1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේ ද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවැනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත්විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව ‘ලංකා’ යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන ‘ශ්‍රී‘ එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි.
ශ්‍රී ලංකාව, පෘතුගාලය – නෙදර්ලන්තය සහ මහා බ්‍රිතාන්‍ය යන යුරෝපීය රටවල් තුනක යටත්විජිතයක් වී තිබිණි. මෙම රටවල් තුනේම සලකුණු අදටත් ශ්‍රී ලංකාව තුළ බහුලව දැකිය හැකිය. නමුත් මේ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ 1948 දී නිදහස ලැබීමට පෙර අවසන් වරට යටත් කරගෙන සිටි මහා බ්‍රිතාන්‍යයේ බලපෑමය. වසර 450 කට අධික විදේශ පාලනයකින් පසු ශ්‍රී ලංකාව නිදහස ලබා ලබන බදාදා දිනයට වසර 78 ක් සම්පූර්ණ වන නමුත් ලංකාව මුහුණදෙන අභියෝග නිමක් නැත. වර්ෂ 1948 ක් වූ පෙබරවාරි 04 වන දින ලංකාවට නිදහස ලැබුණේ එකසිය තිස්තුන් වසරක් (1815-1948) බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට යටත්විජිතයක්ව පැවතීමෙන් පසුවයි.
1815 වසරේ පෙබරවාරි මස 18 වැනිදා දුම්බර මැද මහනුවර බෝමුරේ ආරච්චිගේ නිවසේ සැඟවී සිටියදී එකල මේ රට පාලනය කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු අල්ලා ගැනීමට ඉංග්‍රීසීහු සමත් වූහ. එම හේතුව නිසා දෙදහස් වසරකට වැඩි කාලයක් අවිච්ජින්නව පැවත ආ ශ්‍රී ලංකාවේ රාජාවලිය ද නිමාවට පත්විය. එපමණක් නොව අපේ රටේ පැවති ජාතිකාභිමානයට සුවිශේෂි වශයෙන් හේතු වූ ජාතික නිදහස මෙන්ම ස්වාධීනත්වය ද අහෝසි වී ගියේය. ශ්‍රී ලංකාවාසී ජනතාව එංගලන්තයේ තුන්වැනි ජෝර්ජ් රජුගේ පාලනයට යටත් වූ වහල් ජනතාවක් බවට පත්විය. මේ රට පාලනය කිරීම මුළුමනින්ම එංගලන්ත කිරීටයට හිමිවූවේය.
මෙරට පාලනය බ්‍රිතාන්‍යයන්ට හිමි වූයේ 1815 මාර්තු 02 වැනිදා කන්ද උඩරටදී අත්සන් තබන ලද උඩරට ගිවිසුම මගිනි. බ්‍රිතාන්‍ය හමුදාවේ නිලධාරියෙකු වූ එල් ද බුෂේ නමැත්තා තම මිතුරෙකුට යැවූ ලිපියක උඩරට ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව විස්තර කර ඇත්තේ මේ ආකාරයෙනි. “අප මහනුවර අත්පත් කර ගනිද්දී එහි කිසිම මනුෂ්‍යයෙක් පේන තෙක් මානයක නොවීය. සතියක් ගත වෙන්නටද කලින් එහි සියලු නිවෙස් ඒවායේ අයිතිකරුවන්ගෙන් පිරීගිය අතර නගරයෙහි බොහෝ වූ වීදි මාර්තු 02 වැනිදාට නියමිත වූ උත්සවය දැකගැනීම සඳහා එදිනට කලින් නන්දෙසින් පැමිණි ජනකායකගෙන් ගහන විය. එදින උදෑසනම මාලිගයේ සුවිසල් ශාලා මොහොට්ටාල, කෝරලේ හා විදානේ යනුවෙන් හැඳින්වුණු ජන නායකයන්ගෙන් පිරෙන්නට පටන් ගත් අතර ඒ හැම දෙනාම කළුවන් හෝ සුදුවන් දිගු රැවුලකින්ද මනා බුද්ධිමත් පෙනුමෙන්ද යුත් වෘද්ධයෝ වූහ. බොහෝ දෙනෙක් යුරෝපීය මුහුණක් එතෙක් නුදුටුවෝ වූහ. අපගේ හමුදා දුටුවෝ වී නම් ඒ කීප දෙනෙක්ම පමණි. නැතිනම් එවැනි කිසිවෙක් නොසිටියහ. සුපුරුදු පරිදි නියමිත හෝරාවේ දෛනික මුර සෙබළුන් ඔවුන්ගේ සේවා ස්ථානවලින් මුදා හැරෙද්දී එකී ජන නායකයෝ විස්මයට පත් වූහ. එය ඉතාම දීප්තිමත් දිනයක් විය. සෙබළුන්ගේ අවිවල දීප්තියත්, තූර්ය වාදනයත්, සෙබළුන්ගේ රිද්මයානුකූල ගමන් විලාසිතාවක් ඒ ජන නායකයන්ගේ කුහුල් සිත් පිනවීමට සමත්විය.
15 වැනි හා 16 වැනි සියවසේ සිට යුරෝපා ජාතීහු යටත්විජිත සොයාගෙන මහ සයුරේ චාරිකා කළහ. එක් අතකින් එය ඔවුනට නව ධනෝපායන මාර්ගයක් සොයා ගැනීම සඳහාත් අනෙක් අතින් සිය ක්‍රිස්තු ධර්මය ප්‍රචාරය කිරීමත් සඳහාය. දේශපාලන විචාරකයන් ප්‍රකාශ කරන ආකාරයට කාර්මික විප්ලවයට පෙර යුරෝපීය ජාතීහු ලෝකයෙන් 35%ක්ද, 1914 වනවිට ලෝකයෙන් 84%ක පාලනය ද තමන් සතුකර ගත්හ. කෙසේ වුවද 1945-1975 කාලයේදී බොහෝ රාජ්‍යයන් සිය නිදහස දිනාගනු ලැබුවේ එවකට රාජ්‍යයවල පැතිර ගිය දේශපාලන නිදහස පිළිබඳ වූ අදහස ද ලිබරල් දේශපාලන මතවාද ද වේගයෙන් පැතිර ගිය නිසා බැව් පෙනී යයි.
බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 1948 පෙබරවාරි 04 වැනිදා සිට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් ඩොමීනියන් රාජ්‍යයක් බවට පත් විය. එය පූර්ණ නිදහසක් නොවූ අතර බි්‍රතාන්‍ය රජයට මෙරට පාලනයට තවදුරටත් අතපෙවීම් කළ හැකි විය. ශ්‍රී ලංකාවට නිදහස ප්‍රකාශයට පත් කළ දිනයේ පළමු රාජ්‍යතාන්ත්‍රික කාර්යය වූයේ නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා ලෙස ශ්‍රීමත් හෙන්රි මන්ක් මේසන් මුවර් මහතා, අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් ජෝන් හොවාර්ඩ් සහ ලංකාවේ කැබිනට් මණ්ඩලය ඉදිරියේ දිවුරුම් දීමය. ඉන්පසු අග්‍රාණ්ඩුකාරවරයාද, නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතා ද ගුවන්විදුලියෙන් ජාතිය ඇමතූහ.
1948 පෙබරවාරි 04 වැනි දින නිදහස හිමිවුවද පළමු නිදහස් උත්සවය පැවැත්වුණේ 1948 පෙබරවාරි 10 කොළඹ නිදහස් චතුරස්‍ර භූමියේය. ප්‍රථම පාර්ලිමේන්තු සභා වාරය ආරම්භ කිරීම නිදහස් උත්සව මාලාවේ ප්‍රධාන උත්සවය විය. එම උත්සවය සඳහා මහනුවර මඟුල් මඩුවේ ගෘහ නිර්මාණ ශිල්පය අනුව නිදහස් චතුරශ්‍ර භූමියේ නිදහස් සැමරුම් ශාලාව ඉදිකර තිබුණි. මෙදින පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූයේ 6 වැනි ජෝර්ජ් මහ රජතුමාගේ බාල සොහොයුරා වූ ග්ලෝස්ටර්හි ආදිපාදවරයාය. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයන්ට යටත් වීමෙන් පසු බ්‍රිතාන්‍යයට ගෙන ගොස් තිබූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ සිංහාසනය, ඔටුන්න හා අසිපත ඇතුළු කෞතුක භාණ්ඩ යළි ශ්‍රී ලංකාවට හිමිවූ අතර ඒවා එදින එම ස්ථානයේ ප්‍රදර්ශනය කර තිබිණි.
1815 මාර්තු 02 වැනිදා බිම හෙළුවේ සිංහලයේ පැරණි ජාතික කොඩියයි. සිංහල රාජ්‍යය ඉංග්‍රීසීන් විසින් පවරා ගැනීමේ ගිවිසුම අත්සන් කිරීමත් සමඟ සිංහලයේ පැරණි ජාතික කොඩිය ඉංග්‍රීසීන් යටතට ගැණුනි. මෙරට සඳහා නිල වශයෙන් ජාතික කොඩියක් තෝරා ගැනීම සඳහා ජාතික ධජ කමිටුව නමින් විශේෂ කමිටුවක් 1948 වසරේදීම පත් කරන ලදී. 1950දී ධජ කමිටු වාර්තාව රජය වෙත භාර දුන් අතර 1951 දී එම වාර්තාවේ සඳහන් ජාතික කොඩිය මෙරට නිල ජාතික කොඩිය වන බව පිළිගන්නා ලදී. එම නිර්දේශයන්ට අනුව මෙරට සුළු ජාතිකයන් නියෝජනය සඳහා කොළ සහ තැඹිලි පැහැති වර්ණ තීරු 02ක් එක් කරමින් නැවත ප්‍රතිනිර්මාණය කළ ජාතික කොඩිය 1952 වසරේ පැවති නිදහස් උත්සවයේ ලෙළ දුනි.
‘නමෝ නමෝ මාතා’ ජාතික ගීය මෙරට ජාතික ගීය ලෙස තෝරා ගැනීමෙන් පසුව ප්‍රථමවරට ගායනා කොට ඇත්තේ 1949 පෙබරවාරි 04 දින පැවැත්වූ මෙරට දෙවන නිදහස් සමරුවේදීය. එය ගායනා කරන ලද්දේ ටොරින්ටන් චතුරස්‍රයේ ස්වාධීන අනුස්මරණ ගොඩනැඟිල්ලේ ආරම්භය වෙනුවෙන් පැවති උත්සවයේදී ය. ආනන්ද සමරකෝන් මහතා විසින් රචිත වර්තමානයේ අප ජාතික ගීතය වන නමෝ නමෝ මාතා ගීය 1940 දීී රචනා කර ඇත්තේ ගාල්ල මහින්ද විද්‍යාලයීය සිසුන් තුළ ජාතික හැඟීම වැඩි වර්ධනය කිරීම සඳහාය. කොළඹ මියුසියස් විද්‍යාලයීය සිසු දරුවන් 50 දෙනෙක් විසින් නමෝ නමෝ මාතා ගීය ප්‍රථම වරට ගායනා කරන ලද්දේ මෙරට දෙවන නිදහස් සමරු උළෙලේදීය.
1961දී මෙරට මෙන්ම සමස්ත ලෝකයේ ද ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් නිදහස් උත්සවය සමරන ලද්දේ මහනුවරදීය. 1972 දී රට ජනරජයක් බවට පත් වී දෙවැනි එලිසබෙත් රැජින දිවයිනේ රාජ්‍ය නායකත්වයෙන් ඉවත් වූ තැන සිට, පෘතුගීසි සමයෙන් උපුටා ගත් බ්‍රිතාන්‍ය යටත්විජිත නාමය වන සිලෝන් යන්න ද භාවිතයෙන් ඉවත් කෙරිණි. පසුව ‘ලංකා’ යන නාමයට ගෞරවනීය පැරණි පදයක් වන ‘ශ්‍රී‘ එකතු කරන ලද අතර, මෙය දිවයිනේ සිංහල හා දෙමළ නම් වලට වඩාත් සමීප බවට තීරණය කෙරිණි.
1978 වසර මෙරට පළමු විධායක ජනාධිපතිවරයා දිවුරුම් දුන් වසර විය. ජේ. ආර්. ජයවර්ධන මෙරට ප්‍රථම විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙන ලද්දේ ද 1978 වසරේ පෙබරවාරි 04 දාය. 1998 වසරේ මෙරට 50 වැනි නිදහස් උළෙල පැවැත්වීමට නියමිතව තිබුණේ මහනුවරදීය. නමුත් නිදහස් දිනට දින කිහිපයකට මත්තෙන් දළදා මාළිගාවට දරුණු කොටි ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. එබැවින් මහනුවර පැවැත්වීමට නියමිතව තිබූ නිදහස් උළෙල කොළඹදී පැවැත්විණි. රුදුරු ත්‍රස්තවාදී භීෂණය අතරතුර සැමරූ නිදහස් දින සෑම එකක්ම පාහේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂිතය. ත්‍රස්තවාදය මෙරටින් මුලින් උපුටා දැමීමත් සමඟ 2010 වසරේ සැමරූ මෙරට 62 වන නිදහස් සමරුව අභිමානයෙන් යුතුව සැමරූ තවත් නිදහස් දිනයකි. 30 වසරක් මුළුල්ලේ මෙරට ජනයා පීඩාවට පත් කළ රුදුරු ත්‍රස්තවාදය නිමා කිරීමත් සමඟ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ එම නිදහස් දිනය උත්කර්ෂයෙන් යුතුව සමරන ලදී.
පසුගිය වසරේ ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පැවැත්වූ පළමු නිදහස් සැමරුම “ජාතික පුනරුදය සඳහා පෙළගැසීම“ යනුවෙන් නම් කර තිබිණි. මෙහිදී වෙනදා නිදහස් දින පෙළපාලියේ මුලින්ම යන සිංහයා ඉවත් කර තිබුණු අතර දෙමළෙන් ජාතික ගීය ගායනා කරනු ලැබීය. මෙවර පැවැත්වෙන නිදහස් උළෙලේ තේමාව වන්නේ ‘අපි ශ්‍රී ලංකාව ගොඩනඟමු’ යන්නයි.
කවරක් නමුත් අපේ නිදහස් දිනය උත්කර්ෂයෙන් සැමරිය යුතුය. පසුගිය වසරවල නිදහස් දිනය සමරද්දී කළු කොඩි ඉල්ලූ අයත් සිටි බව අපට මතකය. නමුත් එය උපන් බිමට කරන නිග්‍රහයකි. උපන් බිමට අවමාන කරමින් එයට සාප කරමින් ජීවත්වන අයට සැනසීමක් ලැබේද? සියලු ජාතීනට නිදහසේ ජීවත්වීමේ අවස්ථාව ප්‍රභාකරන් පරාජයෙන් පසුව හිමිවිය. ඒ ජයග්‍රහණය කිසිවිටක අමතක කළ යුතු නැත. කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාව පාවා දිය යුතුද නැත. සිංහලයින්ට ජයශ්‍රී මහා බෝධිය වන්දනා කර උතුරේ තිස්ස විහාරයට ගොස් සිල් ගැනීමේ අවස්ථාව නැති කළ යුතු නැත.
ශ්‍රී මහා බෝධිය පසු කර යන විට උපදින්නේ ශ්‍රද්ධාව බව රටේ බලවතුන් දැනගත යුතුය. සිංහල බෞද්ධයින්ගේ නිදහස සීමා කිරීමෙන් කිසිවෙකුට ජයක් හෝ සහනයක් ලැබෙන්නේ ද නැත.
චතුර පමුණුව - දිවයින

0 ප්‍රතිචාර:
Post a Comment