Tuesday, June 12, 2012
සෙනසුරුටත් බට කොළ
අද ජුනි 12 වෙනිදා.
ආදරණිය සුදු,
ඉතින් කොහොමද පහු ගිය සතිය ?.
එයා මට කියනවා , බැරිවෙන
කාලෙට තමයි හොද කාලේ එන්න ඕනි. එතකොටයි ජීවිතයෙන් කොන් වෙන් නේ නැතිව
තනිවෙන් නේත් නැතිව ජීවිතය යහපත්
විදියට විදින්න පුළුවන් වෙන් නේ කියලා. මිත්‍රයා උදාහරණ ගේන් න පටන් ගත්තා “ ගෝල්ඩන් කී “ සභාපතිට වෙලා තියෙන
දේත් වැඩි පොලී ගන්න ආයෝජනය කරපු ගණුදෙනු කාරයින්ට වෙලා තියෙන දේත් පෙන්නල.
ජනාධිපතිවරණයට කලින් සිළුමිණ පත්‍රයට අනාවැකි ලියන ජොතිශවේදියෙක්
සරත් පොන්‍සේකා මහතා ගැන අනාවැකි පල කර තිබුනා. සරත් පොන්‍සේකා මහතාගේ ඉදිරි
කාලය අයහත් බවත් ඔහුට අසීරු කාලයක් පහු කරන්නටත් සිදුවන බවත් කියා තිබුනා.
ලොකු
Monday, June 11, 2012
Tuesday, June 05, 2012
දියණියනි , ජූනි මස 5 වැනිදා
2012 ජූනි මස 5 වැනිදා
ආදරණිය සුදු,
මගේ 31 දා ලිපිය කියෙව්ව හැටියෙම වගේ සුදු මට කතා
කලා. මට හරි සතුටුයි මගේ සමහර අදහස් වලට සුදු එකග වුනාම.
මම එදා කේන්දර ගැලපිම් ගැන අදහසක් පල කලා. මේවා පිලිබදව
මගේ නම් අදහසක් නැහැ. ඒ මට මේ පිළිබදව සාස්ත්‍රීය
අවබෝධයක් නැති නිසයි.
කේන්දරය සකස් කරන් නේ උපන්
දිනය මුල් කරගෙන. විවාහ ගැලපිම් සදහා ජොතිශාස්ත්‍රාඥයෝ උපයෝගි කරගන්නා
දත්තයන් තියනවා. මේවා හදුන්වන්නේ පොරොන්දම් කියලා. පොරොන්දම් විස්සකින් සමන්විතයි. බොහෝ ජොතිශාස්ත්‍රාඥයෝ මේ
පොරොන්දම් විස්ස කේන්දර දෙක හා ආදේශ කර ගැලපීම් බලනවා. ඒවා සුබ,අසුබ මධ්‍යස්ථ ලෙස වර්ග කර සුබ පල සියයට
පනහකට වඩා වැඩි නම් විවාහයට සුදුසුයි කියා තීරණය කරනවා.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාම එක නැකතකින් උපන්නානම් , රෙහෙන අද පුස ...............ආදී නැකැත් කණ්ඩායම් තුනකට බෙදා සුබ ,අසුබ , මධ්‍යම ලෙස
කාණ්ඩ කර විවාහයට සුසුදුසුද නුසුදුසු ද යන්න තීරණය
කරන ක්‍රමවේදයකුත් තියෙනවා.
මෙම ක්‍රමවේදයන් අසාස්ත්‍රීයයි කියලයි මට හිතෙන්නේ.
එහෙනම් ලොකුට සමාජය අදුරා ගෙන විවාහයට කෙනෙක් තෝරා ගන්නා එක
සුදුසුයි කියන මතවාදය අනුමත කරන්න වෙනවා නේද ?. සුදු මගෙන් ප්‍රශ්නයක් අහයි.
අපිට ගැටුම් අවම කර ගතහැකි ක්‍රමවේදයක් සකස් කරගත යුතුයි කියලයි මට හිතෙන්නේ.වැඩිහිටියෝ
කියලා අපි මුලින්ම හදුන්වන්නේ අම්මයි තාත්තයි නේ ?. කවුරු හරි විවාහය සදහා තෝරා
ගන්නා කෙනෙක් හමුවුනොත් මුලින්ම එයා අම්මටයි තාත්තටයි හදුන්වලා දුන්නෝත් එයාලට
පුළුවන්වේවි නේද හොද නරක යෝජනා කරන්න. එතකොට වෙන බලපෑම් අඩුයි. අවදානමත් අඩුයි. අම්මයි
තාත්තයි ගැලපෙයි කියලා හිතන්නේ කොයි වගේ කෙනෙක්ද කියලා කලින් හිතන්න වෙනවා. ඒ
අනුවයි තමන් සැලසුම් සකස් කර ගන්න ඕනී.
වැඩිහිටියන්ගේ සම්ප්‍රදායික නිර්ණායකයන් කිහිපයක්
තියෙනවා. සමහර නිර්ණායක වල දැන් කාලේ වලංගු භාවයක් නැහැ කියලා මට හිතෙනවා. කුලය
කියන එක වැඩ වසම් යුගයේ ඇතිවු දෙයක්.ගොවිතැන් කල ඇත්තන්ගේ පරපුර ගොවිකුල ලෙසයි
හැදුන්වුයේ. රජ වාසලට සේවය කලෝ රදළ වුවා. මේ වගේ එක් එක් වෘත්තීන් අනුව වර්ග කලා.
අද මේ තත්වය වෙනස්. වෛද්‍ය,ඉංජිනේරු, ...................ආදී වෘත්තින්අනුව වර්ග කලොත් එවැනි නව පරපුරක් ඇතිවේවි.මෙතෙන්දී මට
නම් යෝජනා කරන්න වෙන්නේ තමන්ගේ වෘත්තීයට තමන්ගේ සමාජ පරිසරයට ගැලපෙන කෙනෙක් තෝරා
ගත්තොත්, පවුල් ජීවිතයේ ගැටුම් අඩු බවයි.
ඉතින් අදට නතරවෙන්නයි මගේ අදහස. ආයෙත් දවසක මම ලියන්නම්
තෙරුවන් සරනයි.
ආදරණිය ලොකු
Subscribe to:
Posts (Atom)