අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Saturday, July 05, 2025

7/05/2025 03:10:00 pm




කමල් පී අලහකෝන්

විටින් විට මුණු පොතේ පල කරන ලද කවි පන්ති කිහිපයක්.

කමල් පී අලහකෝන්

ඔහු රසගුලාවක්.

පද්‍යයෙන් පල කලත්, ගද්‍යයෙන් පල කලත් ස්වතන්ත්‍ර නිර්මාණයක් වුවත් නැවුම් බවක් ඔහුගේ වියමන් තුල පලවේ.

කලක් මතකයේ රැදෙන සුවදක් ඒවා තුල තිබේ.

ස්තුතියි නිහඩව මීදුමේ පලකරන්නට ඉඩදුන්නාට.

ඔහු පලකල හැටියෙන්ම ඔහුගේ ප්‍රස්ථනාවත් සමගම

ඒ හැටියෙන්ම.



ගල්මන්ගොඩ සිල්වා මහතා හම්බන්කාර ගෑණියකට නුවරදී ලියූ කවියක්

තලයුම් තල මසිරි කිතුලක     කෙඳි සේම
මුණුම් මුක්කුම් ගිරවිගේ         තුඩ සේම
අඩියුම් ඉඩයුම් පෙත්තක         රුව සේම
නානුමි නීනුම් එක්වෙන         සැටි කෝමා

හම්බන්කාර ගැහැණිය

අයියා සෙල්වදොරෙ අහපන්         මේම
අඩුත්ත වීඩුලේ ඉන්නෙමි දැක     දැක ම
පුරුසන් රවු වේලෙකි යන         සැමදාම
නානුම් නීනුම් එක්වෙමුකෝ        හැමදාම

ගුරුගොඩ කනවැන්දුමි පුරුෂයෙක්
ගුරුගොඩ ඔයෙන් එතෙර ගිහින්
හිරයක් කැන්දාගෙන එන්ට එන කල
ඔහුගේ වන පිලිකා දුටු ස්ත්‍රිය ආපසු යන කල කී කවිය.

සද්ද මිණි ගිගිරි කොඩි බැඳ ආ එතනා
සිද්දවුණ දෙයක් නැත ඇවිදින්
බැද්ද තනිය බැහැලා නොයා එතනා
රෙද්ද මගේ දීලා පලයන් එතනට

පිළිතුරු කවිය 

සුද්ද දෙමවුපියෝ දෙන්නා තැනු හින්දා
ඉද්ද අත. වෑයම් කල         හින්දා
බැද්ද කොල ගොතා ඇඳිතක් නැති සන්දා
රෙද්ද නූ⁣ඹේ ඔිනෑනම් කැමති         ඉඳා

දුම්බර කැටේපල දී වහුම්පුර ස්ත්‍රීන් දෙදෙනෙක්
පියදාස සිරිසේන  කවියාට මෙකව කීවේ ලු.

වත.දලි සුගත් පියයුරු රන් තැටිගල්ල
කරවන උදක් දුටුවිට තරුනන් මෙල්ල
තව පැයක් හිටියොත් ඔය කළු කෙල්ල
මම ඉවසීමත් මඳ රද වෙද ඉවසිල්ල

පියදාස සිරිසේන කවියා මේ කවියා කීවාලු

උවනත මලක් තනහස තොල බිඹුව පල්ල
දුටු විට ලඳක් කරවන රා වැඩිවිල්ල
එවිට දවසක් හිටියොත් ඔය කළු කෙල්ල
නැත ඉවසුමක් බඹුන්ටත් අම්මා පල්ල

කටුඅල හාරමින් සිටි කිහිප දෙනෙකු දැක අයෙක් කී කවියක්.

දෙස් විදෙස් ළඳුන් හිමවල වදිතී
දස්කන් ලෙසට දැඩි මුගුරුත් අරං යතී
පස් පත්තෙන් බිඳිති කෙක්කෙන් ගොඩ ගනිති
පස්ස උඩ බලා අඟනෝ අල බිඳිති

එක් කාන්තාවක් පිළිතුරු කවියක් කියුවා. 

ඔට්ටු වෙලා ඔය පද කීවාට
මුට්ටු දෙයක්වත් නැහැ දෙන්නට
තටිටු වෙලා ඉනා පස්ගොඩ ගන්න කොට
කිට්ටු වෙලා ලෝපන් රිඹ බලන කොට

ගමේ දුස්සීල භික්ෂුවක් උගුලක හසුව සිටිනවා දැක උගුල තැනූ තැනැත්තා
උගුල් අදින්නේ හිමයේ ගෝනුන්ට
මිණි ⁣ගෙඩි බඳින්නේ උගුලේ නද දෙන්ට
සිවුරු දරන්නේ සතහට පින් දෙන්ට
සැවොම වරෙවු ගනයව උගුලෙන් ගලවන්ට



 

ඊට උගුලේ උන් භික්ෂූව
පන්සලේ හිටිය ළමයා නැති වෙච්චී
සොයාගන්ට යන කල මට රෑ වෙච්චී
කියා අරින්ටත් රට ගම දුර වෙච්චී
කොටියට ඇටෙවු උගුලේ මා අසු වෙච්චී
උගුලඇටෙවු තැනැත්තා
අකුල යටින් ගොන් ගාලට එන කොටියා
විපුල මල ලෙසට සිවුරක් ඇඳ සිටියා
උගුල නොදැන මහනෙක් ගොස් තැබු     අඩියා
උගුලෙ නටයි දෙමටාවල ගන ගෙඩියා


 ජීවිතයේ එක් දිනක්

0 ප්‍රතිචාර: