දැන් සාකච්ඡා කරගෙන යනවා සහනයක් දෙන්න. ගෙවන්න අවුරුදු තුනක් වැඩිපුර දෙන්න වගේ."

ඔහුට අනුව දැන් පොළිය 18% කි. මේ පිළිතුර සත්‍ය නම් බැංකුව කර ඇත්තේ වංචාවකි. ණය දීමේදී ස්ථාවර පොලියට දෙන්නේ යයි වාචිකව පවසා ගිවිසුමේ විචල්‍ය පොලිය ඇතුළත් කර ඇත. එමෙන්ම බැංකු පොලී අනුපාත ඉදිරියේදී හැසිරෙන ආකාරය පිළිබඳව කිසිදු අවබෝධයක් තිබුනේ නැතැයි කියන කළමනාකරුවකු විශ්වාස කළ හැකි ද යන්න සිතා බැලිය යුතු කරුණකි. කළ යුතු දේ නම් ණය ලබාගන්නා තැනැත්තාගේ අභිමතය පරිදි ස්ථාවර හෝ විචල්‍ය පොලිය තෝරාගැනීමට අවස්ථාව ලබා දීමයි. දැන් මෙහිදී ගනුදෙනු කරන්නා අත්සන් කිරීමට පෙර ණය ගිවිසුමට අදාළ ලිපි ලේඛන කියවා සෑහීමකට පත් වී අත්සන් තැබිය යුතුය යන සාධාරණ තර්කය ගොඩනැගිය හැකිය. එසේ වුවද සත්‍යය නම් අවශ්‍ය ලිපිලේඛන සකසා ඇත්තේ කියවා අත්සන් තැබීමට නොව නොකියවා අත්සන් තැබීමට බවය. කුඩා අකුරින් හා බොහෝ විට ඉංග්‍රීසි බසින් පමණක් සැකසී ඇති මෙම අයදුම්පත්‍ර නිසි පරිදි කියවා තේරුම් ගැනීමට නම් ගෙදර ගෙනැවිත් නිවිසැනසිල්ලේ කියවිය යුතු තරම් දිගකින් යුතුය. යථාර්තය නම් කවුන්ටරය හරහා දිගුකරන පොත දිගුකරන සැනින් කතිර දමා ඇති තැන්වල අත්සන් කළ යුතු වීමය.

ඉහත දැක්වෙන කළමනාකරුගේ 'නොකළමනා' පිළිතුරෙහි ඇඟවෙන පරිදි වටහා ගත යුතු සත්‍යය නම් ණය පොළිය වැඩි වීමට නියමිත බව දැන දැනම ස්ථාවර පොළියට දෙන බව පවසා විචල්‍ය පොළියට ණය දි විශ්‍රාම වැටුප් ලාභීන් අසරණ කර අයුතු ලාභයක් ඉපයීමය. ජාතියටම පහන් ටැඹක් වනවා යයි උදම් අනන රාජ්‍ය බැංකුවක් ආලෝකය වෙනුවට අඳුර පතුරන්නේ මෙසේය.

Anonymous said...

රාජපක්ෂ ගරු ජනපති ඔබයි අපේ රටේ අධිපති