මේ තියෙන්නේ අපේ රටේ ගොවිතැන් කටයුතු කෙරෙන ප්රදේශවල ධාන්ය වර්ග වේලන ක්රමයක්. මේ විදියට මහා මාර්ග අයිනේ නිකම්ම පස් මත හෝ තාර පාරේ ඉරිඟු, මුං ඇට, කවුපි, රටකජු වගේ ධාන්ය ඇට වර්ග වේලනවා. එහෙම නැතිනම් කමත් වල වේලනවා. මේ දෙආකාරයම සෞඛ්යයට ඉතාම අහිතකරයි. 
ඇයි එහෙම වෙන්නේ. 
ධාන්ය වර්ග බිම මෙහෙම වේළන කොට ඇෆ්ලැටොක්සින් කියන අක්මාවෙහි තැම්පත්වන, එහෙම කාලයක් තිස්සේ තැම්පත් වෙලා පිලිකා සෑදීමට හේතුවන, උග්ර පිලිකාකාරක දූලක වලින් හෝ ඒ කිවුව දූලක නිපදවන පසෙහි ස්වභාවිකව ජීවත් වෙන ඇස්පර්ජිලස් ෆ්ලාවුස් (Aspergillus flavus) කියන දිලීරයෙන් නිසැකවම ඒවා දූෂණය වෙන්න පුලුවන්.
ඇත්ත වශයෙන්ම, මේ විදියට පොලිතීන් හෝ වෙනත් ජලරෝධක ආස්තරණයක් නොදා ඇට ධාන්ය වර්ග කෙලින්ම පසෙහි වියළීම ලොව පුරා පසු අස්වනු දූෂණයට ප්රධාන හේතුවක් විදියට තමයි සැලකෙන්නේ.
මෙහෙම අනාරක්ෂිතව ධාන්ය ඇට වර්ග වියලීමෙීදි ඩැමේජ් වුන, කෘමි හානිවලට ලක් වුන ධාන්ය වර්ග ඔය කිවුව දිලීර වලින් දූෂණය වෙන්න තියෙන හැකියාව සාමාන්ය ඇට වර්ගවලටත් වඩා වැඩියි. ඒ වගේම පසෙහි තෙතමනය වැඩි වීම, වායුගෝලයේ ආර්ද්රතාව වැඩි වීම, වැඩි කාලයක් පස හෝ මාර්ග මත මෙහෙම වේලෙන්නට තැබීම වැනි සාධක මේ අවදානම තව තවත් ඉහළ නංවනවා.
වැරදිලාවත් මෙහෙම වේලනකොට යන්තම් හරි පින්නකට වැස්සකට අහු වුනොත්නම් වැඩේ තවත් සීරියස් වෙනවා.
එහෙම තමයි මේ ගැන තියෙන විද්වත් මතය.
ලංකාවේ බොහෝ ධාන්ය වර්ග, ධාන්ය ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු වර්ග සහ ඒවා ආශ්රිත නිෂ්පාදන ඇෆ්ලටොක්ෂීන් විෂ දූලකවලින් දූෂණය වෙන්න බලපාන ප්රධානම හේතුව මේක වෙන්න පුලුවන් .
මෙහෙම වේලලා ගෝනිවල අහුරලා නිසි වාතනයක් නොමැති තෙතමනය සහිත ගබඩා වල මේවා ගබඩා කරල තිබ්බොත් ඇෆ්ලජිලර්ස් දිලීරේ තව තවත් පැටවු ගහනවා .
01. අක්මා පිළිකා (Hepatocellular Carcinoma): කාලයක් තිස්සේ නිරාවරණය වුනාම අක්මා පිළිකා සඳහා ප්රධාන හේතුවක් වෙනව කියල කියැවෙනවා.
02. උග්ර ඇෆ්ලටොක්සිකෝසිස් තත්වය (Acute Aflatoxicosis) ඉහළ මට්ටම්වලින් ශරීරගත වීම සිදු වුවහොත් වේගයෙන් අක්මාවට හානි කරනවා. එහෙම වුනොත් සෙංගමාලය, ඔක්කාරය, වමනය, උදර වේදනාව සහ සමහර විට මරණය පවා ඇති වෙන්න පුලුවන් කියලයි කියැවෙන්නේ.
03. දිගු කාලයක් තිස්සේ අඩු මට්ටමකින් (law level ) ඇෆ්ලටොක්ෂීන් විස දූලකවලට නිරාවරණය වුනාම, ප්රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරන්නටත්, ළමයින්ගේ වර්ධනය අඩාල වෙන්නටත් (immune system suppression and impaired growth ) (මිටි වීම) බලපානවා කියල කියැවෙනවා.
ස්තුතියි
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment