සීතල මරණය.
මම එහෙම හදුන්වන්න කැමතියි.
මරනාසන්න මොහොත බෞද්ධ උපදේශණ දේශනාවල බොහෝම සාකච්ඡා වෙන මතෘකාවක්.
අපි මරණයට බිය ගන්නවා.
සසරින් එක් අවස්ථාවක නික්ම යාම බිය විය යුතු හේතුවක් නෙවෙයි කියලා.
කැප්පෙට්ටිපොල නිළමේ වධයට පත්කරන අවස්ථාවේ
“ අයියන්ඩිය මම මරණයට බිය නොවන්න “ කියු පුංචි පුතා මට මතක් වෙනවා.
අන්තර්ජාලයේ පලවු ලිපියක මෙහෙම පලවෙලා තිබුනා.
අවසන් අවස්ථාව බලාපොරොත්තුව සිටි රසියානු ලේඛකයින් කිහිප දෙනෙක්ගේ සමුගැන්ම සටහන් වෙන්නේ මේ විදියට.
ව්ලැදිමීර් නබොකොව් කෘමී විද්‍යාව පිළිබඳ උනන්දුවක් දැක්වූ අතර සමනලුන් එකතු කරන්නෙක්.
පියාගේ අවසන් මොහොතේ පුතා ලග ඉන්නවා.
පියාගේ දෑස් හදිසියේම කඳුලින් පිරී යනවා ඔහු දකිනවා.
"ඔහු අහනවා ඇයි තාත්තේ අඬන්නෙ කියල.
එවිට ඔහු "සමනලයෙකු දැනටමත් පියාඹනවා..." කියලා පවසනවා.
2. "මම මියයනවා! මම ගොඩ කාලෙකින් ෂැම්පේන් බිව්වෙ!"
ලේඛකයෙකු මෙන්ම වෛද්‍යවරයෙකු ද වූ අන්තොන් චෙකොව් මිය යන්නේ ක්ෂය රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී.
ජර්මනියේ බේඩන්වීලර් නගරයේදී.
පැරණි ජර්මානු සම්ප්‍රදායකට අනුව, රෝගියෙකුට මාරාන්තික රෝගයක් ඇති බව හඳුනා ගන්නා වෛද්‍යවරයා ඔවුන්ට ෂැම්පේන් සංග්‍රහයක් පිරිනමනවා.
චෙකොව්ගේ බිරිඳ වූ නිළි ඔල්ගා ක්නිපර්-චෙකෝවා (Olga Knipper-Chekhova) පසුව එම සිදුවීම මෙසේ සිහිපත් කළා.
“ඔහු රාත්‍රියේ අලුයම කාලයේදී අවදි වූ අතර, තම ජීවිතයේ පළමු වතාවට වෛද්‍යවරයකු කැඳවන ලෙස ඔහු විසින්ම ඉල්ලා සිටියා.”
ජර්මානු ජාතික වෛද්‍යවරයා පැමිණි විට, ඔහු අසාමාන්‍ය ලෙස කෙලින් වාඩි වී, (ඔහු ඉතා අල්ප වශයෙන් දැන සිටි) ජර්මානු භාෂාවෙන් ඉතා ශබ්ද නඟා සහ පැහැදිලිව 'Ich sterbe' ('මම මිය යනවා') යැයි පැවසුවා”
සම්ප්‍රදාණුකුලව වෛද්‍යවරයා විසින් ෂැම්පේන් බෝතලයක් ගෙන එන ලෙස පැවසුවා,
චෙකොව් වයින් පිරුණු වීදුරුවක් අතට ගෙන, එය පරීක්ෂා කර බලා, මා දෙස බලා සිනාසෙමින්, ''මම ෂැම්පේන් බොන්නෙ ගොඩ කාලෙකින්"' යැයි පැවසුවා.
ඔහු එය පානය කර අවසන් කොට, ඉතා නිහඬව තම වම් ඇලයට හැරී වැතිරුණේය.
වැඩි වේ නොගෙන ඔහු සදහටම නිහඬ වුනා.
දේශපාලන අදහස් ද මිනිසුසු ඉක්මනින් මරා දමනවා.
සංකේතවාදී කවියෙකු වූ ඇලෙක්සැන්ඩර් බ්ලොක් 1921 වසන්තයේදී දැඩි ලෙස රෝගාතුර විය.
සිවිල් යුද්ධය සමයේ ඇති වූ සාගින්න, ස්නායු දුර්වලතාවය සහ රුසියානු බුද්ධිමතුන් ඔහුගේ "The Twelve" නම් විප්ලවවාදී කාව්‍යය පිළිගැනීමට අපොහොසත් වීම මෙම රෝගයට හේතු විය.
මැක්සිම් ගෝර්කි ඇතුළු මිතුරන් ඔහුට විදේශගතව ප්‍රතිකාර ලබා ගැනීමට අවසර ලබා දීමට උත්සාහ කළද, බෝල්ෂෙවික් පක්ෂය එය තහනම් කළේය.
ඔහු ගේ අවසන් වදන් වුයේ "මෝඩ ඊරියක් තම පැටවා කන්නාක් මෙන් රුසියාව මාව කා දැම්මා"
මේ කතාව රසියාවට විතරක් නෙමෙයි.
අපේ රටේද මෝඩ ඌරන් තම දරුවන් කා දමමින් ඉන්නවා.
"මරණය සිදුවිය යුතු නිවැරදි වේලාව ගැන මම නිතරම සිතමි.
දෙවියනේ, මායාකොව්ස්කි කෙතරම් නිවැරදිද!
මම මියයන්නට ප්‍රමාද වැඩිය. මරණය නියමිත වේලාවට සිදුවිය යුතුය."
සෝවියට් ලේඛක මිහායිල් සොෂ්චෙන්කෝ, 1920-30 දශකවල අතිශය ජනප්‍රිය වූ කෙටිකතාකරුවෙකි.
පාලකයින්ගේ පීඩනයටත්, සමකාලීන ලේඛකයින්ගේ පාවාදීමටත් ලක්වූ ඔහු ලේඛක සංගමයෙන් නෙරපා හරින ලදී.
සෝවියට් ජීවිතයේ අධ්‍යාත්මික පැතිකඩ හඳුනාගත් නිසා අද ඔහු "රුසියානු කෆ්කා" ලෙස හැඳින්වේ.
මිහායිල් සල්ටිකොව්-ෂෙඩ්‍රින් ඔහු නිර්භීතය
හාස්‍යය සහ උපහාසය ඔහුගේ මාධය විය. එවැනි නිර්මාන ලේඛන සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය.
ඔහු තම මරණය පිළිගත්තේ "ඒ ඔබද, මෝඩයා?" යන ප්‍රශ්නය අසමිනි.
"මම ඔබට ආදරය කළෙමි,
මගේ සිතුවිල්ලකින්වත් මම කිසිදා ඔබව රැවටුවේ නැත."
ලේඛක ෆියෝඩර් දොස්තයෙව්ස්කි තම බිරිඳ ඇනාට පැවසූ අවසාන වදන්ය.
ඔවුන්ගේ විවාහ ජීවිතය පුරාම ඔවුහු එකිනෙකාගෙන් වෙන්ව සිටියේ දින කිහිපයක් පමණි.
ඇනා ඔහුගේ බිරිඳ පමණක් නොව, සහායිකාවක ලෙස ද කටයුතු කළාය.
"රුසියාව තේරුම් ගැනීමට මනස පමණක් ප්‍රමාණවත් නොවේ. ඇය කෙරෙහි විශ්වාසය තැබිය යුතුය" යන්න ෆියෝඩර් ටියුචෙව් ගේ සුප්‍රකට අදහසකි.
"තමන්ගේ සිතුවිලි ප්‍රකාශ කිරීමට නිවැරදි වචනය සොයා ගැනීමට නොහැකි වීම මොනතරම් වධයක්ද!"
ෆියෝඩර් ටියුචෙව් කවියාගේ අවසන් වදන්ය.
රුසියාවේ සුවිශේෂත්වය පිළිබඳ ඔහුගේ කවි අදටත් රුසියානු පෙළපොත්වල ප්‍රකට පාඩම් වේ.
"මම මේ මෝඩයාට වෙඩි තබන්නේ නැහැ!"
මිහායිල් ලර්මොන්ටොව් සහ නිකොලායි මාර්ටිනොව් අතර පැවති ද්වන්ධ සටනකදී, ලර්මොන්ටොව් වෙඩි තැබීම ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ "මම මේ මෝඩයාට වෙඩි තබන්නේ නැහැ!" යනුවෙනි.
එයින් කෝපයට පත් මාර්ටිනොව් වෙඩි තැබූ අතර, ලර්මොන්ටොව් එම ස්ථානයේදීම මියගියේය.
මෝඩයා වෙඩි තැබීය. බුද්ධිමතා මියගියේය.
වයස අවුරුදු 83 දී, ලියෝ ටෝල්ස්ටෝයි සිය නිවසින් පලා ගොස් දුම්රියපළක සිටියදී නියුමෝනියාව වැළඳී රෝගාතුර විය. මියයන මොහොතේ සිහි විකල්ව සිටියදී පවා ඔහු පැවසුවේ "මම සත්‍යයට ආදරය කරමි" යනුවෙනි.
ඉණිමඟක රූපය නිකොලායි ගොගොල්ගේ නිර්මාණවල නිතර දක්නට ලැබුණු සංකේතයකි.
ආත්මයන් ස්වර්ගයට රැගෙන යන ඉණිමඟක් ගැන කුඩා කල තම මිත්තණිය පැවසූ කතාවක් ඔහු විශ්වාස කළේය.
"ඉණිමඟ, ඉක්මනින් මට ඉණිමඟ ගෙන එන්න!" යන්නයි.


0 ප්‍රතිචාර:
Post a Comment