පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Friday, November 18, 2022

කුමට මෙවන් රජයක් ?.


පාසල් ලිපි ද්‍රව්‍ය මිල අහස උසට ඉහල ගොස් ඇත. මෙය දෙමව්පියනට දරා ගත නොහැකිය.සීමිත ආදායම් රටාවක් තුල හිරවී සිටින දෙමව්පියන් ආහාර,ඖෂධ, සහ බැංකු ණය  මාසිකව තුලනය කර ගන්නනේ ඉදිරි මාසයටද හිග ශේෂයක් ඇති කරගෙනය.

ආදායම් අතිරික්තයක් නොමැති සමාජ ස්ථර අතිරේක ව්‍යාපෘති සිහිනයක් බවට පත් කරගෙන ඇති බැවින් එදිනෙදා රැකියාවක් කර මුදල් උපයා ගන්නා කම්කරු  ,ගොඩනැගිලි ඉදිකිරීම් කේෂත්‍රයේ ,වැනි රැකියා කරන අයට අද රැකියා නැත.

අවුරුද්ද එවර වෙමින් අළුත් පාසල් වාරයක් ආරම්භ වෙමින් ඇත. පාසල් යන වයසේ දූ දරුවන් ඇති දෙමව්පියන් අනිවාර්යෙන්ම පාසල් ලිපි ද්‍රව්‍ය සදහා මුදල් වැය කල යුතුය. වැය කිරීමට අයක් නැති බාවින් දෙමව්පියන් අසරන තත්වයකට පත්වී ඇති බව රහසක් විය නොහැකිය.

ආණ්ඩුවේ මුදල් අමාත්‍යාංශයට අවබෝධයක් නැද්ද ?. අධ්‍යාපන අමාත්‍යාංශයට අධ්‍යාපන අමාත්‍යවරයාට මේ ගැන සංවේදිත බවක් නැද්ද ?.

පාසල් ලිපි ද්‍රව්‍ය . සහ උපකරරන සදහා පමනක් සෙස් බද්ද අඩුකිරීමට නුවනක් නොමැති නම් කුමට මෙවන් රජයක් ? .......



notes of imaginary

2 comments:

Anonymous said...

ඕක ඉතිං ආණ්ඩුවෙන්ඉ ඉල්ලන් නැතුව ඉල්ල ගන්නවා අරගල කාරයොන්ට කියලා

Anonymous said...

ලංකාවේ අධික බදු බර ඇරඹුණේ පහුගිය යහපාලන රජය සමයේ 2016 IMF program එක සමග 2017 සහ 18 පමණ වන විට ලංකාවේ තත්ත්වය ඉතා නරක අතට හැරී තිබිණි මේ නිසා ජනතාව එවකට පැවති විපක්ෂය දෙසට යොමු වූ අතර ආණ්ඩුව විසින් ජාතිවාදී කෝලාහල සහ පසුව ඇතිවූ ත්‍රස්ත ක්‍රියාවන් නිසා ජන අවධානයට වෙනතක යොමු කරන්න උත්සාහ කළා.

පසුව ආපු නන්දසේන රජයටත් හරි හමන් සැලසුමක් නැතිවුණු අතර ඔවුන් බදු අඩු කරලා ඒ වෙනුවට මුදල් අච්චු ගසමින් වසර එක හමාරක් විතර ආර්ථික අර්බුදය තාවකාලික වශයෙන් මහජන අර්බුදය යටපත් කරගෙන ජනතාවට වසන් කිරීමට කටයුතු කරමින් හිටියත් රබර් බෝලයක් වතුර යටින් එනවා වගේ මුළුමණින්ම ඔවුනුත් විනාශ කරමින් අර්බුදය පුපුරා ගිය අතර අරගලය හරහා බලවත් විදෙස් රටවල ගෝලීය සැලසුම් අනුව නැවත රනිල්ට බලය ලබා දුන්නා. නැවත වරක් පරණ දේවල් සිදුවෙනවා. ජනතාවට විකල්පයක් නෑ මොනවා හරි කරලා සල්ලි හම්බ කරන්න වෙන්නේ වෙන කරන්න කිසිම දෙයක් නෑ.