Saturday, July 12, 2025

සිංහල රාජ්‍ය භාෂාව


ලියන්නේ අනුරාධ කලුආරච්චි.

"ලංකාවේ තියෙන ලොකුම මිත්‍යා මතයක්.
මේ බුවාලා හිතන් ඉන්නේ 1956 ට කළින් හැමෝම ඉංග්‍රීසි කතා කළා, ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්තා.
බණ්ඩාරනායක ඇවිත් 'නෑ තමුසෙලා අද ඉදන් සිංහල කතා කරනවා. ඉංග්‍රීසි අපේ' කියලා සිංහල රාජ්‍ය භාෂාව කළා කියලා.
1950 වෙනකම් ලංකාවේ ඉංග්‍රීසි කතා කළේ පවුල් අටයි. (පහතරට මුදලි පේරුව)
ඒ පවුල් අටේ දූලා පූතාලා උන්ගේ ඥාතියො මිතුරො තමයි රටේ රාජ්‍ය පාලනය කළේ. පොලීසියේ හිටියේ. නඩුකාරයො වුණේ. සිවිල් සේවයේ හිටියේ. පෙරකදෝරුවො වුණේ. මහ ඒජන්ත ලා වුණේ.
උන් ලංකාවේ ටිකක් ඉගෙන ගෙන ඉතිරි ටික එංගලන්තේ ගිහින් ඉගෙන ගත්තා.
රටේ නඩු ඇහුවේ ඉංග්‍රීසියෙන්. ඇප්ලිකේෂන් සියල්ල ඉංග්‍රීසියෙන්.
හැබැයි රටේ මිනිස්සුන්ට ඉංග්‍රීසි බැහැ.
ඒක අවුලක් වුනෙත් නෑ. මිනිස්සු ගම් වල හේන් වලට කුඹුරු වලට වෙලා වහල්ලු වගේ හිටියා.
උන්ගේ ළමයි සිවිල් සේවයට යන්න යෑ. පාර්ලිමේන්තුවට යන්න යෑ. නඩුකාරවරු වෙන්න යෑ. මහ ඒජන්ත වෙන්න යෑ.
උන්ගේ ළමයින්ගෙන් 1% ක් විතර පිරිවෙනින් සිංහල අකුරු ඉගෙන ගත්තා. හැබැයි ඉංග්‍රීසි කියන්නේ පවුල් අටේ භාෂාව.
පාස්පෝර්ට් තිබුණේ ඒ පවුල් අටට. කොලීජි තිබුණේ ඒ පවුල් අටට. බිස්නස් කළේ ඒ පවුල් අට. පාර්ලිමේන්තුවේ හිටියෙත් උන්.

බණ්ඩාරනායක සිංහල රාජ්‍ය භාෂාව කළේ මෙන්න මේ ආධිපත්‍ය කඩන්න.
බණ්ඩාරනායකගේ තීරණයෙන් පස්සේ සිංහලෙන් නඩු ඇහුවා. සිංහලෙන් විභාග පැවැත්තුවා. සිංහලෙන් ඇප්ලිකේෂන් පිරවුණා.
අවසානයේ නිදහස් අධ්‍යාපනය ලබා දුන්නම සිංහල කතා කරන, ලියන අර හේන් වල ඉඳපු උන්ටත් සිවිල් සේවය, උසාවිය, පොලීසිය විවෘත වුණා.
පවුල් අටේ බූදලය රටටම විවෘත වුණා.
ගොවිගම, කරාව, සලාව, දුරාව උන් සිංහල අකුරු පුලුවන් උනුත් දිසාපති ලා, මහ ඒජන්තලා වුණා.
අර පවුල් අටේ නෂ්ටාවශේෂ අදටත් බණ්ඩාරනායකට බනිනවා.
ඒ 'ලෝ ක්ලාස් බගර්ස්ලට' ලොකු පුටු ඕපන් කළා කියලා. උන්ට අනුව රටට කෙලවීමට හේතුව ඒක.
හැබැයි බණ්ඩාරනායක නිසා දිසාපතිලා, දොස්තර ලා, ඉංජිනේරුවො, නඩුකාරයො, පෙරකදෝරුවො වෙච්ච උන්ගේ ළමයි තමන්ගේ තාත්තාලාගේ පසුබිමින් ඇවිත් බණ්ඩාරනායකට බැනීම තමයි මට තේරුම් ගන්න බැරි.
බණ්ඩාරනායක ඒ තීරණය නොගන්නට අදටත් උන් හේන් වල!

මම මුණු පොතෙන් එකතු කරගත්ත මේ වියමනට ලැබුන ප්‍රතිචාර බොහෝයි. සමහර ප්‍රතිචාර රාමුවෙන් එලියට පැනලා වර්තමාන මැති ඇමතිවරු ඉලක්ක වෙලා තිබුනා. 

ඒවා අපිට වැඩක් නැහැ.  

සරත් ප්‍රේමරත්න

---------------ඒක නොදන්න කමට කියපු මහ බොරු කතාවක්. ගමේ ගොඩේ පොඩි පවුල්වල මිනිස්සු හිටියා ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. පිංදෙනිය කියන්නේ හද්දද පිරිසර ස්කෝලයක්. බඹරගල කියන්නේ ඒ පැත්තෙ තියෙන අමු පිටිසර ගමක් ඒ කාලේ. මම කියන්නේ පනස් හයට ඉස්සෙල්ලා කාලෙ තමයි. ඒ ගමේ හිටියා අර ඉස්කෝලෙට අටේ පන්තිය දක්වා ගිය හද්ද ගොඩේ මිනිස්සු ඉංග්‍රීසි හොදින් කතා කරන්න පුළුවන්. අපේ නෑ කෙනෙක් හිටියා. එයා කරන්නේ රස්සාව කොන්දෝත්තර කම. අපි පුංචි කාලේ එය අපේ ගෙදර තිබුන පරණ ඉංග්‍රීසි කතන්දර පොත් කියවලා සිංහලෙන් කතන්දරේ කියා දෙනවා අපිට. මේ කතාව ඇත්තද බොරුද කියලා ඒ කාලේ මිනිස්සුන්ගේන් පොඩ්ඩක් අහල බලන්න. මේ කියපු අයගේ නං ගං එක්කල විස්තර මට තාම මතකයි.
----------------
ප්‍රඥාරත්න බංඩාර
1956 ට පෙර තැපැල් කාර්යාල,රාජ්‍ය ආයතන ආදි,ස්ථාන අසල කෙනෙක් බලාගෙන හිටියා ඉංගිරිසියෙන් ලිපිනයක් ලියාදෙන්න,පෝරමයක් පුරවා දෙන්න. ගාස්තුවක් අයකලා.අපේ පළාතේ සිටි වෛද්‍යවරුන්,නීතිඥයන්,මිනින්දෝරුවන් ආදීන්ගෙන් 99% ක්ම යාපනයේ දමිළ අයයි. කන්නන්ගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනය හා මධ්‍ය මහා විද්‍යාල සංකල්පය මත මේතත්වය තරමක් සමහන්වුනා.ඛණ්ඩාරනායක මැතිතුමා රාජ්‍ය භාෂාව සිංහල කිරීමෙන්පසු අධ්‍යාපනයේ විශාල පිබිදීමක් ඇතිවුනා.ගම්බදව මහා විද්‍යාල ඇති
කලා විදෝදය., විද්‍යාලංකාර ,විශ්වවිද්‍යාල ඇතිකලා. ඉංග්‍රීසි භාෂාවට කිසිම තහනමක් කලේ නැහැ.ඉංග්‍රීසි මාධ්‍ය පාසැල් පෙරලෙසම පැවතුනා.උසස් අධ්‍යාපනය අහිමිවීසිටි ගම්බද දරැවනට උසස් අධ්‍යාපනයට මංපෙත් හෙලිවුනා.අද උසස් යැයි සම්මත රැකියාවන්වල නියුතු අයෙක් නැති ගමක් තියෙනවාද?මෙය පාලන තන්ත්‍රයේ ඉහළටම ඛලපා නැද්ද?
-------------------
ශ්‍රීයා ගැටනේවත්ත.
එහෙමම කියන්න බෑ . ලංකාවේ පරනම ගමේ ස්කෝලෙක හයට විතර ගිය අපේ පියාට ඉංග්‍රීසි දැනුමක් තිබුනා. ඒත් වැඩි පිරිසකට අධ්‍යාපන අවස්ථ ලැබුනේ නම් පනශයේ පෙරලියෙන්. එදා පැවති තත්ත්වය අනුව සිංහලය රජ්‍ය භාසාව නොකලානම් අද වෙනකොට සිංහලයක් නෑ. ලංකාවේ බිහිවුන බොහෝ උගත් බුද්ධිමතුන් ඉන්නවා ගමේ පාසලෙන් සිංහලෙන් ඉගෙන ඉදිරියට ගිය. වරද පුද්ගලයාගේ මිස ක්‍රමයේ නොවෙයි.

--------------------
නාලක කටුපිටිය.

සිංහලකම දෝරෙගලපු නිසා තමයි එකිනෙකා මරාගන්න මිලේච්ඡ ජාතියක් රටට දායාදකලේ. 
අපේ ගමත් හිටිය ගොවිතැන් කරන අහිංසක මනුස්සයෙක් ඒ මනුස්සයත් ඉංග්‍රීසි භාෂාව යන්නත් හෝ දැනගනහිටිය. ඒත් 1965 70 වනවිට ඉංග්‍රීසි භාෂා ව පැවතුනේ නගරයේ මිෂනාරි පාසල්වල පමනයි.ඒත් ඉහල වත්කම් සහිත අය පාසල්වලට දරුවන් යොමුකර ඒ අධ්‍යාපන ය ලබාදුන්නත් සිංහල පාසල්වල දරුවන්ට ඒ අවශ්තාවෙ නැතිවුනා. නමුත් දෙමල පාසල්වල දරුවන්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදුන් හෙයින් ඒ බොහෝදෙනා විදෙස්ගතවත් දේශීයවත් උසස් රුකියාවලට යොමුවුනා. නමුත් සිංහල අයට උසස්ම රුකියාව ලෙස යාමට හැකිවූයේ දිසාපති තනතුරට පමනයි.


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon