දැන් ඉරත් හැංගිලා. අපි ආපසු නවාතැනට එන්න පිටත් වුනා.
කල්තොට රස්නේ බෙලිහුල්ඔය සීතල දේශගුණය ගත නිවාවි.රජවකින් හැරිලා සමනල වැව - පඹහින්න මාර්ගයේ බෙලිහුල්ඔයට පුංචි දුරයි.
ඒ ගමන් මග ගැන දවසක කියන්නම්.
පහුවදා අපි යන්න තීරණය කලේ කල්තොට යන අතරමග හමුවුන ගල්ටැම්යාය , කූරගල සහ දූවිලි ඇල්ල හුණුගල් පොකුණ බලන්න.
බෙලිහුල්ඔය නවාතැනේ ඉදලා පිටත්වුනාම මුලින් අපි තන්ජන්තැන්න “ගල්ටැම්යාය “ හමුවෙනවා.

ගල්ටැම්යාය
තන්ජන්තැන්නේ න් දකුණු දෙසට හැරෙන බොරළු පාර ඔස්සේ මීටර් දෙසීයක් පමණ ගිය විට ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියට ඇතුළු විය හැක. මෙම පුරාවිද්‍යා භූමිය 1951 වසරේ දී පවරා ගන්නා විට අක්කර 5ක පමණ භූමි ප්‍රදේශයක් වසා ගෙන තිබිනත් අද මෙය අක්කර 2½ කට සීමා වෙලා.
පෞරාණික ගොඩනැගිලි වලට අයත් ගඩොල් කැබලි ප්‍රදේශය පුරා පැතිරී තිබෙන අයුරු දැකගත හැක. මෙහි ගොඩනැගිලි ශේෂ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිසංස්කරණය කරන ලද ස්ථූපයක් ද කොරවක්ගල්, පියගැට පෙළ, මුරගල් කැබලි කැටයමින් තොර සඳකඩ පහණක්ද අද දැකගත හැක.
කූරගල හා බුදුගල විහාර සංකීර්ණ සමඟ ඇති ගල්ටැම් යාය පුරාණයේ එකම විශාල ආරාම සංකීර්ණයක කොටස් විය හැකියයි සිතනවා.
පූජ්‍ය විකිළියේ නාරද හිමි විසින් රචිත “ඓතිහාසික රත්නපුර” ග්‍රන්ථයේ
“තන්ජන්තැන්නේ ගල්ටැම්යාය” යයි මෙකල භාවිතා කරන “කුරුදියවල විහාරය” යැයි කියන්නේ මෙතනටය. මෙතනද ගල්ටැම් බොහෝ ඇත.යයි සදහන්. කූරගල යෝග මධ්‍යස්ථානයට යෑම සඳහා පුරාණ මාර්ගය වැටී තිබුණේ ගල්ටැම්යාය අසලනි. එකී මග තැනින් තැන ගල් පඩිද බැඳ තිබිණි. ගල්ටැම්යාය නම් වූ කුරුදියවල විහාරස්ථානයේත් කූරගල යෝගාශ්‍රමයේත් දුරාතීතයේ ලොකු සම්බන්ධතාවයක් තිබූ බව එකී මාර්ගයෙන්ම පෙනෙනවා.
මෙම භූමියේ ඇති ගොඩනැගිලි අවශේෂ ක්‍රමානුකූලව සැලසුම් ගත කිරීමේදී පෙනී යන්නේ මෙය පංචායතනයක අවශේෂ ලෙස පෙනී යන බව පුරා විද්‍ය ගවේෂකයෙකු වන දයානන්ද බිනරගම මහතාගේ මතයයි. සමහර විටක හුදකලාව පිහිටුවන ලද පටිමාඝරයක් (පිළිම ගෙයක්) වෙනුවට පිළිමගෙවල් කිහිපයකින් සමන්විත පංචකුටි, පංචගෘහ, පංචවාස, පංචායතන යනුවෙන් හැඳින්විය හැකි බෞද්ධ ගොඩනැගිල්ලක නටබුන් ඓතිහාසික ගල්ටැම්යාය පුරාවිද්‍යා භූමියෙන් හඳුනාගත හැකිය.

දැනට පිළිම ගෙය ලෙස හඳුනාගත හැකි ගොඩනැගිල්ල දල වශයෙන් අඩි 50×50 ප්‍රමාණයේ චතුරස්‍රාකාර කුටියකි. එහි ඊසාන පැත්තේ අඩි 8 ක් පමණ දික් වූ ගල්ටැම් 5ක් දැකිය හැකියි.
ඒක සමානව වයඹ ප්‍රදේශයේ ද ගල්ටැම් කිහිපයකි. පිළිම ගෙය මධ්‍යයෙහි ගල්ටැම් සමූහයක් ද සිටුවන ලද ගල්ටැම් වල ශේෂ වූ පාදම් කොටස් ද දැකිය හැකියි. ගිනිකොන දෙසට වන පරිදි කොරවක් ගල් දෙකක් සහිත සඳකඩ පහනක් හා පියගැටපෙළ තුනක්ද ශේෂ වූ මුරගලක කොටසක්ද ද්වාරයේ ඉහළ පේකඩක කොටසක් ද දැකිය හැකියි.
මෙහි පංචායතන සැලැස්මට අනුව දකුණු, නිරිතදිග හා වයඹ දෙසට තවත් ගොඩනැගිලි කිහිපයක අවශේෂ ඇති අතර ඒවා ප්‍රදේශයේ ජනතාව විසින් ඉඩම් අත්පත් කර ගැනීම නිසා විනාශ වී ඇති අයුරු දැක ගැනීමට පුළුවන.
මෙම ස්ථානය පංචත ක්‍රමයට නිමැවූ ගොඩනැගිලි පහකින් සහ කුඩා සංරක්ෂිත ස්තූපයකින් සමන්විත වේ. එම ගොඩනැගිලි ආවරණය කරමින් ගඩොල් ප්‍රාකාරයක් ඉදිකර තිබී ඇති අතර එම ප්‍රාකාරයේ සිව් දිශා වලින් ඇතුළු වීම සඳහා ද්වාර මණ්ඩප සතරක් පැවති බව දැකගත හැකිවේ.
ප්‍රාකාරය තුල වූ ගොඩනැගිලි සියල්ලම ප්‍රතිමා ගෘහයන් ලෙස උපකල්පනය කළ හැකි වන්නේ ඊට සමාන නිර්මාණයන් මිහින්තලයේ 'මනිනාග මන්දිර' සහ ඉඳිකටු සෑය පුරාවිද්‍යා ස්ථාන වල දී දැකගත හැකි නිසාවෙනි.
මෙහි දක්නට ලැබෙන සඳකඩ පහන් සහ මුරගල් කැටයම් රහිත ඒවා වේ. දකුණු දිශානුගතව ඇති ස්තූපය, ප්‍රකාර බැම්මට පිටින් ඊට යාව ඉදිකර තිබීම විශේෂිත ය.
අපි ගල්ටැම්යායෙන් හුණුගල් පොකුණට යමු.
බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.
.webp)
.webp)
වලවේ ගඟේ දියඇල්ලක් වන දූවිලි ඇල්ල ආසන්නයේ තමයි මේ අලංකාර පොකුණු දකින්න ලැබෙන්නේ. මේවා පසුගිය කාලයේ දේශීය සංචාරකයන් අතර ඉතා ජනප්‍රිය ඉසව්වක් බවට පත්ව තිබුණා. විශාල වශයෙන් සංචාරකයන් ගමන් කිරීමට පටන් ගැනීමෙන් හුණුගල් තටාකවල ඉවුරු පවා විනාශ වන නිසා පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව ඒවාට අනවසරයෙන් පිවිසීම නතර කළ බව වාර්තා වුණා
බලංගොඩ සිට කල්තොට පාරේ තංජන්තැන්න පසුකර කිලෝ මීටර එකහමාරක් ගියවිට හමුවන්නේ ගල්ලෑලිතොට යි. එහි සිට ඉද්දගල ආර අතුරු පාරේ තවත් කිලෝ මීටර එකහමාරක් ගමන් කර හමු වන වනය මැදින් තවත් කිලෝ මීටර එකහමාරක් පියමං කළ විට හුණුගල් පොකුණු පිරි බිමට පැමිණිය හැකි යි.
ඉද්දගල ආර වනාන්තරයේ දකින්නට ලැබෙන්නේ වියළි මිශ්‍ර කැලයක්.මුල්ගම, රජවක මහ වනය මැද හුණුගල් වර්ධනය වී ජලය සමඟ මිශ් රවී හුණුගල් පොකුණු තැනී තිබෙනවා. මේ කැලය මැදින් කුඩා දොළක් ගලා බසින්නේ හුණුගල් තට්ටුවක් මතින්. එම දොළ පාර කිලෝමීටර් කිහිපයක් දුරට හුණුගල් තට්ටුව මතින් ගලාගෙන යනවා.. පසුව මෙම ජල මාර්ගය පිවිසෙන්නේ විවිධ වක්‍රාකාර හැඩයෙන් යුත් හුණුගල් පොකුණු වෙතට යි.
එහි ජලය පසුව එක්වන්නේ වලවේ ගඟට යි.
හුණූගල හරහා ගලා එන දොළ පාරෙන් නිර්මිත පොකුණු දකින්නට ලැබෙන්නේ හෙල්මළු ආකාරයට යි. කුඹුක් ගසින් පිරුණු වටපිටාවක ලොකු කුඩා තටාක විශාල සංඛ්‍යාවක් දැකගත හැකි යි.
‘‘ වර්ග අඩි 50-30 වැනි ලොකු තටාකවල සිට වර්ග අඩි 5, 10 දක්වා කුඩා තටාක මෙන්ම ගැඹුරින් අඩි 1, 2 සිට අඩි 12 දක්වා යුතු තටාක ද පිහිටා තිබේ. මෙම හුණුගල් තටාක අඩසඳාකාර ව පවතින අතර එහි දාරය දෘඩව පවතී. තටාකයේ අඩිය ද පැති බිත්ති ද හුණුවලින් ම නිර්මාණය වී පවතී. තටාකවල ජලය සුනිල්වන් පැහැයෙන් යුක්ත වුද පානය කිරීමට නොහැක්කේ හුණු අධික සාන්ද්‍රණයකින් පැවතීමෙන් හටගන්නා කඨින ස්වභාවය නිසාය (අසිරිමත් උඩවලව- ශ්‍රීලාල් නිශාන්ත හෙට්ටිආරච්චි, 49 පිට)
පොකුණු තිහකට අධික ව මේ ස්ථානයේ පිහිටා තිබෙනවා. පොකුණු වටා ඇති බැම්ම සෑදී ඇත්තේත් මෙම හුණුගල් වලින්ම යි. බැම්ම තනි හුණුගලින් තිබුණ ද එහි ජලය වැටෙන දිශාවට කුඩා කූරු ලෙස හිරිලඹ තැනී තිබෙන බව පේනවා.
පසුගිය කාලයේ මෙහි පැමිණි සංචාරකයයන් පොකුණුවල පිහිනීම නිසා අවුරුදු ලක්ෂ ගණනන් තිස්සේ නිර්මාණය වුණු පොකුණු හානියට පත්වීමට පටන්ගෙන තිබෙනවා.
පොකුණුවලට නුදුරින් වනය මැදින් හුණුගල අතරින් කඩාහැලෙන කුඩා දියඇලි දෙකක් ද පිහිටා තිබෙනවා. ප්‍රධාන හුණුගල් ඇල්ලේ උස මීටර් 40ක්. එය අවට පර්වතවල කොළ පාටින් පාසි බැඳී තවත් සුන්දරත්වය වැඩිවී තිබෙනවා.

තංජන්තැනෙන් දුවිලි ඇල්ලට යමු.
දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල උස මීටර් 40ක් පමණ විතර ඇති.
රථගාලේ සිට හොඳින් සකස් කල පඩි 300ක් පමණ පහලට ගමන කල විට සුන්දර දුවිලි ඇල්ල නැරඹුම් ස්ථානයට ලඟා විය හැක.
දූවිලි ඇල්ල හෝ වළවේ ගඟ නැගෙනහිර ඇල්ල ලෙස හඳුන්වනු ලබන දිය ඇල්ල උස මීටර් 40ක් පමණ විතර ඇති.
රථගාලේ සිට හොඳින් සකස් කල පඩි 300ක් පමණ පහලට ගමන කල විට සුන්දර දුවිලි ඇල්ල නැරඹුම් ස්ථානයට ලඟා විය හැක.
දුවිලි දිය ඇල්ල කඳු මුදුනේසිට ඇද හැලී ගැඹුරු ජල තටාගයක් පාමුල නිර්මාණය කර ඇත. විසුරුවා හරින ලද සියුම් ඩ්‍රිබ්ලට් දූවිලි වලාකුළක් ලෙස පරිසරයේ පාවී යයි. සංගීතයක් මෙන් ජලකද ඇද හැලෙන රාවය ඇසෙයි.
ප්‍රදේශයේ ඇති පොහොසත් ජෛව විවිධත්වය දුවිලි ඇල්ල ආශ්චර්යමත් පරිසරයට තවත් එක් කරයි.
අද දවසේ ගමන නිමා කිරීමට අපි කූරගල ට යමු.
මුස්ලිම් බැතිමතුන්ගේ පූජනීය ස්ථානයක් ලෙස තමයි පැවතුණේ. ඔවුන්ගේ ආගමික වතාවත් එහි සිදුවුණා. එහි පසුගිය කාලයේ කළ විවිධ ඉදිකිරීම නිසා පෞරාණිකත්වයට හානි සිදුවූ බව නම් අමුතුවෙන් කිවයුතු නැහැ. තවමත් කූරගල මුස්ලිම් පල්ලියක් සහ ශාන්තුවරයකුගේ ලෙස සැලකෙන සොහොන්කොත් දෙකක් ද දැකගත හැකියි.

පිහිටීම
කඳුවැටි, වනාන්තර, කෙත්වතුවලින් වටවූ රමණීය බිමක තමයි කූරගල පිහිටා තිබෙන්නේ. කඳු පාමුල සිට ඉහළට ගමන් කිරීමට පියගැට තනා තිබෙනවා.
විකිලියේ නාරද හිමි සහ වටද්දර ඤාණිස්සර නාහිමියන් කූරගල ගැන සොයා බලා බෞද්ධ නටබුන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කර තිබෙනවා. අනතුරුව ගැටඅරළුවේ සංඝරක්ඛිත නාහිමියන් ද, පසුව මෑත කාලයේ රාජකීය පණ්ඩිත දෙල්තොට ධම්මජෝති නාහිමියන් ද මෙම ඓතිහාසික පූජා භූමියෙහි බෞද්ධ උරුමය රැක ගැනීම සඳහා කටයුතු කර තිබෙනවා.
මහ සෑයක් ඉදිකෙරේ
2013 දී ගෝඨාභය රාජපක්ෂ එවකට ආරක්ෂක අමාත්‍යංශ ලේකම් වශයෙන් සිටි අවධියේ දී මෙහි අනවසර ඉදිකිරීම් රාශියක් ආරක්ෂක අංශයන් විසින් ඉවත්කෙරුනු අතර, වර්ෂ 2019 වර්ෂයේ දී වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මැදිහත්වීමෙන් පානීය ජල නළ පද්ධතිය, පියගැට පෙළ හා විදුලිය ලබාදීම සිදුව තිබෙනවා.
මෑතක දී නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති වතුරකුඹුරේ ධම්මරතන හිමියන් වෙත මෙහි භාරකාරීත්වය පැවරුණා. ඒ හිමියන්ගේ මැදිහත්වීමෙන් කූරගල බෞද්ධ ප්‍රබෝධය යළි ඇතිකිරීමේ කටයුතු ආරම්භවී වර්තමානයේ සංවර්ධිත කුරගල බොෟද්ධ මධ්‍යස්ථානයක් බවට පත්ව තිබෙනවා.
පර්වත දෙකක්
පොදු වහරේ කූරගල යනුවෙන් මෙම ස්ථානය හැඳින්වූවත්, මෙහි ප්‍රධාන ගිරිශිඛර දෙකක් දැකගත හැකියි. ඒ කූරගල හා හිටුවන්ගල කියන පර්වත යි. කඳු මුදුන ආසන්නයේ වම්පස බෑවුමේ පූර්ව බ්‍රහ්මී අක්ෂර සහිත ප්‍රධාන ලෙන් සංකීර්ණය පිහිටා තිබෙනවා. දකුණු පසින් හිටුවන්ගල කන්දේ ගල්ගුහා පිහිටා තිබෙනවා.
මෙම බිමේ ඓතිහාසිකත්වය ගැන සැලකිල්ලට ගත් හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සී. ඊ. ගොඩකුඹුර 1971 අගෝස්තු මස 11 වැනි දින ගැසට් පත්‍රය මඟින් පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසට කූරගල නම්කර තිබෙනවා.
බස්නාහිරින් රටා මවමින් ඉර බැසයනවා. කුරගල කන්ද උඩ සිට කල්තොට ගොවිජනපදය හරිත වර්නයෙන් මවන්නේ සිත නිවන දර්ශණයක් .
අපි නැවතත් නවාතැනට........

A day in the life

0 ප්‍රතිචාර:
Post a Comment