ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

ලොව දිනු පුවත දැනගෙන පින්වත් කුමරූ සත් පියුමන් පිපුණි පින් සුවඳින් මියුරූ සිහිකර යළිත් අසිරිය සිදුවූ අයුරූ සමරමු වෙසක් මෙවරත් මිතුරු

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2011-12-27

ඇලඩින්ගේ පුදුම පහන

2011-12-23

රාමුව කැඩුණු වීදුරුව - බිඳුණු සරසවි පින්තූරය




23 දෙසැම්බර් - දිවයින කතුවැකිය.
පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජ. වි. පෙ. විරුද්ධය. 
එසේ විරුද්ධ වනවාට ආණ්‌ඩුව විරුද්ධ ය.
නවක වධයට ළමයි විරුද්ධ ය.
එසේ විරුද්ධවනවාට ජ. වි. පෙ. විරුද්ධ ය.

මේ වූකලී මේ මොහොතේ දී මේ රටේ ශිෂ්‍ය ප්‍රශ්න ආශ්‍රිත පින්තූරය යි. 
මේ පින්තූරයේ වීදුරුව බිඳ තිබේ. රාමුව කැඩී තිබේ. 
පින්තූරය එල්ලූ ඇණය බිම ය. 
ලණුව කැඩිලා ය. 
මේ කාලකන්නි තත්ත්වයට ජ. වි. පෙ. වගකිව යුතු ය. 
ඊළඟට ආණ්‌ඩුව වගකිව යුතු ය. 
යළි ජ. වි. පෙ. වගකිව යුතු ය. 
මේ වගකීමේ සීමාවක්‌ නැති අතර ප්‍රශ්නයේ ද සීමාවක්‌ නැත.

මේ මොහොතේදී මේ රටේ ශිෂ්‍ය ප්‍රශ්නයට පාර්ශ්ව තුනක්‌ අත දමා තිබේ. 
එකක්‌ ජ.වි.පෙ. ය. 
අනෙක ද ජ. වි.පෙ. ය. 
මේ දෙවන ජ.වි.පෙ. වූ කලී කුමාර් ගුණරත්නම්ගේ නායකත්වයෙන් යුත් ජ. වි. පෙ. ය. දැනට පෙනෙන පරිදි විශ්වවිද්‍යාලවල වැඩි බලය ඇත්තේ මේ දෙවන ජ. වි. පෙ. ට ය. එහෙත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්‌ඩලයේ කැඳවුම්කරු හරහා ජ. වි. පෙ.ට අයත් ය. ඒ නිසා දෙකට කැඩුණු ජ. වි. පෙ. මේ මොහොතේදී නවකවදයට පසුව, ආණ්‌ඩුවට විරුද්ධව එකම තැනකට පැමිණ සිටින බව පෙනේ.

ප්‍රතිපත්තියක්‌ වශයෙන් ගත් කල "දිවයින" සිය සමස්‌ත ඉතිහාසය පුරාම සිටියේ ද, අද සිටින්නේ ද මේ රටේ ජනතාව සමඟ ය. ජනතාවගෙන් ඉතා සුළු කොටස්‌ කිහිපයක්‌ කැමැති දෙයට මේ පුවත්පත කැමැති නැත. ඊළමට මේ පුවත්පත කැමැති නැත. උතුර නැගෙනහිරට පොලිස්‌ හා ඉඩම් බලතල දෙනවාට ද මේ පුවත්පත කැමැති නැත. එසේම නවක වධයට ද මේ පුවත්පත කැමැති නැත. 
පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් මේ පුවත්පතට විවේචනයක්‌ තිබේ. 
එහෙත් මේ රටේ ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා පිටරට යමින් අවුරුද්දකට ජාතික ධනයෙන් ඩොලර් බිලියනයක්‌ ඒ රටවල්වලට පූජා කරන විට එම විශ්වවිද්‍යාලවල ශාඛා පෞද්ගලික විශ්වවිද්‍යාල ලෙස මේ රටවලට පැමිණීම ගැන අපට විරුද්ධ විය හැකි නොවේ. 
පෞද්ගලික විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය ගැන යම් යම් ගැටලු ඇති බව සැබෑ ය. සාමාන්‍යයෙන් (ලංකාව හැරුණු විට) ආසියානු ජාත්‍යන්තර අධ්‍යාපන ප්‍රමිතියට අනුව අ. පො. ස. උසස්‌ පෙළ විභාගය සඳහා සාමාන්‍ය සාමාර්ථ දෙකක්‌ ලබා ගන්නා ළමයකුට ඉන්දියාව, බංග්ලාදේශය, තායිලන්තය, නේපාලය, මැලේසියාව, සිංගප්පූරුව පමණක්‌ නොව ජපානයේ ද පෞද්ගලික විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබාගත හැකි ය. (මේ සියලු රටවල ඇත්තේ පෞද්ගලික විශ්වවිද්‍යාල පමණි.) එ
හෙත් ශ්‍රී ලංකාවේ උසස්‌ පෙළ ශිෂ්‍යයකුට විශිෂ්ට සාමාර්ථ තුනක්‌ නොව එමෙන් තුන් ගුණයක්‌ සුදුසුකම් තිබුණ ද විශ්වවිද්‍යාල වරම් හිමිවන්නේ නැත. විශ්වවිද්‍යාල පහසුකම් සීමිත රජයෙන් නොමිලයේ අධ්‍යාපනය ගැන අපේ රටේ විශ්වවිද්‍යාලවලට ළමයින් තෝරා ගන්නේ මැණික්‌ ගරන කූඩයේ දමා ගැරීමෙන් පසු ය. සාමාන්‍යයෙන් මැණික්‌ ගරන ඉල්ලම් පස්‌ කූඩයේ ගල් පන්දහසක්‌ පමණ තිබුණ ද එයින් මැණික්‌ ගල් ඇත්තේ එකකි. 
ඒ පදනම උඩ සල්ලි නැති දක්‌ෂයාට මෙන්ම සල්ලි ඇති දක්‌ෂයාට ද විශ්වවිද්‍යාලයට යැමට හැකි වන්නේ නැත. මේ සියලු තත්ත්ව සළකා බැලීමෙන් පසු පෞද්ගලික විශ්වවිද්‍යාලවලට විරුද්ධ වීමට තරම් විශාල කාරණාවක්‌ අපට පෙනෙන්නේ ද නැත.

එහෙත් නවක වධය නම් හෙළා දැකිය යුතුම ය. අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්‌ඩලය නවක වධය ප්‍රවර්ධනය කරන්නේ කවර විකෘති කාමාශාවක්‌ නිසා ද, කවර පරපීඩා කාමුකත්වයක්‌ නිසා ද යන්න අපට සිතා ගන්නට බැරිය. නවක වධය යනු විශ්වවිද්‍යාලයට ඇතුළුවන දුප්පත් ගැමි දරුවා භීතියෙන් සහ සන්ත්‍රාසයෙන් විසඥ කරවන කාලකන්නි තත්ත්වයකි. සමහර විට ඒ දරුවාට කුණුහරුප කියන්නට අණ කෙරේ. කුණුහරුප කරන්නට අණ කෙරේ. එමතු ද නොව ඇතැම් දරුවන් දහ දොළොස්‌ දෙනා බැගින් නිරුවත්කර කාමරවල දමා වසනු ලැබේ. අනතුරුව පැය දොළ පැය විසිහතර වැනි කාලයක්‌ එසේ ගාල්කර තබනු ලැබේ.

අපට මේ සියල්ල ලියන්නට සිත්වූයේ ඊයේ (22 දා) මේ පුවත්පතේ ප්‍රධාන පුවතට අනුව ය. පේරාදෙණියේ ශිෂ්‍ය සංගම් අත්හිටුවීමට එහි උපකුලපතිතුමා නියෝග කර ඇති බව ඒ පුවත ය. 
මේ කතුවැකිය සම්පූර්ණයෙන් කියවන ඔබට, ශිෂ්‍ය සංගම් තහනම් කිරීමට හේතු අමුතුවෙන් කිව යුතු වන්නේ නැත.

2011-12-20

අපේ අසල්වැසියා


















මෙම දර්ශණ  කිහිපය ඉන්දියාවේ ය.

2011-12-16

සිරිලක අසිරිය.

http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/4/4.html



The journey is more blessed than the world and other joys of the island more beautiful than the Indico
Sri Lanka, this tropical paradise located in the south-west of the Indian subcontinent, offers an authentic experience for travelers who enjoy the typical experience. Recorremos in 10 days a unique destiny

2011-12-13

මේකලා ගමගේ - Mekala Gamage



ඇ‍ගේ මාධුර්යට සවන් දෙන්න.    


https://www.youtube.com/watch?v=sHhUeUihiI0

2011-12-09

බොපත් ඇල්ල - රත්නපුර.

බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය.
පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය ක් ගන්නා නිසා බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී ගලා හැලේ.
බෝපත් ඇල්ල උසින් මීටර් 40ක් පමණ වේ. කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ඝන මීටර් හයක් පමණ වන අතර වර්ෂයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.






2011-12-06

මා මළපසු සොහොන් කොතේ - පණ්ඩිත් අමරදේව.



http://www.lankantunes.com/player/amaradewa/index.php?name=W.D.Amaradewa

පණ්ඩිත් අමරදේවයන්ට සවන් දෙමු.



2011-12-02

අනාගත සිහිවටනයක් වන්නට............