Wednesday, July 16, 2025

ඉවසීම හා සැනසීම



එක්තරා කාලෙක සෙන්ටිනෝ නම් පුද්ගලයෙක් ජීවත්වුනා.ඔහු රස්සාව විදියට කලේ අලෙවිකරණය. නමුත් රස්සා ගණනාවක් නිතර නිතර වෙනස් කරපු හින්දා සෙන්ටිනෝ ගෙ අනාගතය ගැන ඔහුගෙ බිරිඳට බියක් දැනිලා තිබුනා.
" ඔහේ කරන්න හදන දේ ගැන මම නම් දන්නෙ නෑ.ඒත් මෙහෙම ගියොත් අපි ලොකු අමාරුවක වැටෙනවා "
මීනා එහෙම කියද්දි සෙන්ටිනෝ කලේ තමන්ගෙ නිවසේ සාලය එක්ක තියෙන වීදුරු කවුළුවෙන් ඈත බලාගෙන කල්පනා කරපු එක.

 

" පොඩ්ඩක් ඉවසන්න මීනා. අපි ළගදිම ඔය කියන සාර්ථිකත්වයට යනවා"
හැමදාම නිවසේ සාලයේ විශාල වීදුරු කවුළුව දෙස බලාගෙන සිටින සෙන්ටිනෝ එක් රාත්‍රියක හිතාගන්න බැරි සිදුවීමක් දක්කා.ඔහු ඒ ගැන මතකෙන් නින්දට ගියා. පහුවදා උදේ නැගිටිනකොට ඔහුගේ බිරිදව දකින්න ලැබුනෙ නෑ.
" කවුරුත් කියනවද අපේ මීනාව දැක්කද කියලා " මහල් නිවාසෙ හැම කෙනෙක්ම ඔවුන් ඇයව නොදැක්ක බව කිව්‍වා.
" හම් භාගවිට එයා අම්මාව බලන්න යන්න ඇති. කේන්තිය නිවුනාම ආපහු එයි"
ඉතින් නැවතත් සෙන්ටිනෝ පුරුදු විදියට අර කවුළුවෙන් පිටත බලාගෙන හිටියා. ඔන්න ඔය අතරෙ තමා මහ රෑක ඔහු තවත් අපූරු සිදුවීමක් දැක්කෙ. එක්තරා පුද්ගලයෙක් වීදිය දිගේ ඇවිත් එක්වරම දිව යන විට ඔහුගේ අතේ තිබුනු පොදිය අසල තිබුනු කුණු බක්කිය හා බිත්තිය අතර කොටසට දමා දුවනු ඔහු දැක්කා.
" මොනව වෙන්න ඇත්ද "
සෙන්ටිනෝ අලුයම් කාලෙ ඒ අසලට ගිහින් අර රෙදි පොදිය අරගෙන ආවා.ඒක දිගහැරියට පස්සෙ ඔහු දැක්කෙ එහි තිබුනෙ නිල් මැණික් පලඟක්.
" මෙික ගොඩක් වටිනව ඇති...මෙිකෙ අයිතිකාරයා දැන් ගොඩක් දුකින් ඇති කොහොමද මෙික දෙන්නෙ..."
පහුවදා උදෑසන පුවත්පත අතට ගතත සෙන්ටිනෝ සොයාදෙන්න කොලමෙි තබුනු කුඩා ලිපිය දැක්කා.
සොයාදෙන්න
රිචන් බැන්තසාර් සිටු නිවසේ තිබූ මිල කළ නොහැකි නිල් මැණික් පළඟ අතුරුදන්ව ඇත. එය සොයාදෙන කෙනෙකුට සිටුවරයා විසින් එක් සිටු නිවසක් තෑගි කිරීමට තීරණය කර ඇත.
මෙික දැක්ක සෙන්ටිනෝ ගෙ හිත සතුටින් පිරිලා ගියා.ඔහු ඒක කියන්න මීනාගේ නිවසට ඇමතුමක් දුන්නා.
" මීනා ට කතා කරන්න පුළුවන් ද"
ඇගේ මව ඩොරති තමයි ඇමතුමට ආවෙි.
" අපිට ඔහේ වගේ කම්මැලි මනුස්සයෙක් අවශ්‍ය නෑ. මීනා ආය එන්නෙ නෑ "
සෙන්ටිනෝ මීනා⁣ව හමුවෙන්න ගියත් ඇය ඔහු සමඟ කතා කලේ නෑ. කෙසේ වෙතත් හවස ඔහු බැල්තසාර් මන්දිරයට යන්න තීරණය කලා.
" අසිරිමත් ආරංචියක් ඔබ ගෙනාවෙි මම මෙික හොයන්න නගර ගම් දනව් පීරන්න වුනා "
තමන් මහ රාත්‍රියේ මෙය සොරෙකු විස්න් සැඟවූ ආකාරය දුටු බව කී විට රිචන් සිනාසෙන්නට වුනා.
" අගෙයි අගෙයි මහත්මයා" ඔහු නිල්මැණක් පළඟ අතට ගෙන එය දෙස බලා.
" එහෙනම් තව සුළු මොහොතකින් ඔබට මාගේ ත්‍යාගය ලබාදෙනවා. ඒ වගේම ඔබගේ අවංකකම නිසාම අපගේ සිටු නිලයක් ද ගෞරවණීය නාමයක් ලෙස පරිනමනවා.
" ගොඩක් ස්තූතියි සිටුතුමනි "
එවක් පටන් නිකන්ම නිකන් අයෙකු ලෙස පවුලෙන්ම හැදින්වූ සෙන්ටිනෝ රාජකීයෙකු ලෙස ජීවත්වෙන්නට වුනා.එක් දිනක් ඔහු නගර සංචාරයේ යෙදෙන විට පාන් බෙිකරියකින් පාන් එකක් රැගෙන දුවන තැනැත්තියක් අල්ලාගත් බවට කෑගසන හඬක් හා ඇයට පහර දෙන්නට පිරිස් පොරකන හඬක් ඇසුණා.
" අශ්ව කරත්තය නවත්වන්න " ඔහු එයින් බැස පිරිස අතරට ගියා.
" සැමට උදව් කරන කීර්තිමතා සෙන්‍ටිනෝ උතුමාණන්. මැය සෙරෙක් "
කිළිටි ඇදුම් ඇදගෙන සිටි තනැත්තිය බියෙන් ඇදිවත පවා යාන්තමට හරිගස්සමින් සිටි අතර ඇය දුටු සැණින් සෙන්ටිනෝ හදුනාගත්‍තා.
" ඇය බඩගින්නේ ඉන්න ඇත්තෙ. මං අලාභය ගෙවන්නම්. අද දවසේ සියලු පාන්වල මුදල මෙන්න"
සෙන්ටිනෝ ඇයව මන්දිරයට ගෙනාවා. ඇයත් බියෙන් එතනින් ආවෙි අතේ තිබුනු පාන් ගෙඩිය බිමට දමමින්.
" සෙන්ටිනෝ උතුමාණන් ඇයව සෝදා අපි පිළිවෙළ කලා " මන්දිරයේ සේවක රාවුසා පැවසුවා
සෙන්ටිනෝ එම කාන්තාවගේ අසනීප තත්වය සුව කරන්න වුනා. ඇය ටික ටික සුව වෙද්දි ඔහුගේ මුහුණ දෙස බැලුවා.
" මං මෙි දකින්නෙ හීනයක් ද සෙන්ටිනෝ ඔයා. හැමෝටම උදව් කරන කාරුණික උතුමාණන් කෙනෙක් වෙලා. මට සමාවෙන්න ඔබව දාලා ගියාට "
ඔහු නැවතත් තමන්ගෙ සුන්දර බිරිඳව දකින්න වු⁣නා. 
 
සැමවිටම ඉවසීමෙන් වැඩ කරන මිනිසුන්ව ඉවසීමට පුරුදුවන්න. 
ඔවුන්ගේ ජයග්‍රහණය ඇත්තේ ඔවුන් සතු 
එම සාර්ථික ගතිගුණය තුළය.


නදීෂ නිර්මාණ හේරත්
ස්වතන්ත්‍ර කතාවකි ( කතෘ අයිතිය සුරකින්න)
උපුටාගැනීමකි.
A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon