Sunday, July 20, 2025

ශ්‍රී ලංකාවේ හතර කොන .


මේ පාඩම් අපි ඉගනගත්තේ සමාජ අධ්‍යනයට ඉස්කෝලේ දි එනම් අපේ රටේ දිගින් වැඩිම ස්ථානය ලෙස සැලකෙන්නේ දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා කියලා එතකොට පළලින් වැඩිම තැන් දෙක සැලකෙන්නේ කොළඹ කොටුවේ සිට සංගමන් කන්ද තුඩුව තෙක් කියලා
වෙනත් රටක නම් ඔය සීමාව කන්දක්, ගඟක් එහම නැතිනම් ගොඩබිම මායිමක්‌ විය හැකිය. ඒත් ලංකාවේ අපිට නම් මේ හතර කොනම මනරම් වෙරළබඩ පරිසරයක් දක්නට පුළුවන් ය
දෙවුන්දර තුඩුව
පේදුරු තුඩුව
සංගමන් කන්ද
කොළඹ කොටුව

 

දෙවුන්දර තුඩුව 

දෙවිනුවර හෝ දෙවුන්දර ලෙසද හැඳින්වේ, එය ශ්‍රී ලංකාවේ දකුණු කෙළවරේ පිහිටි ජනාවාසයකි. එහි ප්‍රදීපාගාරය වන දෙවුන්දර හෙඩ් ප්‍රදීපාගාරය සඳහා ප්‍රසිද්ධය, එය ශ්‍රී ලංකාවේ උසම සහ අග්නිදිග ආසියාවේ උසම එකක් වේ. මෙම ප්‍රදේශය හින්දු සිද්ධස්ථාන සහ බෞද්ධ විහාරස්ථානයක් සමඟ ඓතිහාසික හා ආගමික වැදගත්කමක් දරයි.
දෙවුන්දර ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ මාතර නගරයට ආසන්නව පිහිටා ඇත.
දෙවුන්දර ප්‍රධාන ප්‍රදීපාගාරය:
එය 1890 දී ඉදිකරන ලද අතර එය මීටර් 49 (අඩි 161) ක් උසයි.දෙවිනුවර තුඩුවේ තිබෙන ප්‍රදීපාගාරය ලංකාවේ උසම ප්‍රදීපාගාරයයි.
ඓතිහාසික හා ආගමික වැදගත්කම:
දෙවුන්දර කලක් සමෘද්ධිමත් වරාය නගරයක් සහ පූජනීය ස්ථානයක් විය. එය තේනවරම් විහාරස්ථානයේ නටබුන්, සැලකිය යුතු හින්දු සිද්ධස්ථානයක් සහ බෞද්ධ විහාරස්ථානයක් (විහාරය) සඳහා නිවහන වේ.
දෙවුන්දර යන නම පුරාණ සිංහල නාමය වන
"දෙවුන්දර" සහ දෙමළ නාමය වන "ටෙන් තුරෙයි" සඳහා යුරෝපීය කෙටි යෙදුමකි. සිංහල භාෂාවෙන් "දෙවිනුවර" යන්න "දෙවියන්ගේ නගරය" ලෙස පරිවර්තනය කර ඇති අතර "තෙනවරම්" යන්නෙහි තේරුම "දස දෙනාගේ දේවාලය" යන්නයි.
සංගමන් කන්ද
සංගමන් කන්ද තුඩුව (සංගමන් කන්ද) ශ්‍රී ලංකාවේ නැගෙනහිරම ස්ථානයයි.සමහර ස්ථාන මීටර් 100 ක් පළල වේ. සංගමන් කන්ද ප්‍රදීපාගාරය 1947 දී ඉදිකරන ලද අතර එහි උස අඩි 25 කි. මෙය 2004 සුනාමියෙන් විනාශ වූ අතර දැන් ඉතිරිව ඇත්තේ ප්‍රදීපාගාරයේ අඩි 15 ක් පමණි.
කොළඹ කොටුව පැරණි ප්‍රදීපාගාරය සහ ඔරලෝසු කණුව ශ්‍රී ලංකාවේ දැකගත හැකි, ඔරලෝසු සවිකරන ලද එකම ප්‍රදීපාගාරය වේ. ප්‍රදීපාගාරයක් වූවත් එය වර්ථමානය වන විට අක්‍රීය කොට තිබෙන අතර, ඒ වෙනුවට එය ඔරලෝසු කණුවක් ලෙස ප්‍රයෝජනයට ගැනේ. කණුව, කොළඹ කොටුවේ චැතම් වීදිය හා ජනාධිපති මාවත අසල හන්දියෙහි පිහිටුවා ඇත.
කොළඹ කොටුව
ශ්‍රී ලංකාවේ වාණිජ අගනුවර වන කොළඹ නගරයේ, කේන්ද්‍රීය ව්‍යාපාරික ප්‍රදේශය ලෙස කොටුව හැඳින්විය හැක. පෘතුගීසි ජාතිකයන් මුලින්ම මෙහි බලකෙටුව තැනූ අතර පසුව ලන්දේසි සහ ඉංග්‍රීසි ජාතිකයන් විසින්ද මෙම බලකොටුව භාවිතා කරන ලදී.
කොළොම්තොට/ කොළොන්තොට ලෙස අතීතයේදී හැඳින්වුනු මේ ප්‍රදේශයට 16 වන ශත වර්ශයේ මුල් සමයේදී පෘතුගීසීන් මුල්වරට ලංකාද්වීපයට ගොඩබසිනු ලදුව, පසුව ඔවුන්ගේ වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්වු බව සැලකේ. පෘතුගීසීන් විසින් මේ වෙළෙඳ මධ්‍යස්ථානය පසුව ආරක්ෂක මධ්‍යස්ථානයක් හා ‍වරායක් ලෙස සංවර්ධනය කරන ලදී. එසේ සිදුකරන ලද්දේ දිවයින තුලට තම බලය විහිදුවීමට අවශ්‍ය පාලනය කොටුව ප්‍රදේශයට එක් කරගැනීමේ අරමුණිනි. පෘතුගීසීන් විසින් ගොඩනගනු ලැබූ කොටුව 1656 දී ලන්දේසීන් විසින් අත්කරගනු ලදුව තමුන්ගේ වටිනා වෙළෙඳ ද්‍රව්‍ය ආරක්ෂා කරගැනීමට යොදාගන්නා ලදී. කොළඹ, ලන්දේසි පරිපාල‍නයේ ප්‍රමුඛස්ථානයට පත්වීමත් සමඟ මුහුදින් හා රට අභ්‍යන්තරයෙන් ඇතිවිය හැකි තර්ජන වලට මුහුණ දිය හැකි ආකාරයෙන් නගරය පුළුල් හා ශක්තිමත් කරවීමට ලන්දේසීහූ උත්සුක වූහ. පෘතුගීසීන්ගේ ආරක්ෂක බලකොටු හා ඉදිකිරීම් සමහරක් බිඳ හෙලීමට කටයුතු කළ ලන්දේසීන්, අනතුරුව වැවත් මුහුදත් අතර පිහිටි බිමෙහි ස්වාභාවික වාසිය හොඳින් ලබාගත හැකි වන අයුරින් එය යලි ගොඩනංවන ලදී. ආක්‍රමණකාරී ලන්දේසීන්ට එරෙහිව රට අභ්‍යන්තරයෙන් පැනනැගි සිංහල රජවරුන්ගේ සටන් හමුවේ එය කීප විටකම වටලෑමට ලක්වූ විට, ලන්දේසීන් හට කොටුව ඉතා වැදගත් හමුදාමය බලකොටුවක්ම විය.
බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන්ට අයිතිව තිබූ මුහුදුබඩ ප්‍රදේශ අත්පත්කරගැනීමත් සමඟම කොටුව ඔවුන්ගේ පරිපාලන මධ්‍යස්ථානය බවට පත්විය. 1815 දී කන්ද උඩරට ගිවිසුමත් සමඟම කොළඹ මුළු දිවයිනේම අගනගරය ලෙසට නම් කෙරිණි. තවදුරටත් සෘජු හමුදාමය තර්ජනයක් නොපැවති නිසාත්, නගරයේ සංවර්ධනයට බාධාවක් යැයි සැලකූ නිසාත්, 1870 දී කොටුවේ බිත්ති කඩා බිම හෙලන ලදී. ලන්දේසි ගොඩනැගිලිද මෙලෙසම විනාශකර දැමුනු අතර නව ගොඩනැගිලි ඉදි කරවූයේ ප්‍රදේශයට බ්‍රිතාන්‍ය ඌරුවක් එක්වන ආකාරයෙනි.
මෙලෙස බලකොටුවේ ප්‍රාකාර බිත්ති පවා බිඳ දැමුවද තවමත් මෙම ප්‍රදේශය කොටුව නමින් හැඳින්වේ. කොටුව ප්‍රදේශයේ ගොඩනැගිලි බොහෝමයක් බ්‍රිතාන්‍ය පරිපාලන ගොඩනැගිලි වශයෙන් පැවතුනි. පාලනය කෙමෙන් ස්වදේශික ශ්‍රී ලාංකීයයන් අතට මාරුවීමේදී ලංකාවේ රාජ්‍ය මන්ත්‍රණ සභාව හා ලංකාවේ ව්‍යවස්ථාදායක සභාව රැස්වූ ගොඩනැගිලි මෙම ප්‍රදේශය තුල පැවතිණි. කොටුව ප්‍රදේශය ශ්‍රී ලංකා පරිපාලනයේ හදවත වූයේ යම් සේද එය ශ්‍රී ලංකාවේ වාණිජ කටයුතු වලද හදවත විය. රට 1948 දී බ්‍රිතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමත් සමගම රාජ්‍ය ආයතන හා පරිපාලන මධ්‍යස්ථාන කොටුව ප්‍රදේශයට කේන්ද්‍රගත වීමක් දක්නට ලැබුණි. කෙසේ නමුදු පසුකාලීනව රාජ්‍ය පරිපාලනය පුළුල් වීමත් සමග කොළඹ නගරයේ තදබදය හේතුවෙන් හා සියළුම රාජ්‍ය ආර්ථික මර්මස්ථාන එකම ප්‍රදේශයක පිහිටු‍වීමේ ආරක්ෂක අවාසිය හේතුවෙන් 1980 දී රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයට විතැන් කිරීමට පටන් ගැණුනි. මෙය ආරම්භ වූයේ පැරණි රාජ්‍ය මන්ත්‍රණසභා ගොඩනැගිල්ලේ තිබූ පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර නව ගොඩනැගිලි සංකීර්ණයකට රැගෙන යාමත් සමගිනි. මෙසේ ඇරඹුනු රාජ්‍ය අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු කොළඹින් පිටතට ‍ගෙනයෑමේ ව්‍යාපෘතිය කිසිදා සම්පූර්ණ කරගැනීමට නොහැකි වුනු අතර බොහෝමයක් වැදගත් රාජ්‍ය ආයතන අදටත් කොටුව ප්‍රදේශයේ ඉතිරිව පවතී.
පේදුරු තුඩුව
පේදුරු තුඩුව යනු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති නගරයකි. පේදුරු තුඩුව ශ්‍රී ලංකාවේ වඩාත්ම උතුරු කෙලවරයි.
තවත් සරලව සඳහන් කළහොත් ශ්‍රි ලංකාවේ උතුරු කෙලවරයි. දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුවට 432Kmක දුරක් ඇත.
යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි පේදුරු තුඩුව 3Kmක් පුරා දිවෙන අලංකාරය මුහුදු තීරයකින් ද සමන්විත වේ. කපු වගාවට ප්‍රසිද්ධ මෙම ප්‍රදේශය "පේදුරැ '' නැමැති නාවිකයා සොයාගත් නිසා ඔහුගේ නම යොදා ඇත. සෑම තප්පර පහකට වරක් එළිය විහිද වන මෙහි ප්‍රදීපගාරය 1916 දි ඉදිකර ඇත. එහි උස අඩි 105 කි. 
 
අන්තර් ජාලය ඇසුරින් සකස් කරන ලදී.

-- ධම්මක ගුණවර්ධණ

A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon