පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

බෙලිහුල්ඔයට එන්න පාර කියන්න

 



බෙලිහුල්ඔය සුව පහසු දේශගුණික පරිසරයක ඇති ප්‍රදේශයක් . ඒ නිසාම සති අන්ත ,නිවාඩු දිනයන් ගත කරන්න එන පිරිස බොහොමයක්  දෙනා බෙලිහුල්ඔය තෝරා ගන්න කැමතියි

මේ ලිපිය ලියන මේ අවස්ථාවේ පරිසර උෂ්නත්වය සෙල්සියස් අංශක 20 යි. මෙය 18 -22 අතර විචල්‍ය වෙනවා.

ඉතින්  නිවාඩුවේ ගත කරන්න හොද දේශගුණයක් තියෙනවා කියලා හිතා ගන්න පුළුවන්නේ.

මට මාස දෙක තුනකට වරක් හමුවන ව්‍යාපාරිකයෙක් ඉන්නවා. එයා පදිංචි බස්නාහිර පලාතේ. බෙලිහුල්ඔයට විත් නවාතැන් ගෙන දින දෙක තුනක් ඉද ආපහු යන . ඔහු නවාතැන් ගන්න එක් නවාතැනක් තෝරා ගෙන තියෙනවා. ඔහු එන්නේ තනියම. මම දවසක ඇහුවා මොකද මේ ගමනෙන් බලාපොරොත්තුවෙන්නේ කියලා

“මිස්ටර් මම එන්නේ නිදා ගන්න. මෙහේ නිස්කලන්කව නින්ද යනවා. ඇගට තියෙන්නේ ප්‍ර බෝධයක් . “ එයාගේ අදහස.

එයා බෙලිහුල්ඔයට එන්නේ REFRESH වෙන්න.

මම අළුතින් මේ පිටුව එක් කරන්නේ බෙලිහුල්ඔයට ආවොත් දවස ගෙවන්න යන්න එන්න පුළුවන් ටිකකුත් යන්න එන්න මාර්ග විස්තරයක් කරන්න.

මේ ප්‍රධාන දිසා වලින් බෙලිහුල්ඔයට එන්න හැනි වන අන්දම.

කොළඹ සිට A4 මාර්ගයේ බෙලිහුල්ඔයට කිමි 167 යි. පොදු වාහනයක්  ( බස් රථයක් ) භාවිතා කරනවා නම් මාර්ග අංක 99 කොළඹ - බදුල්ල බස් රථයක පැමිණිය හැකියි. 

කොළඹ සිට B 240-B285 - A8  - A4 මාර්ග ඔස්සේ දුර කි.මි. 142 පෞද්ගලික වාහනයක් භාවිතා කළයුතුවේ. 

පානදුර මාර්ගයේ මාර්ග අංක 64 බස් රථ කිහිපයක් තියෙනවා. නැත්නම් රත්නපුරයට විත් මාර්ග අංක 99 කොළඹ - බදුල්ල බස්රථයකට මාරුවෙන්න සිදු වෙනවා.

පානදුර මාර්ගයේ පානදුර සිට A8 -  A4 භාවිතා වෙනවා.

ගාල්ල දෙසින් පැමිනෙන්නේ නම්    E1 හයිවේ එකෙන් ඇඹිලිපිටියට පැමින - රත්නපුර  රථයකින් පැල්මඩුල්ලට ආ යුතුයි. එතන සිට කොළඹ - බදුල්ල බස් රථයකින් බෙලිහුල්ඔයට ලගා විය හැකිය.

පෞද්ගලික  වාහානයක පැමිනෙන්නේ නම් ඇඹිලිපිටියෙන් - පල්ලේබැද්ද - වැලිගෙපොල - බලන්ගොඩට පැමින A4 මාර්ගය ඔස්සේ බෙලිහුල්ඔයට පැමිණිය හැකියි.E 01 - A18 -B124-B223 - A4 -  කිමි.177 කි.

No comments: