බිදුණු යට ලී කදට එපා මට මුක්කු



දීග ආ මගේ මිනිහා පුරන්සිස් උක්කු

රස්සාවට වගේ කැරකුවේ සෙක්කු 

ඉදහිටලා වගේ පැදවෙව්වා අබලන් ඩක්කු

දවසක දී ඇද වැටුනා වාහනයෙන් දැක්කු


මාස නවයේ එකා ඉල්ලනවා උක්කු

දහ අතේ දිවගියා හොයා ලොකු ලොක්කු 

එකෙක්වත් හිටියේ නෑ මගේ පවුල රැක්කු 

ඉදහිටලා පිහිට වුනේ අපි වගේ සොක්කු


සිහිවෙනවා ඉස්සරදී කෑව සීනක්කු

ඒත් දැන් හැපෙන්නෙම කොහොඹ පුන්නක්කු

කන්න නැති දරු පැටවු වෙලා ඔළුබක්කු

බලාගෙන ඉන්නේ මං වී තක්කු මුක්කු


දවල් කාලෙට ඉන්නේ සිල්ගත්ත කොක්කු 

රෑට පිලිකනු වටේ ඇවිදින්නේ මොක්කු 

නොකිවුවට අදුරනවා උන් රීරී යක්කු

බිදුණු යට ලී කදට එපා මට මුක්කු.


  • කටු අතැර මල සිඹිමු.

  • පී.ජී. ආරියපාල.













A day in the life

  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 ප්‍රතිචාර: