ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2008-08-18

ඊට පස්සේ හාමතේ.





සේවානියුක්තියන්ට වැටුප් දිනය මාසයේ වැදගත්ම දිනයි.රජයේ පාසල්වල බොහෝ විට මාසයේ 20 වනදාට වැටුප් ලබාදේ.
ගුරුවරියන් දෙදෙනෙකු 19දා කල කතාබහක් මෙසේ සටහන් කරමි.
සුබ දවසක් කොහොමද ?
අද නම් කරගන්න කොච්චර වැඩ තියෙනවද කියලා හිතෙනවා
හෙට පඩි දවසනේ ?.
මොනවද අනේ අද හිතේ - හෙට අතේ - අනිද්දා හිතුමතේ - ඊට පස්සේ හාමතේ.
ගුරුවරියන් දෙදෙනා ආර්ථිකය කැටි කර දක්වමින් සිටින විට උදේ රැස්වීම හගවන සීණුව හඩවෙන්න විය. .


2008 අ‌ගෝස්තු මස 18 වැනිදා

2008-08-16

සීතාම්බර සළු


සබරගමුවට ඡන්ද උණ සෑදි ඇති රෝගී කන්ඩායම් අපමනය.
ඔවුන්ගේ උණ දැන් දැන් අසාධ්ය අතට හැරෙමින් පවති. රෝගී කන්ඩායම් වලින් දෙගොල්ලක් අවිනිශ්චිත තත්වයෙන් නන්දොඩවන අතර එක් ගොල්ලක් දැඩි සත්කාරයේ ඡන්දදායකයින් විසින් ඔක්සිජන් සම්බන්ධ්තා ඉවත් කරන තුරු පණ අදිමින් සිටී.අනෙක් කාන්ඩායම් නම් දැනටමත් මෝචරියේ ය.
මේ දින වල සේල්ස්මන්ලා මෙන් නොයෙක් උද්ධෘත යොදමින් තම අපේක්ෂිකතාවය මාකට් කරති. ‘තාරුන්යරයේ ලෙන් ගතු ශක්තිය” , ’රුවන්පුර ළෙන්ගතු ශක්තිය “ , ‘අපි හැමෝටමයි’ මේ වචනවල එකිනෙකට ගැලපෙන අරුතක් වත් ඇත්ද? . ‘සර්පයා’ ද ‘වන්ෂොට්’ ද තමන්ම සර්පයා’ බවත් ‘වන්ෂොට්’ බවත් හදුන්වාදෙයි.
ඡන්දදායකයන්ගේ අයිතිය එක් කතිරයකින් පැහැර ගන්නා මෙතුමන්ලා ඉන් පසු අපට මුණ ගැසෙන්නේය ආයෙත් ඡන්දයකිදීය.
මට දේශපාලනඥයින්ගෙන් උත්සව සමයේ සුබ පැතුම් පත් තැපෑලෙන් ලැබේ. ඡන්ද සමයේ ජනාධිපති අපේක්ෂඡකයන්ගේ සිට පලාත් සභා අපේක්ෂනකයන් දක්වා තැපෑලෙන් උදව් ඉල්ලා ලිපි ලැබේ. මා මුරුංගා අත්තේ තබා ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටි. දුරතකනයෙන් කතාකරයි. බොහෝවිට පටිගත කළ කට හඩවල් අසන්නට සලස්වයි.මේ එක්කෙනෙක්වත් මා ඇසුරු කරන්නන් නොවේ. දැක ඇත්තෝද නොවේ. මොවුන් එකම දේශපාලන පිලකට අයත් අයද නොවේ.
කොහෙන්දෝ මූලාශ්ර.යකින් තොරතුරු ලබාගත්තෝ වෙති.
සාධාරණය මගේ තේමාව බැවින් මට බොහෝවිට වරදියි.
මම වෘත්තීයමය උසස්විමක් අපේක්ෂි තව විභාග දෙපාර්තමේන්තුව මගින් පැවත්වූ විභාගයකට පෙනි සිට සමත්විනි.මා හා සම්මුඛ පරීක්ෂ ණයට පෙනි සිටි උසස්වීම් ලාභීන් අතරින් මම ලකුණු 15 ක් ඉදිරියෙන් අධ්යිපන හා වෟත්තීය සුදුසුකම් මත පමනක් සිටින ලදී.
උසස්වීම මට නො ලැබිනි.
පසු විපරමේදි මා සොයා ගත්තේ තවමත් මට සුබ පැතුම් එවන ‘ මට කඩේ යන්නැ’යි ඉල්ලා සිටින ප්රසබල දේශපාලනඥයින් දෙදෙනෙක් මට එරෙහිව සිටි බවයි. මට මානව හිමිකම් පිහිට කරගෙන වැරද්ද නිවරදි කර ගැනිමට වසර දෙකක් පමන කාලයක් ගතවිනි.
එතුමන්ලා තවමත් උත්සව සමයේ සුබ පැතුම් පත් එවයි. ඡන්ද සමයේ මා මුරුංගා අත්තේ තබා ‘ කඩේ යන්නැ’යි ඉල්ලා සිටියි.
අප දෙගොල්ලන්ගෙන් ඇදුම් ලා ගෙන සිටින ඇත්තෝ කවුද ?.

මම ප්‍රදීපාගාරයක්.

.

නිව්ටන් දැඩි ගතිගුණ ඇති නාවික කපිතාන්වරයෙකි. යුරෝපීයෙකි. සිරිසෝම ද නාවිකයෙකි. ඔහු සහය නිලධරයෙකි. මේ දෙදෙනා සේවය කරන ලද්දේ නෞකා දෙකකය.

එක් ඝන මීදුම සහිත රාත්‍රීයක දෙදෙනා තම නෞකා දෙක මහ සයුරේ එකිනෙකට ප්‍රතිවිරුද්ධ දෙසට යාත්‍රා කරමින් සිටියේය.

නිව්ටන් තමන් දෙසට යාත්‍රා කරන නෞකාවක විදුලි ආලෝකය ඝන මීදුම මැදින් දැක සිදුවිය හැකි අනතුර මග හරවා ගැණීමට වහා ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් දකුණට වෙනස් කරගන්න සංඥාවක් නිකුත් කලේය.දෙවෙනි නෞකාවෙන් ඔබ ගමන් ගන්නා මාර්ගය අංශක 10 කින් උතුරට වෙනස් කරගන්න යැයි පිලිතුරු සංඥාවක් ඔහුට ලැබිනි.

කපිතාන් නිව්ටන්ට යකා ආවේශ වී මම කපිතාන්වරයෙක් - මගේ අණ පිළිපැදිය යුතුයියැයි නැවත සංඥාවක් නිකුත් කලේය.

දෙවෙනි නෞකාවේ සේවය කරමින් සිටි සිරිසෝම මම ප්‍රදීපාගාරයක් - ඔබේ කැමැත්තක් පිලිතුරු සංඥාවක් නිකුත් කර නැව් ජැටියට විත් මීදුම මැදින් මහා සාගරය විමසන්නට විනි.

2008 අ‌ගෝස්තු මස 16 වැනිදා

2008-08-09

BEWARE OF THE DOCTORS


ශබ්දකෝෂ වල DOCTOR ලා කිහිපදෙනෙකු හමුවෙති. වෛද්‍යවරයා එක්කෙනෙකි. අනෙකා උසස් උපාධිධරයා., ආචාර්යවරයාය. තවත් විශිෂ්ඨ ගනයේ ‘DOCTOR’ ක්‍රියාපදයක් තිබේ. ලියකියවිලි ආදිය වංචාවෙන් වෙනස් කිරීමට ද DOCTOR නමින් ඇති ක්‍රියාපදයක් ඇත.
DOCTORATE එකක් ඇති මිත්‍රයෙක් අපට සිටී. මෙතුමා මේ මොන කණ්ඩායමේදැයි අප නොදනී.
අපේ මිත්‍රයා මොනවා කලත් DOCTORATE එකත් එක්ක ලැබුන තොප්පිය ඔළුවට වැටේ. කබාය ZORRO ගේ මෙන් උරහිසින් රැදී හුළගේ පාවී ලෙලදෙයි. සමාජයේ DOCTORATE එක ගැන විග්‍රහ ඇති කරගනී. මේ මිත්‍රයා ප්‍රථමික පාසලකටවත් ගොස් ඇත්දැයි සැක සංකා අපටත් ඇති කරයි.
මෙතුමා මාධ්‍යකරුවන් හා නිතර ගැටුම් ඇති කරගනී. මාධ්‍යකරුවන්ද මෙතුමා බයිට් එකට ගැනීමට නොපසුබට වෙති. දෙගොල්ලෝම අති පණ්ඩිතයෝ බව මහජනතාව තේරුම් ගෙන ඇති බව මේ මෝඩයෝ නොදනී.කාටූන් ශිල්පීන්ට කලක් අතිත රණවිරු රජතුමෙකු වී සිටියත් මේ දිනවල දම්වැලත් සමග සිටින ගෘහස්ථිත සිවුපාවෙකි.රජවුවත් නැතත් කඩුව නම් අතේ තිබේ.
අපේ කතාබහට ලක්වු ජනාධිපති වරයෙකුගේ අමාත්‍ය මණ්ඩලයක මෙවන් අමාත්‍යවරයෙකු සිටි බව සිහිපත්වේ.දෙදෙනාම රණසිංහ වුවත් අමාත්‍ය රණසිංහ මාධ්‍යකරුවන් සහ කාටූන් ශිල්පීන් බයිට් එකට ගැනීම නිසා නැත්තටම නැතිවී ගිය බව නොරහසකි.
නිල් බාල්දියක් හලා ගත් නරියෙක් රජ වී හද පායන විට හූ කිවූ කතාවක් අපි අසා ඇත්තෙමු. නරියාට රජ වුවත් ජාන වල රැදී ඇති පාරම්පරික ගති ලක්ෂ ණ අභිභවනය කිරීමට නොහැකි වූ බව රජ නරියා සනාථ කර තිබේ.


2008 අ‌ගෝස්තු මස 9 වැනිදා