ලේඛනගත සටහන් අනුව පෙරහර ආරම්භය පිළිබඳ ඉතිහාසය ශතවර්ෂ ගණනාවක් ඈතට දිවයනව. පුස්කොල ලේඛනය පෙරහර විතරක් නෙවෙයි, වර්තමාන දේවාලයේ ආරම්භය හා ගොඩනැගීම පිළිබඳ විස්තරයකුත් සඳහන් වෙනව. ඒ අනුව ශක වර්ෂ 1504 නැතිනම් ක්‍රි.ව. 1582 දේවාලය කරවා මාස දහයකින් නිමකර එළඹුන ඇසල මස පෙරහර කළ බව ලියවී තිබෙනව.
ඒ අනුව මුල්වතාවට පෙරහර කරන්න ඇත්තෙ ක්‍රි.ව. 1583 වෙන්න ඕන.
මෙහෙම කියන්නේ ගුණසිංහ මහත්මයා. එතුමා ගැනත් කියලාම මගේ විකාර සිතිවිලි සටහන් බවට පත්කරන්නම්.
එතුමා බ්ලොගයක් කරනවා. ඒක කියවන්න “ උග්ගල් අළුත්නුවර දේවාලය පිලිබද බොහෝම තොරතුරු එතුමාගේ බ්ගොලයේ තියෙනවා.
පර්යේෂණ ග්‍රන්ථයක් වගේ බ්ලොගයක්.
https://sugv.wordpress.com/
පෙරහැර සංස්කෘතිය හා බැදුනු බොහෝ දේ එහි තියෙනවා.
ඒතුමාට ස්තුතියි.
වර්තමානයේ මම දකින දේ බොහෝම කණගාටුදායකයි.
අවුරුදු 1021 ක් පහුවෙලත් දේවාලය සතු බිමෙන් මතුවු කෝටි ප්‍ර කෝටි වටිනා මැණික් සම්පත දේවාලයේ දියුනුවට යොදවන්නේ නැතිව අතුරුදහන් වෙලා !.
බස්නායක නිළමෙලා එනවා යනවා. ( දේවාලයේ භාරකරුවෝ ). එක්කෙනෙක්ගේ ධුර කාලය පහයි. වර්තමානයේ සම්ප්‍රදාය. ඉතින් භාරකාරයෝ කීදෙනෙක් ඉන්න ඇත් ද ?.
දේවාලය දුප්පත් වෙලා. එයාලාට දෙයියෝ දීලා !.
දේවාලය අවට පදිංචි දේවාල රාජකාරි කරන විශාල පිරිසක් ඉන්නවා.ඇත්තෙන්ම මට හිතෙන හැටියට එයාලගේ පවුල් පරම්පරාවන් නගා සිටුවිමට දේවාල කිසිම උදව්වක් වෙලා නැහැ. ඒ පවුල් තාමත් එතනමයි.
වැඩවසම් යුගයේ ලක්ෂණයක් කියලයි මම දකින්නේ. බස්නායක නිළමේ උජාරුවට පෙරහැරේ යනවා. ආවතේවකාරයේ පිටුපසින් යනවා.
පෙරහැර එවර වුනාමත් ඒ වගෙයි.
මේ ගතානුගතික ක්‍රමවේදයන් වෙනස් වෙන්න ඕනි.
හැබැයි අපට උරුමවු ආගමික සස්කෘතියක් තියෙනවා කියලා අමතක නොකර.
දේවාලයේ ආදායම අඩුතරමින් දේවාලයේ දේව රාජකාරි කරන පවුල් සිය ගණණකයේ සුභ සාධනය සදහා යොදවන්න පුළුවන්. හිටපු භාරකරුවන්ට මෙවන් සිතිවිල්ලක් පහල නොවුනේ දේව කරුණාව ඒ පන්තියට උරුම නැති නිසාද කියලා හිතෙනවා.
දේවාල පරිශ්‍රය නිසන්සල හිත් නවතා ගත හැකි ශාන්ත දාන්ත පරිසරයක්. වාර්ෂික දේවාල පෙරහැර අවසන් වු පසු අත්හැර දමන දේවාල පරිශ්‍රය නැවත් සිහිපත් කරන්නේ ඊළග අවුරුද්දේ පෙරහැර සමයට.
බලන්ගොඩ බෙලිහුල්ඔය අතර පිහිටන අළුත්නුවර දේවාලය සංචාරක කේෂත්‍රය ගැන වැඩි උනන්දුවක් ඇති මෙකල අවධානයට යොමුවිය යුතු පූජණිය ස්ථානයක්.
මම අහල තියෙනවා අක්කර තිස්හයක් පමණ වණගහණය ඇති ඉඩම් දේවාලය සතුයි කියලා.
ඔබට මතක්වුනේ මේ වනාන්තරය මුදල් කරන්න කන්තාරයක් කරමු කියලා ද ?.
දේවාලයට ගැලපෙන ආගමික භුමියක් කරන්න විශාල පිරිවැයක් ඕන වෙන්නේ නැහැ. දේවාලයට ආදායමත් සැදැහැවතුන්ගේ සිත් සතන් නිවන ව්‍යාපෘතියකට හොද තොතැන්නක්.
තවත් මගේ හිතේ උපදින විකාර තියෙනවා.
මේවා කරන්න නිර්මාණත්මක භාරකරුවෙක් මේ බිම අධිපතිත්වයට පත්වෙන්න ඕන.
බිම හාරලා මුඩු කරලා මැණික් සම්පත සුරාකන්න සිත් පෙරදැරි කරගත් අධිපතිත්වයක මානසිකත්වයට වඩා තරුන නිර්මාණශිලිත්වයක් ඇති පුද්ගලයින්ගේ මානසිකත්වය වෙනස් කියලා මට හිතෙනවා.
එවැනි භාරකාරිත්වයක උරුමය “ උග්ගල් අළුත්නුවර දේවාලයට උරුමවේවා යි “ මම ප්‍රරාථනා කරනවා.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment