පහන්තුඩාව - බෙලිහුල්ඔය

සීතල වතුර පහස විදින්න.





















බෙලිහුල්ඔය

1. බෙලිහුල්ඔය ගග 2. හාගල කන්ද 3.නේචර්ස් කොටේජ් ( විව් පොයින්ට් )






















සමනල වැව

සමනල වැව බැම්ම























බුදුගල

බුදුගල පෞරාණික නටබුන් . කල්තොට බලන්ගොඩ.

























බේකර්ස් බෙන්ඩ්

නොන් පෙරියල් - බෙලිහුල්ඔය.

2026-07-02

මැණික් කතා



සබරගමුව මැණික් කර්මාන්තයට ප්‍රසිද්ධයි.එයිනුත් රත්නපුර දිස්ත්‍රික්කය විශේෂිතයි.මැණික් කර්මාන්තයත් සමග බැදුණු භාෂා විලාසයක් තියෙනවා.

අඩි 8*4 ප්‍රමානයේ කැණීමක් - පතලක් ලෙසයි හදුන්වන්නේ. පතල් භුමිය තුල භාවිතා වන සහ යොදා ගන්නා උපකරන
දබරය ,
දබර කූඩය
දබර මඩුව
කටේ තට්ටුව
තට්ටු ගැසීම
කැකිල්ල
කැකිල්ල කොටුව
කතිර පට්ටලේ
කැට කූඩය
කට්ට කූඩය -
මැණික් වට්ටිය
මුළු කත්තුව - තට්ටුව මුළු හතරේ සහ මැද මුක්කුවේ මැදට ගසන උස් මුක්කුව
ඉල්ලම -
දෝණ
හබේස් - සංඥාවක්.
ඉල්ලම් කමත
ගැරීම
නාඹුව බැලීම
පතල් වාඩිය
වතුර පොම්පය

සුමාන කාසි - පතල් කම්කරුවන්ට සතිපතා දෙන යැපීම් දීමනාව
පතල් හවුල - ආයෝජකයින් කණ්ඩායමක් සිටින විට එක් එක් අයගේ කොටස
වෙන්දේසි කිරීම - අලෙවි කිරීමේදි විවෘත වෙලදපල
සන්නම - මද වටිනාකමින් යුතු ඉතිරි වන මැණික්
ගෙව්ඩ ඔට්ටුව ආරනුල පසිංගලය රබහ - මැණික් වර්ග කිහිපයක්.
පතල් ඉටිපන්දම්.

ඔය වගේ නම් වලින් හදුන්වනවා.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-30

ඇඹිලිපිටිය - රජමහා විහාර - 05




පොසොන් පෝය දවසේ සංඛපාල රජ මහා විහාරයේ…….. සිට 

හැල්මේ ගියත් කාලය තවත් දික්කරන්නට සිද්ධවුනා

.බොහෝම වෙහෙර විහාර හතරවටේට…….

කාවන්තිස්ස රජ මහා විහාරය.

තෙරුන්කට්ටුව රජ මහා විහාරය. - තුංකම

වළල්ගොඩ පුරාන ටැම්පිට විහාරස්ථානය - පනාමුර

කාවන්තිස්ස පුරාන විහාරස්ථානය - පනාමුර

පුරාණ රජ මහා විහාරය - ඕමල්පෙ

හීන් දළුහින්න ටැම්පිට විහාරය - ලේල්වල

ශ්‍රී ගංගාතිලක රජමහා විහාරය - කළගෙඩිආර

වෙහෙරගොඩල්ල පුරාණ විහාරය - ජූලංගැටේ

ශ්‍රී ගොඨාභය රජ මහා විහාරය. - පදලංගල

සිරි නාග රජ මහා විහාරය. - තිඹොල්කැටිය.

මෙම බොහෝ විහාරස්ථාන ඓතිහාසික වැදගත් කමක් ඇති ස්ථාන.

දෙවන තුන්වන සියවස්වල තොරතුරු ,නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය පාලන සමය සහ

මාගම රාජධානි සමය පිලිබදව ගවේශණය කරන්නෙකුට මෙම ස්ථාන ඇසුරු කරනවානම් බොහෝ තොරතුරු වලින් සන්නද්ධ විය හැකියි

ඇඹිලිපිටිය සංචාරය කරනවුන්ගේ වැඩි අවධානය යොමුවන්නේ ඇත් අතුරු සෙවන, උඩවලව ජාතික වන උද්‍යානය , මඩුවන්වෙල වලව්ව, උණුදිය උල්පත් , වවුල්පනේ හුණුගල් වැනි ස්ථානයන.

එහෙත් ගවේශකයෙකුට අවධානය යොමුවිය කරුණු කාරනා බොහොමයක උල්පතක් තමයි. ඇඹිලිපිටිය.

ඇඹිලිපිටිය ශාසනාරක්ෂක මණ්ඩලය සහ උඩවලව ශාසනාරක්ෂක මණ්ඩලය සාමාජිකත්වය දරන විහාරස්ථාන හතලිස් අටක් තියෙනවා.

මේවා වර්තමාන සංවර්ධණයත් සමග ජනාාවාසවල ආගමික සේවවාන් ඉටු කරනවා.

මීදුම හිගුරආර පහුකරන විට බෝධිරාජ දහම් පාසල හමුවුනා දහම්පාසලේ ඉගනුම ලබන දූ දරුවන් ප්‍රමානය එක්දහස් පන්සියයකට වැඩියි.බෝධිරාජ ජාත්‍යන්තර පාසල දූ දරුවන් හාර දහසක් !.

ඇඹිලිපිටියේ පුනරුදය ගැන හිතන්න එක් සාධකයක්.








A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-29

ඇඹිලිපිටිය - සංඛපාල රජමහා විහාරය - 4


අද පොසොන් පෝය දවස.

සදුදා දවසක පෝය නිවාඩුව ලැබුන නිසා එක දිගට දවස් තුනක නිවාඩුවක්.

ආයතනික රාමුවලට කොටු වෙලා ඉන්න අයට එහෙම වුනාට අපිට එහෙම නෑ.

ඕන දවසක නිවාඩු ගන්න පුළුවන්.

පොසොන් පෝයට අනුරාධපුරේ මිහින්තලේ පැත්තට යන අය වැඩියි.

ඒ දවස්වලට ඒ පැත්ත ජනාකීර්ණ වෙනවා.

මම ඇඹිලිපිටිය ගැන කතා කර ර හිටිය නිසා පොසොන් එකට ඒ පැත්තට ගියා.

මග දිගට දන්සැල්…

ඒ නිසා කන බොන දේවල් වලින් අඩුවක් නැහැ.

මුලින්ම ගියේ සංඛපාල රජ මහා විහාරයට.

ඇසල පෝයට උත්සවශ්‍රීෙයන් ජනාකීර්න වන සංඛපාල රජ මහා විහාරය කතරගම පැත්තට යන වන්දනා නඩවලින් පිරිලා.

සංඛපාල රජ මහා විහාරයට අයත් නින්දගමේ භුමි ප්‍රමානය අක්කර 13000 ක් !.

උතුරෙන් පනහඩුව , රෙමෙනිපොත යන ගම්මාන දකුණට රක්වාන ගග ,බටහිරින් පල්ලේබැද්ද කුඹුක්කන් ආර, නැගණහිරෙන් බැලවානගල ද මේ වපසරිය සීමා කරනවා.

හතරමායිම් මොටද වැද පුදා ගත්ත ආවනම් කියලා අහන්න කවුරුත් නැති කොට මේ නින්දගම ලැබුනේ කොහොමද කියලා මම පත පොත පෙරලන්න හිතුවා .

ඒකටත් පෝය ගෙවෙන්න එපාය ?.


ක්‍රී.ව. 1782 දී මහනුවර යුගයේ රාජාධිරාජසිංහ රජ සමයේ කරතොට ධම්මාරාම හාමුදුරුවෝ “ බාරස “ කියලා කාව්‍ය නිර්මාණයක් කරනවා.

මේ කාව්‍ය නිර්මාණය රජතුමා ඔප්පු කරන කරතොට හාමුදුරුවන් කෙරෙහි පැහැදෙන එතුමා සිංහල සාහිත්‍යයට කරන ලද සුවිශාල මෙහෙවරක් කොට සලකා මේ නින්දගම පවරා දෙනවා.

දැන් කාලේ හැටියට නම් අල්ලස් හා දුෂණ කොමිසමට රාජකාරියක්. රජතුමා බලය අත්හැරලා තිබෙන්නත් එපාය ?.

තවත් අතීත කතාවක් තියෙනවා.

ඇඹිලිපිටිය ප්‍රෙද්ශය ගැන  කාවන්තිස්ස රජතුමා බැහැර කර කතා කරන්න බැහැ.

ඵුස්සදේව දසමහා යෝධයින්ගෙන් කෙනෙක්.

එළාර - දුටුගැමුණු යුද්ධයෙන් පස්සේ සේනාධිනායකයින්ට කරන ලද සේවය අගයීමක් වශයෙන් නොයෙක් වරප්‍රසාද ලබා දීලා තියෙනවා.

ඵුස්සදේව විශාල ශබ්දයක් නැගෙන, විශාල පරාසයකට ඇසෙන  පරිදි සක්ගෙඩි පිඹීමට දක්ෂයෙක්. 

ඔහුට කියනවා සක්හඩ පැතිරෙන ප්‍රෙද්ශය ඔබට නින්දගම් කොට පවරනවා කියලා .

ඵුස්සදේව සංඛපාල කදුවැටියේ උස්ම කදුමුදුනට නැග 

ශබ්දනගා සක්හඩ නංවනවා.

ඒ භුමි ප්‍රෙද්ශය ඵුස්සදේවට හිමිවෙනවා.

පසුකාලයක පැවදිව මේ නින්දගමේම වාසය කල බව සදහන්.

උන්වහන්සේ අපවත්ව භෂ්මාවශේෂ තැන්පත් කල ස්ථානය අපට දකින්නට හැකියි.

මේ සැරිසරත් සමග ඉරත් අවරට යන්න සූදානම්.

මම පල්ලේ බැද්ද - වැලිගෙපොල - බලන්ගොඩ හරහා බෙලිහුල්ඔයට පසු බැස්සා.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-28

ඇඹිලිපිටිය - ගමට නමක්… -3



ඇඹිලි - පිටිය ගැන කියන කොට නොයෙක් නොයෙක් ගම් මතක් වුනා..
බණ්ඩාර - වෙලට ගියේ උදැල්ලත් අරන් පුංචි එකාගේ මතය.
නිතර කතා කරන බෙලිහුල් ඔය ගැනත් කතා තියෙනවා.
බෙල්ල - වැටුන -ඔය බෙලි - හුල්- ඔය උනා කියලත් කියනවා.
හුණට ගන්න බෙල්ලෝ බහුලව හිටිය නිසා බෙලි - හුල් - ඔය වුනා කියලත් කියනවා.

ඇඹිලිපිටිය ගැන කතා කරමින් හිටපු නිසා ඒ පැත්තේ ගම් නියම් ගම් වල නම් ටිකක් කියන්නම්.
වැඩියත් හමුවුනේ පරිසරය ගස්වැල් දියපාරවල් ආශ්‍රිතව ගොඩ නැන්වුන නම් !.
බෝසිරි ගම , කෝංකටුව ,කිරලවැල් කටුව , මොරකැටිය , කරදකැටිය ,තෝරගල, ජූලංගැටේ,බුරුතකන්ද ,බුලත්වැල්කන්ද,කැකුණවත්ත,හීන්දළුක්කන්ද ,හිගුරආර, වීරගහ හන්දිය, නාවින්න,වදකහවෙල,තල්ගස්වත්ත,පුහුල්යාය ,කරවිලයාය,කරදමණ්ඩිය, තිත්තවැල් පොත,ලියංගස්තොට, ඉගිණිගොඩ,තලකෑල්ල,තිබොල්කැටිය ,කුඹුක්අතුර ,හල්මිල්ලආර,ජූල්කැටිය ,තෝරකොළයාය ,වරායාය, පනාමුර

ගම - නගර නොවු ගම්
කටුව - ගමකින් ගමක් වෙන් කරන කැලෑ බිම
කැටිය - ගොන්න - ( ගොනුවක් )
ගල - ගලක් ඇසුරෙන් නම් කල
ගැටේ - උස් කදු බිම
කන්ද - විශාල කදක් - පස් හෝ ගල්වලින් සැදුන
වින්න - වනයට හුරු බිම
වෙල - වෙල්යායක් ඇති
වත්ත - වගාකල ගොඩ බිම
යාය - එක දිගට එකම වගාව් ඇති පෙදෙස
මණ්ඩිය - ගම්මාන ඇසට පෙනෙන මානයට අයත්
පොත - පෙදෙස
තොට තරණය කරනුයේ ( දියපහරක් තරණය කර )
ගොඩ - සමුහය , ගොඩබිම
කෑල්ල - කැලෑ බිම් කොටස
අතුර - බිම්කඩ ( බෝගහ අතුර = රංචාමඩම , කුඹුක් අතුර = පනාමුරය )
ආර - තැණිබිම මත එකතුවෙන වැහි ජලය ගලායන දිය පාරක් ඇසුරෙ පිහිටි ගම.
මුර - මුර බිම ( පනාමුරේ )

වැඩි වැඩියෙන් තොරතුරු පලකරන්න ගියොත් කියවන ඔබ බෝරිං වෙනවා.
ඇඹිලිපිටිය ආශ්‍රිතව වෙනමම සංස්කෘතියක් තියෙනවා කියලා මට හිතෙනවා.
ගම්වල , ජනාවාසවල,දියපහරවල් වලට යොදා ගෙන තියෙන නම් කියවන විට වෙනත් ප්‍රෙද්ශ එක්ක සංසන්දනය කරන කොට දැක්කේ වෙනසක්.
තවත් වියමනක් මේ සදහා යොමු කරන්නම්
ටිකක් ඇවිද ගෙන යන්න ඕන කියලා මම හිතුවා තොරතුරු එකතු කරන්න.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-26

ඇඹිලිපිටිය වුන හැටි - 2



බ‍ෙහොමයක් ගම් , නගරවල නම් හැදෙන කොට ඒ නමට ගැලපෙන වෘතාන්තයක් හේතුවක් තියෙනවා. පරිසරය ,ගංගා ඇළදොල කදු උදාහරණ විදියට ගන්න පුළුවන්.

ඇඹිලිපිටියට නම හැදුන හැටිත් එහෙම තමයි. 

නොයෙක් වෘත්තාන්ත අතර මේ ‍ඓතිහාසික පුවත තාර්කිකව සත්‍යයට සමීපයි කියලා මීදුම විශ්වාශ කරනවා.

කාවන්තිස්ස රාජ්‍යා පාලන සමයේ ඇඹිලිපිටිය විශේෂ අවධානයට ලක්වු බවත්  මේ ප්‍රෙද්ශය සංවර්ධණයට සහ පාලනයට  “ වීරබාහු “ නම් ඇමතිවරයෙකු පත්කර සිටි බවත් ඉතිහාසය කියනවා .

මෙතුමා වැවි අමුනු හදමින් පිළිසකර කරමින් ඇඹිලිපිටිය සශ්‍රීක කරමින් පාලනය කලා.  ඔහු වැව් දෙකක් ඉදිකර තියෙනවා. 

ජනප්‍රිය පාලකයෙක් වෙන කොට තරහ කාරයොත් වැඩියි නේ. මේ අවදිය වන විට රජතුමාට කේළම් කියලා රජතුමාත් වීරබාහු ඇමති තුමාත් අතර විරසකයක් ඇතිවෙලා තිබුනා.

මේ අතරට රජතුමා යෝජනා කලා ඉදිකරන ලද වැව් දෙක රජසතු කරන්න කියලා ඇමතිතුමා මේ යෝජනාවට එකගවුනේ නැහැ.

පාලන අර්බූදයක් !.

රජතුමා නියෝග කලා ඇමත්වරයාගේ හිස ගසා දැමීමෙන් මරණයට පත්කරන්න.

ඇමතිවරයා “ බිල්ලක් වු පිටිය “

බිලිපිටිය පසුව ව්‍යවහාරයේදී  - ඇ - බිලිපිටිය 

ඇඹිලිපිටිය වු බවයි පැවසෙන්නේ.

මේ කතාවට පොඩ්ඩක් වෙනස් කතාවක් තියෙනවා.

විරසකය ආරංචිවු වීරබාහු ඇමතිවරයා රජතුමා හමුවෙලා සාකච්චා කරලා තියෙනවා.

එතනදී රජතුමා වැව් දෙක තමන් වෙත පවරන්න නියෝග කරලා.

වීරබාහු ඇමතිවරයා පවසලා තියෙන්නේ තසන්ගේ ජීවිතය පවත්නා කල් එම නියෝගයට එකග නොවන බවයි.

මින් කෝපයට පත් රජතුමා වීරබාහු ඇමතිවරයාගේ හිස ගසා දමා මරණ්‍යඨ පත් කරන්න නියෝග දීලා.

මේ අසාධාරණ නියෝගයට සොබාදහම පවා කම්පා වෙලා.

කදුකරයට මහවැසි ඇතිවෙලා වළවේ ගග උතුරා ගලන්න පටන් අරලෙන

වැව් දෙක පිරිලා වැව් බැම් දෙදරා ගිහින්.

වැව් බැම්ම බිදලා ගියා.

වැව් බැම්ම බිදීගිය තැනින් දියට පැන වීරබාහු ඇමති තුමා සියදිවි නසාගෙන……….

ඒ අනුවත්  ඇමති + බිලිවු + පිටිය   “ඇඹිලිපිටිය“ වෙන්න ඇති.


මේ කතා අතරට තවත් කතා තියෙනවා. ඒවා ගැන හිතන්න ඕනි.

මේ පැත්ත තැනිතලා ලදු කැලෑ පවතින පැත්තක්. “ඇඹිල්ල “ කියලා පදුරු මේ ලදු කැලෑ වල  බහුලව තියෙනවා. කොල ඇඹුල් රසයි.

"ඇඹිල" ගස් වලින් පිරි පිටිය - “ඇඹිලිපිටිය“ වු බව පැවසුවත් එය නිවරදියි කියලා හිතන්න අමාරුයි.



තවත් කතාබහක සදහන් වෙන්නේ ඇඹුල් දොඩම් සංග්‍රහයක් රජතුමා ඇතුළු හේවාපන්නයකට සිදු කිරීම නිසා මෙතරම් ඇඹුල් දොඩම් කොහේ තියෙයිද විමසා තිබෙනවා.

මේ පැත්තේ ඇඹුල් දොඩම් බහුලව ඇති බවසදහන් වීමෙන් ඈඹුල් දොඩම් බහුලවු ප්‍රෙද්ශය “ ඇඹිලි පිටිය “ වු බව සදහන්.

එයත් බැහැර කල හැකි කතාවක් බවයි මීදුම හිතන්නේ.


දුටුගැමුණු රජතුමා විජිතපුර බලකොටුව අල්ලන්නට යුද හමුදාව සංවිධානය කරන විට, ඔහුගේ හමුදාවේ සිටි ඇතුන් (ඇතින්නියන්) මෙම තැනිතලා භූමියේ ගාල් කර තිබූ බව පැවසෙනවා. අතීතයේ ඇතුන් පාලනය කරන ස්ථානවලට "පිටිය" යන නම එක් වූ අතර, එම ඓතිහාසික සිදුවීම් ඇසුරෙන් ද මෙම නම නිර්මාණය වූ බවට විශ්වාසයක් පවතිනවා.

ඒත් පිටියට ඇඹුල් එකතුවුන තැනක් මේ කතාවේ නැහැ.

වීරබාහු අමත්‍යවරයාගේ කතාවට අපි එකග වෙමු නේ.











A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-25

ඇඹිලිපිටිය.




ඇඹිලිපිටිය බොහෝම ඉක්මනින් දියුණුවු නගරයක්.

ප්‍ර ‍ෙද්ශයක්.

1957 අවුරුද්දේ හුලංදාව ඔය හරස් කර “චන්ද්‍රිකා වැව“ ඉදිකිරීම වර්තමාන ඇඹිලිපිටිය සංවර්ධණය වීමේ ආරම්භයයි.

1963 දී ගංගා නිම්න සංවර්ධන මණ්ඩලය විසින් උඩවලව සංවර්ධන යෝජනා ක්‍රමය ආරම්භ කරනවා.

1981 වන විට ජනාවාසකරණය සිදුවෙලා අවසන්.

සබරගමුව ,දකුණ ඉඩම් නොමැති ජනතාව ඇඹිලිපිටිය ආශ්‍රීත ගම්මාන වල පදිංචිකරුවන් වෙනවා.

අවුරුදු හැත්තෑ හතක් කියවෙන අතීතයේ කොටසක්.

1982.01.01 දින සිට වලව කලාපයේ පරිපාලන කටයුතු මහවැලි සංවර්ධණ අධිකාරිය යටතට පත්වෙනවා.

කලාපයේ මුළු භුමි ප්‍රමානය හෙක්ටෙයාර් 62803 ක්.වාරිබිම් ප්‍රමාණය හෙක්ටෙයාර් 19030 ක්.  ඉතිරි බිම් ප්‍රමාණය තෘණ බිම් ,වැව් රක්ෂිත ,පුරා විද්‍යා ප්‍රෙද්ශ ගොඩ ඉඩම් වලින් පෝෂිතවනවා.

ජනගහණය  250000 කට ආසන්නයි.

ප්‍රධාන ජලාශය වන උඩවලව ජලාශය ධාරිතාව අක්කර අඩි 217798 යි.ජලාශයෙන් පෝශිත වන මුළුවාරි බිම් ප්‍රමානය හෙක්ටෙයාර් 19917 ක්.

ජනපදවැසියෝ චණ්ද්‍රිකා වැව, මුරවැසි හේන , අගුණ කොළ පෑලැස්ස,
කිරිඉබ්බන් වැව සූරියවැව සහ මයුරපුර ජනපද පුරා ව්‍යාප්තව සිටි.


ඇඹිලිපිටිය වර්තමාන සංවර්ධණය එසේවුවත් අවුරුදු පන්දහාකටත් එහා ගිය අතීතයක් ඇඹිලිපිටියට හිමිකම්පානවා. රංචාමඩම පුරා විද්‍යා කැණීම වලින් සොයාගත් 

ප්‍රභූ නිවාස නටබුන් , මිණී අළු බදුන් ඒ බව සාක්ෂි දරනවා.

දියුණු ජනාවාසයක් තිබූ බවට  රුහුණු මාගම් කාලය හෙළිකරනවා.

මහානාග ,කාවන්තිස්ස රජකල ඉදිකිරීම් අතර කාවන්තිස්ස, පනාමුර , සංඛපාල තිඹොල්කැටිය සිරිනාඝ, - ගල්කොටුව අමුණ කළගෙඩි ආර ගංගාරාම විහාරය,  රජමහා විහාර, සහ යාය 6 වෙහෙරගල,ජූලංගැටේ වෙහෙරගොඩැල්ල විහාරය වැනි විහාරස්ථාන වල ඇති ශේෂවු නටබුන් මේ බව තහවුරු කරනවා.


ඇඹිලිපිටිය සංචාරකයින්ට සම්පත් පිරි ප්‍රෙද්ශක්. 

ඇත් අතුරු සෙවන, සංඛපාල විහාරය.උඩවලව ජලාශය ,උඩවලව ජාතික වනොධ්‍යානය , බලංගොඩ මානවයා සහ බෙල්ලන්බැදි පෑලැස්ස, රම්බා විහාරය සහ මහානාගහුල ,උණුදිය උල්පත් ,මඩුවන්වෙල වලව්ව ,චන්ද්‍රිකා වැව, වවුල්පනේ හුණුගල් ගුහාව ,ආදිවාසීන්ගේ නටබුන් මේ අතර විශේෂිත වෙනවා.

විවිධ තරාතිරමේ සංචාරක නවාතැන් වලින් නගරය පොහොසත්.


අපි කතාබහ කරමු ඇඹිලිපිටිය ගැන තව තවත්.









A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-24

මග වියදම් .


“ මග වියදමට තේකක් බොන්නවත් අතේ
කීයක් හරි තියෙනවද ..?”
ඇය දුක්මුසු ස්වරයෙන් විමසන්නිය .
“ හ්ම්!! තේකක් බොන්න බැරියැ .”
කලිසම් සාක්කුවට යැවූ අත එළියට ගනිමින් ඔහු
පවසන්නේ ඇගේ සිත නොරිදෙන අයුරිණි.
රැකියාවක් සොයා කොළඹ නගරයේ ධනවත් ව්‍යාපාරිකයෙකු
මුණගැසෙන්නට කතිකා කරගෙන ඇත.
ඒ කුඩා කළ මා කියැවූ පොතක සටහන්වූ කොටසකි .
ගමනක් යන ඕනෑම කෙනෙකුට මග වියදම් නැතුවම බැරිය.එය
මුදල්ම විය යුතු නොවේ. අතරමග වෙහෙස නිවාගන්නට වතුර
බෝතලයක් රස කැවිල්ලක් හෝ අඩුම වශයෙන් බුලත් විටක්
තිබුණොත් ; විඩාව සංසිඳවා ගත හැක.
ඉස්සර කාලයේ සිරිපාදය වඳින්නට සමනොළ කන්ද නගින
හැම කෙනෙක්ම වාගේ අග්ගලා පසුම්බියක් ගෙනයෑමට අමතක
කළේ නැත. අදත් බොහෝ අය අතර ඒ පුරුද්ද පවතී .
රොබට් නොක්ස් ගේ “එදා හෙළදිව” පොතේ පවා මේ
කැවිලි වර්ගය මග වියදම් ලෙස සිංහලයින් භාවිතා කළ බව පෙනී
යයි.
“...............අග්ගලා නමින් තවත් අළුමුසුවක් වෙයි.බැදිහාල් පිටි
පැණියෙන් අනා ගම්මිරිස් ,කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන්
මුසු කොට මෙම ගුලි සාදා ගනී.මේ ගුලි ,ගුලිකිරීමෙන් පසු තද වෙයි.
ගමන් බිමන් යාමේදී සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමා
ගෙනයන්නේ මේ අග්ගලාය .”
(පිටුව260 )
පෙර කළ මග වියදම් සඳහා අග්ගලා පැසක් රැගෙන ගිය දුගියෙකුගේ
පැසතුලට රිංගා ගත් නාගයෙකු නිසා සිදුවෙන්නට ගිය මහ විනාශයක්
දුටු දේවතාවියක් ....
“ මග සිටියොත් තෝ නසී
ගෙදර ගියොත් අඹු නසී ...”
යැයි පැවසූ ගැටපදය මහෞෂධ පඬිතුමා විසින් විසඳූ බවක් මතකයට
නැගේ.
මග වියදම් කාලයෙන් කාලයට මෙන්ම පරිසරයෙන් පරිසරයට
වෙනස් වේ. අද කාලයේ චීස් හා මස් පෙති දමා සකසා ගත් සැන්විච් හෝ
බිස්කට් වර්ග ..පළතුරු යුෂ ආදිය බෙහෙවින් ජනප්‍රිය වී ඇත.එමෙන්ම
දිය ඇල්ලක්, කඳු කරයේ සීත වන අරණක් හෝ නිල් පැහැ වෙරළ තීරයක්
ආශ්‍රිතව විනෝදය සඳහා ගමන්බිමන් යාමත් ,සංචාරක කර්මාන්තය දියුණු
වීමත් නිසා අපේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වෙමින් පවතී. මුදල් වෙනුවට
Electronic card සහ Rail warrants ආදිය භාවිතා වීමෙන් මගවියදම් අඩු වීමත්
පහසුවත් සැලසේ .
ගෙදර දොරේ හෝ රැකියාවේ ඒකාකාරී බවින් මිදී මොහොතක්
සැනසිල්ලේ අලසව ඔහේ වැතිරී ; සොබා සෞන්දර්යයෙන් මත්වීමට අප
කවුරුත් කැමතිය . ඒ නිසාම ගමන්බිමන් යෑමටද දැඩි ඇල්මක් ඇත. ඓතිහාසික
ස්ථාන නැරඹීමටත් ; ගඟක හෝ මුහුදක පැන යහළුවන් හා විනෝද වීමටත්
අපි කැමැත්තෙමු. ගමන් වියදම් දරා ගැනීමට හැකි නම් ; රටින් පිට වෙනත්
දේශයකට යෑමටද ඉතා කැමැත්තෙමු. අත මිට හිඟ වූවිට මග වියදම් ; පසුම්බියට
බරක් වේ . එවිට හිතේ සතුට නැතිවේ . බුම්මාගෙන සිටිමින් කල්පනා ලොව
සැරිසරයි. කේන්ති යයි.
අතීතයේ මෙහි විසූ වැදි ජනයා ද තමන් ගේ වැදි යුවතිය හා පෙමින්
බැඳුණු මුල් අවදියේ ; මේ අයුරින් වනවදුලේ දුව පැන නටමින් ; පොකුණු වලට බැස
දිය කෙළි කළ ආකාරය ; R.L Spitle ගේ Savage Sanctuary (වන සරණ ) පොතේ
ඉතා රසවත්ව සටහන් වි ඇත.
“...............පැය එකහමාරක් පමණ ඉහළට නැගීමෙන් ඔවුන්ට
කන්දට නැගගත හැකිවිය.තැන තැන වූ කඳු ගැටවලින් පුල්ලි ගැසී ගිය එකම නිල්
තලාවක් වැනිවූ සීමා රහිතව අවට පැතිරී සිටි මහවනය මනහර විය..........මොවුනට
හමුවූයේ ඉතා සිහිල් පෑදී දිය ඇති ගල් කෙමකි.( පොකුණකි )....
“දැන් අපි නාන්ට ඕනෑ” යයි ඉණකඩ ගලවා දමා දියට පනිමින් තිසාහාමි
කීවේය.....දියේ ගිලුණු තිසාහාමි දියබිඳු වගුරුවමින් දිය මතුපිටට ආවේය. මුහුණත්
කටත් ඇත් වසුරුවලින් පිරී තිබුණි....වල්ලී හූ කියා සිනාසුණාය .
“ වල් සතා දියබීල යනවා මදිවාට ඒකෙ බෙටි ලාල කැත කරලත් යනවා.”
යයි ඔහු අලියාට සාප කළේය.
“එන්ට එන්ට බැහැල නාගන්ට .”යයි ඔහු ඈට කතා කළේය.
“අනේ මට බයයි. මේක ජඹුරයි.”ඈ කීවාය.
“ජඹුර නෑ බහින්ට ;මේ හැමතැනම මා පොව්වනවා.”
ඔහු පොකුණ මැදට ගොස් කර වටක් දියේ සිට ගත්තේය.
“ බයවෙන්ට එපා.හොඳ සීතලයි , සනීපයි.කෝ මං අල්ලාගන්ට .” යයි ඔහු ඈට
ලංවුණේය .
ඉනකඩ ගලවා දමා ගල් කෙම කෙළවරේ වාඩිගත් දැරිය සෙමින් ,බියෙන්
බියෙන් දියට බැස තන මත්තක් දියේ ගිලුණාය .....” (පිටු අංක 60)
ඉතා අපූරු ,සිතුවම්පටක මෙන් ඒ දර්ශනය රස විඳින්නට පුළුවන් වන්නේ
පරිවර්තක , ඒ .පී. ගුණරත්න මහතාගේ රසවත් ශෛලිය නිසාය. වල්ලිටත් ,තිසාහාමිටත්
මග වියදම් තිබුණේම නැත. සොබාදහම ඔවුන්ට අවශ්‍ය සියල්ල මහ වනයෙන් ලබා
දුන්නාය.
අරමුණක් ඇති විට , යායුතු දිසාව පැහැදිළිව දන්නේ නම්..මගට අවශ්‍ය
බොහෝ කළමනා අප විසින් සුදානම් කරගනු ලැබේ.
විවාහවූ අළුත දහඅට වංගුව ඔස්සේ දෙණියාය දක්වා ගිය සුන්දර ගමනක්
සිහියට නැඟේ . Husband ගේ අම්මා බත් ගෙඩියක් බැඳ දුන්නේ දෙදෙනාටම සෑහෙන්න ය.
හොඳින් තවාගත් කෙසෙල් කොළය ඇතුලේ , ගෙදරම කොටා ගත් සුදු හාල් බතට , පරිප්පු
තෙම්පරාදුවත් ,කීරමින් බැදුමත් , කොට්ටපොල් සම්බෝලය හා ඉඳලෝළු හතු වැංජනයත් විය .
අතරමග පීල්ලකින් නා ,ඇටඹ ගස් හෙවනක සිට බත් මුල දිග අරිනවිට දැනුණු ඒ සුවඳ
දැනුදු සිහියට නැගේ. කුස පිරෙන්නට රසට කෑවේ ,අම්මාට පිං දෙමිනි.
අප විසින් මේ ජීවිත කාලය පුරාවට මග වියදම් සකසා ගෙන ගමන් බිමන් ගිය
නමුත් ,එසේ නොමැති වූ විටෙක ,කිසිවෙකුගෙන් මුදලක් ඉල්ලා ගෙන හෝ එම ගමන
ගොස් ආපසු පැමිණියෙමු. 

එහෙත් අපට යම් දිනෙක නොගොසින්ම ඉන්නට බැරි ගමනක්
ඇත. ඒ සඳහා මග වියදම් සපයා ගත යුත්තේම අප විසින්මය . මග වියදම් නැතැයි කල් දමන්නට නො හැක. ගියපසු ,නැවත නිවසට නො පැමිණෙනු ඇත.
“පන්ඩු පලා සෝවදානීසී - යම පුරිසාපි ච තං උපට්ටිතා
උය්යෝග මුඛේච තිට්ටසී -පාථෙය්යම්පි ච තේ නවිජ්ජති .”
(ධම්මපදය
- මල වග්ගය )
“ඔබ දැන් පඬු පැහැ ගත් ඉදුණු කොළයක් වගෙයි.
යම දූතයන් ඔබ කැඳවාගෙන යාමට ඇවිදින් සිටී.
නික්මීමේ දොරටුවට නුඹ ලංවී ඇත.එහෙත් නුඹට
පරලොව ගෙනයෑමට මග වියදම් නැත.”
එසේ නම් ,මගවියදම් සපයාගැනීමට ප්‍රමාදවන්නේ ඇයි?






රෝ.සි.

A day in the life
 ජීවිතයෙන් දවසක් .

2026-06-23

බේකර්ස් බෙන්ඩ් - නොන් පෙරියල්.




බෙලිහුල්ඔය සිට නොන්පෙරියල් මාර්ගයේ නාගරක් ඩිවිෂන් ( කොටස) යන ගමනත් සෞන්දර්ය චාරිකාවක්.
බෙලිහුල්ඔය 1700 මුහුදු මට්ටමේ සිට මුහුදු මට්ටමේ අඩි 4000 කට පමන පිහිටීමකට සැතපුම් 19ක් දුර ගෙවමින් දිවෙන මාර්ගය වාහනයක යන්නේ නම් ක්‍රියාන්විතයක්.
බේකර්”ස් බෙන්ඩ් නැරඹිමට පිරිස විශාලයි.මෙම මාර්ගයේ නොන්පෙරියල් තේ කර්මාන්ත ශාලවේ සිට නාගරක් කොටසට මාර්ගය කි.මි08 ක් පමණ වැඩි දියුණු කල වතු කළමනාකරවෙකු වන වින්සන්ට් සී බේකර් මහතා නමින් මෙම වංගුව නම් කර තිබෙනවා. ඊට පෙර මෙම කොටසේ තේ දළු ප්‍රවාහනය කර තිබුනේ කම්බියක් මගින්. ද්‍රවිඩ වතු වාසීන් තේ දළු ඇසුරුම් කම්බි මාර්ගයට පටවන ස්ථානයත් බාගන්නා ස්ථානයත් හදුන්වනු ලැබුවේ “ කම්බි අඩිය “ නමින්. මෙම ස්ථාන මේ වන විට නටබුන් බවට පත්ව තිබෙනවා.
බේකර්ස් බෙන්ඩ් පසු කර කි.මි 02ක් පමණ ගිය විට හෝර්ටන් තැන්න එක් මායිමකට පිවිසෙනවා. මේ මගින් හෝර්ටන් තැන්නට යා හැකිවුනත් වන ජීවි දෙපාර්තමේන්තුව විසින් මෙම පැරණි මාර්ගය වසා දමලා.
ඉංග්‍රීසින්ගේ සමයේ මෙම මාර්ගය බෙලිහුල්ඔය සිට නුවරඑලිය දක්වා අශ්වයින් පිට ගමන් ගත් ප්‍රසිද්ධ මාර්ගයක්.

A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-22

බුදුගල රජ මහා විහාරය.




බලංගොඩ - කල්තොට -හම්බේගමුව මාර්ගයේ කල්තොට මංසන්දියෙන් හැරී දියවින් දෙසට තිබෙන මාර්යේ කිමි 4 ½ පමන දුර යනවිට ඓතිහාසික බුදුගල රජ මහා විහාරය හමුවේ.

කල්තොට අතීතයේ “ කාලතිත්ථ “ රාජධානිය ලෙස හදුන්වා ඇත.

අති රමණීය ස්වභාව සුන්දරත්වයට නෑකම් කියන තුරු පියසකින් යුතු බුදුගල රජමහ විහාරය අතීත බෙදීම අනුව සබරගමු දිසාවේ කඩවත මැද කෝරලයේ හෙළ උඩපත්තුවේ මහවලතැන්න සානුවට යාබදව පිහිටා ඇත.

ක්‍රි.ව. 1018 – 1029 වකවානුවේ වීර මහාසූරිය නම් රජ කෙනකු කල්තොට ප්‍රදේශාධිපතිව කටයුතු කර ඇති බවද දැක්වේ. එමෙන්ම චූල වංශයේ සඳහන් පරිදි ඉන්දියාවේ සිට පැමිණි පාණ්ඩ්‍ය නැමැති කුමාරයකු බුදුගල රාජධානියේ රාජ්‍ය විචාල බවද කියවේ.

ඉන් පසු ක්‍රි.ව. 1042 – 1043 කාලය තුළ වික්‍රම පාණ්ඩ්‍ය නැමැති කුමරකු කාලතිත්ථ හෙවත් කල්තොට රාජ්‍ය කරවූ බව ද කියවේ. බුදුගල විහාරස්ථානයට ආසන්න මාලිගාවක ඇති නටබුන් එයට සාක්‍ෂි දරයි. ඉපැරණි ගොඩනැඟිලි, පියගැට පෙළ, කොරවක් ගල, මාලක, කීපයක් බුදුගල විහාරයේ තිබූ බවට ද ලංකාවේ ප්‍රථම පුරාවිද්‍ය කොමසාරිස් එච්.සී.පී. බෙල් මහතා ප්‍රකාශ කර තිබේ.

දන්තධාතූන් වහන්සේට ටික කලක් රැකවරණය ලබාදීම සඳහා හේමමාලා හා දන්ත කුමරුවන් ඓතිහාසික බුදුගල කූරගල සමීපයේ බ්‍රාහ්මණයෙකුගේ රැකවරණය යටතේ විසූ බව ද දළදා මැදුරක් ඉදිකර තිබූ බවට ද ජනශ්‍රැතියක් තිබේ. වීර මහා සූරිය රජතුමා විසින් රන්කොත් නවයකින් හා සියලු දේවාභරණයෙන් සපිරුණු කතරගම දේවාලයක් කර වූ බවද කියවේ. කූරගල කඳු පාමුල පිහිටි බුදුගල ගල් විහාරය අතීතයේ ආරණ්‍යකි සෙනසුනක්ව පැවතී තිබේ. වීරමහාසූරිය හා විකුම්  බුදුගල ගල්ලෙන් හා ගොඩනැඟිලි මහා සඟසතු වූ අතර පසුව රහතන් වහන්සේලාගෙන් පිරී ඉතිරී ගිය බව ද කියවේ. අක්. 15 ක් පමණ පුරා විහිදී ගිය මෙම ශාන්ත සුන්දර පරිසරය තුළ පිහිටි ගල්ලෙන් පිළිබඳ සෙල්ලිපි තොරතුරු කිරිඇල්ලේ ඥාණවිමල හිමියන්ගේ හා පූජ්‍ය විකිලියේ නාරද හිමියන්ගේ ‘සබරගමු දර්ශනය’ හා ඓතිහාසික රත්නපුර යන ග්‍රන්ථවල දැක්වේ.


වර්තමානයේ පුංචි මිහින්තලය ලෙස හඳුන්වන බුදුගල රජ මහ වෙහෙර පිළිබඳ ඓතිහාසික සාධක රැසක් පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත ‘බුදුසසුන බැබලුණු පැරණි පුදබිම්’ නම් කෘතියේ දැක්වේ. 

කලක් වල් බිහි වී තිබූ බුදුගල රජමහ වෙහෙර 1925 දී පමණ දික්කාපිටියේ සිරි සීලානන්ද හිමියන් විසින් පිළිසකර කර වස් වැස පුදබිම සංරක්‍ෂණය කර ඇත. මහා සංඝරත්නයේ හා ව්‍යාපාර මහතුන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් සංඝවාසය, විහාර මන්දිරය, ධර්ම ශාලාව ආනන්ද බෝධිය, සතර මහා දේවාලය, සේල චෛත්‍ය පිහිට වූ අතර 2011 සම්බුද්ධ ජයන්තියට සමගාමීව අවුකන අනුරූ පිළිම වහන්සේ නිර්මාණය කර ඇත. 


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-21

සමනල වැව.




සමනලවැව වේල්ල යනු ප්‍රාථමික වශයෙන් ශ්‍රී ලංකාවේ ජලවිදුලි බල නිෂ්පාදනය සඳහා භාවිතා කෙරෙන වේල්ලකි.

1992දී අධිකාරිය ලත් සමනලවැව ව්‍යාපෘතිය, රටෙහි දෙවන-විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වන අතර, වසරකට ශක්තිය 405 GWh ක් නිෂ්පාදනය කරයි.

එය තනන ලද්දේ ජපානය සහ එක්සත් රාජධානිය වෙතින් ලද මූල්‍ය ආධාර උපයෝගී කොට ගෙනය.

දකුණු ඉවුරේ හටගත් විශාල ජල කාන්දුවක් හේතුවෙන් මෙය ඉමහත් කතාබහට ලක්විය. කාන්දුව පැවතියද, ජව නිෂ්පාදනය සැලසුම් පරිදී දිගටම සිදුකෙරෙන අතර, කාන්දුවෙන් නිකුත් වන ජලය, යටි-ගං ප්‍රදේශයන්හී කෘෂිකර්ම කටයුතු සඳහා ජලාශය විසින් නිකුත් කිරීමට නියමිත ජල ප්‍රමාණයෙන් තුනෙන් දෙකක් සපයයි.

පිහිටීම

සමනලවැව වේල්ල පිහිටා ඇත්තේ උඩ වලවේ ද්‍රෝණියෙහිය. එය තැනුවේ වලවේ ගඟ සහ බෙලිහුල් ඔය එක්‍රැස් වන දෙමෝය පිහිටි, මධ්‍යන්‍ය මුහුදු මට්ටමෙහි සිට 400 මීටර (1,300 ft) උසින් පිහිටි ස්ථානයකය. පිහිටා ඇත්තේ බලන්ගොඩ නගරයට සමීපයෙහි වන අතර අගනුවර වන කොළඹ සිට 160 කිලෝමීටර (99 mi) දුරින් වෙයි.

ව්‍යාපෘති සරියෙහි භූමිය චූර්ණමූලක වෙයි.


ශ්‍රී ලංකාවේ ජල විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් භාවිතා වන සමනල වැව ජලාශය මහවැලි ව්‍යාපෘතියෙන් පසු ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම ජලවිදුලි ව්‍යාපෘතිය වේ.එය වාර්ෂිකව 405 GWh ක් නිෂ්පාදනය කරනු ලැබේ.මෙය උඩ වලව බේසමෙහි පිහිටා ඇති අතර එය වලවේ ගඟ සහ බෙලිහුල් ඔය අතරේ බැදී පවතී.මුහුදු මට්ටමට වඩා මීටර් 400 (අඩි 1,300) උසකින් ඉදිවී ඇත.1986 දී ආරම්භ වුණ මෙම ව්‍යාපෘතිය සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබුයේ ජපානය සහ එක්සත් රාජධානිය විසිනි.

මහවැලි සහ ලක්ෂපාන ජලාශ මගින් ජල විදුලි  බලශක්ති ව්‍යාපෘති ක්‍රියාත්මක වීමත් සමග ශ්‍රී ලංකාවේ විදුලි ඉල්ලුම ශීඝ්‍රයෙන් වැඩි විය.ගල් අඟුරු බලාගාරවලින් ඉල්ලුම සපුරාලීමට නොහැකි වනු ඇති බව පැහැදිලි වීමත් සමඟ ශ්‍රී ලංකා රජය තවත් ජල විදුලි බලාගාරයක් ආරම්භ කිරීමට තීරණය කළේය.සර් ඇලෙක්සැන්ඩර් ගිබ් සහ ඔහුගේ සහකරු විසින් මෙම ව්‍යාපෘතිය සැලසුම් සකස් කර ඇති අතර බල්ෆෝර් බීට් මෙහි කොන්ත්‍රාත්කරු විය.

ව්‍යාපෘතියේ ඇස්තමේන්තු මුදල යෙන් මිලියන 60,176 ක් ලෙස ඇස්තමේන්තු කලද කාන්දුවට පාලනය කිරීම සඳහා ගතයුතු පියවරයන් සමඟ ඇස්තමේන්තු ගත මුදල යෙන් මිලියන 74,313 දක්වා වැඩි විය.

සමනල වේල්ලෙ හි උසි මීටර් 110 (අඩි 360) වන අතර දිග මීටර් 530 (අඩි 1,740) ක් වේ.වේල්ලෙ හි පරිමාව ඝන මීටර් 4,500,000 ක් පමණ වේ.මෙම ප්‍රදේශයේ වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 2,867 ක් වන අතර ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර් 372 (සැතපුම් 144) ක් පමණ වේ.මෙම වේල්ලෙ හි වාන් දොරටු තුනක් ඇති අතර, එක් එක් දොරටුව මීටර් 14 (අඩි 46) උසින් සහ මීටර් 11 (අඩි 36) ක් පළලින් යුක්ත වේ.මෙම වාන් දොරටු  මගින් තත්පරයට ඝන මීටර් 3,600 ක ජල ප්‍රමාණයක් බැහැර කළ හැකිය.එහි උමඟේ විෂ්කම්භය මීටර් 4.5 (අඩි 15) සහ දිග 5,159 (අඩි 16,926) වේ.

"U" හැඩයෙන් යුත් මෙම ජලාශයේ දළ ගබඩා ධාරිතාව ඝන මීටර් 278,000,000 (වර්ග අඩි 9,8 × 109) වුවද සජීවී ගබඩා ධාරිතාවය ඝන මීටර් 218,000,000 (වර්ග අඩි 7.7 × 109) ක් වේ.ඉතිරි ඝන මීටර් 60,000,000 (අඩි 2,1 × 109) මළ ගබඩාව කි.දකුණු ඉවුරේ ඇති ජල කාන්දුව නිසා ජලාශයේ ජල මට්ටම මීටර් 430 (අඩි 1,410) ක් පමණ පහළ බසී.

විදුලිබලාගාරය ෆ්රැන්සිස් ටර්බයින දෙකකින් සමන්විත වන අතර, මෙම එක් එක් ටර්බයිනය මගින් මෙගාවොට් 62 ක ධාරිතාවකින් යුක්ත වේ.එමගින් වාර්ෂිකව ගිගාවොට් 405 ක් පමණ නිපදවයි.මෙම බලශක්ති පිරිවැය ලංකා විදුලිබල මණ්ඩලය විසින් පාලනය කරනු ලබයි.

ජලාශයේ දකුණු ඉවුරේ මීටර් 300 ක් පමණ වේල්ලට පහළින් ජල කාන්දුවීමක් ඇත.කාන්දු වීම පාලනය සදහා ගන්නා ලද ක්‍රියා මාර්ග දිගින් දිගටම අකාර්යක්ෂම වූ අතර මෙමගින් තත්පරයට ජල ලීටර් 2100 ක් කාන්දු වේ.නමුත් මෙම කාන්දුව බල ශක්ති උත්පාදනය සදහා බල නොපායි.මෙම කාන්දුව දිගින් දිගටම නිරීක්ෂණය කරනු ලබන අතර එය ස්ථායිව පැවතිය හොත් ව්‍යාපෘතිය සදහා තර්ජනයක් සිදු නොවේ.

මෙම ජල ව්‍යාපෘතිය සැලසුම් කරන ලද්දේ තනි ජල විදුලි ව්‍යාපෘතියක් ලෙසිනි.

ගං ඉවුරේ පහළ ප්‍රදේශයේ ඇති වගා බිම් සදහා ජලය සැපයීමට වාරි මාර්ග කට්ටලයක් එනම් "IRV" ඇති නමුත් මෙම ව්‍යාපෘතිය සඳහා අවසර ලබා දීම මගින් වගා කල හැකි අක්කර ප්‍රමාණය අඩු වී ඇත.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-20

සිහිනලන්තය - බෙලිහුල්ඔය.


බෙලිහුල්ඔය

නැවත නැවතත් ලියන්නේ මොනවටද ?

මෙන්න මෙතනට යන්න.

https://miduma.blogspot.com/p/blog-page_24.html

බෙලිහුල්ඔය ගැන කතා ගොඩයි.


හාගල කත්ද .

Hicking වලට , කූඩාරමක් ගහගෙන රැයක් ගෙවන්න නියම තැන.

පහන්තුඩා ඇල්ල ලගින් තියෙන අඩිපාරෙන් උඩට නගින්නත් පුලුවන්.

ලදුයායෙන් , පැපොල්වත්තෙන්, ඉඹුල්පෙ කිරමනාකදුර , වගේ ස්ථාන වලිනුත් 

හාගල තරණය කරන්න පුලුවන්.

හැබැයි නතරවෙනවානම් අඩවි වන නිළධාරීන් ගෙන් අවසර අරන් යන්න.

අල්ලා ගත්තොත් අධිකරණයට.

චෝදනා ගොඩයි. අඩු තරමේ රුපියල් විසිපන්දහක වත් දඩයක් !.


නේචර්ස් කෙටේජ් . Naturers cotteges.

මෙතනට යන්න.

https://www.facebook.com/naturescottagesbelihuloya/















A day in the life ජීවිතයෙන් දවසක් .

2026-06-19

පහන්තුඩා ඇල්ල - බෙලිහුල්ඔය.



හැමදාමත් එක ඇදුම ඇදගෙන ඉන්න කොට කිළිටි වෙනවා.

ඇදුම අළුත් කලා.

ඇදුම ඇතුලේ ඉන්න මනුස්සයා නම් වෙනස් කරන්න අමාරු වෙයි නේ ?

දශක අටකට ආසන්න කාලයක් පදම් වුන ජීවිතය එහෙම වෙනස් කරන එක පහසු කටයුත්තක් නෙමෙයිනේ.

බෙලිහුල්ඔයේම හතර වටේ තියෙන කදු වලල්ල බලා ගෙන 

අම්මාගෙන් කිරි උරා බිව් දවසේ ඉදන්………….

ඒ කදු වලල්ල බලාගෙනම දෑස පියවෙලා යාවි.

එතෙක් මෙතෙක් කල මෝඩකම්, පුරාජේරු මීදුම ඇතුලේ වරින් වර දියවෙනවා.

ඔයාලත් කියවනවා.

ස්තුතියි.

මේ වියමන අළුත්වුන හෙඩිමේ පින්තූරයක් ගැන.

පහන් තුඩා වල  , පහන්තුඩා ඇල්ල.

තොරතුරු අනුව නම් මේ තඩාගය අඩි තිහක් විතර ගැඹුර ඇති.

මෙය මීට වඩා අඩු වැඩි වෙන්න පුළුවන්.ද

ක්‍ෂ කිමිදුම්කරුවෙකුට පිහිනන්න දන්න කෙනෙකුට බය නැතිව තටාගයට බහින්න පුළුවන් ඒත් සංචාරය පිණිස එන අය නම් තටාගයට බහින්න උත්සහා දැරීම අනතුරු දායකයි.

පසුගිය අවුරුදු වල නොසැකිලිමත්ව හැසුරුනු තරුනයින් විශ්ව විද්‍යාලීය සිසුන් කිහිප දෙනෙක් මෙතනදී දියේ ගිලි මිය ගියා. 

ප්‍ර දේශයේ කිහිප දෙනෙක් සියදිවි නසා ගන්නත් මේ ස්වභාවධර්මයේ අපූරු නිරිමානය යොදා ගත්තා.

මීදුම ඇතුලේ තියෙන ලිපිවල මේ කතාත් ලියවුන වියමන් තියෙනවා.

අනිත් පිටුවත් සමග හමුවෙමු.


2026-06-14

සබරේ පහරදීමක්




සබරගමුව විශ්ව විද්‍යාලයේ ජ්‍යොෂ්ඨ උත්තමයින් හතර දෙනෙකුට වෛද්‍ය ප්‍රතිකාර ගන්න සීමාවේ තියන්න පහර දීලා.

හේතුව සිසුවියකට නවක වදය දීම.

සීමාව ඉක්මවා නවක වදය දීමත් වැරදියි නේ ?.

පසුගිය වසර වල නවක වදය දීම හේතුවෙන් සිදුවුණු අභාග්‍ය සම්පන්න සිද්ධීන් කිහිපයක් පිලිබදව කනගාටුදායක ඉතිහාසයක් විශ්ව විද්‍යාලයට තියෙනවා.

ඒත් විශ්ව විද්‍යාලයේ ගොඩනැගිලි පරණ වුනත් වසරෙන් වසර එකතු වෙන ශිෂ්‍ය ප්‍රජාව අළුත්වෙනවා නේ !.

අනුරාධපුරෙ පදිංචි දියණියක සබරේට තේරීලා තිබුනා. ඈ සබරේට එන්න කොහොමවත් කැමති නැහැ. ඇයි කියලා අහපුවම හේතුව වුනේ සබරේ නවක වදය පිළිබදව තියෙන නරක ඉතිහාසය.

වධකාගාරයකට එන්න කවුද කැමති ?.

ඒ නවක වදය.

පහර දුන්න පිරිස කරලා තියෙන්නේ වැරදි වැඩක් . නීතියට පිටතින් කටයුතු කිරීම නරක පූර්වාදර්ශයක්.

ඒත් පීඩිත දැරියගේ පාර්ශවය ගැන හොයන්න බලන්න විශ්ව විද්‍යාල පරිශ්‍ර අධිරාජ්‍ය තුල නොයෙක් බලධාරීන් හිටියත් ඔවුන් නිෂ්ක්‍රීය නම් වෙන විකල්ප නැහැ.

මේ විදියට අනාගතයේදී නවක වදය නැතී කරන්න විකල්ප ක්‍රීයා මාර්ග ඇතිවුනොත් අපිට සබරේ සීමාවේ යුද්ධ පිටියක් ඇතිවනවා බලා ගෙන ඉන්න වෙයි.

නීතිය පාතාලවරුන් අතට යාම භායානකයි.

මම එහෙම කිව්වම

ගුරුවරයෙක්වු දිණුක දේශප්‍රිය මහතා කිව්වේ මෙහෙම අදහසක්.

“නීතිය වින්දිතයින්ට අවශ්‍ය ප්‍රමානයට වේගවත්ව සහ පලදායි විය යුතුයි. නැතිනම් ගහලා හිරේ යන එක හොදයි කියන ස්ථාවරය තහවුරු වෙනවා.

සාධාරණයක් ඉල්ලමින් විදවනවාට වඩා.“

විශ්ව විද්‍යාල පරිපාලනය තුල විනය නීතී තිබුනත් ඒවා ක්‍රීයාත්මකවිම මන්දගාමී බවයි එතුමාගේ අදහස.

සමනල වැව පොලිසිය තියෙන්නෙත් විශ්ව විද්‍යාල පරිශ්‍රය තුල.

නවක වදය වැනි සම්ප්‍රදායික විශ්ව විද්‍යාල සංස්කෘතියකට එරෙහි වන්න විවි පරිපාලනයෙන් ඇනවුමක් නැත්නම් පොලිසියට වෙන්නේ බලාගෙන ඉන්න.

හිංසනයෙන් තොර වදයක් වන්නේ නම් එය යහපත් කටයුත්තක් ලෙසයි මීදුම දකින්නේ.

විශ්‍රාමික අධ්‍යාපන අධ්‍යක්‍ෂක වරයෙකු වන පී.ජී. ආරියපාල මහතා දක්‍ෂ පරිපාලන නිලධාරියෙක්.

එතුමා “විශ්ව විද්‍යාල පාලකයන්ගේ දුර්වලතාවයක් ලෙස තමයි මෙහෙම වෙන්න හේතුව “ කියන්නේ පරිපාලන අත්දෑකීම් ඇති නිසා.

මටත් හිතෙන්නේ පරිපාලනය මන්දගාමී ස්වරූපයෙන් මෙවැනි සිද්ධීන් වලට ප්‍රතිචාර දක්වන්නේ කියලා.

එහෙම වුනාම වින්දිතයන් කළකිරෙන එක ස්වභාවිකයි. අවට පදිංචි කරුවන් වේ

නම් බාහිරෙන් ප්‍රතිචාර ලැබීමත් අනිවාර්යයි.

විශ්ව විද්‍යාලයට එන්නේ රටේම අධයාපනය ලබන දරුවනගෙන් බුද්ධිමත්ම කොටස.

අපි කියන්නේ විද්‍යාර්ථීන් කියලා. විද්‍යාර්ථීන් දැන් පාලනයට බැහැලා ඉන්න කාලයක් .

එවන් රට මෙහෙම දේවල් සිද්ධ වෙන එක නම් අභාග්‍යයක්.


A day in the life 
ජීවිතයෙන් දවසක් .

2026-06-13

සාරධර්ම රකිමු.




පල්ලේගම හාමුදුරුවන්ගෙන් සලේට මාරුවුනා.

දැන් පෙන්වනවා  “ සලේ “.

අපි දවසින් දවස අසහනයට පත්වෙමින් ඉන්නවා.

කාර් එකක් ගන්න ලොකු හීනයක් තිබුනා.

ලක්ෂ 19 ට විට්ස් එකක් කොහොමත් 2015  ලක්ෂ විසිපහ හමාරකට ගත්ත වැගන් ආර්  එක අද ලක්ෂ අසූවයි කියනවා

දැන් හීනයක්ම විතරමයි.

පරණ එකේම යනවා.

පාලකයින් ගේ වැරැද්ද  ?. නැත්නම් කයියේ වැරද්ද ද හිතා ගන්න බැහැ.

දිට්වා ආවා.

හදිසි වුන පාර “එක ටකරමකටත් ලක්‍ෂ දහයක් ද කොහෙද දෙනවා කිව්වා.

කටට එන වචන ඔහේ දමලා ගහනවා.

ආයේ ඇදලා ගන්නත් බැහැනේ.

ජනතාව කෝචෙක් කරනවා.

අර හොරණ වියපත් දෙමව්පියන් නවාතැන් ගෙන රැක බලාගත්ත වැඩිහිටි නිවාසයක් මොකක්දෝ අහේතුවකට ගිණි ගත්තා. වැඩිහිටියෝ පිරිසක් ගින්නට බිලි ගත්තා.

පස්සේනේ මතක් වුනේ ප්‍රමිතිය හොයන්න..

එතකොට කාලේ ඉකුත් වෙලා.

ජනාධිපතිවරයා කියනවා වැඩිහිටි දෙමව්පියන් රැක බලාගන්නේ නැති දූ දරවන් වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන් අණපනත් හදනවා කියලා.

ඒකත් කඩදාසිය ලිපේ දැම්මා වගේ ප්‍රකාශයක් වෙයි ද කියලා හිතුන මම වටේපිටේ තොරතුරු හෙව්වා.

දැඩි ආගමික හැදියාවක් තියෙන අපේ රටේ ……

බෞද්ධ , කතෝලික වගේම වෙනත් ආගම් කියා දෙනවා වැඩිහිටියන්ට සලකන්න ඕනි කියලා පොඩිහිටියන් කාලේ ඉදන්ම.

ඒත පොඩිහිටියෝ උස් මහත් වෙලා වගකීම්දරන්න වෙන කොට වැඩිහිටියෝ බරක්..

ඒවගේ නීති ඕනවුන එක කම්පාවට හේතුවක් කියලයි මම හිතන්නේ.

දරුවන්ට දෙමව්පියන් රැක බලා ගන්න සදාචාරත්මක වගකීමක් තියෙනවා.


වයෝවෘධ දෙමව්පියන් අත්හැරදැමීම වැලක්විය යුතුයි. ඒත් එහෙම සිද්ධ වෙනවා.ඒකට හේතු කුඩුම්බය තුලින්ම ඇති වෙනවා. ආර්ථික ප්‍රශ්න , පවුලේ ප්‍රශ්න තමන්ගේ තරමට දෙමව්පියන් නොගැලපීම ඔය ගේ විවිධ කාරනා දෙමව්පියන් නොසලකා හැරීමට හේතු වෙනවා.


සිංගප්පූරවේ  තියෙනවා Maintenance of parents act .මෙම නීතිය මගින් දෙමව්පියන්ට තම වැඩිහිටි දරුවන්ගෙන් නඩත්තු ඉල්ලන්න අධිකරණ පිහිට පැතිය හැකියි.

මානව හිමිකම් සංවිධාන සහ නීති විශාරදයන්.එවැනි නීතිවලට ඉදිරිපත්කරන තර්ක අසරන වන වයෝවෘද්ධිකයන්ට හාණිකරයි. 

වයෝවෘද්ධ දෙමව්පියන් රක බලා ගැනීමට නීතිය මගින් බලපෑම් කිරීම වෑඩිහිටි පුද්ගලයෙකුගේ පෞද්ගලික ජීවිත තීරණ ගැණිමේ නිදහසට බලපෑම් ඇතිවිය හැකි බවට ඔවුන තර්ක කරනවා.

එක අතකින් එහි සත්‍යතාවයකුත් තියෙනවා.


සියළුම දෙමව්පියන් යහපත් දෙමව්පියන් නොවන බව පලකරන අදහස තුල 

ළමා වියේදී හිංසණය , අපයෝජණය, හෝ අතහැරදැමීම් සිදුකල දෙමව්පියන්ටත් එම නීති යටතේ වාසි ලැබිය හැකි බව, පෙන්වා දෙනවා.

සහර දරුවන් ආර්ථිකව දුර්වලව තම පවුල රකින්නන් එවැනි 

දරුවන්ගේ  ආර්ථික හැකියාව නොසලකා නීතිමය වගකීම් පැනවීම අසාධාරනයි කියලා හිතෙනවා.

නීති රීතිවලට වඩා සාරධර්ම රැකීම හොදයි කියලයි මට හිතෙන්නේ.



A day in the life 
ජීවිතයෙන් දවසක් .