පසු ගිය දිනවල ලංකාවේ ප්‍රසිද්ධ දේවාල කිහිපයක බස්නායක නිළමේ වරුන් සහ දළදා මාළිගාවේ දියවඩන නිළමේ තෝරා ගැණීම සදහා නිලවරණ පැවත්වින.
මෙම නිළවරණ සදහා ඡණ්දය හිමි වන්නේ ප්‍රදේශයේ දේවාල වල බස්නායක නිළමේ වරුන් , විහාරාධිපති ස්වාමීන් වහන්සේලා සහ දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරුන්ටය.
දිස්ත්‍රික් ලේකම් වරු ප්‍රාදේශීය ලේකම් වරු රජය නියෝජණය කරන පාර්ශවය ලෙස හැදින්විය හැකිය.
“බස්නායක නිළමේ (නිලධාරී)” යනු කලින් කලට තේරී පත්වන නිතර කාර්ය මණ්ඩලයට නොගැණෙන තනතුරක් වන අතර එය රජු හෝ රජය නියෝජනය කරයි. දේවාලයේ සියලු කාර්යයන් අධීක්ෂණයත් මෙහෙයවීමත් ඒ සියල්ලේම ප්‍රධානත්වය ගැනීමත් අවශ්‍ය පහසුකම් සැලසීමත් දේවාලයේ කාර්යයන් නිසි පරිදි පවත්වා ගැනීමත් මෙම නිලයට අයත් ප්‍රධාන යුතුකම් ලෙස සැලකේ.
නිළවරණයකදී රජය නියෝජනය කරන පාර්ශවය රජය නියෝජනය කරයිද ? . යන්න මෙම දේවාල නිලවරණයේදී මට ඇතිවුන එක් ප්‍රශ්ණයක් විය.නිලවරනයන්හීදී කැමත්ත ප්‍රකාශවීම පඩුරු පාක්කුඩම් වලට යට වු බව මගේ නිරීක්ෂණයයි. එහෙයින් විහාර දේවාල පනතේ නිළවරන පිළිබද අන පනත් කාලීනව සංශෝධන විය යුත්තකි.
අනෙක් දේවාල සහ දදා මාළිගාවේද උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ පරිපාලන කටයුතුද පුරානයේ සිට ඉතා විධිමත්ව සකස් වී ඇත. දේවාලයේ ආවත්තාව හා පෙරහැර උත්සව කිරීමට අත්තනායක නිලධාරී ප්‍රධානව රාජකාරී 99ක් ස්ථාපිතව ඇති අතර එය පරම්පරා උරුමයක් ලෙස පවත්වාගෙන එයි. එය පිටස්තරයෙකුට හිමිකර දීමට බලයක් කිසිවෙකුට නැත. එපමණක් නොව එක් පරම්පරාවකට අයත් “රාජකාරියක්” වෙනත් පරම්පරාවක අයෙකුට කිසිසේත් කර නොහැක.
කිසියම් රාජකාරියක් නිසි පරිදි ඉටු නොදේ නම් එය එම පරම්පරාවේ හෝ ඊට සමීප පරම්පරාවක වෙනත් කෙනෙකුට පැවරිය හැකි බලයක් ඔහු සතු වේ. සෑම රාජකාරියකටම අදාළව “පංගුව” ලෙස හඳුන්වන රාජකාරී පංගුවක් ඇති බැවින් දේවාලයේ කටයුතු අඩුපාඩුවක් නොවන ලෙස පවත්වාගෙන යාමට කටයුතු සැලසා ඇත.
නිල පංගුවේ ඇත්තන් අශුද්ධව ඇත්නම් එම රාජකාරිය වෙනත් කෙනෙකු යෙදවීම අත්තනායක මොහොට්ටාල නිගමනයෙන් සිදු වේ. අත්තනායක මොහොට්ටාල යනු නිතර කාර්ය මණ්ඩලයේ ප්‍රධාන නිලයයි. බස්නායක නිලධාරී නිගමන වලට එන්නේ මෙම අත්තනායක මොහොට්ටාලගේ නිර්දේශයන් අනුවයි.
අලුත්නුවර දේවාලයේ නව බස්නායකවරයාගේ අවධානයට පහත සදහන් වන කරුණු කාලීනව අවධානයට ලක්විය යුතුයැයි මම සිතමි. කාලයක් තිස්සේ බස්නායක නිළමේවරුන් අනුගමනය කර ඇත්තේ දේවාලය සතු මැණික් ඉඩම් වලින් යම් කිසි ආදායමක් ලබා ගැනීමට පමනකි.
01. දේවාලය සතු මැණික් සම්පත් නිසි ක්‍රමවේදයකට යටත් කොට විනිවිදභාවයකින් යුතුව ආදායම් ලබා ගැනීම
02. දේවාලය සතු ගොඩ මඩ ඉඩම් පිළිබඳව සමීක්ෂණයක් සිදු කොට එමඟින් ලැබෙන ආදායම් විධිමත් කිරීම
03. දැනටමත් මුඩු ඉඩම් ලෙස ඇති ඉඩම් හඳුනාගෙන කෘෂිකාර්මික කටයුතු සඳහා යොදවීම මගින් දේවාලය සඳහා ස්ථාවර ආදායම් මාර්ග ඇති කිරීම
04. දේවාලය සතු ඉඩම් හරහා ගලා යන ජල ප්‍රභව හඳුනාගෙන ජල විදුලි බලාගාර ඇති කිරීම
05. බැතිමතුන්ගෙන් ලැබෙන ප්‍රදානයන් විනිවිදභාවයෙන් යුතුව පරිහරණය හා සියලු ලැබීම් බස්නායක නිලධාරීතුමාගේ අධීක්ෂණය යටතේ පමණක් සිදු කිරීම
06. දේවාලය ආශ්‍රිතව දිවි ගෙවන ප්‍රජාව දායක කර ගනිමින් ඔවුන්ගේ කුසලතා සංවර්ධනය කරමින් ඔවුන්ගේ මෙන්ම දේවාලයේද ආදායම් ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති දිරිගැන්වීම හා ඇරඹීම.
07. බලන්ගොඩ , බෙලිහුල්ඔය සංචාරකයින් පැමිනෙන ප්‍රදේශයක් බැවින් මෙම දේවාලය පිළිබඳව ප්‍රචාරණය සඳහා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම තුළින් බැතිමතුන්ගේ සහ සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් කිරීම
A day in the life
.jpg)
0 ප්‍රතිචාර:
Post a Comment