සිංහරාජ අඩවිය අසල ගම්වල උදවිය අතීතයේ කැලේ හේන් (ගොයිපොල) කොටාගෙන එහි අවුරුද්දේ යම් කාලයක් ගත කරන අතරතුර භාවිත ජන වහර ගොවි බාසාව නම් විය.
සතුනට අමුතුම නම්.
සතුන් සිවුපාවුන් බහුල සිංහරාජ අඩවියේ සතුන් හැඳින්වීමටද වෙනස් නාම පද ගොයි බාසාවේ බහුල වීම අරුමයක් නොවේ. මෙම සතුන්ගේ විශේෂ හැඩ හුරුකම් අනුව ඔවුන් අරඹයා භාවිතා කළ නම්වල තර්කානුකූල බවක් හඳුනාගත හැකි වුවත් සමහර සතුන් සම්බන්ධයෙන් එය අමාරුය. කබල්ලෑවට 'පොතු ඇඹයා' කීමත්, නයාට 'පුප්පන ඇඹයා' කීමත්, පොළගාට 'පුල්ලි ඇඔයා' කීමත්, තේරුම් ගත හැකි වුවත් වල් මීයා 'පොට්ටනි ඇඹයා' වූයේ ඇයිද යන්න වටහා ගැනීම තරමක් අමාරුය. මාලුවාට 'දිය පිට පීනන්නා' කීමද වටහා ගත හැකිය. 'මහ ඇඹයා' කීවේ ගෙදර ප්‍රධාන පිරිමියාට යයි කෙනෙකුට අනුමාන කළ හැකි වුවත් ඇත්තටම එනමින් හැඳින්වූයේ අලියාය. 'පර්වත ඇඹයා' කියාද අලියා හැඳින්වුණි.
අලි යන පාර 'මහා ඇඹයා යන මන්දාව' විය. 'හෙට්ටියා' හෙවත් 'හෙට්ටිරාල' නමින් හැඳින්වුනේ කොටියාය. නැතහොත් දිවියාය. 'කළු ගෙඩියා' හෙවත් ඌරා ගොයිපලවලට මහා හිරිහැරයක් වන්නට ඇත. ගෝනා හා ගවයා යන සතුන් දෙදෙනාටම 'අම්බරුවා' නම භාවිතා විය. වඳුරා හා රිලවාට 'ගස් උඩ ඇඹයා' යන්නද ඉත්තෑවාට 'කූරු ඇඹයා' යන්නද කියනු ලැබීය. සිංහරාජය අවට කරදරකාරීම සතෙකු වනුයේ 'සෙවෙල් ඇඹයා' හෙවත් කූඩැල්ලාය. 'ලියන්නා" හෙවත් 'ලියන ඇඹයා' යනුවෙන් මියා හැඳින්වුණේ උගේ කාර්යය ගැන සිතා වන්නට ඇත කුරුල්ලන් හැඳින්වුණ පොදු නාමය වූයේ 'පියහටු බරියා' යන්නයි.
ගමට අමුතු නමක්.
සිංහරාජ අඩවිය අවට ඇති ගම් හෝ කුඩා ගම් ගණනාවකි. වැද්දාගල, කුඩව, පෙතිය කන්ද, පිටකැලේ, මීයනපලාව, හා පොතුපිටිය ඒ අතර වේ. එසේ වුවත් ඒවා හැඳින්වීමට ගොයිපලවලදී භාවිතා කලේ වෙනස් නම්ය. කුඩව ගමට කීවේ 'වැඩබෝගම' කියාය. කුඩව අසල පිහිටි 'පෙතියකන්ද' නම් කුඩා ගම 'වැඩබෝකන්ද' යනුවෙන් හැඳින්විණ. ඒ අතර මියන පලාව නමැති කුඩා ප්‍රදේශය 'රැකෙන පලාව' නමින් හැඳින්වුණේ 'මියන' යන්න 'මැරෙන' යන අරුත දෙන නිසා 'රැකෙන' යන්නෙන් එහි දෝෂ ඉවත් වෙතැයි සිතා වෙන්නට ඇතැයි අනුමාන කළ හැක. පොතුපිටිය නමැති ගමට 'උඩඇරපොත' යයි කියූ අතර ප්‍රදේශයේ ප්‍රධාන ගමක් ලෙස සැලකිය හැකි වැද්දාගල 'ගම්මානෙ' නමින් හඳුන්වන ලදී.
ආගම.
ගොයි ඇඹයන් තුළද යම් ආගමික විශ්වාස ගමේදී පැලපදිංචි වී තිබෙන්නට ඇත. එසේ වුවත් ගොයිපලේදී ඊට වෙනස් වචන ආදේශ කෙරුණි. දෙවියන් හා යකුන් දෙගොල්ලම ඔවුන්ගේ විශ්වාස තුළ වැඩ වාසය කළත් ඒ දෙගොල්ලම හැඳින්වුණේ එකම නාමයකිනි. එනම් බෝලුං කියාය. දෙයියන්ට වී ටිකක් වෙන් කිරීම තම ගොයිපළේ කටයුතු අතුරු ආන්තරාවකින් තොරව හොඳින් කිරීමට අත්‍යවශ්‍ය විය. එසේ කිරීමට කීවේ 'බෝලුංට බැත බෝයක් බානවා' කියාය. යකුන්ගෙන් උපද්‍රව පැමිණි විට තොවිල් කිරීම සිරිතකි. නමුත් ගොයි භාෂාවෙන් තොවිලයට කීවේ 'බෝලුම' කියාය 'බෝලුම' කරන කට්ටඩි උන්නැහේව හැඳින්වුනේ 'බෝලුං ඇඹයා' කියාය.බෝලුමේදී 'බෝලුං ඇඹයා' 'බෝලුං' එලවා දැමීමට ගැහුවේ දුම්මල වුනත් එයට ගොවිපලේදි කීවේ 'සුදුවා බෝය' කියාය.
ජීවිත අත්දැකීම්.
ඔවුන්ගේ ජීවිතයේ බොහෝ සිදුවීම් පිළිබඳ කතා කිරීමේදී ඒ සඳහාද ආදේශක පද නිර්මාණය කළ යුතු විය. ගැහැණු දරුවෙකු වැඩිවිය පැමිණීම 'අරටියාව' නම් විය. එවැන්නක් සිදුවූ විට 'අරටියා වෙලා' යයි කතා වෙති. වැඩපළ කරන අතරතුර තුවාල වුවහොත් 'රතුකිරි ගලනවා' යයි කීහ. ලේ සඳහා 'රතු කිරි' යන යෙදුම කෙතරම් අපූරුද? ලෙඩක් දුකක් ඇති වුනහොත් 'ඔතෑනි වෙලා' කියා 'වෙද ඇඹයකු' හෝ සෙවීම කළ යුතුය. ඔතෑනි වූවකු ඇතැම්විට මරණයට පත් වන්නටත් පුළුවන. නමුත් මැරුණා යයි කීම 'නපුරු පාදේ සද්ද කරන්න ඉස්සර' නිසා (නුසුදුසු වචන නොකිව යුතු නිසා) 'බාල උනා' යයි කීහ.
බුද්ධාගම් කාරයන් වුවත් ගොයිපලේ කතා බහේදී 'ගොයි ඇඹයන්'ගෙන් බුද්ධාගමට අදාළ වෙනස් වචන නිර්මාණය නොවීම විමසා බැලිය යුතු කරුණකි. නමින් බුද්ධාගමේ වුවත් ඔවුන්ගේ ආධ්‍යාත්මික ලෝකය තුළ රජ කළේ බෝලුං පමණද?
මෙහිදී අප සඳහන් කළේ සිංහරාජ අඩවිය අසල කුකුළු කෝරළයට අයත් කඳු ආශ්‍රිත ගම්වල මිනිසුන් කලකට පෙර සිංහරාජ වනාන්තරය තුළට ගොස් හේන් කොටා ගෙන අවුරුද්දේ සෑහෙන කාලයක් හේන්වල හෙවත් ගොයිපළවල ගත කරද්දී භාවිතා කළ 'ගොයි භාසාව' ගැනයි. ගමේදී භාවිතා කළ භාෂාව හේන්වලදී භාවිතා කිරීම නරක ප්‍රතිවිපාක ඇති කරනු ඇත යන බිය නිසා මෙම උප භාෂාව පාවිච්චි කෙරිණ.
බ්‍රිතාන්‍ය පාලන යුගයේ යටත් විජිත රජය විසින් ඇතිකළ මුඩුබිම් පනත නිසා ඉඩම් අහිමි වූ ගොවීන් ආඩුවේ දේශීය මුලාදෑනියකු වන කෝරලේ මහතාගෙන් ලබාගත් බලපත්‍ර සහිතව වනාන්තර තුළට ගොස් වාණිජ බෝග වගාවකරන ක්‍රමය ඇරඹීමේ ක්‍රියාවලිය මෙම ප්‍රදේශයේ ගත් ඓතිහාසික ස්වරූපය මෙය විය හැක. එසේ වුවත් එය තහවුරු කරගැනීම සඳහා වැඩිදුර අධ්‍යයන මත රඳා පවතී.
මීට හේතුව අවුරුදු හතලිස් ගණනකට පෙර කුඩව ගමේ ආදී ගැමියන් ඉතා ආශිර්වාදයෙන් තම පැරණි ජීවන රටාවක් ගැන කරන අතීත සැමරුම් තුළින් හෙළි කරගත් මෙම සංස්කෘතික දායාදය ඔවුන් කිසිවෙක් ජීවතුන් අතර නැති තත්වයක සදහටම මැකීයාම වැලකීමට. මෙසේ ජනගත කළෙමි.
2025.12.19
නීතීඥ රංජිත් විජේනායක ©
අනිද්දා
ඡායාරූපය අන්තර්ජාලයෙන්.
A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment