අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Wednesday, September 10, 2025

9/10/2025 10:30:00 am

මොට්ටුන්නේ නායක හාමුදුරුවන්ගේ "හුචක්කුව"
The “huchakku” (blasted junk)
දැනට ශ්‍රී ලංකාවේ පවත්වා ඇති විශාලතම රාජ්‍යනායක සමුළුව 1974 දී පවත්වන ලද නොබැඳි ජාතීන්ගේ සමුළුව හෙවත් Non-Alliance Movement (NAM) යි. 1961 දී ඇරඹූ සාමාජික රටවල් 120 සහ නිරීක්ෂක රටවල් 17කි න් යුක්ත එම සංවිධානයේ 5වෙනි සමුළුව පවත්වන ලද්දේ එහි ආරම්භක සාමාජික රටක් වූ ශ්‍රී ලංකාවේදී ය. ඒ 1976 අගෝස්තු 16-19 දිනවල ය.
The largest international state conference ever held in Sri Lanka remains the 1976 Non-Aligned Movement (NAM) Summit. The NAM, founded in 1961, then consisted of 120 member states and 17 observer nations. Its 5th Summit was held in Sri Lanka from August 16–19, 1976, as Sri Lanka was one of its founding members.
එම සමුළුවේ ප්‍රධාන ආධ්‍යාත්මික උපදේශක වූයේ මාගේ එක් ගුරුදේවයන්වහන්සේ නමක් වූ, ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ (Asian Buddhist Conference for Peace - ABCP) ගරු සභාපති වූ, අස්ගිරි පාර්ශ්වයේ සියනෑ හාපිටිගම් දෙකෝරලයේ ප්‍රධාන සංඝනායක විනයාචාර්ය මොට්ටුන්නේ ශ්‍රී සෝමානන්ද නායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ ය. මේ කියන කතාව එළියට ආවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, අනුර බණ්ඩාරනායක මහත්මා සහ උන්වහන්සේ අතර ඇතිවූ සංවාදයක දී ය. මා සිටියේ උන්වහන්සේ සමඟ ය. ඒ කොළඹ රෝස්මීඩ් පෙදෙසෙහි නිවසේදී ය.
The chief spiritual advisor of that summit was one of my own revered teachers, Most Venerable Mottunne Sri Somananda Nayaka Thero, who was the Chairman of the Asian Buddhist Conference for Peace (ABCP) and the Chief Sanghanayaka (Head of the Sangha) of Siyane–Hapitigam Dekorale of the Asgiriya Chapter.
This story came to light during a conversation between Prime Minister Sirimavo Bandaranaike, Mr. Anura Bandaranaike, and the Nayaka Thero. I was present with him at the time, at Mrs. Bandaranaike’ private residence in Rosmead Place, Colombo.
කවදත් මොට්ටුන්නේ සඟ පරපුරේ පංසල් විශේෂයෙන්ම උදම්මිට ශ්‍රී සුමනාරාමය සහ මොට්ටුන්නේ කිරීටාරාමය ආණ්ඩුවෙන් වරදාන වරප්‍රසාද සතයකුදු නොගත් අතර සමුළුවට නායක හාමුදුරුවෝ සහභාගි වූයේ පංසලේ තිබුණු බකල් ගහන රෝද තිබුණු ඉදිරිපසින් ජැක් ගසා ස්ටාට් කරන පරණ කාරයකිනි. එය හිල්මන් විය යුතුය (එහි සන්නාමය මට මතක නැත).
The Mottunne monastic lineage—especially Udammita Sri Sumanarama and Mottunne Kiritarama temples—had never accepted even the slightest material benefit or favor from the government. The Nayaka Thero attended the summit in his old car, the kind you had to start by cranking it in front with a handle. It was probably a Hillman (though I don’t quite remember the exact brand).
නායක හාමුදුරුවන්ගේ කාරය ගාල් කර තිබුණේ ද රාජ්‍ය නායකයන්ගේ වාහන ගාල් කර තිබූ තැනය. සමුළුව අවසන් වී රාජ්‍ය නායකයන් වාහනවලට නැගීමට එද්දී නායක හාමුදුරුවන්ගේ කාරය ස්ටාට් කරගැනීමට නොහැකිවීම නිසා වී.අයි.පී. රථ භාරව හිටි නියෝජ්‍ය පොලිස්පතිවරයාට යකා නැග්ගේය. ඒ වනවිට නායක හාමුදුරුවෝ බණ්ඩාරනායක මැතිණිය සහ යුගෝස්ලාවියානු ජනාධිපති මාෂල් ටිටෝ සමඟ සමුළු ගොඩනැගිල්ලේ සිට වාහන ගාල්කර ඇති තැනට ඇවිදගෙන එමින් සිටියහ.
This car of the Nayaka Thero was parked in the same area where the state leaders’ vehicles were stationed. When the summit concluded and the state leaders came out to get into their vehicles, the Nayaka Thero’s car failed to start. The Deputy Inspector General (DIG) in charge of VIP transport began swearing in frustration.
යකා නැග සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා අසරණව ‘කාගෙද මේ හුචක්කුව' යනුවෙන් කෑ ගැසූ අතර ඉක්මනින් ටිටෝ මහතාට සමුදුන් මැතිණිය පය ඉක්මන් කර වාහනය දෙසට පැමිණ 'ඔය මේ අපේ නායක හාමුදුරුවන්ගේ කාරෙක, ස්ටාට් වෙන්නේ නැත්නම් තල්ලු කරලා හරි උස්සගෙන ගිහින් හරි උදව් කරන්න.' සන්සුන් වූ නිළධාරියා 'හොඳයි මැඩම්' කියා කණිෂ්ඨ පොලිස් නිළධාරීන් ලවා වාහනය තල්ලු කර ඉවත් කර දුන්නේය.
Just then, Nayaka Thero, who was walking towards the vehicle area along with Prime Minister Sirimavo Bandaranaike and Yugoslav President Marshal Tito, approached the car. The helpless DIG, exasperated, shouted, “Whose blasted junk (‘huchakku’) is this?”
Quickly, Madam Bandaranaike, who had just bid farewell to President Tito, stepped toward the car and said:
“This is our Nayaka Thero’s car. If it won’t start, push it or lift it if you must—just help him!”
The startled officer replied, “Yes, Madam,” and immediately ordered junior police officers to push-start the car and move it out of the way.
'කෝ පොඩි හාමුදුරුවෝ නායක හාමුදුරුවන්ට මම සමුළු කාර් එකක් පරිත්‍යාග කළා ගන්න බෑ කිව්වනේ පොදු දේපළ කියලා,' ඒ මැතිණියගේ හඬයි.
“Little Reverend, I asked your guru to accept the car I offered for the summit? He rejected the offer saying it was ‘public property,’” Madam Bandaranaike said with a playful tone.
'අපේ හුචක්කුව අපට හොඳයි;' නායක හාමුදුරුවෝ සිනාසෙමින් එසේ කී විට මැතිණියට සහ අනුරට හිනාව නතරකර ගන්නට නොහැකි විය. 'අම්මා කලකින් ඔච්චර හිනාවුනේ,' ඒ අනුරගේ වචනයි.
Our ‘huchakku’ is good enough for us,” the Nayaka Thero replied with a smile. Madam Bandaranaike and Anura both burst into laughter, unable to stop. “Amma (Mother) hasn’t laughed this much in a long time,” Anura said.
ඊට පෙර අවස්ථාවකදී නායක හාමුදුරුවන් අසනීප වූ විට මැතිණියගේ කාර්‍යාලය විසින් රුපියල් 200 ක් වියදම් කළ අතර කාර්‍යාලය එපා කියද්දීම නායක හාමුදුරුවෝ එම මුදල ආපසු පියවූයේ එය අකැප නිසාය. (එකල රුපියල් 200 විශාල මුදලකි). එය මැතිණිය විසින් තම පෞද්ගලික මුදලින් දුන්බව පසුව මැතිණිය විසින්ම ස්ථිර කළ ද නායක හාමුදුරුවෝ එම මුදල ආපසු ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළහ. එම සිද්ධිය රෝස්මීඩ් සංවාදයේදී මතුවින. 'පොඩි හාමුදුරුවෝ තමුන්නාන්සේගේ ගුරු හාමුදුරුවෝ හරිම ආඩම්බරයි, රෝස්මීස් ඇවිල්ලම සල්ලි ආපහු දීලා ගියා,' මැතිණිය කිව්වේ සිනාසෙමින් වැඳගෙනය.
On another occasion, when the Nayaka Thero once fell ill, Madam Bandaranaike’s office spent Rs. 200 for his treatment. As soon as he learned of it, the Nayaka Thero immediately reimbursed the amount because he believed it was improper to use state funds (at the time, Rs. 200 was a considerable sum). Even when Madam Bandaranaike later clarified that it was from her personal funds, he firmly refused to take it back.
This incident also resurfaced during the Rosmead Place conversation. Laughing, Madam Bandaranaike said jokingly, “Little Reverend, your teacher is so proud—he even came to Rosmead Place just to return the money.”
හුචක්කු කතාව මගේ ජීවිතයේ සරලබව සඳහා බොහෝ බලපෑවේය.
This “huchakku” story profoundly influenced my own love for simplicity.
(කැළණිය විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ ශාස්ත්‍රපති උපාධි විභාගයට මා උත්තර ලිව්වේ පාකර් තීන්ත පෑනකිනි. ඒ මා මහණ වී මුල්ම දානය මට පිරිනැමූ මැතිණිය මට පූජා කළ පෑනකි. ඒ යුගෝස්ලාවියානු ජනාධිපති ටිටෝ මහතා මැතිණියට දුන් සමරුවකි.)
(For my Master’s degree exam in Pali and Buddhist Studies at the Postgraduate Institute of the University of Kelaniya, I wrote my answers with a Parker ink pen. That pen was offered to me by Madam Bandaranaike herself as my very first alms gift after my ordination. It was a souvenir given to her by President Tito of Yugoslavia.)
රටක ජාතික ඉතිහාසය මෙන්ම කෙනෙකුගේ පෞද්ගලික ජීවන ඉතිහාසය සුන්දරය. ඉතිහාසය ජීවනාලියෙහි කොටසකි. ඒ නිසාය මෙය ලිව්වේ.
The history of a nation, like the personal history of an individual, is beautiful. History is part of the living stream of life. That is why I have written this.
-දේදුනුපිටියේ උපනන්ද
A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: