“රජෙකුට ඔටුන්න වගේ තමයි ගොනෙකුට අංතට්ටුව.
රජාගේ සැර මකලා වැඩ ගන්න නීති තියෙනවා.
ගොනෙක්ගේ සැර පාලනය කරලා වැඩ ගන්න ලාඩං ගහලා අං දෙකට පිත්තල විල්ලු දානවා.
රජෙක් ආඩම්බර වුනොත් ඇත්තුත් අස්සයොත් නැති වෙනවා.
මිනිහෙක් ආඩම්බරය නිසා රජුන්ගෙන් දඩුවම් විදිනවා.
ගොනෙක් ආඩම්බර වුනොත් ගොනයි මිනිහයි දෙන්නම නැති වෙනවා. “
රජෛකුට අං තට්ටුවක් දැම්මම ගොනෙක් වෙනවා.
ගොනෙකුට ඔටුන්නක් දැම්මට රජෙක් වෙන්නේ නෑ.
ගොන්නු රජ වෙනවා.
රජවරු ගොන්නු වෙනවා.
“සෞම්‍යාලංකාරේ”සුනේත්‍රා රාජකරුණානායක
කියවමින් හිටියේ.
පළමුවෙනි පිටුවෙම මෙහෙම තිබුනා.
සෞම්‍යාලංකාරේ පලමුවෙනි මුද්‍රණය කරලා තිබුනේ 2013 දී.
අවුරුදු 13ක් ගියත් මේ අදහස අදටත් ගැලපෙනවා.
හෙටටත් ගැලපේවි.
බලයට එන්න පෙර නොයෙක් මාදිලියේ බයිලා වාදනය කරනවා.
බලයට ආවට පස්සේ බයිලා වල පද මාරුකරනවා. කවුරුත් කරන්නේ ඕකමයි. හිටපු කාණ්ඩේ
වගේමයි ඉන්න කාණ්ඩෙත්.
මේ පුංචි රටේ මහජනතාවට සුව පහසු ජීවිතයක් ගත කරන්න කාර්ය සංවිධානය කරදෙන්න මේ එක්කෙනෙකුටත් සැළසුම් නැහැ.
ඔලොක්කුවට කියාපු පරණ කතා මතක් කර කර රසවිදිනවා හැරෙන්න ඒ කතා යථාර්තයක් වෙන්න කටයුතු කරන බවක් නැහැ.
මම මුණුපොතේ විවිධ තරාතිරමේ සමාජයක් නඩත්තු කරමින් ඉන්නවා . එයාලාගේ අදහස් දැනගන්න. කියවන්න.
ඒත් පහුගිය කාලේ විශේෂයෙන් සමාජ දේශපාලනයේ , ආගමික මතවාද පලකරන්නේ ද්වේෂ සහගත සිතින්. ඒවාට ශිෂ්ඨ බවක් නැහැ. තාර්කික නැහැ. කියවන්න දෙයක් නැහැ. බලන්න දෙයක් විතරයි තියෙන්නෙ .
වෛරය පිළිකුල දරාගෙන ලියන අය ගැන හිතන එක දුකක්.
මේ නඩත්තු කිරීම දිගටම කරන්න බැරි නිසා මුණුපොතේ බිත්තිය සංවර කරගන්න හිතුවා.
දැන් එක එක්කෙනා අඩුකර ගනිමින් ඉන්නවා.
එයින් පාඩුත් තියෙනවා.ඒත් මිනිස්සු හදන්න බැරි වුනාම අපිත් හැදෙන්න එපාය.
අපිට කොයිතරම් දේවල් කතා කරන්න අදහස් හුවමාරු කරගන්න තියෙනව ද ?.
ඒ වෙනුවෙන් විවෘත වෙලා තියෙන හොදම තැන් සමාජ මාධ්‍යය තුල ඇති කර ගන්න පුළුවන්.
අපි ඒක ප්‍රෙයා්ජනයට ගන්නේ නැහැ.
සමාජ මාධ්‍යයට චොදනා කරනවා. යහපතට යොදා ගන්නේ නැහැ.










