සාරිය ........මේ දවස්වල කතා බහට මාතෘකා වුන
දෙයක්. ස්ටාලින් ගුරු සංගම් වෙනුවෙන් තදින්ම පෙනී හිටිනවා. ගුරුතුමියන්ගේ ඇදුම
වෙනුවෙන්.
සාරියට අපේ රටේ ප්‍රධාන මෝස්තර දෙකකි. වෙනත් ප්‍රබේදද
ඇතිවි තිබේ. ඒ අදින පිලිවෙලට මෝස්තර එකතු වීමෙනි. කැන්ඩියන් අදින ඇත්තියන් මෙන්ම
ඉන්දීය මෝස්තරයට සාරිය අදින ඇත්තියන්ද අප අතර සිටි.
සාරිය අපේ නොවේ. ඉන්දියාවෙන් මෙරටට ප්‍රචලිතවු
කාන්තා ඇදුමකි. වහරේද ඉන්ඩියන් අදිනවද ? කැන්ඩියන් අදිනවද යන්න භාවිතය වේ.
ශ්‍රී ලංකාව තුල සාරි වඩාත් ප්‍රචලිත
වන්නේ මහනුවර රාජධානි සමයේයි .එයට හේතුව එම අවදිය ලංකාවට දකුණු ඉන්දීය බලපෑම් වැඩි
වශයෙන් ලැබුන යුගයකි.ඉන්දීය සංස්කෘතියේ ආභාෂය හේතුවෙන් ලංකාව තුල සාරිය වඩාත් ප්‍රචලිත
වන්නට ඇතැයි ඉතිහාසඥයන් විශ්වාස කරයි.කෙසේ වෙතත් අතීත යේ ශ්‍රි ලංකාව තුල කුල හීන
කාන්තාවන්ට සාරිය හා ඔසරිය ඇඳීම තහනම් විය.එකල පැවති වැඩවසම් සමාජ ක්‍රමය බිඳ වැටීමත් සමග සෑම
ලංකික කාන්තාවකටම සාරි හා ඹසරිය අඳීමට අවස්ථාව සැළසින.වර්ථමානය තුල පවා සාරිය
ගෞරවාන්විත ඇඳුමක් ලෙස සළකනු ලැබේ. කාරයාලීය සහ .ගුරුවෘත්තියේ යෙදෙන කාන්තාවන්
වැඩි වශයෙන් භාවිත කරන්නේ සාරියයි.
සාරියට
සහ ඔසරියට ( කැන්ඩියන්) කාන්තාවෝ සිරියාවත්ව පෙනේ. මනස ඇතුලත සිතිවිලි කෙසේ වෙතත්
යම්කිසි ශාන්ත බවක් ගාම්භිර බවක් සාරිය ඇන්ද කාන්තාවන්ගෙන් දක්නට ලැබේ. ඇදලා ඔසරිය නෙරිය තියලා - කොන්ඩේ
මල් ගවසලා පාසල වෙත යන ගුරුතුමියක් සුනිල් ශාන්තයන් දකින්න ඇත්තේද මේ නිසා විය
හැකියි.
ස්ටාලින්ට
අවශ්‍ය වන්නේ යුරෝපීය පන්නයේ ඇදුමැති විප්ලවකාරීයක විය හැකියි. අපට ඉන්දීය පන්නයේ ගුරුමවක්
සිටීම භාග්‍යයවත්වේ.අපි ආසියාතිකයෝ වන බව අපට අමතක කල නොහේ.
2 comments:
සාරිය සහ ඔසරියේ වෙනස කුමක්ද ?
අර ඔෆිස් කිට් වගේ එකක් ගුරුවරුන්ට අඳින්න දුන්න නම් ඉවරනේ. ක්‍රීඩාභාර ගුරුතුමියත් සාරිය ඇඳන් තමයි ළමයින්ට පුහුණු කරන්න... යන්නෙ. හැමෝගෙම අදහස් අරං පහසු, වෘත්තීය ගරුත්වය රැකෙන ඇඳුමක් නිර්දේශ කරගත්තනම් වැඩේ අහවරයි.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.