දේශපාලනය සහ බලය ලබා ගැණිමට පෙල ගැස්වීම දෙකක් .
නාමල්ලා, දිලීප්ලා රණිල් සහ සජිත් නායකත්වය අරගෙන ඒ සදහා වෙන් වෙන්වා බල මුළු ගන්නනවා.
ඒ මට පේන දෙයක්.
වර්ථමාන ආණ්ඩුවට අනාගත බලය තහවුරු කරගන්න තියෙන්නේ වැඩ පෙන්නලා.
ඒ ගොල්ලා වැඩ කරනවා. කථා කරනවා.
අපේ පැත්තේ නම් පාරවල් පාලම් බෝක්කු හදනවා.
අලින්ට වැටවල් බදිනවා.
නායකත්වය දෙන ප්‍රධානීන් ඉන්නවා.
සමහරු බලය නිසා දෝ අනාගතය පේන්නේ නැහැ.
සමහරු අනාගතය දකිනවා.
හිටපු අයත් එක්ක සංසන්දනය කරන කොට අනාගතය රැක ගන්නවායි හිතන අයත් ඉන්නවා.
ඒ අයගෙත් දේශපාලන අනාගතය නැති කරන උද්ච්ච පොරවල් ඒ අතර ඉන්නවා.
මේ පූර්විකාව ලියුවේ පුංචි සිද්ධියක් මුල් කර ගෙන.
මට දේශපාලන දර්ශණයක් තියෙනවා.
මගේ කරුමෙට ඒක මේ මහ පොළවේ පැළ කරගන්න බැහැ.
ඒ නිසා නන්තාර වෙනවා.
ඉතිරි වෙලා තියෙන්නේ පුද්ගලාබද්ධ දේශපාලනයක් ! .
පසුගිය ජනාධිපතිවරණයේදී මෙහෙම කතා බහක් වුනා.
අංකල් මේ පාර අපි වෙනස් කරමු නේද ?.
ප්‍රශ්නේ අහපු කෙනා මට වැදගත්.
මම කිව්වා“ වෙනස් කරන්න එන්නම් -
පවත්වා ගෙන යන්න එන්න නම් බැරිවෙයි “ කියලා..
ඒක ඒ විදියට වුනා.
මේ වෙනසට මම කැමතියි. ඒත් මුලාවට බොරුවට නම් අකමැතියි.
මට මුල ඉදන්ම හිතුන දෙයක් තමයි
රණිල් හදලා තිබුන පාරෙන් පිටට යන්න බැරි වෙන බව.
අපි රටක් හැටියට ඉන්නේ යූ ටර්න් එකක් ගහන්න බැරි අසාධ්‍ය තත්වයෙන්.
ඒකට හේතු කියන හොරා කෑම වගේ දේවල් මූලික හේතු කියලා මම පිලිගන්නේ නැහැ.
අපිත් වැඩ කරන්න එපාය. ඒත් අපි වැඩ කරන ජාතියක් නෙමෙයි.
අපේ නිෂ්පාදනයක් නැහැ.
අඩු තරමින් අපි වවාගෙන අපි කන්නේ නෑ.
මම ඉන්න බෙලිහුල්ඔය තුන් වේල බත් කෑවේ අපේ ගමේ හාල් වලින්.
ඒත් අද කන්නේ පොලොන්නරුවේ ඩඩ්ලි ගේ මෝලේ හාල්.
උන්නැහේ කෝටි ගනන් වටින් රොල් රොයිස් පදිනවා.
අපේ කෙත් වතු පාලු වෙලා පුරන් වෙනවා.
ඉතින් රට ගැන මොන කතාද ?.
1948 මම ඉපදුන අවුරුද්ද.
මේ 2026………
රටේ කොයිතරම් දේවල් වෙනස් වෙලා තියෙනව ද ?.
භෞතික , මානව ……..ආදි කී නොකි හැම දෙයක්ම කාලීනව සංවර්ධණය වෙලා තියෙනවා.
එහෙම වෙනස් වෙන්න ආයෝජනය වුනේ අපේ සල්ලි නෙමෙයි. රට රටවලින් ගත්ත ණය……..ආධාර විතරක් නම් කමක් නැහැ.
දැන් 50ට වඩා අඩු පාසල් වහන්නත් තීරණය කරලා.
ඒකටත් සංවර්ධණය හේතුවක් ( පසුව ලිවිය යුතු මාතෘකාවක් ) .
කතාව වෙනස් වුනා නේ ද ?
ඔන්න පසුගිය දවසක නාමල් දකුනේ තියපු රැස්වීමක පින්තූර වගයක් මුණු පොතේ පල කරලා තිබුනා.
ඒ එයාලගේ බල මුළු සංවිධාණය කර ගන්නා ක්‍රියාදාමයක් නේ.
අසල්වාසියෙක්ගේ ප්‍රතිචාරයක් දැක්කා ඒකට ගරහලා.
සමාජයේ යම් තැනක ඉන්න කෙනෙක්ගෙන් එවැන්නක් බලාපොරොත්තුවෙන්න බැහැ.
මගේ අතත් නිකම් තියාගෙන ඉන්න බැරිකම ප්‍රතිචාර දැක්වූවා.
“ දේශපාලන බලතුලනය විවිධාකාරයි. 48 ඉදන් පවත්වපු මැතිවරණ වලදී ඡණ්දදායකයා හැසුරන අන්දම දිහා බලන කොට අනාගත මැතිවරණයකදී මොනව වෙයිද දන්නේ නෑ කියන අදහස “ මම පල කලා.
මට ලැබුන ප්‍රතිචාරය අනතුරු ඇගවීමක්. “ මීට පස්සේ මට ප්‍රතිචාර දක්වන්න එපා. මම ඔයත් අදුරනවා .ඔයගේ නෝනා ( ටීචර් කෙනෙක් ) නිසා ඉවසනවා කියලා. ටීචර් එයාටත් උගන්නලා ඇති.
ටීචර් සාමාජ අධ්‍යයනය උගන්වලා තිබුනත් ගෝලයට හරි විදියට ඉගනන නෑ කියලා හිතපු මම දැන් කාලේ අදහසක් දක්වන්නත් දේශපාලන අධිකාරියෙන් අවසර ගන්න ඕනි ද ? ප්‍රශ්ණයට උත්තරයක් නැතිව , මම එතුමා මගේ මුණුපොතෙන් එලවලා දැම්මා.
දැන් මට පේන එකක් නැහැනේ.

0 ප්‍රතිචාර:
Post a Comment