ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ඒවාට ස්වාධීන පැවත්මක් නොමැත. සිතිවිලි සහ ආවේග වලට තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . ඒවායින් මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2022-11-23

පහසු ඇඳුම සහ ගැලපෙන ඇඳුම

  


මම කැමැතිම ඇඳුම තමයි අත් තියෙන මේස් බැනියමයි සරමයි. පොඩි කාලෙ නම් ගෙදරට ඇන්දෙ සරම විතරයි. උඩට ඇඳුම් නැහැ.
මම රස්සාවට ආවෙ 2006 අවුරුද්දෙ සීමාවාසික වෛද්‍යවරයෙක් විදියට. මම ඉගෙනගත්ත බටහිර වෛද්‍ය විද්‍යාවෙ සංස්කෘතිය විසින්ම මම රැකියාවට ඇඳිය යුතු ඇඳුමත් තීරණය කරලයි තිබුණෙ. සපත්තු මේස් දාල, දිග කලිසමට අත්දිග ෂර්ට් එක ඇඳල, ටයි එක දාල, පින් එක ගැහුවම ඇත්තටම ලස්සනයි. ටයි එක දාගෙන ඉන්න එක ටිකක් අමාරුයි තමයි. ඒත් ඒ අපහසුතාවය මැඩගෙන ඒ ඇඳුම නිසා රාජකාරිය කරන්න අපිට පුදුම පහසුදායක පරිසරයක් හැදිල තිබුණ.

රැකියාවට එන කාලෙ අපි දැන් වගේ නෙමෙයි. ඒ තනතුරේ තියෙන වගකීම් වල හැටියට අපි ටිකක් වයසින් පොඩි පාටයි. ඉත්න් රෝහලේ කොතනට ගියත් රෝගීන්, කාර්ය මණ්ඩලය, ඒ වගේම අනිත් වෛද්‍යවරු අපිව එසැනින් අඳුනගත්තෙ අපේ ඇඳුම් පැළඳුම් විලාශයෙන්. කිසි කෙනෙකුට හඳුන්වල දෙන්න අවශ්‍ය වුණේ නැහැ මම වෛද්‍යවරයෙක් කියල. ඒ වගේම බොහොමයක් ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරු, විශේෂඥ වෛද්‍යවරු සහ අනෙකුත් කාර්ය මණ්ඩලය ඉදිරියේ රෝගීන් ගැන විශේෂඥ වෛද්‍යවරයට present කරන්න ඒකෙන් අපිට ලොකු ආත්ම විශ්වාසයක් ලැබුණා.

ආයතන සංග්‍රහයෙ කිසිම තැනක අපේ ඩ්‍රෙස් කෝඩ් එකක් ඩිෆයින් කරල තිබුණෙ නැහැ. මට කැමතිනම් ඩෙනිමක් ගහල ටීෂර්ට් එක උඩින් දාල යන්නත් තිබුණ. ජාතික ඇඳුම අඳින්නත් තිබුණ. සරමට බැනියම අඳින්නත් තිබුණ. ඒත් එහෙම කරන්න මට කවදාවත් හිතුනෙත් නැහැ හිතුවෙත් නෑ. මම මගේ ජාතික ඇඳුමට ගොඩක් ගරු කරනව. එහෙම කියල කාලයක් තිස්සෙ තියෙන බොහොම පහසුවෙන් දුවන සම්ප්‍රදායට එරෙහි වෙන්න මට වුවමනාවක් ඇති වුනේ නැහැ. සමහර දවස් වලට උදේට දාන ටයි එක ගලවන්නෙ රෑට. දවස පුරාම මැරීගෙන වැඩ කළත් ඒ ඇඳුම තුළ තියෙන අපහසුවට වඩා පහසුව මම අත්වින්ද.

සීමාවාසික පුහුණුවෙන් පස්සෙ මට දිගටම වැඩ කරන්න ලැබුණෙ සේවාමුර විදිහට වැඩ කරන තැන්වල. දැඩි සත්කාර ඒකක සහ හදිසි ප්‍රතිකාර ඒකක වල අවුරුදු 14ක් වැඩ කළා. පැය හයේ එහෙම නැතිනම් 12 සේවා මුරයට unit එක ඇතුලට ගියාම ආයෙ එළියට එන්නෙ සේවා මුරය ඉවරවෙලා. ඒවයෙ අපි හොඳින්ම හඳුනන කාර්යමණ්ඩලයක් ඉන්නෙ. ඒ වගේම අපි ගැටෙන රෝගීන් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ නිසා smart casual අඳින්න පුරුදු වුණා. ඒකත් හැබැයි බොහොම පිළිවෙලකට කලේ.

රාත්‍රී සේවා මුර වලදී නිදාගන්න ලැබෙන්නෙ බොහොම පොඩි වෙලාවක්. රෝගීන්ගෙ වැඩ ඔක්කොම ඉවර කරල ළඟ තියෙන රෙස්ට් රූම් එකේ ඇඳට වැටිල ටිකක් නිදාගන්නව. පැය බාගෙකට පැයකට වගේ ඇහැ පියා ගන්න එක තමයි කරන්නෙ. ටික වෙලාවකට වුනත් සරමක් ඇඳගෙන ඒ වෙලාව ගත කරන්නෙ. හොඳට ventilate වෙන හින්ද 😂 පහසුවට නින්ද යනව. ඉතින් ඔහොම ඉන්නකොට කවුරුහරි ඇවිත් දොරට තට්ටු කරනව doctor patient කෙනෙක් ඇවිත්, එහෙම නැතිනම් ලෙඩාගෙ මොනවහරි ප්‍රශ්නයක් කියල.

ඉතින් ඔන්න ඔය වෙලාවට මට හිතිච්ච වාර අනන්තයි මේ සරම ඇඳගෙනම එලියට යන්න තියනව නම් නම් කියල😂. ඇත්තටම ඒ වෙලාවට යුනිට් එකේ ඉන්නෙ රෝගීන් කීප දෙනෙකුයි හෙද හෙදියො, කාර්යමණ්ඩලය දෙතුන් දෙනෙකුයි මමයි විතරයි. සරම ඇඳගෙන ගියත් අවුලක් නැති මට්ටමට එයාල ගොඩක් හිතවත්. ඒත් දඩි බිඩි ගාල ආයෙ කලිසමට මාරු වෙලා ටී ෂර්ට් එක දාගෙන තමයි වාට්ටුවට යන්නෙ.

මොකද හදිසි ප්‍රතිකාර ඒකකයෙ නැතිනම් දැඩි සත්කාර ඒකකයෙ රෝගියෙකුට අමාරුවෙලා හාට් මසාජ් දෙනකොට ඇඳ උඩට නැගල දණිස් දෙක මෙට්ටෙ උඩ තියාගෙන තමයි පපු තෙරපුම දෙන්නෙ. ඉතින් මම ආසම ඇඳුම ඇඳගෙන ගිහින් ඒ වෙලාවට ඕක ගැලවෙලා බිම වැටුනොත් එහෙම ආයෙ ඇඳුම ඇඳගෙන එනකොට ලෙඩා ජීවතුන් අතර නැති වෙයි.

ලෙඩා නම් ලෙඩා කියලවත් කියමුකො. ඒත් ඒක දැකල අර යසට ඉන්න මිසීලට හාට් ඇටෑක් එකක් වත් හැදුනොත් අපරාදෙනෙ. ඒක නිසා කැමති ඇඳුම සරම වුනත් ඒ වෙනුවට හිත හදාගෙන හරි සුදුසු ඇඳුම මම තාමත් අඳින්නෙ.

විශේෂයෙන් මිනිස්සු ගරු කරන රැකියාවක තමන්ගේ ඇඳුම නිසා සේවාදායකයින් අපහසුතාවට පත් නොවිය යුතුමයි. මොකද මේ සමාජයේ කෙලෙස් ප්‍රහාණය කරපු අය අති දුර්ලභ නිසා. නීති පොත්වල කොහොම තිබුනත් සමාජයක ජීවත් වෙනකොට අපිට කැමති කැමති දේවල් කරන්න හැමවිටම බැහැ.

ඉතින් මේ දවස්වල ගොඩක් කතාවෙන ගුරුතුමියන්ගෙ ඇඳුම ගැනත් යමක් කියලම නතර කරන්නම්. පළමුවෙන්ම ඔවුන් ඇඳිය යුතු ඇඳුම ගැන බලපෑම් කරන්න මට අයිතියක් නැති බව කියලම පටන් ගන්නම්. මට දැනෙන දේ විතරක් මම කියන්නම්.

සරියක් ඔසරියක් ඇඳල එන ගුරුතුමියන්ට මම පෞද්ගලිකව ගොඩක් කැමතියි. ඒ ඇඳුම තුළම ඔවුන් කෙරෙහි ලොකු ගෞරවයක් ඇති වෙනව. පාසල අවට කොහේ හිටියත් අපි ඒ ඇඳුමෙන් ඔවුන්ව හඳුන ගන්නව. ඒ ඇඳුම තුළ ඔවුන් කෙරෙන් හොඳ පෞරුෂයක් මට පෙනෙනව. සමාජය තුළ බොහෝ කාලයක් මට තියෙන අත්දැකීම් අනුව මේ සාරියට ඔසරියට හැම මිනිහෙක්ම සාපේක්ෂව ගොඩක් ගරු කරනව. ඒ ගොඩනැගෙන පෞරුෂය ඉදිරියේ කාන්තාවකට සමාජයේ ලොකු රැකවරණයක් ආරක්ෂාවක් පවා තියෙනව.

දැන් ඉතින් කියන්න එපා ඇඳුමෙන් මිනිස්සු මනින්න තරම් මේ සමාජය ගෝත්‍රික ද කියල. හේතුව අහන්න එපා. මම මේ කියන්නෙ ඔබ කැමති වුණත් නැති වුණත් මේ මහපොළොවෙ තියෙන යථාර්ථය. ඒක එහෙමම තමයි. ඉතින් ඒක දන්න කිසිම ගුරුවරියක් සාරියෙන් වෙන ඇඳුමකට මාරු වෙන එකක් නෑ. ඇත්තටම ලෝකෙ පහසුම ඇඳුමක් කියල එකක් නැහැ. ඒක තීරණය වෙන්නෙ ඇඳුම අඳින කෙනාගෙ අවශ්‍යතාවය, අපේ සංස්කෘතික සමාජ සහ ආගමික වටිනාකම්, වෘත්තීයමය ස්වභාවය වගේ සාධක බොහොමයක් එකතුවෙලා.

system change කියන්නෙ මිනිසුන්ගෙ ඇතුල වෙනස් කරන්නෙ නැතුව පිටකවරය මාරු කරන එක නෙමෙයි. ඒ වගේම ඇතුලතින් පරිපූර්ණ කෙනා දැනට තියන කවරෙ වෙනස් කරන එක ගැන ඒතරම් වද වෙන්නෙ නෑ කියන එකත් ලියලම මම නවතින්නම්. 👍

ෆොටෝස් ටික නං නිකමට දැම්මෙ 😂😂🙏 
 notes of imaginary

2022-11-18

කුමට මෙවන් රජයක් ?.


පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු ණය  මාසිකව තුලනය කර ගන්නනේ ඉදිරි මාසයටද හිග ශේෂයක් ඇති කරගෙනය.

ආදායම් අතිරික්තයක් නොමැති සමාජ ස්ථර අතිරේක ව්‍යාපෘති සිහිනයක් බවට පත් කරගෙන ඇති බැවින් එදිනෙදා රැකියාවක් කර මුදල් උපයා ගන්නා කම්කරු  ,ගොඩනැගිලි ඉදිකිරීම් කේෂත්‍රයේ ,වැනි රැකියා කරන අයට අද රැකියා නැත.

අවුරුද්ද එවර වෙමින් අළුත් පාසල් වාරයක් ආරම්භ වෙමින් ඇත. පාසල් යන වයසේ දූ දරුවන් ඇති දෙමව්පියන් අනිවාර්යෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය සදහා මුදල් වැය කල යුතුය. වැය කිරීමට අයක් නැති බාවින් දෙමව්පියන් අසරන තත්වයකට පත්වී ඇති බව රහසක් විය නොහැකිය.

ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයට අවබෝධයක් නැද්ද ?. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ගැන සංවේදිත බවක් නැද්ද ?.

පාසල් ලිපි ද්‍රව්‍ය . සහ උපකරරන සදහා පමනක් සෙස් බද්ද අඩුකිරීමට නුවනක් නොමැති නම් කුමට මෙවන් රජයක් ? .......



notes of imaginary

2022-11-12

සීතල මරණය - ඇස් හතරකින්.






නාවලා මේ සිමේන්තිය උඩ
බාවලා තිබ්බාම ලැජ්ජයි
රෙදි කෑල්ලක් දමාපල්ලා
අඩුම ගානේ ඉණටවත් මගෙ .

තැනින් තැන සුදු වෙලා තිබුණට
ජීවිතේටම පාට නොකරපු
කොන්ඩෙ කළු කරලා තියෙන්නං.
වැරදිලාවත් සැලුන් එකකට
අරං ආවද සැකයි මට නං .

පැපොල හැදිලා මූනෙ හැමතැන
ආවාට වගෙ කැළැල් තිබුණට
උළල උලලා තට්ටු ගාලා
මොකක්දෝ මේ කරන විගඩම..

දරකෝටු වගෙ තිබුණු අතපය
මිටියකින් ගහලයි නමන්නේ
කොහු පාන්කඩ ඔබලමයි මුං
පපුවෙ කරඬුව හදාගන්නේ .

මැරිල හින්දා රිදුනෙ නැතුවට
අපේ උන්දෑ දැක්කනම් හෙම
වාවන්නෙ නෑ පපුව පැලෙනව.
රහස් සේරොම වහන්කරලා

තත්තෙ රැකගෙන වලදාන්නයි
ලොකු එකී වියදම් කරන්නේ
දුක නැතෑ ඒකිටත් අම්මප .
හත් අවුරුද්දකින් දැක්කෙ නැහැ නොවැ
පෝන් එකකින් මිසක් ඇත්තට

අඬාගෙන මා බදාගත්තම
ඇහැරලා පොඩ්ඩක් බලන්නට
හිතක් හිතුණත් නොකෙරුවේ මං
ඒකි බයවෙයි කියලමයි.
හුස්ම ටික ගිය මේ සරීරේ
හැඩ කොරන්නට ගිහිං අයියෝ
ඇහැකි වේවිද ඇඳින ගන්නට
ඉස්ටෝරුවෙ කිරිකපාපු
ඇල්පිනාව .....කාටවත්ම....????

රෝ.සි.

 💜💜💜💜💜💜💜

ඒ මරණය දුටුව රෝහිණි සිසිප්‍රිය.


රංජිත් කෝණාර ත් මරණයේ සුන්දරතාවය දකිනවා. 

මේ සිතිවිලි මම ගත්තේ වත පොතෙන්. 

මගේ හිත මේ සිතිවිලිත් එක්ක නතරවුනා. 

💜💜💜💜💜💜💜💜💜




හිටි හැටියේම
වමි අත දිගේ හිං කැක්කුමක්
උපැස් යුවල ගලවා ලියන කොලය
උඩින් පෑන තබා හයියෙන් හුස්ම
පොදක්
කැක්කුම පපුවටම
අක්කේ
පෙනඩෝල් පෙති දෙකක්
හොදටෝම මදි වී
1990 සයිරන් හඩක්
ලගම රෝහලේ
OPD එකේ දොස්තර මහතාගේ
නලලේ රැලි තුනක්
සීරියස් 😕😕😕😕😕තනි වචනයක්
වමතට ,දකුනතට කටු වැස්සක්
ට්‍රාන්සර් එකක්
රත්නපුරේට
කහපාට තීන්ත පතුරු
ගැලවුනු ට්‍රොලියක්
පෑනක් පොතක් ගන්න ආපු
දවසට හිනහ වෙලා විහිලුවක්
කරපු ඇටෙන්ඩන්ටි මහත්තයාගේ
බොද වු සේයාරුවක්

රතුපාට බල්බි එකක් කැරකෙන
ගිලන්රථයක් වෙිගයෙන්
ගමනක්
පිලිගන්න පෙරමග සුදානමක්
මහ රෝහල දොරකොඩ ඉදිිරිපිට
ට්‍රොලියක් සමග දෙදෙනෙක්
කෙලින්ම
ඇදකට
සියලු සේයා බොද වීමක්

හදවතේ ගැඹුරුම තැනක
සදාතනික මතකයක සිහිවීමක්
දෙනෙත් කොනින් ගලා ගිය
සීතල කදුලු බිදුවක්
ඇමිබුෂ් කරමු
පපුව උඩ වෙද නලා කිහිපයක්
ෂිහ්
ඩවුන්

මොනව කරන්නද
අපි ෆුල් ට්‍රයි කරා
මහ වෙදදුරුගේ මලානික
කෙටිම කෙටි වචන පෙලක්

ජයරතත්න ද,රත්න,ද කැමති තැනක් ,
නැෂනල් එකද, කලු කලිසමයි සුදු අත්දිග කමිසයි

හැබැයි ඇන්දෙම ටී ෂර්ටි
චැහ් ඒක හරි නැ එහෙනං කැමැත්තක්
මහගෙදර පාමුලද,
ආංඩුවෙි කනත්තද
ඔිනි තැනක්

දුරින් ඈතින් එන්න නැති නිසා
එකම එක දවසක්
හිත හැදෙන මතක බනක්
කොප්පෙන් ඉතිරි පිගානට
පැන් ටිකක් එය අනිත්‍යයට

සමකිරීමක්

"මාව දාලා යන්න එපා රත්තරනේ"
කියන්න කෙනෙක් සින්නක්කරේටම
නැති නිසා
සතුටු හිතෙන ගමනක්
පරවුන මල්වඩමක්
ඇවිලි නිවී ගිය පොල් ගෙඩි දෙකක්
පෙටිටියට උඩින් වැටුනු සත පහේ
කාසියක්
පෙනි නොපෙනි යන
අමිමා ගේ රන් රුව

සීතල මරණයක්


notes of imaginary

2022-11-10

සාරිය


සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම වෙනුවෙන්.

සාරියට  අපේ රටේ ප්‍රධාන මෝස්තර දෙකකි. වෙනත් ප්‍රබේදද ඇතිවි තිබේ. ඒ අදින පිලිවෙලට මෝස්තර එකතු වීමෙනි. කැන්ඩියන් අදින ඇත්තියන් මෙන්ම ඉන්දීය මෝස්තරයට සාරිය අදින ඇත්තියන්ද අප අතර සිටි.

සාරිය අපේ නොවේ. ඉන්දියාවෙන් මෙරටට ප්‍රචලිතවු කාන්තා ඇදුමකි. වහරේද ඉන්ඩියන් අදිනවද ? කැන්ඩියන් අදිනවද යන්න භාවිතය වේ.

 ශ්‍රී ලංකාව තුල සාරි වඩාත් ප්‍රචලිත වන්නේ මහනුවර රාජධානි සමයේයි .එයට හේතුව එම අවදිය ලංකාවට දකුණු ඉන්දීය බලපෑම් වැඩි වශයෙන් ලැබුන යුගයකි.ඉන්දීය සංස්කෘතියේ ආභාෂය හේතුවෙන් ලංකාව තුල සාරිය වඩාත් ප්‍රචලිත වන්නට ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් අතීත යේ ශ්‍රි ලංකාව තුල කුල හීන කාන්තාවන්ට සාරිය හා ඔසරිය ඇඳීම තහනම් විය.එකල  පැවති වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටීමත් සමග සෑම ලංකික කාන්තාවකටම සාරි හා ඹසරිය අඳීමට අවස්ථාව සැළසින.වර්ථමානය තුල පවා සාරිය ගෞරවාන්විත ඇඳුමක් ලෙස සළකනු ලැබේ. කාරයාලීය සහ .ගුරුවෘත්තියේ යෙදෙන කාන්තාවන් වැඩි වශයෙන් භාවිත කරන්නේ සාරියයි.

සාරියට සහ ඔසරියට ( කැන්ඩියන්) කාන්තාවෝ සිරියාවත්ව පෙනේ. මනස ඇතුලත සිතිවිලි කෙසේ වෙතත් යම්කිසි ශාන්ත බවක් ගාම්භිර බවක් සාරිය ඇන්ද කාන්තාවන්ගෙන්  දක්නට ලැබේ. ඇදලා ඔසරිය නෙරිය තියලා - කොන්ඩේ මල් ගවසලා පාසල වෙත යන ගුරුතුමියක් සුනිල් ශාන්තයන් දකින්න ඇත්තේද මේ නිසා විය හැකියි.

ස්ටාලින්ට අවශ්‍ය වන්නේ යුරෝපීය පන්නයේ ඇදුමැති  විප්ලවකාරීයක විය හැකියි. අපට ඉන්දීය පන්නයේ ගුරුමවක් සිටීම භාග්‍යයවත්වේ.අපි ආසියාතිකයෝ වන බව අපට අමතක කල නොහේ. 



notes of imaginary

2022-10-30

බයියෝ...




බයියන් නිර්වචනය කරන්න බැරි වචනයක් වෙලා.

දේශපාලනිකව ටිකක් හිතන කොට ලංකාවේ ඉන්නේ සියල්ලෝම බයියෝ. පොහොට්ටු කාරයින්ට බයියෝ කියලා සජබේ,ජවිපේ,පෙරටුගාමින් වගේම වෙනත් දේශපාලන පක්‍ෂවල උදවිය ගරහනවා. මෙයාලට විරුද්ධ දේශපාලන මත විවේචනිකව හිතන්න ,ප්‍රතිචාර දක්වන්න බැහැ.එවන් අදහසක් දැකපුවම පලකරපු කෙනා බයියෙක් වෙනවා.

වේදිකාවල මේ හැම පක්‍ෂයකම උදවිය කෑ මොර දෙන දේවල් ඇත්ත පදනම් වු දේවල්ද ?. බොරු බේගල් ඇත්ත වගේ අතහරිනවා. සමහර දාර්ශනික මත පලකරපු කෙනා හිටියදී වෙනත් කෙනෙක් ගේ නමින් එයා මෙහෙම කිවුවා කියලා තමන්ගේ ප්‍රඥාව බහුශෘතභාවය පෙන්වනවා.

එය වැරදියි කියලා යමෙක් පෙන්වලා දුන්නොත් එයා බයියෙක් වෙනවා. “ අටට මේ පහ කිව්වොත් අපි පහ කියලා පිලිගන්න ඕනි.නෑ නෑ ඒ අට කිව්වොත්  “බයියෙක් නැත්නම් හිටපු බයියෙක් !.

හිටපු බයියන් දිනාගන්න ඕන.....කලකදී අනෙක් අයටත් බයියන් වෙන්න.

ලංකාවේ දේශපාලනයේදී කලකදී වහළු කලකදී රස වෙනවා. එයයි ස්වභාවය.



notes of imaginary

2022-10-20

"නර පණුවෝ සහ ගරිල්ලෝ"





ඔබ වන් ගුරුවරයෙකු ලැබීමට අප පින් කර ඇත්තෙමු.!
එද,ඔබ සේ පෑණ හසුරවන්නට අප නොසමත්මු
එදා තුන් කල් දැක්මෙන් යුතුව ඔබ ලියූ දේ එදාට වඩා අදට අදාලය ශ්රීමතානෙනි!"
කමල් පී අලහකෝන් ගේ වත පොතෙන් උපුටා ගන්නා ලදී. ලිපිියේ කතුවරයා ( රයිගම්රාළට ) වෙනුවෙන් කරන ලද ඇගයීම ඔහුගේය.
අපි නර පණුවෝ සහ ගරිල්ලෝ කියවමු.

"නර පණුවෝ සහ ගරිල්ලෝ"😋😋😋😋
හොර හිත ඇති තැනැත්තා නාකරම බියෙන් පසුවෙයි.
ඔහු පොළිස් කාරයෙකැයි සිතා තැපැල් පියුන්ට බයවෙයි.
සුරාබදු නිළධාරියෙකුයැයි සිතා මහජන සෞඛ්යය පරීක්ෂකට බිය වෙයි.
මෙය පුදුමයක් නොවේ.
බියපත් වූ මිනිසාට දෑස් හරියට නොපෙනේ.
කණ හරියාකාර නෑසේ.
අදහස් පැහැදිලිව ප්රකාශකරගත නොහැකිව ගොත ගැසෙයි.
මේ සිදුවන්නේ "හෘදය ශාක්ෂිය" නම් යමක් හැම කෙනෙකු තුළම සැඟවී,ඇති හෙයිනි.
අන්තිම බිහිසුනු හොරා තුළ පවා යම් පමණක හෝ හෘර්දය ශාක්ෂියක් වෙයි.
අන් කවරෙකුට බොරු කළත් හෘදය ශාක්ෂියට බොරු කළ නොහැක.
එහෙයින් හොරෙකු විසින් කරන හැම හොරකමක් පාසාම අභ්යන්තරිකව පිරිහෙයි.
අධ්යාත්මිකව පිරිහෙයි.
මෙසේ දිගින් දිගටම බොරැ කළහොත් අවසානයේ ඔහු තුළ ඉතිරිවන්නේ
ආධ්යාත්මයක් නොව,ඉහඳ පිරි ගඳ ගසන කුණු ගොඩක් පමණය.
මෙය කුකුල් හොරු,කම්බා හොරු,කෙසෙල් කැන් හොරු,ආදී වූ
නන්වැදෑරැම් හොරුන්ට පමණක් නොව,
"දේශපාලන හොරුන්"ටද පොදු වූවකි.
මෙවන් හොරුන් තුළ එකතුවන කුණු කන්දරාව
කිරි මෙන් සුදු ඇඳුමකින් වැසිය නොහැකිය.
බණ පොත් වන පොත් කර වැමෑරීමෙන් වැසිය නොහැකිය.
ගත හා මුව කෙතරම් සැරසූවත්
ඔවුන් තුළ ගොඩ ගැසෙන දහජරාව එලෙසම පවතී.
තලියෙහි පැනෙහි කිඹුලන් දකින තරම් බියක්
ඔවුන් තුළ නිබඳවම කැකෑරෙන්නේ එනිසාය.
ඍජු අවංක මිනිසා කිසිවෙකුට බිය නොවේ.
පොලිස් කාරයෙකුට තබා පොලිස්පතිටවත් ඔහු බය නැත.
සුරා බදු පරීක්ෂකට තබා අග්ර විනිශ්චයකාරයාටත් ඔහු බය නැත.
තලියෙහි පැන් මිස කිඹුලන් දකින්නට හේතුවක් ඔහුට නැත.
මෙවැනි පුද්ගලයෝ ශබ්ද නඟා විවෘතව කතා කරති.
එසේ කතා කරන අන්යයන් ප්රිය කරති.
නිදහස් අදහස් දරමින් නිදහස්,අදහස් වලට ගරු කරති.
කොරවක්කන් වෙඩි තැබීමට යන දඩයක්කාරයන් සේ
හැංගෙමින් එබෙමින්,එබි එබී බලමින්,වකුටු වෙමින්,
තුන් කුදු ගැහෙමින්,ශබ්දයට කන් දෙමින්,කොළයක් පෑගෙන හඩට පවා තිගැස්සෙමින්
දෙගිඩියාවේ ගමන් නොකරති.
හුදෙක් ඍජුවම ගමන් කරති.
කොන්ද කෙලින් තබා ගෙන එඩිතරව ගමන් කරති.
දේශයේ ලොකුම සම්පත,ජාතියේ ලොකුම සම්පත ඔවුහු වෙති.
මුළු ජනසමාජයේම ස්ථාවරත්වය රඳා පවතිනුයේ
සුදු හෝ කහ රෙද්දෙන් වැසූ ජරා ගොඩවල් මත නොව
මෙබඳු පුද්ගලයන් මතය.
රටක්,ජාතියක් පිරිහී යන විට ඍජු අවංක පුද්ගලයෝ දුරලභ වී,යති.
ඊට අනුපාතිකව ජංගම ජරා ගොඩවල් බඳු පුද්ගලයෝ සුලබ වී යති.
අද රට මුණ පා ඇත්තේ එබඳු අවාසනාවන්ත,දුර්දසාපන්න අවදියකටය.
එහෙත් සියළු බලාපොරොත්තු සුන් කරගැනීමටත්,
සියළු අපේක්ෂා භංගත්වයට පත් කර ගැනීමටත් වුවමනා නැත.
අප එසේ කියන්නේ ඓතිහාසික සිද්ධාන්තයක් මතය.
අන්තිමට පිරිහී ගිය ජනසමාජ තුළ පවා
කොතැනක හෝ සභ්යත්වයේ ගිනි පුපුරක් සැඟවී තිබුණු බැවු
ඉතිහාසය අපට කියා දෙයි.
මුළු සමාජයේම කුණු කන්දල් දවමින් එය නැවත පවිත්ර කරන
මහා ගින්න ඇවිලෙනුයේ එම ගිනි පුපුරෙනි.
අද අප ආර්ථික මෙන්ම මානසික පරිහානිය කරා ගමන් කරමින් සිටින්නෙමු.
දැනටමත් අප එම මඟෙහි සෑහෙන දුරක් ගමන් කර අවසානය.
මේ,අන්දමින් අප තව දුර ගමන් කළහොත්
අපේ දරුවන්ට ඉතිරිකර තබා යන්නට සිදුවන්නේ
රටක් නොව මුලු ආසියාවම ගඳ ගස්වන කුණු ගොඩකි.
තත්වය එතරම් අසාධ්යය වන්නට පළමු එය වලක්වා ලීමේ පියවර ගැනීම
මිනිසුන් වශයෙන් අප සතු යුතු කමකි.
ගොඩ ගැසෙමින් පවතින ආධ්යාත්මික කුණු කන්දරාවල්
දවා හළු කිරීමට අවශ්යය ගිනි පුපුර මෙලවිමට අප උත්සාහ කළ යුතුය.
එහෙත් හැම දෙනාම ඊට කැමති නොවනු ඇත.
මක් නිසාදයත් කුණු ගොඩේ සිටින පණුවා මෙන්ම,
ජරා ගොඩේ සිටාන නර පණුවාද
තමා වටා,රැස්කරග් කුණු ජරාවට මිස අන් දෙයකට ප්රිය නොකරන බැවිනි.
පවත්නා තත්වයන් ශේෂයකින් හො වෙනස් කෙරන කිසිදු පියවරකට
ඔවුහු කැමති නොවෙති.
කැමති,නොවනවා පමණක් නොව
ඊට එරෙහිව මුලු ශක්තිය යොදවා සටන් කරති.
මුහුණට මුහුණ ලා සටන් කිරීමේ ශක්තියක් පණුවන්ට නැත.
එහෙයින් ඔවුන් ගරිල්ලා සටන්වල යෙදෙති.
නිදහස් අදහස් ප්රකාශනයට බිය ඔවුහු ඊට විරුද්ධව සටන් කරති.
පිරිසිදු චේතනාවෙන් කරන විවේචනය පවා ඔවුන් දකින්නේ
තමන්ට එල්ලවූ මහා තර්ජන ලෙසය.
මේ නිසා හැම මිනිසෙකුගේම කට වැසීම ඔවුන්ගේ ප්රයත්නයයි.
පුවත්පත් හා අන් ජනමාධ්යය සියල්ලක්ම ඔවුන් දෙසට හිස නමා සිටිය යුතුය.
හිස නොනමා ඍජුවම තබා ගන්නා ⁣යමෙකු වෙතොත් ඒ සතුරෙකි.
ඔහු වනසා දැමිය යුතුය.
එහෙත් ඔවුන්,අවබෝධ කර නොගත් එක් දෙයක් ඇත.
එනම්,යුගයක අවශ්යයතාවය මත යම් බලවේගයක් මතුවූ විට
"පණුවෙකු"ට තබා,
"අනන්ත නම් නාග රාජයා" ටවත් එය නවතා ලිය නොහැකි බවයි!"
රයිගම් රාළ -
දිවයින ඉරිදා සංග්රහය.


notes of imaginary

2022-10-17

අපි නටමු....ගී කියමු.





අපි ලිපේ තියපු හැලියක කකුළුවෝ වෙලා. දවසින් දවස ටිකින් ටික විනාශය කරා ලංවෙනවා.වෙනස් වෙන්න තව කල් තියෙනවා.පාලකයෝ වෙනස් කරන්න ඉස්සෙල්ලා අර් බූදයට මුහුණ දෙන්න අපි වෙනස් වෙමු.
මේ සිංදු කිය කියා මැඩ්ලින් ගහ ගහ ඉන්න පුළුවන් කාලයක් නෙමෙයි.--------
පහත පලවෙන්නේ උපුටා ගත්තකි.)
අද කොප් කමිටු රැස්විමේදි හෙළි වු කරුණු
ගෑස් සිලින්ඩරයක් රු.10 000 පන්නන්න පුලුවන්. පෙට්රල් 92 ලීටරයක් රු.700 පනින්න පුලුවන් ......ඒ කොහොමද?
අද කෝප් කමිටුවේ දී ඉතා වැදගත් ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමක් වුණා.මහ බැංකු අධිපතිතුමා විසින් සිදු කරන ලද ඇග කිළිපොලා යන මේ හෙළිදරව්ව අතිශයින්ම බරපතලයි.මේ හෙළිදරව්වත් එක්ක අපේ රටේ ආර්ථික දේහයේ මෘත ශරීරය දැන් දැන් අපිට පෙනෙන්නට පටන් අරන්..
ජාත්යන්තර මූල්ය අරමුදල ( IMF) මීට වසර 2 කට පෙර ( 2020 මාර්තු වලදී)ශ්රී ලංකාවේ බාහිර ණය තිරසර නැති බවට ( Unsustainable Debt) දැනුවත් කර තිබූ බව වර්තමාන මහ බැංකු අධිපතිවරයා ප්රකාශයට පත් කරා.එකල සිටි ජනාධිපති ලේකම් වරයා සහ මුදල් අමාත්යවරයා එය අවශ්ය නොවන බව පවසා ප්රතික්ෂේප කිරීම සිදු කර ඇත. අද අප නිල වශයෙන් බංකොලොත් ( Officially Bankrupt ) වූ රටක් වන්නේ මේ වැරදි නිසා බව හෙළි වුණි.මීට අමතරව කාබනික පොහොර අර්බුදය, අනවශ්ය ලෙස බදු කපා හැරීම, විදේශ විනිමය අනුපාතය මහ බැංකුව රු.200 ට බලෙන් අල්ලන් සිටීම හා IMF වෙත ගොස් ණය ප්රතිව්යුහගත ( Debt Restructuring ) කිරීම කල් දැමීම නිසා අපි දැන් ඉන්නෙ බංකොලොත් රටක.
අලුත්ම ව්යාපාර ලෝකයෙන් ඇහෙන දේවල් ගැන කිව්වොත්,
1)ඇඟලුම් කර්මාන්තශාලා 30 % ක් ලංකාවෙන් අයින් වෙන්න තීරණයක් අරන් !
2) KFC, Pizza Hut වැනි වරලත් ව්යාපාර ( Franchises ) විකුණුම් ආදායම අඩු වීම හා උද්ධමනකාරී බලපෑම් නිසා ලංකාවේ වෙළෙඳපොළින් යන්න හදනවා.
3) Coca Cola , Pepsi සමාගම් වැනි මහා පරිමාණ සමාගම් ඉවත්වීම එක්ක රැකියා සෑහෙන්න මිනිස්සුන්ට අහිමි වෙනවා. ( Unemployment )
4) වයස අවුරුදු 18 -35 අතර තරුණ තරුණියන් අතරමං වුණ පරම්පරාවක" Lost Generation " එකක් වෙලා කිසිදු අනාගත අපේක්ෂාවක් නැතිව.
මෙහෙම Lost Generation එකක් පළමු ලෝක යුද්ධයෙන් පසුත් බිහිවුණා.
5) රජයේ සේවකයින්ට වැටුප් ගෙවා ගත නොහැකි නිසා අවුරුදු 5-7 වගේ කාලයකට ජපානය, රුමේනියාව, කොරියාව වගේ රටවල් සඳහා ඔවුන් විදේශ රැකියාවලට යවන්න හදනවා. ( ඇත්තටම මේක කලින් මමත් මගේ කලින් ලිපියක යෝජනා කරලා තිබුණා.මෙය ගිවිසුමක් මත සිදු කිරීමෙන් NRFC ( අනේවාසික විදේශ ව්යවහාර මුදල් ගිණුම්) ඔස්සේ විදේශ ප්රේෂණ වැඩි කර ගැනීමට ඉතාම හොඳ ක්රමයක්.මෙය නිසි පරිදි ක්රියාත්මක වුවහොත් විදේශ විනිමය සංචිත ( Forex Reserves) ඉහළ යාවි.මෙය හොඳ ක්රියාමාර්ගයක්)
6) " රෝද 2 ක් උඩ ජීවිතය ගෙවන" Uber Eats, Pick Me Foods ධාවකයින් ඇතැම් අය විදුලියෙන් ධාවනය වන Rodha Electric Bikes වලට මාරු වෙලා.මේකේ හොඳ වගේම නරකත් තියෙනවා.එයාලට දැනෙන මහන්සිය වැඩි වී ලැබෙන ඇණවුම් ( Orders) සංඛ්යාව අඩු වෙන්න පුලුවන්.ගොඩක්ම වැස්ස එක්ක.
තෙල්, ගෑස්, බෙහෙත් ප්රශ්න නම් අපි හැමදාම කතා කළා නේ.ලොකුම ව්යසනය තමා තව සතියකටවත් විදේශ විනිමය අපිට නොමැති වීම.
හැබැයි තව මාසෙකින් 2කින් වෙන්න පුලුවන් ලොකුම අනතුරක් තියෙනවා.ඒකයි මේක ලියන්න ප්රධානම හේතුව !
උද්ධමනය ගැන සරලවම කිව්වොත් රටේ තියෙන භාණ්ඩ හා සේවා වල මිල ගණන් අඛණ්ඩව ඉහළ යාම තමයි අපි උද්ධමනය කියලා කියන්නේ.
රටක උද්ධමනය ඉහල යන්න පුළුවන් ආකාර 2ක් තියෙනවා.
01 ) ඉල්ලුමෙන් ඇඳුනු උද්ධමනය ( Demand Pull Inflation )
02) පිරිවැයෙන් තල්ලු උන උද්ධමනය ( Cost Push Inflation )
දැන් ලංකාවේ තියෙන්නෙ විදේශ විනිමය හිඟය මත ඇති වුණු පිරිවැයෙන් තල්ලුවුණ උද්ධමනයක් නේ. භාණ්ඩ වල හිඟයක් ඇවිල්ලා සැපයුම අඩු උනාම බිහි වෙන උද්ධමනයට තමයි අපි කියන්නේ පිරිවැයෙන් තල්ලු උන උද්ධමනය කියලා. එතනදි පිරිවැයෙන් තල්ලු කරලා තමයි භාණ්ඩ වල මිල ඉහළ යන්නේ.
ඉතින් දැනට ලංකාවේ ඇති වෙලා තියෙන්නේ පිරිවැයෙන් තල්ලු උන උද්ධමනයක් නිසා අපේ මිනිස්සුන්ට හිඟ භාණ්ඩ ටික ගන්න හැම රුපියලක්ම අවශ්ය වෙන නිසා අපිට කියන්න බෑ වෙනිසියුලාවේ වුණා වගේ ලංකාවේ පාරවල් වල රු.5000 කොල විසි කරන දිනයක් ලඟ ලඟම ඒවි කියලා. ඉතින් මේ විදියට පිරිවැයෙන් තල්ලු උන උද්ධමනය ඇති වෙන්න ප්රධානතම හේතු 2ක් තියෙනවා.
1.ලංකාවේ විදේශ විනිමය සංචිතය බිංදුවටම සිදී යෑම.
2. අපේ විනිමය සංචිතය අඩු නිසා අපි බලන් ඉද්දී එක රැයකින් රුපියල විශාල ලෙස අවප්රමාණය වීම.දැන් $1 ක් රු.360 සීමාවේ බලෙන් හිර කරන් ඉන්න සිද්ධ වෙලා මහ බැංකුවට
හැබැයි දැන් තියෙන අනතුර තමා රාජ්ය සේවක වැටුප් සහ අඩු ආදායම් ලාභී අයට සහන දෙන්න සහන පැකේජයක් ඔස්සේ මුදල් අනවශ්ය ලෙස මුද්රණයට යොමු වුණොත් ඉල්ලුමෙන් ඇඳුණු උද්ධමනයකුත් බිහි වෙනවා.
නිදසුන් ~ අපි හිතමු පාලකයින් අද රෑ ඉඳන් අලුතෙන් මුදල් මුද්රණය කරලා සියලුම රාජ්ය සේවකයන්ගේ පඩිය රු.20 000 කින් වැඩි කරලා පෞද්ගලික අංශයේ සේවය කරන අයට නොමිලේ රුපියල් 10 000 ගානෙ බෙදා දෙමින් වැඩි වූ භාණ්ඩ මිලදි ගන්න උදව් කරන්න හදනවා කියලා. නැත්තම් අඩු ආදායම් ලාභී කියලා රටේ මිනිස්සුන්ට සහනාධාර ලෙස සල්ලි බෙදන්න.
භාණ්ඩ හිඟයට කිසිවක් නොකර මිනිස්සු අතට තව තවත් මුදල් දීලcsm මිනිස්සුන්ගේ සමස්ත ඉල්ලුමම වැඩි කරොත් අන්න එදාට අපිටත් ලංකාවේ පාරවල් වල රුපියල් 5000 කොල දකින්නත් මිනිස්සුන්ගේ අත් වල රුපියල් 10 000, 20 000 කොළයත් දකින්න ලැබෙවී. එය වලක්වන්න තමයි John Hopkings විශ්ව විද්යාලයේ මහාචාර්ය ස්ටීව් හැන්කි සඳහන් කරපු Currency Board එකක් හැකි ඉක්මනින් අවශ්ය වෙන්නේ. එතකොට මහ බැංකුවට හිතුන හිතුණ විදියට රුපියල් මුද්රණය කරන්න බැරි වෙන නිසා.ඇත්තටම ලංකාව වගේ කුඩා ආර්ථිකයක් පවතින රටකට මහ බැංකු ක්රමය තවත් එක් බරක් පමණි.ශ්රී ලංකාවට වඩා ඉතා ඉහළ ආර්ථිකයක් ඇති සිංගප්පූරුවේ පවතින්නේත් මූල්ය අධිකාරියක්..වර්තමාන මහ බැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් මහතා දක්ෂ නිලධරියෙක් බැවින් එය වළක්වනු ඇතැයි අපි ප්රාර්ථනා කරමු.
මේ තත්ත්වය මත නව අගමැතිවරයා සහන පැකේජයක් ලෙස සහනාධාර ( Subsidies) හා රජයේ වැටුප් ( Salaries and Wages) වැඩි කිරීමට අනවශ්ය ලෙස මුදල් මුද්රණය කළහොත් වාර්ෂික උද්ධමනය 50 % ( ජාතික පාරිභෝගික මිල දර්ශකය - NCPI මත) ඉක්මවා ගොස් පෙට්රල් මිල රු.700 පවා පසු කිරීමට වගේම ගෑස් සිලින්ඩරයක මිල රු.10 000 ට වඩා ඉහළ යාමේ හැකියාවක් පවතී.( මිනිස්සු අමාරුවෙන් තමා ඉන්නේ.ඒ වෙනුවෙන් ඉහළ ආදායම් ලාභීන් මත බදු පැනවීම් හා බදු නොවන ආදායම් වැඩි කරමින්, ප්රාග්ධන වියදම් අඩු කිරීම කරමින් අයවැය හිඟය අඩු කරනවා මිස මුදල් මුද්රණය ස්ථීර විසදුමක් නම් නොවේ.එය ප්රශ්නය තවත් දරුණු වීමක් පමණි.)මේ සියල්ලම වළක්වා ගන්න පුලුවන් නියමිත සාර්ව ආර්ථික ප්රතිපත්ති ගත්තොත් හැබැයි.
දැන් ඔබට තේරෙන්න ඇති අපේ පාලකයින් අපිට කරල තියෙන විපතේ තරම.පුලුවන් තරම් පටි තද කරන් අනවශ්ය වියදම් නවත්වමු.
පණ යදින ආර්ථිකයට පන දෙමු..
දැනටමත් ආතල් එකේ ඉන්න.. කිසි ම අවබෝධයකින් තොරව ජිවිතය ගෙවන ඔබට මෙය කියවා අනාගත අවදානම තරුම් ගත හැකි යැයි සිතමි.
සිහින මාලිගා හදන්න පෙර මහපොලොවේ යතාර්තය තෙරුම් ගනිමු.
Like
Comment
Share
Notes of imaginary

2022-10-12

ඒකානංයකාගේ කවි .

     නර්ස් නෝන පහුකරගන
චිරිස් බිරිස් හඬ නංවන
හර්ස් එකේ බ්රේක් පාර
මෝචරියේ දොර අද්දර...
               සිකුරිටියෙක් ඕනැම නෑ
               සිකුරට ඒ මගේ බොඩිය
               හතරම උස්සලා ගාත
               ට්රොලියෙන් දැම්මා ඇතුලට...
මල් ශාලාවක් කීවට
ගල් හිත් ඇති නරුම රැලක්
සල්ලි වලට බල්ලො මරන
කල්ලියක් වගෙයි
              බාවා මළකඳ මැස්සේ
              නාවා කළකට පස්සේ
              හාවා හමගසා තිබේ
              නෑ ඇඳසිටි ගොමස්කඩේ...
හවුහරණක් නැතිය කිසිත්
පිළිසරණක් නොමැත තවත්
කය නිරුවත් නැත කිසිවක්
උපත විපත නෑ වෙනසක්...
               මූන පුරා වැඩුනු රවුල
               සූරා දැම්මා විගසින්
               පීරන්නට බෑ හිසකෙස්
               හැඩපලු ගෙතිලා...
මල් ලියකම් හැඩ ගන්වා
විල්ලුද අතුරා සැකසූ
සව්සිරි පිරි සයනය මත
මා සැතපෙව්වා.. 
                     දැකුමෙන් කුණුකය නිරුවත්
                     ඇතිවිනි විලිබිය නැවතත් 
                     එක පලුවක් ඇති ඇඳුමක්
                     බලියට එලුවා...
මළ මිනියට කලඑලියක්
කුල ගෙදරට සිරියාවක්
දළ දෙක දෙපසින් තැබුවා
මිනිය නෙමේ,... මෘත දේහය... !
                    සාංසාර දුක පිළිබඳ
                    ශාන්ත හිමියන්ගෙ දෙසුම
                    කාන්තාවො කීපදෙනෙක්
                    අහගන හිටියා...
හාමුදුරුවො බණ කියනව
හමහර අය නිදිකිරනව
මා මරනින්දේ හිටියට
මට පෙනෙනව... මට ඇහෙනව...!
                     සියළු වතාවත් නිමවා
                     පාංශකූලය පිදුවා
                     පාණ්ඩු පැහැයෙන් දිස්වන
                     කුණුකය අද... මෘත දේහය...!
මං කාගෙත් හිතවතාලු....
දැන් තියෙන්නෙ ගිහි කතාලු...!

මේවගෙ වෙලාවට විතරයි බණ පිරිත
බේබදුකමට යටවී ඇත කුලසිරිත
දෑතම තබාගන දේහය මත "මුරුත"
සෑහෙන වෙලාවක් ඔහු කැපුවේ බුරුත...!

කළකට පෙර සිටිය ලෙසට                                          නැගී ඉන්න බෑ
"මළකොට බෙර රිඹටද බොල ?"
මට අහන්න බෑ....!
                   අසා ඉන්න බැරි තරමට
                   මුසා දෙඩුවෙ බොහෝ දෙනෙක්
                   දෙපා දෑත නොසෙල් වන්න
                   මාපටැඟිලි බැඳල මගේ...!
                                                                                                                  ආදාහන මැඳුර වෙතට                                                                                                                                                     හර්ස් එකෙන් මං යනකොට                                                                                                                                                          මා පසුපස එන්නෙ මොටද ?                                                  
රිය පෙරහැර... රිය පෙරහැර... !                                                                                           
මං ආපසු එන්නේ නෑ                                                                                                                                                                                                    ඔබ මා හා යන්නෙත්නෑ...                                                     

ආදාහන ශාලාවේ
කෝ දන්නා කිසිම කෙනෙක් ?
ලෙනකට "දෙන" ඇතුල්කළා
කවුරුත් නෑ මගෙ තනියට...


ඔබේ හිතට දුක් කන්දක්
මා වටේම ගිනි කන්දක් 
පිටතට නොපෙනෙයි
ඇතුලත....!

අහස උසට ච්මිනි දොරින්
ඉහල නගින දුම් රොටුවේ                                           රුව මැවිලා දකින්නෙපා                                                          හිත තැවුලක් රැඳෙන්නෙපා...!

ඉහල නගින දුම් වලාව
සැඩ හිරු රැස් වෙලා ගනී...
මා වෙන්වී යන මොහොතේ
ඔබට දැනේවා සිසිලක්.....!

*** යන්ට අවසරයි...!!!
එකානංයකා...
03/03/2018.                   notes of imaginary

2022-09-28

මටත් පිස්සු.





පිස්සු හැදෙන්නේ නැතිව තියෙයියැ මේ වෙන දේවල් වල හැටියට. ඒක අහගෙන ඉන්න තව එකෙක් කියනවා. මටත් ඒ වගෙයි කියලා. ඔක්කොටම පිස්සුද ? මම ඉන්නේ ගගක් අද්දර. දිය ඇල්ලකුත් තියෙනවා ලස්සන. නිවාඩු දවස් වලට සති අන්තයේ  ජෝඩු ජෝඩු අත්වැල් බැද ගෙන ගගයි ඇල්ලයි බලන්න යනවා. වැඩිහිටියොත් දූදරුවෙත් එක්ක එනවා. ජෝඩු ජෝඩු එන සමහර ජෝඩු වල එල්ලා ගෙන තියෙන බෑග් දිහා බලපුවම කන්න බොන්න දේවල් වලට අමතරව සී.ආර්.පොත් ඒ 4 කොළ මිටිත් පේන්න තියෙනවා.

පසුගිය දවසක මම නිකමට  හිතුවා උපකාරක පන්තියක් වත් ගගේ තියෙනවද කියලා?. මට හම්බු උන උත්තරේ අප්‍රබංශ එකක්. “ අපිට නොයෙක් රෝගාබාධ ඇතිවෙනවා. අපේ මනසත් ඒ වගේම රෝගීවෙනවා . මනසේ ඇතිවන රෝග හඳුන්වන්නේ මානසික රෝග කියලා. සාමාන්‍ය වහරේ පිස්සුව කියලත් හදුන්වනවා. මානසික රෝගයන වචනය ඇසු පමණින්ම අපගේ සිතට දැනෙන්නේ බයක්. ලජ්ජාවක්. මානසික රෝගවලට ගොදුරු වූවන් දෙස බලන්නේ ද අවඥාසහගත ලෙසය. මෙය ඉතා වැරැදියි. ඒ ගොල්ලත් සමාජ ගතව සිටින රෝගින් කොටසක් පමනක් කියන සිතිවිල්ල අපි ඇති කර ගන්න ඕනී.

ඉතින් මේ ගගට එන තරුන ජෝඩු වලට මේ අදහස් ආදේශ කරන්න පුළුවන්ය. මට උත්තර බැන්ද මනුස්සයටත් පිස්සු!.ඒක මට අදාල වෙන්නේ කොහොමද ? ගගේ වතුර සද්දේ හෝ හෝ ගාලා ඇහෙනවා. හෝර්ටන් තැන්නට වැස්සොත් වතුර ගගට එකතු වෙනවා. හොර්ටන් තැන්නට වහිනවා ඇත්ද ? මේ වහින මාස නෙමෙයි.ඔක්කෝම්බර් 10 -15 වෙන කොට නම් මෝසම් වැහි පටන් ගන්නවා. අහස දිහා බලාගෙන බණ්ඩේ උන්නැහේ අනාවැකියක් කිව්වා. ගගත් ඔහේ කම්මැලිකමින් ගලා ගෙන යනවා ඇති.

මගේ උපදේශකයා කතාව දිගටම කරගෙන යනවා. මම ආයෙත් පරන කල්පනාවට වැටුනා.
.
මානසික ‍රෝග සදහා මීට දශක පහකට හයකට පෙර විධිමත් ප්‍රතිකාර තිබුනේ නැහැ. බලි තොවිල් වැනි යාතු කර්ම සමග පාරම්පරික වෛද්‍යකර්ම යොදවා ගත්තා. බටහිර වෛද්‍ය ක්‍රමය අනුගමනය කල අංගොඩ මුල්ලේරියා රෝහල්වලට මානසික රෝගීන් යොමු වුවත් එය ජනප්‍රිය වෛද්‍ය ක්‍රමයක්‍ ලෙස පිලිගෙන තිබුනේ නැහැ. ඒ වගේම අද මෙන් බටහිර ක්‍රමවලත් ක්‍රියාශිලී ඖෂධ වර්ග තිබුනේ නැහැ. එකල කියවුන දේශිය පාරම්පරික වෛද්‍ය ක්‍රමයන්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍.විධිමත් සහ ප්‍රතිපලදායි වෛද්‍යක්‍රමයන් වුනේ නැහැ. දැන් නම් සෑම ජාතික රෝහලකම වාගේ මානසික රෝගීන් සදහා ප්‍රතිකාර කරනවා. අපිට ලගම තියෙන රෝහලේ 18 වාට්ටුව වෙන් වෙලා තියෙන්නේ එවැන්නන්ට.ඒ කාලේ 134 දැන් හැම පැත්තටම වලංතු නැහැ. අර ප්‍රාදේශීය දේශපාලකයන් ගාල් කරන්න පලාත් සභා තියෙනවා වගෙයි කියලා කතාවට හවුල් වුන පුංචා කියනවා.පුංචාටත් පිස්සු. පලාත් සභායි මනෝවෛද්‍ය ඒකකයි එකට යන්නේ කොහොමද?.  

මේ කතාව එවර වෙන්නේ නැහැ. ගග ගලන්නා වගේ.දියඇල්ල ඇද හැලෙන්නා වගේ .

මම ඊයේ කිව්වනේ හෙටත් මේ විකාරේ දොඩවන්න එනවා කියලා. ගග ගැන අහලාත් ඇතිවෙලා ඇති. මම වාඩි වෙලා ඉන්න තැනට ගගට එන පාර මීටර් හාරසියයක් විතර දුරට පේනවා. අතේ එල්ලිලා එන අය කරේ එල්ලිලා එන අය බැරි බර ගානේ කුඩේ උසට උසේ අල්ල ගෙන එන අය  මාව දකින්නේ නැහැ. එත් මට ඒ ගොල්ලන්ගේ  විච්චූරන පේනවා. අනේ අපොයි කියලා අපිට හිතුනත් තරුන උදවියට ගැටවර ගැටවරයින්ට මේ උනුහුම චමත්කාරයක්....

මේවා පිස්සු වැඩ කියලා හිතෙන කාලයක් එනවා. මම පීලි පනිනවා වගේ දැනුනානේ. ඉන්න මම ට්‍රැක් එකට පනිනකම්...වර්තමානය වන විට ශාරීරික රෝග මෙන්ම මානසික රෝග ද වැඩිදියුණුවු ඖෂධීය ප්‍රතිකාර මඟින් හෝ වෙනත් චිකිත්සක ප්‍රතිකාර මඟින් සුවයක් ලබා ගන්න පුළුවන්, නැතිනම් අඩුම තරමේ රෝගය පාලනය කළ හැකි බව වටහා ගෙන තියෙනවා.
මානසික ආබාධවලට ගොදුරු වූ පුද්ගලයින් පිළිබඳව සැලකීමේදී බරපතළ සහ බරපතළ නොවන මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සමස්ත ජනගහනයෙන් සියයට 8 – 10 වගේ ප්‍රමාණයක්.
බරපතළ ගණයේ මානසික රෝගවලට ගොදුරු වී ඇති සංඛ්‍යාව සියයට 2 ක්  විතර වෙනවා. මේ ගනන් හිලව් වෙනස් වෙන්න පුළුවන්.

මේ කාලේ ආතතිය හැමෝටම තියෙනවා. තරුනයින්ට ඇති ආතතිය වේගයක් වෙලා පසුගිය කාලේ ගලා ගියා. සමහරුන්ට ඇතිවු ආතතිය රටෙන් බැහැර වෙලා සමනය කර ගත්තා. තවත්  සමහරුන්ට ඇති ආතතිය ප්‍රවෘත්ති සාකච්චා තියලා සමනය කර ගන්නවා .

අපේ ආතතිය මේ උන්දැලා දවසින් දවස වැඩිකරනවා. ඒක නේ මම කිවේ අපිට පිස්සු කියලා.

කමක් නැහැ අපි බරපතල  විග්‍රහයකට එමු.

මොළය ආශ්‍රීතව ඇතිවන අබාධ මානසික ආබාධ  කියලා කියනවා. එවැනි රෝග ඇතිවීමට ජානමය හේතු,. හදිසි අනතුරු නිසා මොළයට වන හානිහේතුවෙන්න පුළුවන් .බොහෝ දෙනෙක් වෙතින් මානසික ආබාධ මතු වන්නේ වයස අවුරුදු 16 පමණ කාලයේ සිට. එතැන් සිට එම රෝගියා මුළු ජීවිත කාලයම ගෙවන්නේ මානසික ආබාධිත තත්ත්වයෙනි.
කිසියම් රෝගයක් නිසා ආබාධ තත්ත්වයට පත්වී ගෙවීමට සිදුවන කාලය සහ කිසියම් රෝගයක් නිසා අහිමි වන ජීවිත කාලය ප්‍රතිශතයක් ලෙස ගත් විට එම අගය සියයට දොළහයි දශම හයකි. මෙය අනෙක් රෝග හා සසදන විට ඉහළම අගයක්.
මෙය ඉහළ අගයක් වීමට ප්‍රධාන හේතුව වන්නේ මානසික රෝග බහුලව ඇතිවන්නේ නව යොවුන් වියේදී වීම නිසා. එසේම බරපතළ මානසික රෝගීන් සියයට අසූවක්ම දීර්ඝ කාලීනව පීඩා විදිනවා.
එම නිසා මානසික රෝගවලට දීර්ඝ කාලීනව ඖෂධ භාවිතාව අවශ්‍ය වෙනවා.

අප සමාජයේ බහුලව ඇති ප්‍රබල මානසික රෝග සංඛ්‍යාව 3 කි.
1.
භින්නෝන්මාදය,
2.
භාවික උන්මාදය,
3.
විෂාදය.
බිය, කාංසාව, ග්‍රස්ථිය මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම වැනි උග්‍ර නොවන මානසික ආබාධයන්ගෙන් ද බොහෝ දෙනෙක් පීඩා විඳිනවා.

 

මේ අතර අපිට පහල වෙලා ඉන්න දේශපාලිකාවක්ගේ ආර්ථික උපදේශය කංසා වවා ස්වයංපෝෂිත වමු කියලයි. හොදට හිටී නේ.....මුන්ටත් පිස්සු කියලා හිතෙන වාර අනන්තයි.


notes of imaginary