ඉතිහාසය ඉගෙනගන්න එක අනිවාර්ය නෑ කියලා අධ්‍යාපන අමත්‍යංශය පාසල් විශය නිර්දේශයෙන් ඉතිහාස විෂය අයින් කරන්න උත්සහ කරනවා.මෙ සඳහා මැදිහත්ව කටයුතු කරන්නෙ අධ්‍යාපන ඇමති වන රටේ අගමැතිනිය වීම මොන තරම් අවාසනාවක්ද ? අගමැතිනියගෙ අරමුණ අපි කවුරුන්ද වග නොදන්න අනාගත ජාතියක් බිහි කිරීමද ?
අපේ දරුවන්ට තමන්ගේම රටේ ඉතිහාසය දැනගන්න අනිවාර්ය නැහැ කියලා කියන එක විකෘති අදහසක්. ජාතියක එකමුතු හැඟීමක්, පුරවැසි වගකීමක්, සංස්කෘතික උරුමය පිළිබඳ අවබෝධයක් ඇතිවෙන්න ඉතිහාසය ඉගෙනීම අත්‍යවශ්‍යයි.
ඒක තේරෙන්න නම්, බලන්න ලෝකයේ දියුණුම රටවල් ඉතිහාසය ගැන කොහොම හිතනවද කියලා.
ඇමරිකාව (USA) – “U.S. History” සහ “World History” උසස් පාසල්වල අනිවාර්යයි.
ඕස්ට්‍රේලියාව – Grade 3–10 දක්වා "History" අනිවාර්ය විෂයයකි.
එංගලන්තය (UK) – 14 වියෙහිදී වුවද, 11 වයස දක්වා ඉතිහාසය අනිවාර්යයි.
ප්‍රංශය – “Histoire-Géographie” ලෙස විෂයය පාසැල් මට්ටමින් අනිවාර්යයි.
කැනඩාව – Grades 1–8 මට්ටමින් History අනිවාර්යයි.
ජර්මනිය – නාසි සමයේ අතීතය තේරුම් ගැනීම අනිවාර්යයෙන් ඉගෙන්නයි.
ජපානය – Japanese History සහ World History පාසල්වල අනිවාර්යයි.
චීනය – Chinese History අනිවාර්යයි, සංස්කෘතික වටිනාකම් සුරැකීමේ අරමුණින්.
අපේ ලංකාවේ තත්වය
Grade 6–11 දක්වා ඉතිහාසය විෂයය අනිවාර්ය කරලා මෙතෙක් තිබ්බෙ.නමුත් උසස් පෙළ (A/L) සඳහා විකල්ප විෂයක්.නව විෂය නිර්දේශ යටතේ ඉතිහාසය අනිවාර්ය නොවිය යුතුය කියන අදහස් යෝජනා වීම තවදුරටත් අනතුරුදායකයි.
ඇමරිකාවේ, ජර්මනියේ, ජපානයේ දරුවන්ට තමන්ගේ අතීතය දැනගන්න අනිවාර්ය කරලා තියෙනවා නම්,අපේ දරුවන්ට එහෙම නොකිරීමෙන් ලැබෙන වාසිය කුමක්ද ?ජාතික අන්නන්‍යතාවක් නැති දරුවෙක් විධිමත් පුරවැසියෙකු වෙන්නෙ නෑ.
ඉතිහාසය අයින් කරලා ලෝකයේ ආතක් පාතක් නැති,අභිමාණයක් නැති,සංස්කෘතියක් නැති අනාගත පරපුරක් ,ජාතියක් ශ්‍රී ලංකාව තුල බිහි කරන්න එපා.
ජාතික අධ්‍යාපන පද්ධතියක් කියන්නේ, රටක් සදාචාරයෙන්, ආදරයෙන්, වගකීම් වලින් ගොඩනංවන්න තියෙන හදවතක්.
ඒ හදවතට පණ දිය හැක්කේ – ඉතිහාසය ඉගෙනීමෙන් පමණයි.
ඔබ රටට ආදරය කරන, අනාගත පරපුරට ආදරය කරන පුරවැසියෙක්නම් අගමැතිනියගෙ මේ විකෘතියට විරුද්ධ වෙන්න..
0 comments:
Post a Comment