දල්වා සඳපහන එල්ලා අහස් ගැබේ
බැළුවා වළාකුලු අතරින් නබෝ ගැබේ
කිව්වා තරු නෙතක්, "මග වැරදිලා නුඹේ".
ඇසුවා පෙරනිමිති කපුගේ දුටුව ඉබේ. 💐
කඩදාසියක ලියැවෙන කවියක යාවී
පාළුව තනිය ඉකිබිඳිමින් වැලපේවී
මතකය වළ දමා සිත සන්සුන් වේවී
නිබ්බුත පද කියන්නට නුඹ දැන් ඒවී.
💐
අඳුරු ලලා කළුවර කුරගාන විට
පඳුරු ලලා සෙවණැලි වටකරන විට
සිදුරු වෙලා හද බිතු ලේ ගලන විට
සොඳුරු සෙනෙහසක සිහිලස දැනුණි මට.💐
දල්වා මිණි පහන් නෙතුමත සෙනේ තියා
කිව්වා පුරු-පුරුව වලිගය කොඩිය නියා
දැවටෙන කලට කකුලේ හිසවැදෙන නියා
සුවයකි සැනසුම කි මිළ කළ නොහැකි දයා.💐
රෝසි.....................
0 ප්‍රතිචාර:
Post a Comment