දන්නවද අටංගෙඩිය ගැන..
ඇත්තෙන්ම විවාහ මංගල්‍යයක් කියන්නෙම ආගමික,සංස්කෘතිකාංග වලින් පිරුණු මහෝත්සවයක්.අතීත ජන සමාජයේ ඉතිම් අද වාගේ මංගල යෝජනා තීරු තිබුණේ නැහැනේ.අදටත් විවාහයකදී අතරින් පතර මගුල් කපුවෙකුගේ මැදිහත් වීම සිද්ද වුනත්,බොහෝ විට සිද්ද වන්නේ තරුණයා හා තරුණිය එක්ව විවාහයට අවශ්‍ය සියල්ල සංවිධානය කරන එක.ඒත් අතීතයේ විවාහයක දී සාම්ප්‍රදායික අතරමැදියා වුණේ මඟුල් කපුවා. බොහෝ වෙලාවට එදා ජන සමාජයේ විවාහ කටයුත්තක් සිදුවුණේ දෙමාපිය කැමැත්ත මත ඔවුන්ගේ ආශිර්වාදය මැද. අද වාගේ දුටු ඇහැට විවාහවීම තිබුනේම නැති තරම්.
ඔන්න ඔය විදියට අතීතයේ විවාහ මංගල්‍යයක් ඉෂ්ට සිද්ධ කරන්නට මත්තෙන් ඉස්සෙල්ලාම කරන්නේ ගම ගෙදර බලන්න යන එක.
කපු මහත්තයාගේ හෝ සමීපතමයකු ගේ මාර්ගයෙන් යෝජනා ගෙනෙන මනාලිය බලන්න මනාලයා ඔහුගේ මාපියන් ,වැඩිහිටියන්,සමීපතමයන් කිහිපදෙනෙක් එක්කාසු කොට ගෙන මනමාලියගෙ ගේදොර බලන්න පිටත් වෙනවා.ඒ විදියට යන ගමනේ පෙනුම් පෙට්ටියක් රැගෙන යන්න නම් අමතක කරන්නේ නෑ.මොකක්ද එතකොට මේ පෙනුම පෙට්ටිය කියන්නේ
දන්නවද ඒක ඇතුළෙ තියෙන්නේ ඉඹුල් කිරිබත්...
ඉඔුල් කියන්නේ කොට්ට වලටනේ..නිදන කොට්ටෙට හෙම නොවෙයි හොඳද...අර ගස් වල හැදෙන කොට්ට ගෙඩි දන්නවා නේද..අන්න ඒ වගේ හැඩය නිසා තමයි මේවට ඉඹුල් කිරිබත් කියන්නේ.මම හිතනවා හදන විදිහත් ඔයාලා අනිවාර්යෙන්ම දන්නවා ඇති කියලා.මුලින්ම කිරිබතක් උයාගෙන පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට ඒ කිරිබත් ගුලියකට මැදට පොල් පැණි මැදි කරලා තල් කොළයක් අධාරයෙන් අර කීව කොට්ට ගෙඩියක හැඩයට හදාගන්නව.අද කාලෙනම් තල් කොළයක් වෙනුවට ඉටි කොලයක ආධාරයෙනුත් රවුම් කරල හදනවා මම දැකල තියෙනව .
ඔන්න ඉතින් ඔය කියාපු ඉඹුල් කිරිබත් පුරවාපු පෙට්ටියක් අරන් තමයි ගමගෙදර බලන්න මනමාලිගෙ ගෙට ගොඩ වෙන්නෙ.ගෙට ගොඩ වෙනවත් එක්කම මේ පෙන්නුම් පෙට්ටිය එහෙමත් නැත්තම් ඉඹුල් කිරිබත් පෙට්ටිය මනාලියගේ පියා ට තමයි බාර දෙන්නේ.
ඊට පස්සේ ඉතින් ගිය පිරිස ආගිය තොරතුරු හෙම දොඩලා,දවල් කෑමත් සප්පායම් වුනාට පස්සේ ඔන්න ඉතින් මනමාලිය ලස්සනට හැඩ වැඩ කරලා බුලත් හෙප්පුවක් හෙම අතට දීලා මනමාලයාගෙ ඉස්සරහට යවනවා.මනමාලිත් ඉතින් බුලත් හෙප්පුව මනමාලයාගේ අතට දීලා ආචාර සමාචාර කරන්න අමතක කරන්නෙත් නෑ.
ඔන්න ඔය විදිහට ගිය කරුණු කාරණා අහවර උනාට පස්සේ අර මුලින් ගෙනාපු පෙනුම් පෙට්ටිය ආපහු ඔවුන්ටම ලැබෙනවා.ඒක ඇතුලේ ඉතිම් මුලින් දෙනකොට තිබුනේ ඉඹුල් කිරිබත් පුරවලානේ.පෙට්ටිය හිස් වෙලා තිබුනොත් ඔන්න ඒකෙන් කියන්නේ මනමාලියගේ පාර්ශවය මේ මංගල යෝජනාවට කැමැති බවයි..
හැබැයි ඉතින් අර මුලින් තිබ්බ ඉඹුල් කිරිබත් ටික ආපහු දෙද්දීත් එහෙම්මම තිබ්බොත් ඒකෙන් කියන්නේ මනමාලිගෙ පාර්ශවය මීට අකමැති බව...
ඔන්න ඉතින් ඔය විදිහට මංගල යෝජනාවක් සඳහා මනාලයා විසින් මනාලියගේ ගෙදර යනකොට ගෙන යන පෙනුම් පෙට්ටිය එහෙමත් නැතිනම් ඉඹුල් කිරිබත් පෙට්ටියට තමා මේ අටංගෙඩිය කියලා කියන්නේ...

උපුටා ගැනීමකි

ස්තූතියි කතු අයිතිය ට
මුණු පොතට
Priyantha Perera
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment