අද හිතේ රැදුන කතාවක් තියෙනවා.
මේක පහුගිය දවස් දෙක තුනේ මගේ හිතේ හොල්මන් කර කර තිබුනා.
රබර් බෝ ලයක් වතුරේ ඔබා ගෙන ඉදලා අතහැරියාම ආයේ උඩ එනවා වගේ.
කාට හරි කියලා හිත නිදහස් කර ගන්න කියලා හිතන කොට මතක් වුනේ අපේ ප්‍රදේශයේ තක්ෂිලාවේ දිසාපාමොක් ආචාර්ය තුමා.
පෞද්ගලිකව මේ කතාව එතුමාට කියලා තියෙන නිසා දන්නවා කියලයි මම හිතන්නේ.
තුන් හාරදාහක් ගෝල බාලියන් ඉන්න තක්ෂිලාවේ මේවගේ ගැටලුවක් පස්සෙම පන්නා පන්නා හොයන්න එතුමාට විවේකයක් තියෙන්න බැහැනේ.
අපේ කාලේ හිටපු දිසාපාමොක් ලා වගේ ගුරු පියවරු මව්වරු විශ්‍රාම ගිහින් .
එතුමන්ලා එතුමියන්ලා හොයා ගෙන එන ගෝල බාලියෝ කියන කතා මම එමට අහගෙන ඉදලා තියෙනවා . "අනේ අපිට ඉගන්නුවේ විෂයය කරුණු විතරක් නෙමෙයි. ජීවිතයත් අපිට ඉගැන්නුවා "....ඒ කතා ලඝු කරලා ගත්තම ඉතිරි වෙන්නේ පුංචි පේලි දෙක තුනක සම්පුර්ණ ඒ අයගේ වෘත්තීය භුමිකාවම ලියවෙලා තියෙනවා.
ඒ අමතර කතාවක්.
ඉතින් තක්ෂිලාවේ දරුවෙක් විදේශ භාෂාවක් ඉගන ගන්න කැමතියි. අලුුතින් ආපු ගුරුවරියක් ඒ භාෂාව උගන්වන්න පංතියට එනවා.ගුරුතුමිය අර දරුවට උපදෙස් දෙනවා " පුතේ , ඔයාට මේ විෂයය කරන්න අමාරුයි වෙනත් විෂයයකට මාරුවෙන්න කියලා.දරුවා ඒ උපදෙසට එකග නැහැ. එයා අතිරේක පන්තියකදී ඒ විෂයය පිලිබද දක්ෂතා දක්වනවා.
දෙමව්පියෝ මේ පිලිබදව හොයා බලනවා.
දිසාපාමොක් ආචාර්ය තුමාට දැන් සිද්ධිය මතක් වෙනවා ඇති. සත්භාවයෙන් ගුරුතුමිය කල වර්ගීකරණයක් කියලා පිලිගත් නිසා,
සිද්ධිය සමතයකට පත්වෙනවා.
දැන් දරුවා කැමති විෂයය ඉගන ගන්නවා.
ඒත් දරුවා කියන හැටියට...........ගුරුතුමිය යම් යම් වෙනස් කම් දරුවාට දක්වනවා.
පහුගිය දවසක දරුවාගේ පෙල පොත අතුරුදහන් වෙලා. පන්තියේ සහෝදර දරුවෙක් ගාවා පොත තියෙනවා.ඒත් ඉල්ලුවට දෙන්නේ නැහැ. ඒ දරුවා කියනවා "ටීචර්දෙන්න එපා " කියලා කිව්වා බවක්.
මේවාඇත්ත නැත්ත හොයා බලන්න දිසාපාමොක් ආචාර්ය තුමාට නිතර නිතර පැමිණිලි කරන එක දරුවා තවත් අගතියට පත්වෙන එකයි කියලා දරුවාම තේරුම් අරන් තියෙනවා.දරුවා පෙල පොතක් ඡායා පිටපත් කර ගෙන.
ගැටුමකට නොයන දරුවා විශිෂ්ඨයි කියලා මටත්හිතුනා.
ඔහු විෂයය පිලිබදව අතිරේක පන්තියක ගුරුතුමියක විශ්වාශයට අරගෙන .
සමහරක් ගුරුවරුන්ට විෂයය කරුනු උගන්වන්න පුලුවන් වුනාට දරුවන්ගේ අවශ්‍යතා තේරුම් අරගෙන අධ්‍යාපනය ලබා දෙන්න දක්ෂ නැහැ.
අධ්‍යාපනය පිලිබදව පුලුල් විෂයයක් ලෙස හදාරා නැත්නම් ගුරු භුමිකාව තුල නිසි හැසිරීමක් ඇති කරගන්න බැහැ කියලා මට හිතුනා. මම මේ විෂයය පුලුල් විග්‍රහයක යෙදෙන්න තරම් ප්‍රමාණිකයෙක් නෙමෙයි.
තක්ෂිලාවේ දිසාපාමොක් තුමා මේ සටහන දැක්කොත් ආපහු අධ්‍යාපන මනෝ සංවර්ධනය පිලිබද උපදේශණයක් අදාල ගුරුතුමියට කරයි කියලයි මගේ විශ්වාසය.
දරුවෙක්ගේ අනාගතය විනාශකිරීම මහා පාපකර්මයක්.
Friday, July 11, 2025
දරුවෙක්ගේ අනාගතය
A day in the life
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment