(Disclaimer: ඉතිහාසය පාසල් විශය මාලාවෙන් අයින් කරල නෑ කියල මම දන්නව. ඒත් මේ වෙලාවෙ යන කථිකාව මේ ගැන අපිට විවිධ අදහස් කතා කරන්න අවස්ථාවක්. මේ අදහස් දැනටම ඇක්ඩමියාවෙ කතා වෙන දේවල් නම් මගේ ඉග්නොරන්ස් එකට කමා කරන්න.)
1. ඉතිහාසය උගන්නන්න ඕන. අනන්‍යතා අර්බුද ගැන අපි කතා කරනව හොඳටම මදි. අපේ මුලු ජීවිතයම ගත වෙන්නෙ මම කවුද කියන ප්‍රශ්නෙට උත්තර හොයන ගමන්. මම කවුද කියන එකේ උත්තරයට අපි කවුද කොහෙන්ද එන්නෙ කියන එක අතිශයින් වැදගත් කොටසක්. ඒක සම්පූර්ණ උත්තරයම නොවුනත් ඒක නැතුව බහුතරයකට මම කවුද කියන එකට උත්තරයක් හොයාගන්න බෑ. අනිත් පැත්තෙන් ඉතිහාසය කියන්නෙ අනාගතයට රෝඩ්මැප් එකක්. ඉතිහාසය දන්න තරමට වර්තමානය තේරුම් ගන්න ලේසියි. අද වෙන ගොඩක් දේවල් අතීතයේ නැවත නැවත සිදු වෙලා තියෙනව. ඉතිහාසය නොදැන වර්තමානයේ ඉඳන් අනාගතයට මුහුණ දෙන එක කිසිම දෙයක් පාඩම් නොකර විභාගයක් ලියනව වගේ.
2. අපි ඉතිහාසය ඉගෙනගන්න විදිය මීට වඩා සෑහෙන්න හොඳට කරන්න පුලුවන්. අපි ඉතිහාසය ඉගෙන ගත්තෙ තනි narrative එකක් විදියට. ඒත් ඉතිහාසය කීයටවත් තනි නැරටිව් එකක් නෙවෙයි. එකම සිදුවීම වාර්තා කරල තියෙන විදි වෙනස්. ඒ සිදුවීම් ගැන එකිනෙකාගෙ Perspectives වෙනස්. ඉතිහාසය ඉගෙන ගන්න ඕන මේ එකම සිදුවීම ගැන different accounts සහ different perspectives ඉගෙන ගැනීමක් ලෙස. එතනදිත් අපි ඉගෙන ගන්නෙ ඉතිහාසය විතරක් නෙවෙයි.
3. දෙවෙනි පොයින්ට් එකේ විදියට ඉතිහාසය ඉගෙන ගන්න දැන් තරම් ලේසි කාලයක් තවත් නෑ. ඒකට හේතුව AI. දැන් හැම AI එකේම ෆ්‍රී වර්ශන් එකක් තියෙනව. අනාගතයේ (ඒ කියන්නෙ හෙට ඉඳන්ම) ළමයි ඉස්කෝලෙ හැම දේටම AI පාවිච්චි කරනව අපි හා කිව්වත් එපා කිව්වත්. ඒත් AI පාසලට intergrate කරන්න හොඳම තැනක් තමයි ඉතිහාසය වගේ විශයන්. ඉතිහාසය කියන්නෙ කරුණු වගේම interpretations. ඒ නිසා AI පාවිච්චි කරන්න එපා කියනව වෙනුවට ටීචර්ස්ලටම කියන්න පුළුවන් ඔයා හෙට එනකොට ඩොනමෝර් ප්‍රතිසංස්කරණ ගැන ක්‍රිටිකල් ඇනලිසිස් එකක් ලියාගෙන එන්න කියල.
අනිවාර්යයෙන් ලමය කරන්නෙ ඔය ප්‍රශ්නෙ අහල උත්තරේ කොපි පේස්ට් කරන් එන එක. ඒත් ඊළඟ ස්ටෙප් එකේ තමා මැජික් එක තියෙන්නෙ. ඊළඟ දවසෙ හෝම් වර්ක් බලනකොට උත්තරේ කියවනව වෙනුවට ලමයගෙන් අහන්න ඕන ඔයාට මේකෙන් තෙරුනේ මොනවද කියල පන්තියට කියන්න කියල. ඔතනදි අනිවාර්යයෙන් එක එක කෙනාගෙ තේරුම් ගැනීම සම්පූර්ණයෙන් වෙනස් වෙනව.
මැත්ස්, සයන්ස් හෝ ලැන්වේජ් වලට වඩා ඉතිහාසය විශය මේ විදියට උගන්නන්න ලේසියි. ටිචර්ස්ලට සෑහෙන්න ක්‍රියේටිව් වෙන්න පුළුවන් මේකෙදි.
(හැමෝටම AI වලට ඇක්සස් නෑ කියන්න එපා දැන්. බහුතරයකට ලේසියෙන් ඇක්සස් හදල දෙන්න පුලුවන්. දැනටත් හැමෝටම අධ්‍යාපනයේ රිසෝසස් වලට ඇක්සස් නෑ. කවදාවත් එහෙම තියෙන්නෙත් නෑ.)
මගෙ පොයින්ට් එක තමා ඉතිහාසය කියන්නෙ ඉස්කෝලෙ උගන්නන්න පුළුවන් වැදගත්ම විෂයක් කියන එක. ඒක "ජීවිතේට" ගණිතය හෝ භාෂාව තරම්ම වැදගත්. නිර්මාණශීලී විදියට ඉගැන්නුවොත් ඉතිහාසය අපි ඉස්කෝලෙන් අපිට උගන්නන වැදගත්ම "life skills" සෙට් එක ඉගෙන ගන්න විෂය වෙන්න පුලුවන්.
A day in the life
1 ප්‍රතිචාර:
https://anogamaya.blogspot.com/2025/07/blog-post_24.html
Post a Comment