ස්වභාවයෙන්ම සිතිවිලි හා ආවේග ක්‍ෂණිකය . ස්වාධීන පැවත්මක් නොමැත. තදින් ඇලී සිටීමෙන් පීඩා ඇතිවෙන්නේය . මිදෙන්නට නම් උපේක්‍ෂා සහගත විය යුතුමය.
wwww wwww wwwww wwww
'

තෙරුවන් සරණයි .

සුබ අළුත් අවුරුද්දක් වේවා !.

--- වේද ගීතයක්

අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද , මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

ජීවිතය

සිනිදු ස්වර මැවුනේ මැඩු විටය තත්.

විශ්ව සාධාරන නීතිය - ටෝල්ස්ටෝයි

ලොකයේ පවත්නා හොද සහ නරක තරගයකට යවුවොත් අනිවාර්යෙන්ම ජයග්‍රහණය කරන්නේ හොදය.

රබීන්ද්‍රනාත් තාගෝර්

වළාකුලක් වුවානම් කොතරම් හොදදැයි කුරුල්ලා සිතන විට , වළාකුල දුක්වන්නේ තමන් කුරුල්ලෙකු නොවීම ගැනය.

2026-02-28

සුනිල් මාධව - ජයලාල් රෝහණ කියූ කතාව





1985 පමණ වන විට මම එක්තරා දේශපාලන පක්ෂයක සාමාජිකත්වය දැරුවෙමි. කෝට්ටේ පාගොඩ ආනන්ද බාලිකා මාවත [එවකට පස්වන පටුමග] වරක් රතු කොඩි වලින් ‍පිරී ගියේය. "ශාන්ත බණ්ඩාර ස‍හෝදරයා එනවා" බොහෝ දෙනා කියවන්නට විය. ආනන්ද බාලිකා මා‍වතේ ආණ්ඩුවේ පයිප්ප තුනක් විය. එකක් ආනන්ද බාලිකාව ළඟය. අනෙක ගුණසිරි අයියාගේ ගෙය ළඟය. අනෙක මාවතේ කෙළවර අමරසිංහ ගේ නිවස ළඟය. මේ ස්ථාන තුන අසළ ශාන්ත බණ්ඩාර සහෝදරයා ඇතුළු පිරිස-
-ඉතා ශූර විලාසයෙන් රැස්වීම් පවත්වමින් ජනතාව ඇමතුවේය. ඒ අතර එකෙකු මගේ කරට අතදාමින් "මල්ලි මට පුංචි උදව්වක් කරනවද?" යි ඇසුවේය. ඔහුට අවශ්‍යව වූයේ පෑනක් සහ කඩදාසියකි. නිවසට ගොස් එය ගෙනැවිත් දෙන අතර ඔහු මා සමඟ විය. ඒ ටිකට මට කොක්ක ඇමිණී අවසානය.
එදා ඒ විප්ලවකාරී දේශපාලන පක්ෂය විසින් සාමාජිකයින් එකතු කළේ අන්න ඒ ආකාරටයි. කාලය ගෙවී යමින් 1987 උදා විය. අපි නාට්‍ය කලාවේ ක්‍රමයෙන් හිස ඔසොවන පිරිස වීමු. 1987 දී යෞවන සම්මාන දිනා ගන්නා විට මට වයස අවුරුදු විසි තුනකි. පොත් පත්තර කියවීම විනෝදාංශය කරගත් අපට කවදාවත් අමතක නොවන නමක් වූ සුනිල් මාධව ප්‍රේමතිලක අහම්බෙන් මෙන එක්තරා පත්තර කන්තෝරුවක දී මට මුණ ගැසුනි.
"කවුද මල්ලි සොයන්නේ?" ඒ ඔහුය.
මට ඔහුව හරියට හඳුනා ගත නොහැකිය.
"මම හොයන්නේ ... අහවලා..." කියමින් ඉදිරියට ඇදුනෙමි.
"උඹගෙ නාට්‍යය මරු මචං, ඒකේ සුරා කෑම ගැන නියමෙට කියවෙනවා."
"ඇත්තමයි මල්ලි මං බැලුවා... " ඔහු දිගටම පවසයි.
"මං චූටි එකක් අරගෙනයි උන්නේ..." ... මම කල්පනා කළෙමි‍.
මචං, මල්ලි, චූටි එකක්, ඒ අතර ඇස් දෙක වරින් වර ගැස්සීම ... ඒ වචන කෝෂය මට තරමක් හුරුය. මම ඔහුට කතා කළෙමි.
"මං පුංචි ප්‍රශ්නයක් අහන්නං අයියේ?"
"ඔව් මල්ලි"
"ඔයා .... සුනිල් මාධව ද?"
"ඔව් බං ... ඇයි මාව මතක නැද්ද අපි මීට කළින් හම්බු වුණේ?"
සමහර විට අප මීට පෙර හමුවී නැත. එහෙත් සුනිල් අයියා කුළුපග බව රැක ගන්නට එසේ කියන වග මට හොඳින් වැටහුණේ තරමක් කල් ගෙවුණු පසුයි.
"මං මේ අහන්නමයි හිටියේ අයියාගේ තාත්ත ද මීමන ප්‍රේමතිලක කියන කවියා?"
"හ්ම්හ්... උඹ එහෙනං අපේ තාත්තා ගැනත් දන්නවා ඈ!"
"ඔව් මම දවසක් කඩල ගොට්ටක් කාල කොලේ කියවද්දි ඔයාගේ තාත්තගෙ කවියක් කියවන්න ලැබුණා. ඒක මගේ ජීවිතේ අහපු හොඳම කවි වලින් එකක්."
රුදු මරුවා ඇවිත් මගේ ඇඳ ළඟ ගාටත්
ජීවිතයම අවිස්වාසයි අද රෑටත්
දැන්විය යුතුයි සොඳුරිය මළගම කාටත්
මගේ සොහොයුරාටත් දරුවන් තිදෙනාටත්
"හරි‍ නේද?" ඔහු ඉතා ආසාවෙන් මා දෙස බලා සිටියේය.
"තාම මතකයි නේද?..." ඔහු එක එල්ලේ මා දෙස බලා සිටියි.
"අපි බොමු මල්ලි ප්ලේන්ටියක්." කියමින් ඔහු සාක්කුවට අත දා මාරු සල්ලි කිහිපයක් හිතවතෙකුට දෙයි. මම තව තවත් ඔහු සමග කියවමිනි.
"මම ඔය කවියට ආස කරන්නේ, ඉතාමත් අසීරු එළිවැට රැකීම නිසයි. ඒ වගේම කවිය ලියල අතේ තියාගෙනම ඔහු මිය ගිය එකයි. මරණය අභියස දී කවියෙන් දැකීම පුදුම කවියෙක් නේද?"
එදා ඉඳන් සුනිල් අයියාත් අපිත් අතර හිතවත්කම් වැඩි දියුණු විය. මෙතැන දී අපි කිව්වේ කවුද?
* කාලෙකදි 1989 මිය ගිය කිහිප දෙනෙක්. [ඔවුන් සැබවින්ම ජීවිතය විප්ලවය උදෙසා පුදනු ලැබූවන්ය. අද ඔවුන් සිටියා ද නැද්ද සමහරුන්ට මතක නැත.]
* පසුකාලීනව X කණ්ඩායම නිර්මාණය කල දීප්ති කුමාර ගුණරත්න ඇතුළු සර්පයා සහ පිරිස [පසුව ඉතා වේගයෙන් ආශ්‍රයෙන් ඉවත් වී X කණ්ඩායම පිහිටුවා ගත්තේය]
* අශෝක හඳගම ප්‍රමුඛ නාට්‍ය කණ්ඩායමේ පිරිසක්. අද හඳගම ඒ තැන්වල නැත.
* පසුකාලීනව විකල්ප පුවත්පත් හැටියට නිර්මාණය වූ "රාවය" සහ සුනන්ද දේශප්‍රිය සංස්කරණය කළ "යුක්තිය" පත්තර සහ සඟරා වලට ලියපු පිරිසක්‍.
* විකොසෙන් [විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය] ගැල වී ආ කීප දෙනෙක්.
* වීදි නාට්‍ය කණ්ඩායම් වල [ගාමිණි හත්තොට්ටුවේගමගේ හා විවෘත කලා කවයේ] සිටි පිරිසක්
මේ සියළු කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන යම් කිසි උප සංස්කෘතියක් ගොඩ නගාගෙන තිබුණේ යැයි කීවොත් නිවැරදිය. මහජන පුස්තකාලය, සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානය හා සුදර්ශිය ඉහත කී කල්ලිවල නවාතැන් විය. ඔය සෑම තැනකම අප සියළු දෙනා එල්ලීගෙන ගන සම්මන්ත්‍රණ සංවාද වලට සහභාගි වූයෙමු. මේ අතර සංවාද වල යෙදෙන විද්වත් මණ්ඩල අතරේ සිටි පණ්ඩිතයින් කාර්වලින් ආපසු ගිය විට අප සමග අත්වැල් බැඳගත් එකම පුද්ගලයා‍ වූයේ සුනිල් මාධව ප්‍රේමතිලකයන් ය. මහජන පුස්තකාල කැන්ටිම බිත්ති කතා කරන්නේ නම් මොන මොන දේ කියයිද?
ඔතන ඉඳගෙන ප්ලේන්ටිය බොන ගමන් ඩලස් අලහප්පෙරුමලා විමලසිරි ගම්ලත් ලා [අද එහෙම කෙනෙක් නැත] මොන මොන දේවල් කතා වෙන්න ඇත්ද?
ඔහ හැම තැනකම කතා කළත් නොකළත් සුනිල් අයියා සිටියේය. දවසක් මම ලිපි රචනා කළ 'දෙසතිය' සඟරාවේ හිටපු කර්තෘ ගාමිණි විජේතුංගයන් අමුතු කතාවක් කීවේය. "සුනිල් මාධව හොඳ වැ‍ඩකාරයෙක්. වැඩේ තියෙන්නේ මනුස්සය එක එක ගුබ්බෑයම් කාරයෝ අල්ලගෙන තියෙන අගේ නැති කරගන්නවා."
මම එදා ගාමිණි විජේතුංගයන්ට මුවින් නොබැණ ඉවසා එතැනින් පිට වූයෙමි. නමුත් අද මම ඔහුට එකඟ වෙමි. මේ වන විට ඔහුද මිය ගොස්ය.
විවිධ විකල්ප මතධාරීන් සමඟ එකතු වූ සුනිල් අයියා ඔවුන් සමග කරට කර වැඩ කරන්නට යෙදුණේය. මෙතැන දී මම ඔහුගේ දුර්වලතාවයක් දකිමි. [වර්තමානය සමාජය මෙවැනි සත්ගුණ දකින්නේ දුර්වලතාවක් හැටියටයි.]
කාලයක් ආතක් පාතක් නැති වැඩිදුර අධ්‍යාපනය නොලැබූ බොහෝ දෙනෙක් පත්තර කලාවට පැමිණි යුගයක් විය. ඇත්තටම එය ඛේදවාචකයකි. එකී බොහෝ දෙනෙක් හරියට ආකර්ශනීය ලෙස වාක්‍යයක් ලි යන්නේ කොහොම ද කියා අවබෝධ කරගත්තේ සුනිල් අයියාගෙනි. ඔවුන්ට හරි මඟ පෙන්වාදී ම සුනිල් අයියා කළ දුර්වල කටයුත්තයි. කිමද ඔවුන් බොහෝමයක් සුනිල් අයියාගේම කටට පැහැරුවා හැරෙන්නට වෙන යමක් කළේ නැත.
ඔහුගේ අනෙක් දුර්වලකම [සත් ගුණය] නම් තමා ඉදිරියට පැමිණ දුක් වේදනා කියන හැම කෙනෙක් ම පිළිගැනීමයි. විශ්වාස කිරීමයි. මේ කාළකණ්නි සමාජයේ සිටින දුර්දාන්ත මුදලාලිලා කපටි කුහකයෝ සුනිල් අයියා සමග මීවිත තොල ගෑවේ ඔහුට ඇති ආදරයකට නොවෙයි. පොත් පත් නොකියැවූ ඔවුන් සුනිල් අයියා‍ගේ දැණුම වක්‍ර ආකාරයකින් ලබා ගත්තේ ඒ මාර්ගයෙනි. මේ පුද්ගලයා කිසිම ලෝබ කමක් නැතිව වට වූ සෑම කෙනෙකුටම යමක් කියා දෙයි. ඔවුන් පසුදා උදේ පත්තර කන්තෝරු වලට ගොස් ඊයේ රෑ සුනිල් අයියා කියා දීපු දේවල් හරියටම තමන් කියවා ලැබූ දැනුම වාගේ සෙස්සන්ට කියන්නට විය. පිටවෙන්නේ සුනිල් අයියාගේ වචනයි.
වර්තමානයේ අමනයෝ මේවා උගැන්වීම් හැටියට නොගනිති. ජ්‍යේෂ්ඨ කථිකාචාර්යවරයා ඉදිරියේ ඇඳිවත උණා අපර් එකක් ගත්ත කෙල්ලෙක් ඉන්පසු කථිකාචාර්යවරියක් වී පොත් බලාගෙන උගන්වන විශ්වවිද්‍යාල දේශනවලට උගැන්වීම යැයි කියති.
ඉහත කී දුර්වලතාව සුනිල් අයියා තුළ තවමත් රජ කරයි. ඕනෑම එකෙකු විශ්වාස කිරීම නිසා ඉතා ඉක්මණින් කළකිරෙන ඔහු නැවතත් නිවෙසට වී කල්පනා කරයි. ඔහුගේ පිහිට පතමින් ඔහුගේ නම විකුණමින් ජනතාවගේ මුදලින් 'පත්තර' ආරම්භ කළ සමහර නිවටයෝ පසුකාලීනව සුනිල් අත හැර දමා දේශපාලන වේදිකාවේද අර බොරුවම කළේය. ජනතාවද රැවටුණි. සමහරු ඇමතිකම් දැරීය. සමහරු වර්තමානයේ පාර්ලිමේන්තුවට වැදී බණ දෙසති. ‍මේ සියළු දෙනාම සුනිල් අයියාට සදාකල් ණයගැතිය.
2001 මැතිවරණයේදී මට නැවතත් 'සුනිල් අයියා' මුණ ගැසුණේ අපූරු විදියකටය. ඒ නුගේගොඩ ජනතා විමුකති පෙරමුණ විසින් සමාජවාදී කලා සංගමය යටතේ පැවැත්වුණු මහා රැස්වීමේදීය. මුළු රැස්වීම සඳහා එදා විශාල ජනකායක් පැමිණ සිටියහ. එහෙත් වේදිකාවට නගින්නට සිටියේ කලාකරුවෝ කී දෙනාද? පරාක්‍රම කොඩිතුවක්කු, ගුණදාස කපුගේ, ඩබ් එස් විජේසිංහ, සුනිල් මාධව, රංජිත් බාලසූරිය, උදය ආර් තෙන්නකෝන් සහ මමයි. ලූෂන් බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල, රනිල් මල්ලවආරච්චි පසුව වේදිකාවට පිවිසුණි. ප්‍රේමසිරි කේමදාස මහතා එනවා ය කීවත් එහු අසනීප යැයි පැවසීය. එවකට පැවති ආණ්ඩුව යූඇන්පී යයි. මේ නිසා සමහරු බයෙන් තැති ගත්හ. ජවිපෙ වෙනුවෙන් අපි නිර්භයව වේදිකාවේ කතා කළෙමු.
වේදිකාවෙන් බැස සතියක් ගෙවෙනවාත් සමගම පරාක්‍රම කොඩිතුවක්කු ජවිපෙ දුර්වලතා කියමින් පත්තරවල ලිපි දෙකක්ම පළ කරවා තිබුණි. පරාක්‍රම කැඳවාගෙන ඒම සඳහා ජවිපෙන් රත්නපුරයට වාහනයක් යවා තිබිණ. ඔහු ආපසු ගියේද එම වාහනයෙනි. එය පරාක්‍රමගේ කොන්දේසියකි. සෙස්සෝ බස් රථ වලම එතැනට පැමිණියහ. සුනිල් අයියාද එදා ඉතාමත් ආවේගශීලි ලෙස තම අදහස් ප්‍රකාෂ කරමින් ජවිපෙට ඡන්දය ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය. වේදිකාවෙන් බහිනවාත් සමගම පරාක්‍රම ඇසුවේ වාහනය කෝ කියාය. ඩිමාන්ඩ් කරන මිනිහාට ජවිපෙන් සළකනු ලැබීය. මෙය අනෙකුත් සාමාන්‍ය දේශපාලන පක්ෂයක ක්‍රමවේදයමය.
නැවත 2004 මහා මැතිවරණය උදා වූයේ හදිසියේම සිදු වූ ආණ්ඩුව විසුරුවා හැරීමත් සමගය. ඒ සඳහා 'ජනතා කලාකරුවෝ' නම් කණ්ඩායම නිර්මාණය විය. එදත් නුගේගොඩ බස් නැවතුම් පොළ අසළ රැස්වීමට සුනිල් අයියා පැමිණියා මතකයි. රැස්වීම සම්පූර්ණයෙන්ම සංවිධානය කළේ ජනතා විමුක්ති පෙරමුණයි. එදා නම් බොහෝ දෙනෙකුට 'සුනිල් අයියා' ගැන විශේෂයක් නොවීය. කලාකරුවෝ වේදිකාවට නගින්නට පොරකමින් සිටියි. දුටු දුටු තැන කලා‍කරුවෝය. "මටත් කතාවක් ඕන, මටත් කතාවක් ඕන" හැම තැනම උනන්දුව. ඇයි? මේ ආණ්ඩුව එන බව විශ්වාසයි. 'අසූචි කන බල්ලාට අධෝ මාර්ගයේ හැ‍ඩයෙන් වැඩක් නැහැ' කියන්නාසේ ලියාපදිංචි වී සිටි කලාකරුවෝ පිරිසක් යූඇනපී යත් අතහැර එතැනට රොක් වූහ. 'සුනිල් අයියා' ද එහි දී කථාවක් කළේය. ඔහුව හඳුන්වා දුන්නේ ද මමයි. සමහර කලාකරුවෝ තමාට කථාවක් නොදීම පිළිබඳ උරණ විය. නමුත් කෝට්ටේ නගර සභාව කළ කෙණෙහිලිකම් නිසා අපට කාලය සීමා කරන්නට සිදුවී තිබිණ.‍
ආණ්ඩුව නැවතත් පත්විය. දැන් සුනිල් අයියාව ඔවුන්ට උවමනා කවදාටද? සමහරු මෙසේ අසති.
"ඇයි සහෝදරයා සුනිල් අයියා ගැන හිතන්නේ නැත්තේ?" ‍උත්තරය...
"මේකයි සහෝදරයා එයා ඩ්‍රින්ක් එක ගන්නවනේ, කොහොම ද පක්ෂෙ ප්‍රතිපත්ති එක්ක තැනකට ගෙනියන්නේ?"
"එහෙනං ඒ දවස්වල වේදිකාවට නග්ගන කොටත් එයා එහෙමනේ. එතකොට ප්‍රතිපත්තිවලට මොකද වුණේ?"
"මේකයි සහෝදරයා ධනවාදී ආකෘතිය තුළ අපි ඒ ගොල්ලන්ව පාවිච්චි කළා."
'සුනිල් අයියාට' අත් වූ ඉරණම ඒකයි.
දැන් වීප්ලවීය පක්ෂවලට සුනිල් වැන්නවුන් උවමනා නැත. ආයෙත් දවසක අන්ත කඩා වැටීමකට පත් වි ඔවුන් 'සුනිල් අයියා' සොයා ගෙන එනු ඇත. එවිට ඔහු මෙසේ කියනු ඇත.
"පව්... මල්ලී ... මචං උන්‍ දුකේ ඉන්නේ..." [ඇස් වේගයෙන් ඇරෙයි, වැහෙයි] "මට කතා කළා ... ආයෙත්. මේ වෙලාවේ උදව් කරන්න එපායැ. අපි නගිමු වේදිකාවට. නැගල මේ සූරා කෑමට විරුද්ධ හඩ නගමු."
අර බොරුකාරයින්ට ඔහු අනුකම්පා කරනු ඇත. ඔවුන් නැවතත් ධනවාදී ආකෘතිය ගැන කතා කරනු ඇත. සුනිල් අයියා ආයෙත් පාවිච්චි වෙනවා සිකුරුයි.
‍අනේ සුනිල් අයියේ ආයෙත් කවදාවත් එහෙම වෙන්න එපා. උන් අපිට වඩා සදාචාරෙයි ප්‍රතිපත්තියි දෙකම නැති කරගත් එවුන්.











Jayalal Rohana | ජයලාල් රෝහණ
බූන්දි, අඟහරුවාදා, මැයි 18, 2010

ප්‍රේමලාල් කුමාර - මුණු පොතට.
A day in the life

2026-02-27

කෙණ්ඩ පෙරලෙනවා



රෑට හොඳටම නිදාගෙන ඉන්නකොට එකපාරටම කකුලේ මස්පිඬුවක් (ගොඩක් වෙලාවට කෙන්ඩය) තද වෙලා, ඉවසගන්න බැරි කැක්කුමක් ඇවිත් කෑගැහිලා ඇහැරෙනවා නේද? කකුල හොලවන්නවත්, බිම තියන්නවත් බැරුව විනාඩි ගාණක් ඇඳේ පෙරළි පෙරළි විඳවන මේ තත්ත්වයට අපි සාමාන්‍යයෙන් කියන්නේ "කෙන්ඩ පෙරළෙනවා" කියලයි.
ගොඩක් අය හිතන්නේ මේක සීතල නිසා, එහෙමත් නැත්නම් වැරදි විදියට නිදාගත්ත නිසා වෙනවා කියලා. හැබැයි මේක ඔබේ ඇඟෙන් දෙන බරපතල අනතුරු ඇඟවීමක්! ඔබේ ශරීරයේ අත්‍යවශ්‍ය ඛනිජ ලවණයක් වන "මැග්නීසියම්" (Magnesium) හිඟ වුණාම තමයි මේ ලෙඩේ එන්නේ.
ඇයි මැග්නීසියම් නැති වුණාම කකුල් පෙරළෙන්නේ? (The Science)
අපේ ඇඟේ මාංශ පේශි වල ක්‍රියාකාරිත්වයට ප්‍රධාන ලවණ වර්ග දෙකක් ඕන වෙනවා.
කැල්සියම් (Calcium): මස්පිඬු සංකෝචනය කරන්න (තද කරන්න) උදව් වෙනවා.
මැග්නීසියම් (Magnesium): තද වුණු මස්පිඬු නැවත ලිහිල් කරන්න (Relax) උදව් වෙනවා.
ඔබේ ඇඟේ මැග්නීසියම් අඩු වුණාම, කැල්සියම් වල ක්‍රියාකාරිත්වය වැඩි වෙලා මාංශ පේශි දිගටම තද වෙලා හිරවෙනවා. ආයේ ලිහිල් වෙන්නේ නෑ. අර ඉවසගන්න බැරි කැක්කුම එන්නේ අන්න ඒ වෙලාවටයි. කාලයක් තිස්සේ මැග්නීසියම් අඩු වුණොත්, මේක හදවතේ මාංශ පේශි වලටත් බලපාලා හෘදයාබාධ පවා එන්න පුළුවන්.
ෆාමසියෙන් පෙති ගිලින්න කලින්, මේ කෑම 2 කන්න:
මැග්නීසියම් ඌනතාවය නැති කරන්න අපේ කුස්සියේම තියෙන මේ කෑම දෙක ප්‍රමාණවත්:
1. විසිකරන වට්ටක්කා ඇට (Pumpkin Seeds):
අපි වට්ටක්කා උයන්න අරගෙන ඇට ටික කුණු කූඩෙට විසි කරනවා නේද? හැබැයි වට්ටක්කා ඇට කියන්නේ ලෝකයේ මැග්නීසියම් බහුලවම තියෙන සුපිරි ආහාරයක් (Superfood). මේ ඇට ටික සෝදලා, අව්වේ වේලලා, කබලේ ලාවට බැදලා (Roast කරලා) කෑම කන ගමන් හැපුවොත්, දවස් කිහිපයකින් කකුල් පෙරළෙන එක සම්පූර්ණයෙන්ම නැවතිලා යාවි.
2. තද කොළ පැහැති පලා වර්ග (Dark Leafy Greens):
නිවිති, මුරුංගා කොළ සහ කතුරුමුරුංගා වගේ තද කොළ පාට පලා වර්ග වල මැග්නීසියම් පිරිලා තියෙනවා. සතියට දවස් 3ක්වත් මේවා ඔබේ කෑම වේලට එකතු කරගන්න. (ඒ වගේම කෙසෙල් ගෙඩි කන එකත් ගොඩක් ගුණදායකයි).
හදිසියේම කකුල පෙරළුණොත් ක්ෂණිකව කැක්කුම යවන රහස:
කැක්කුම ආපු ගමන් කකුල අතගාන්න එපා. කකුල දිග ඇරලා, කකුලේ ඇඟිලි ටික ඔබේ මුහුණ දෙසට (ඉහළට) තදින් අදින්න. එතකොට කෙන්ඩයේ තද වුණු මාංශ පේශිය ඇදිලා ගිහින් තත්පර 10න් කැක්කුම නැති වෙලා යනවා.
නින්දෙන් කෑගහන තරමට වේදනා විඳින අම්මලාට, තාත්තලාට සහ ගැබිනි මව්වරුන්ට මේ වටිනා පණිවිඩය අනිවාර්යයෙන්ම Share කරන්න.
#LegCramps #MagnesiumDeficiency #MuscleSpasms #HealthyDiet #PumpkinSeeds #HealthTips #SriLankaHealth #NaturalRemedies










වෙද මහතා - මුණු පොතෙන්.
A day in the life

2026-02-26

බිදුණු යට ලී කදට එපා මට මුක්කු



දීග ආ මගේ මිනිහා පුරන්සිස් උක්කු

රස්සාවට වගේ කැරකුවේ සෙක්කු 

ඉදහිටලා වගේ පැදවෙව්වා අබලන් ඩක්කු

දවසක දී ඇද වැටුනා වාහනයෙන් දැක්කු


මාස නවයේ එකා ඉල්ලනවා උක්කු

දහ අතේ දිවගියා හොයා ලොකු ලොක්කු 

එකෙක්වත් හිටියේ නෑ මගේ පවුල රැක්කු 

ඉදහිටලා පිහිට වුනේ අපි වගේ සොක්කු


සිහිවෙනවා ඉස්සරදී කෑව සීනක්කු

ඒත් දැන් හැපෙන්නෙම කොහොඹ පුන්නක්කු

කන්න නැති දරු පැටවු වෙලා ඔළුබක්කු

බලාගෙන ඉන්නේ මං වී තක්කු මුක්කු


දවල් කාලෙට ඉන්නේ සිල්ගත්ත කොක්කු 

රෑට පිලිකනු වටේ ඇවිදින්නේ මොක්කු 

නොකිවුවට අදුරනවා උන් රීරී යක්කු

බිදුණු යට ලී කදට එපා මට මුක්කු.


  • කටු අතැර මල සිඹිමු.

  • පී.ජී. ආරියපාල.













A day in the life

2026-02-25

නොමිලේ වස විස




ඔබ දන්නවාද අප නොදැනුවත්වම ශරීරයට මරණීය විස ඇතුල් කර ගන්නා තවත් ක්රමයක් පිළිබඳව ?🤔😰
මේ තියෙන්නේ අපේ රටේ ගොවිතැන් කටයුතු කෙරෙන ප්රදේශවල ධාන්ය වර්ග වේලන ක්රමයක්. මේ විදියට මහා මාර්ග අයිනේ නිකම්ම පස් මත හෝ තාර පාරේ ඉරිඟු, මුං ඇට, කවුපි, රටකජු වගේ ධාන්ය ඇට වර්ග වේලනවා. එහෙම නැතිනම් කමත් වල වේලනවා. මේ දෙආකාරයම සෞඛ්යයට ඉතාම අහිතකරයි. ☠️
ඇයි එහෙම වෙන්නේ. 🤔
ධාන්ය වර්ග බිම මෙහෙම වේළන කොට ඇෆ්ලැටොක්සින් කියන අක්මාවෙහි තැම්පත්වන, එහෙම කාලයක් තිස්සේ තැම්පත් වෙලා පිලිකා සෑදීමට හේතුවන, උග්ර පිලිකාකාරක දූලක වලින් හෝ ඒ කිවුව දූලක නිපදවන පසෙහි ස්වභාවිකව ජීවත් වෙන ඇස්පර්ජිලස් ෆ්ලාවුස් (Aspergillus flavus) කියන දිලීරයෙන් නිසැකවම ඒවා දූෂණය වෙන්න පුලුවන්.
ඇත්ත වශයෙන්ම, මේ විදියට පොලිතීන් හෝ වෙනත් ජලරෝධක ආස්තරණයක් නොදා ඇට ධාන්ය වර්ග කෙලින්ම පසෙහි වියළීම ලොව පුරා පසු අස්වනු දූෂණයට ප්රධාන හේතුවක් විදියට තමයි සැලකෙන්නේ.
මෙහෙම අනාරක්ෂිතව ධාන්ය ඇට වර්ග වියලීමෙීදි ඩැමේජ් වුන, කෘමි හානිවලට ලක් වුන ධාන්ය වර්ග ඔය කිවුව දිලීර වලින් දූෂණය වෙන්න තියෙන හැකියාව සාමාන්ය ඇට වර්ගවලටත් වඩා වැඩියි. ඒ වගේම පසෙහි තෙතමනය වැඩි වීම, වායුගෝලයේ ආර්ද්රතාව වැඩි වීම, වැඩි කාලයක් පස හෝ මාර්ග මත මෙහෙම වේලෙන්නට තැබීම වැනි සාධක මේ අවදානම තව තවත් ඉහළ නංවනවා.
වැරදිලාවත් මෙහෙම වේලනකොට යන්තම් හරි පින්නකට වැස්සකට අහු වුනොත්නම් වැඩේ තවත් සීරියස් වෙනවා.
එහෙම තමයි මේ ගැන තියෙන විද්වත් මතය.
ලංකාවේ බොහෝ ධාන්ය වර්ග, ධාන්ය ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු වර්ග සහ ඒවා ආශ්රිත නිෂ්පාදන ඇෆ්ලටොක්ෂීන් විෂ දූලකවලින් දූෂණය වෙන්න බලපාන ප්රධානම හේතුව මේක වෙන්න පුලුවන් .
මෙහෙම වේලලා ගෝනිවල අහුරලා නිසි වාතනයක් නොමැති තෙතමනය සහිත ගබඩා වල මේවා ගබඩා කරල තිබ්බොත් ඇෆ්ලජිලර්ස් දිලීරේ තව තවත් පැටවු ගහනවා .
☠️ඇෆ්ලටොක්ෂීන් කාලයක් තිස්සේ ශරීරගතවුනාම ඒක සෞඛ්ය ආබාධ කිහිපයකටම හේතු වෙනවා කියලයි කියන්නේ.
01. අක්මා පිළිකා (Hepatocellular Carcinoma): කාලයක් තිස්සේ නිරාවරණය වුනාම අක්මා පිළිකා සඳහා ප්රධාන හේතුවක් වෙනව කියල කියැවෙනවා.
02. උග්ර ඇෆ්ලටොක්සිකෝසිස් තත්වය (Acute Aflatoxicosis) ඉහළ මට්ටම්වලින් ශරීරගත වීම සිදු වුවහොත් වේගයෙන් අක්මාවට හානි කරනවා. එහෙම වුනොත් සෙංගමාලය, ඔක්කාරය, වමනය, උදර වේදනාව සහ සමහර විට මරණය පවා ඇති වෙන්න පුලුවන් කියලයි කියැවෙන්නේ.
03. දිගු කාලයක් තිස්සේ අඩු මට්ටමකින් (law level ) ඇෆ්ලටොක්ෂීන් විස දූලකවලට නිරාවරණය වුනාම, ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නටත්, ළමයින්ගේ වර්ධනය අඩාල වෙන්නටත් (immune system suppression and impaired growth ) (මිටි වීම) බලපානවා කියල කියැවෙනවා.
ස්තුතියි
✍️ ගැමුණු සාලිය පෙරේරා .
මහජන සෞඛ්ය පරීක්ෂක .
A day in the life

2026-02-24

අදටත් වෙනසක් නෑ .



'විශ්වයේ කේන්ද්‍රය මහපොළව මිස අන්කිසිවක් නොවේ.
ඊට එරෙහි මත පල කිරීම අපරාධයකි," යි
Inqisition නම් "කතෝලික පූජක අධිකරනය" තීරනය කර,
ඊට එරෙහි මතයක්වූ
"පෘතුවිය සූර්යා වටා ගමන් කරන්නේය" යන මතය ඉදිරිපත් කළ
"ගැලීලියො ගැලීලිට සියතින් වස බී මරණයට පත් කළ යුතුය තීන්දුව දුන්නේය
එසේ නොමැති නම් "හේ සිය මතය ඉල්ලා අස් කරගත යුතු" විය.
දිවිඉරැක ගනු පිණි සිය මතය ඉල්ලා අස්කරගත් ගැලීලියෝ
අධිකරන ශාලාවෙන් පිටව යත්දී,
"ඔය මොනවා කීවත් පොළව කැරකෙන්නෙ ඉර වටේ!" කීවාලු!
මෙවන් මත ඉතිහාසය පුරා පච වූ අවස්ථා එමටය.
"සර්ව බලධාරී දෙවියන් වහන්සේ ලෝකය මවන ලද්දේ
ක්‍රිස්තු පූර්ව 4004 ඔක්තොම්බර් 21 වැනිදා"ය කීවේ
ක්‍රිස්තියානි සභාවේ ආච් බිෂොප්වර ජේම්ස් ආතර් (1581-) ය.
දැන් ඊට පොඩි එවුනුත් සිනාසේ.
මාකෝනි විසින් ගුවන් විදුලිය සොයා ගත් කල
එවක බ්‍රිතාන්‍ය රාජකීය සංගමයේ සභාපති කැල්වින් සාම් කීවේ
ඊට "අනාගතයක් නොමැති" බවයි.
"එක්ස් රේ යන්ත්‍රය මහා ප්‍රොඩාවක්" කීවේද
මෙම පඬිවරයා වූ මය.
තෝමස් අල්වා එඩිසන් විසින් විදුළි බල්බය සොයා ගත් කල
"එය විද්‍යාඥයන්ගේ හෝ සාමාන්‍ය මිනිසුන්ගේ
අවධානයට ලක් නොවිය යුතු වැදගැම්මක් නොමැති දෙයකි"යැයි කීවේ
කෙලිවින් එම තනතුරේ සිටියදී
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කොමිටියකි.
"නව නිෂ්පාදන ලියාපදිංචි කරන අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව
වසා දැමිය යුතු"යි,."මන්දයත් ලෝකය සියලු නව නිෂ්පාදන නිමවා හමාර"ය.
1899 දී ජනාධිපති මැකින්ලිට කීවේ එම ආයතනයේම අධ්‍යක්ෂ වරයා ය.
දුම්රිය සොයාගෙන එය පැයට සැතපුම් 15 වක වෙිගයෙන් ගමක් කරනා විට
"මිනිසුන් මෙතරම් වේගයෙන් ගමන් කල යුතු යැයි
දෙවියන් වහන්සේ අනුමත නොකරතැයි"ද
එය වහා තහනම් කළ යුතු යැයිද
එවක අමෙරිකා ජනාධිපති ඇන්ඩෘ ජැක්සන්ට කීවේ
නිවුයෝර්ක් ආණ්ඩුකාර වරයා ය.
"යුද්ධ සඳහා නව අවි නිපදවිය යුතු නැත.
සියල්ලම සොයාගෙන හමාරය" කියා
ක්‍රි:ව:පලමුවැනි සියවසේ රෝම අධිරාජ්‍යයාවූ වෙස්පයිසන්ට කීවේ
ප්‍රධාන යුධ ඉංජිනේරු "ජූලියස් ප්‍රොන්ටින්" ය.
එකල න්‍යෂ්ටික බෝම්බ තබා තුවක්කුවවත් සොයාගෙන නොතිබිණි!
"වාෂ්ප බලයෙන් ක්‍රියාකරන නැවු තැනීමට"
නැපෝලියන් බොනපාට් හට
ඉංජිනේරුවෙකු වූ "රොබට් ෆ්‍රල්වන්" යෝජනා කළ විට
බොනපාට් කීවේ "පිස්සු කෙලින්ට එපා!" කියාලු!
"පුපුරන ද්‍රව්‍ය පිළිබඳ විශේෂඥයෙකු වන මා කියා සිටින්නේ
පරමානුව කිසිදා පිපිරීමට සමත් නොවන බවයි"
කියා අමෙරිකානු ජනාධිපති හැරී ටෲමන්ට කීවේ
නාවුක හමුදාපති "විළියම් ලිහී" ය.
ඩාවින් විසින් පරිනාමවාදය ඉදිරිපත් කළ විට
අමරිකානු ටෙනසි ප්‍රාන්තයේ ක්‍රිස්තියානුවෝ එක්ව
"එය පාසැල්වල ඉගැන්විය නොයුතු"යැයි නීතියක් සම්මත කර ගත්හ.
"බයිබලයේ සඳහන් ලෝකය හා මිනිසා පිළිබද ඉගැන්වීම්
වලට පිටස්තර කිසිවක් නූගැන්විය යුතුය"යන එම නීතිය
1967 දක්වා බලපැවැත්වින
පැරණි ලෝකය කවදත් එහෙමය.
මේ ගැන ඉංග්‍රීසි ලේඛකයෙකු වූ "ජී.කේ.වෙස්ටර්න්"මරු කතාවක් කියා තිබේ.
මතු සිදුවන දේ ගැන පණ්ඩිතයන් කියන දේ
මිනිසුන් අසා සිටිති.
අවසානයේ ඔවුන් මල පසු අලංකාර ලෙස ආදාහනය කරති.
ඉන් පසු තමන්ගේ වැඩක් බලා ගනිති.!"






කමල්.පී.අලහකෝන් මුහුණු පොතට.

A day in the life

2026-02-23

මුඛය සහ දත්



ක්‍රිස්තු වර්ෂ 10 වන සියවසේදී, පර්සියානු වෛද්‍යවරයෙකු වූ අවිසෙනා කලේ පුද්ගලයෙකුගේ මුඛයේ ඇති වන රෝග මුළු ශරීරයේම සෞඛ්‍යයටම බලපාන බවයි. නූතන විශේෂඥයින්ද  දැන් පවසන්නේ  මෙම විශ්වාසයේ සත්‍යයක් ඇති බවයි.

අපගේ දත්, දිව සහ විදුරුමස් මත ජීවත් වන ක්ෂුද්‍ර ජීවීන් මගින් ශරීරය පුරා ඇතිවන රෝග හඳුනාගෙන එම රෝග වැළැක්වීමේ පළමු පියවර මුඛයේ පරීක‍්ෂණ මගින් සිදුවිය හැකිය. 

පුද්ගලයෙකුගේ සමස්ත සෞඛ්‍යය තේරුම් ගැනීම සඳහා වෛද්‍ය විද්‍යාවේ අනාගතය මුඛ පරීක්ෂණ මත රඳා පැවතිය හැකිය.



මුඛය සහ ශරීරය සම්බන්ධ වන ආකාරය .

පටක, හුස්ම, කෙළ සහ ක්ෂුද්‍ර ජීවීන් ආතතිය, ආහාර සහ සමස්ත ශරීරයට බලපාන රෝග සමඟ වෙනස් වේ. දන්ත වෛද්‍යවරු බොහෝ විට විශාල ගැටළු පිළිබඳව කලින් ඉඟි කරන රටා හඳුනා ගනී. සෑම මුඛයක් තුළම බැක්ටීරියා සහ දිලීර විශේෂ සිය ගණනක් සහ වෛරස් ඇතුළත් කාර්යබහුල පරිසර පද්ධතියක් පවතී. ඒවා දත්, දිව සහ විදුරුමස් මත ක්‍රියාකාරීවේ. 

ඒවා සමතුලිතව පවතින විට, දැවිල්ල සහ ආසාදන පාලනය කිරීමට උපකාරී වේ. නිරෝගී මුඛයක ​​සාමාන්‍යයෙන් බොහෝ දුරට ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන්ගේ විවිධ සමූහයක් ඇත. නමුත් සනීපාරක්ෂාව පිළිබඳ වෙනස්කම්, රෝගාබාධ හෝ ආහාර වේල මිශ්‍රණය "ඩිස්බියෝසිස්" දෙසට යොමු කළ හැක.  එහිදී අමාශයේ දැවිල්ල වැඩි වන අතර හානිකර විශේෂයන් වර්ධනය වේ. 



සීනී


නිතර සීනි පරිභෝජනය සීනි වලට ආදරය කරන ක්ෂුද්‍ර ජීවීන්ට ආරාධනාක්‍ වක් යැවීමක් වැනිය. ඒවා ක්‍රියා කරන විට, ඔවුන් මුඛයේ රසායන ක්‍රියාවලිය වෙනස් කරන අතර ආහාර ජීර්න පද්ධතිය දිරාපත්වීම සහ වේදනාව දෙසට තල්ලු කරයි, බොහෝ විට ඔබට වේදනාව දැනෙන්නට පෙර. 


දත් කුහර යනු බැක්ටීරියා රසායන ක්‍රියාවලියකි.


දත් දිරායාම යනු අභිරහස් ඉරිතැලීමක් නොව ආසාදන ක්‍රියාවලියකි. ඇතැම් බැක්ටීරියා අම්ල නිපදවීමට සීනි භාවිතා කරන අතර, නැවත නැවත අම්ල ප්‍රහාර එල්ල වීමෙන් කුහරයක් ඇති වන තෙක් එනමලය ගෙවී යා හැක. විදුරුමස් වලින් ලේ ගැලීම මුල් අනතුරු ඇඟවීමකි

දත් මැදීම හෝ දත් මැදීම සමඟ ලේ ගැලීම බොහෝ විට විදුරුමස් රෝගයේ මුල් අවධියක් වන විදුරුමස් දැවිල්ල පෙන්නුම් කරයි. 

 නිරන්තර පිරිසිදු කිරීම සහ වෘත්තීය සත්කාර සමඟ, එය සාමාන්‍යයෙන් ආපසු හැරවිය හැකිය.


නිදන්ගත වේදනාව මුඛය සහ ශරීරය සම්බන්ධ කරයි.


පර්යේෂකයන් වැඩි වැඩියෙන් විදුරුමස් රෝගය දේශීය ගැටලුවකට වඩා වැඩි යමක් ලෙස සලකති. දිගුකාලීන දැවිල්ල හෘද රෝග, දෙවන වර්ගයේ දියවැඩියාව, පිළිකා කිහිපයක් සහ ස්නායු පරිහානීය තත්වයන් සඳහා අවදානම් සමඟ බැඳී ඇත. 


මුඛයේ ක්ෂුද්‍ර ජීවීන් ගමන් කරන ආකාරය


දිව සහ කම්මුල් යට මුඛයේ පොහොසත් රුධිර සැපයුමක් ඇති බැවින්, රෝගය අතරතුර බැක්ටීරියා රුධිරයට ඇතුළු විය හැකිය. කෙළ මගින් ආහාර ජීර්ණ පත්රිකාව හරහා ක්ෂුද්‍ර ජීවීන් ද රැගෙන යන අතර මුඛය සහ බඩවැල් සම්බන්ධ කරයි.


මුඛයේ දිව සහ කම්මුල් යට පොහොසත් රුධිර සැපයුමක් ඇති බැවින්, රෝග අතරතුර බැක්ටීරියා රුධිරයට ඇතුළු විය හැකිය. ලවණ මගින් ආහාර ජීර්ණ පද්ධතිය හරහා ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යන අතර, මුඛය සහ බඩවැල් සම්බන්ධ කරයි.


විදුරුමස් විනාශය.


Porphyromonas gingivalis යනු ප්‍රෝටීන මත වර්ධනය වන ප්‍රසිද්ධ විදුරුමස්-රෝග බැක්ටීරියාවකි. එය මූලික වශයෙන් මුඛයේ  පටක මත පෝෂණය වේ. පුළුල් සෞඛ්‍ය අවදානම් සහිත පරිදන්ත රෝග කාරක සම්බන්ධ කරන පර්යේෂණ වලදී එය දක්නට ලැබේ.


කොලරෙක්ටල් පිළිකා


ෆුසොබැක්ටීරියම් නියුක්ලියටම් නමින් හැඳින්වෙන තවත් මුඛ බැක්ටීරියාවක් මහා බඩවැලේ පිළිකා පර්යේෂණ වලදී නැවත නැවතත් සොයාගෙන ඇත. ජාතික පිළිකා ආයතනය විසින් සිදු කරන ලද පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ මෙම බැක්ටීරියාව බොහෝ විට පිළිකා පටක සහ රෝගීන්ගෙන් මළපහ සාම්පලවල බහුලව දක්නට ලැබෙන බවයි.


විදුරුමස් රෝග සහ හෘද වාහිනී සිදුවීම්.


විශාල සාක්ෂි සමූහයක් ද ආවර්තිතා රෝග සහ ධමනි සිහින් වීම හෘද වාහිනී රෝග අතර සම්බන්ධයක් පෙන්නුම් කරයි. අදහස නම් “දත් කැක්කුම හෘදයාබාධ ඇති කරයි” යන්න නොව, ආසාදනය සහ දැවිල්ල දායක විය හැකි බවයි.


හදවත සහ විදුරුමස් අතර සම්බන්ධය.


ඇමරිකානු හෘද සංගමයේ නවතම විද්‍යාත්මක ප්‍රකාශයේ සඳහන් වන්නේ විදුරුමස්-හෘද සම්බන්ධයක් සඳහා සාක්ෂි 2012 සිට වර්ධනය වී ඇති බවයි. හේතු සම්බන්ධතාවය තවමත් ඔප්පු කිරීමට අපහසු වුවද, පුළුල් අවබෝධයක් අනාවරණය කර ගැනීම සඳහා ඔවුන් පර්යේෂණ පවත්වමින් සිටින බවය.

.

එන්ඩොකාර්ඩයිටිස්


එන්ඩොකාර්ඩයිටිස් යනු හදවතේ අභ්‍යන්තර ශ්ලේෂ්මලයේ දුර්ලභ නමුත් බරපතල ආසාදනයකි. මුඛය වැනි ස්ථානවලින් විෂබීජ රුධිරයට ඇතුළු වී අවදානමට ලක්විය හැකි හෘද පටක මතට ඇලී සිටින විට එය සිදුවිය හැකිය.


දියවැඩියාව වියළි මුඛය


ලවණ යනු අම්ල බෆරය කරන සහ ක්ෂුද්‍ර ජීවීන් පාලනය කිරීමට උපකාරී වන ගොඩනඟන ලද සේදීමකි. කෙළ පහත වැටෙන විට, කුහර සහ මුඛ ආසාදන පහසු වේ. වියළි මුඛය කරදරකාරී පමණක් නොවේ - එය නිහඬව දන්ත හානි වේගවත් කළ හැකි අතර ඔබේ ශරීරයේ සමස්ත යහපැවැත්මට බලපෑම් කළ හැකිය.


දත් සහ විදුරුමස් රෝග.


දියවැඩියාව ආසාදන සමඟ සටන් කිරීමට අපහසු විය හැකි බැවින්, විදුරුමස් රෝග වඩාත් සුලභ හා දරුණු විය හැකිය. ඒ සමඟම, ප්‍රතිකාර නොකළ විදුරුමස් රෝග රුධිරයේ සීනි පාලනය නරක අතට හැරිය හැකි අතර, එය කලකිරීමට පත් කරන ලූපයක් නිර්මාණය කරයි.


ගැබ් ගැනීම විදුරුමස් වඩාත් සංවේදී කරයි.


ගර්භණී සමයේදී හෝමෝන මාරුවීම් නිසා විදුරුමස් දැවිල්ල හා ලේ ගැලීම වැඩි විය හැක. මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශය සටහන් කරන්නේ ගර්භණී සමයේදී කුහර සහ විදුරුමස් රෝග ඇතිවීමේ ඉඩකඩ වැඩි විය හැකි බැවින්, සාමාන්‍ය සත්කාර වැදගත් බවයි.


වියළි මුඛය.

ලවණ යනු අම්ල බෆරය කරන සහ ක්ෂුද්‍ර ජීවීන් පාලනය කිරීමට උපකාරී වන ගොඩනඟන ලද සේදීමකි. ලවණ පහත වැටෙන විට, කුහර සහ මුඛ ආසාදන පහසු වේ. වියළි මුඛය කරදරකාරී පමණක් නොවේ - එය නිහඬව දන්ත හානිය වේගවත් කළ හැකි අතර ඔබේ ශරීරයේ සමස්ත යහපැවැත්මට බලපෑම් කළ හැකිය.


ඔබව වියළන ඖෂධ සහ රෝග.


රුධිර පීඩනය හෝ මානසික අවපීඩනය සඳහා ඖෂධ සිය ගණනක් ලවණ අඩු කළ හැකිය. Sjögren's රෝගය, HIV/AIDS සහ දියවැඩියාව වැනි තත්වයන් ද වියළි මුඛයට හේතු විය හැක, එබැවින් රෝග ලක්ෂණය සමීපව බැලීම වටී.


Sjögren


Sjögren's රෝගය යනු ස්වයං ප්‍රතිශක්තිකරණ තත්වයක් වන අතර එය ලවණ ග්‍රන්ථි වලට පහර දිය හැකි අතර මුඛය වියළී, පටක බිඳෙනසුලු වන අතර දත් වඩාත් කුහර වලට ගොදුරු වේ. දන්ත වෛද්‍ය වෘත්තිකයන් සමහර විට එය මුලින්ම සැක කරයි.


රතු හෝ සුදු ලප 


සුව නොවන තුවාලයක් හෝ නොනවතින රතු හෝ සුදු ලපයක් මුඛ පිළිකාවේ පූර්ව අනතුරු ඇඟවීමේ ලකුණක් විය හැකිය. හානිකර නොවන තුවාල සාමාන්‍යයෙන් වැඩිදියුණු වන බැවින්, සති දෙකක් පමණ පවතින ඕනෑම දෙයක් ඇගයීමට ලක් කළ යුතුය.


මුඛ ලප.


කැන්ඩිඩා යීස්ට් සාමාන්‍යයෙන් මුඛයේ ජීවත් වේ, නමුත් එය අධික ලෙස වර්ධනය වී ක්‍රීම් සුදු, වේදනාකාරී ලප ඇති කළ හැකිය, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිය හෝ වෙනත් අවදානම් සාධක සමඟ. ප්‍රතිකාර සාමාන්‍යයෙන් දිලීර සහ යටින් පවතින ප්‍රේරක දෙකම ඉලක්ක කරයි.


විටමින් හිඩැස්


රතු, වේදනාකාරී දිවක් (සමහර විට මුඛයේ වණ සමඟ) විටමින් B12 හෝ ෆෝලේට් ඌනතාවයෙන් පෙන්නුම් කළ හැකිය. මුඛය ඉක්මනින් අලුත් වන නිසා, එය වෙනත් ඉඟි දිස්වීමට පෙර පෝෂණ ගැටළු හෙළි කළ හැකිය.


පහසු රෝග විනිශ්චය සාම්පලයක් ලෙස ලවණ


ලවණ රෝග විනිශ්චය "දියර කවුළුවක්" ලෙස අවධානය දිනා ගනී. රුධිරයට වඩා එය එකතු කිරීම පහසු වන අතර, පර්යේෂකයන් රෝග අවදානම හෝ මුල් වෙනස්කම් සංඥා කළ හැකි ලවණ ජෛව සලකුණු ගවේෂණය කරයි.


“සෞඛ්‍ය සම්පන්න” පෙනුම. 


විද්‍යාඥයින්ට මුඛ ක්ෂුද්‍රජීවය නිවැරදි කිරීමට පෙර, “සෞඛ්‍ය සම්පන්න” යන්නෙහි තේරුම පිළිබඳ පැහැදිලි චිත්‍රයක් අවශ්‍ය වේ. පර්යේෂකයන් මුඛයේ සාමාන්‍ය ක්ෂුද්‍රජීවී රටා අවධානය කරමින් සිටින අතර එමඟින් සමතුලිතතාවය වෙනස් වනවිට  ඔවුන්ට හඳුනාගත හැකිය.


ජාන විද්‍යාව පිළිබඳ කාරණයක්

සමහර අය රෝග ඉතිහාසය  රැගෙන ගියත් විදුරුමස් දැවිල්ල සුළු වශයෙන් පෙන්නුම් කරන අතර අනෙක් අයට පහසුවෙන් විදුරුමස් දැවිල්ල ඇති වේ. ජාන විද්‍යාව සහ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය ඔබේ ශරීරය එකම ක්ෂුද්‍ර ජීවීන්ට ප්‍රතික්‍රියා කරන ආකාරය හැඩගස්වයි, එම නිසා අවදානම් වෙනස් වේ.


මිත්‍රශීලී ක්ෂුද්‍ර ජීවීන්ට උපකාර කරන ආහාර


පලතුරු, එළවළු සහ පැසුණු ආහාර වලින් පොහොසත් සම්පූර්ණ ආහාර වේලක් මුඛයට ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන්ට සහාය විය හැකිය. ප්‍රජාව ස්ථාවර සමතුලිතතාවයකට තල්ලු කිරීමේ ක්‍රම ලෙස පර්යේෂකයන් ප්‍රීබියොටික් සහ ප්‍රෝබියොටික් ද පෙන්වා දෙයි.


ඔමේගා-3 සහ දැවිල්ල සමනය කරන්නන්


ඔමේගා-3 මේද (සැමන්, සාඩින්, walnuts, හණ ඇට, චියා වලින්) ශරීරයේ පහළ ශ්‍රේණියේ වේදනාව  සමඟ සම්බන්ධ වේ. වේදනාව අඩු වු   විට, විදුරුමස් සුව වීමට සහ ඔරොත්තු දීමේ හැකියාව පවත්වා ගැනීමට වඩා හොඳ අවස්ථාවක් තිබිය හැකිය.


මුඛ සේදීම


විෂබීජ නාශක සේදීම් නිශ්චිත අවස්ථාවන්හිදී උපකාරී විය හැකි නමුත්, දැඩි දෛනික භාවිතය හානිකර ඒවා සමඟ ප්‍රයෝජනවත් ක්ෂුද්‍ර ජීවීන් විනාශ කළ හැකිය. බොහෝ විශේෂඥයින් මෘදු සේදීම් තෝරා ගැනීමට සහ පළමුව දත් මැදීම සහ දන්ත පිරිසුදු කිරීම මත නැඹුරු වීමට උපදෙස් දෙයි.


දෛනික පුරුදු


බුරුසුව, පිරිසිදු  කිරීම, ඔබේ දිව මෘදු ලෙස පිරිසිදු කිරීම සහ දන්ත වෛද්‍ය චාරිකා නිතිපතා තබා ගැනීම, පසුව සීනි සීමා කරන සහ ක්ෂුද්‍රජීවී විවිධත්වයට සහාය වන ආහාර තේරීම් එකතු කරන්න. කුඩා පුරුදු, නැවත නැවතත්, මුඛයේ පරිසර පද්ධතිය ස්ථාවරව තබා ගන්නා අතර, මෙය නිසැකවම ඔබව සමස්තයක් ලෙස සෞඛ්‍ය සම්පන්නව තබා ගත හැකිය.


මූලාශ්‍ර: (ජාතික භූගෝලීය) (මායෝ සායනය) (ජාතික දන්ත හා ක්‍රානියෝෆේසියල් පර්යේෂණ ආයතනය)













A day in the life

2026-02-22

දුරියන් වුනත් වැඩිපුර කන්න එපා !.



දූරියන් වල ප්‍රතිඔක්සිකාරක අඩංගු වන අතර අක්මාවට ආරක්ෂිත ගුණයන්ද අඩංගුවේ.

විශේෂයෙන් මේද අක්මා රෝග වැනි  ඇති පුද්ගලයින් දුරියන්  අධික ලෙස පරිභෝජනය කිරීමෙන් අක්මාවට හානි විය හැකිය, 


ඇමරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අනුව, සෑම දූරියන් ග්‍රෑම් 100 කම කැලරි 147 ක්, මුළු මේදය ග්‍රෑම් 5 ක්, සෝඩියම් මිලිග්‍රෑම් 2 ක්, පොටෑසියම් මිලිග්‍රෑම් 436 ක්, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 27 ක්, ප්‍රෝටීන් ග්‍රෑම් 1.5 ක් අඩංගු වේ.


එය විටමින් සී, විටමින් බී 6, යකඩ සහ මැග්නීසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණ රාශියක් ද සපයයි. 

එහි පෝෂණ පැතිකඩ අනුව, දූරියන් අධික ලෙස පරිභෝජනය කරන විට අක්මාවට ධනාත්මක මෙන්ම ඍණාත්මක බලපෑම්ද ඇති කළ හැකිය.


ධනාත්මක බලපෑම්


යුරෝපීය ඒකාබද්ධ වෛද්‍ය සඟරාවේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණයකින් පෙනී යන්නේ දූරියන්, විශේෂයෙන් ඉදුණු විට, ක්වෙර්සෙටින් වැනි ජෛව ක්‍රියාකාරී සංයෝග අඩංගු වන අතර එය අක්මාව ආරක්ෂා කිරීමට උපකාරී විය හැකි බවයි. ක්වෙර්සෙටින් අක්මාවේ ව්‍යුහය වැඩි දියුණු කිරීමට, අක්මා සෛල පුනර්ජනනය ප්‍රවර්ධනය කිරීමට සහ අක්මාවේ අතිරික්ත කොලජන් සමුච්චය  අක්මා ෆයිබ්‍රෝසිස් වැළැක්වීමට හෝ යථාතත්වයට පත්කිරීමට හැකි බව පෙන්වා දී ඇත.


මීට අමතරව, දූරියන් වල අඩංගු ප්‍රතිඔක්සිකාරක අක්මාවට සිදුවන ක්‍ෂණික හානිවලින් ආරක්ෂා කිරීමට උපකාරී වේ. දූරියන් ග්ලූටතයෝන් මට්ටම් යථා තත්ත්වයට පත් කිරීමට ද , එය අක්මාවේ විෂ ඉවත් කිරීමට සහ එහි සමස්ත ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කිරීමට උපකාරී වේ.


එම ප්‍රයෝජනවත් ගුණාංග තිබියදීත්, දූරියන් වල අවාසි ද ඇත. 

විශේෂයෙන් අධික ලෙස පරිභෝජනය කරන විට. දූරියන්වල  කැලරි, සීනි සහ සංතෘප්ත මේද බහුල වන අතර, ඒවා විශාල වශයෙන් අනුභව කළහොත් අක්මාවේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකිය. 

ඇමරිකානු අක්මා පදනම මේද අක්මා රෝග ඇති පුද්ගලයින්ට සීනි, මේදය සහ කැලරි බහුල ආහාර ගැනීමෙන් වැළකී සිටීමට උපදෙස් දෙයි, මන්ද මේවා අක්මා රෝගී තත්වයන් උග්‍ර කළ හැකිය. 

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී ඇත්තේ අධික සංතෘප්ත මේද පරිභෝජනය ඉන්සියුලින් ප්‍රතිරෝධය සහ මේද අක්මා රෝග අවදානම වැඩි කරන බවයි.


මේද අක්මා රෝග ඇති අයට , අධික දූරියන් පරිභෝජනය අක්මාවේ මේදය සැකසීමේ හැකියාවට හානි කළ හැකි අතර, එය දැවිල්ලට සහ තවදුරටත් මේද සංතෘප්ත වීමට හේතු වේ.

ඊට අමතරව, දූරියන් මධ්‍යසාර සමඟ ඒකාබද්ධ කිරීමට විශේෂයෙන් සැලකිලිමත් වේ. රැෆල්ස් හෙල්ත්ට අනුව, දූරියන් වල අක්මාව තුළ මධ්‍යසාර පරිවෘත්තීය ක්‍රියාවලිය මන්දගාමී කළ හැකි සල්ෆර් සංයෝගයක් අඩංගු වේ. ඊට අමතරව, අක්මාව දූරියන් වල ඇති සීනි සහ මේද ඇල්කොහොල් සමඟම සැකසිය යුතු අතර, ඉන්ද්‍රිය මත අමතර පීඩනයක් ඇති කරයි. දූරියන් සහ මධ්‍යසාර යන දෙකම විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීමෙන් අපහසුතාවයට හා අක්මාවේ ආතතියට හේතු විය හැක.


රැෆල්ස් දියවැඩියා සහ අන්තරාසර්ග මධ්‍යස්ථානයේ ප්‍රධාන ආහාරවේදිනී බිබි චියා නිර්දේශ කරන්නේ පුද්ගලයන් දිනකට දූරියන් පල්ප් දෙකේ සිට තුන දක්වා සීමා කරන ලෙසයි. මෙය අක්මාවට අධික ලෙස  නොගෙන පලතුරු වල සෞඛ්‍ය ප්‍රතිලාභ භුක්ති විඳීමට ඉඩ සලසන බවයි.



A day in the life