අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Monday, September 15, 2025

9/15/2025 07:04:00 pm
පෙරහැරත් පටන් ගන්න ලගයි.

පසුගිය මාස කිහිපය රත්නපුරේ අවධානය අරන් ගිහින් තිබුනේ සමන් දේවාලය ඒ වගේම අළුත්නුවර දේවාලය දෙසට.
කවුද නව භාරිකාරිත්වයට පත් කරන්නේ කියලා ලොකු ප්‍රශ්නයක් ? .
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයෙක් ඉන්නවා.
මේ මහත්තයත් රත්නපුර දිස්ත්‍රික්කය නියෝජණය කරනවා.
ඉතින් . මේ දේවාල දෙකට සමන් දෙවින්ගෙයි කතරගම දෙවියන්ගෙයි ඇල්ම බැල්මට අමතරව අමාත්‍යවරයාගේ ඇල්ම බැල්මත් තිබුනා කියලයි මට හිතෙන්නේ.
සමාවෙන්න පෘතග්ජන සිතිවිලිවලට.
පලමුවෙන්ම මේ දේවාල දෙකටම වැඩ බලන බස්නායකවරු දෙදෙනක් පත් කලා. 
ඒ අමත්‍යාංශ ලේකම් තුමාගේ රාජකාරිය.
ඒ පත්කිරීම තුල අනාගත බලාපොරොත්තු තිබුනා.
කවුරුත් කතාවුනේ මේ දෙන්නා රාජ -පාක්ෂිකයෝ කියලයි.
විහාර දේවාලගම් පනත කියලා පනතක් තියෙනවා.
පනත අනුව භාරකාරිත්වය පවරන්න ඡණ්දයක් තියනවා. දිස්ත්‍රික්කයේ ප්‍රා දේශිය ලේකම්වරු දේවාලය අයිති විහාරස්ථාන වල විහාරාධිපතිවරු, දේවාලයන්හි බස්නායකවරු හට ඡණ්දය හිමිවෙනවා.
ඔවුන් තමයි ඡණ්දදායකයෝ.

අපේක්ෂකයෝ ඉදිරිපත්වෙනවා. මෙයාලටත් සපුරාලන්න ඕන සුදුසුකම් තියෙනවා.
මේවා වෙනස් විය යුතුයි කියලයි මට හිතුනේ.
තාමත් බ්‍රිතාන්‍යය පාලන යුගයේ සිට පැවත් එන විහාර දේවාලගම් පනතට යම් යම් සුළු වෙනස්කම් සිදුවී තිබුනත් කාලීනව වර්තමානයට සුදුසු ලෙස පනත වෙනස් වෙලා නැහැ.
ඒ මගේ මතය.

රත්නපුර සමන් දේවාලයේ බස්නායක ධුරය පිළිබදව කරන කතාබහේදී ඒ බව මම දුටුවා.
නව බස්නායක තුමාගේ මුත්තා කෙනෙක් “ පෙරේරා “ කෙනෙක් වීමත්
පරපුර පිළිබදව අවලාදයකුත් අපේ සහෝදරවරු මතු කරනවා.
එසේ සහෝදරවරු එවන් මතයක් මතුකිරීමම පනත වෙනස් කිරීමට එක් බීජයක් වෙනවා කියලයි මම හිතන්නේ .
සම - සමාජයක සිතුම් පැතුම් ඇතිව “ සිස්ටම් චේන්ජ් “ එකක ඉන්න අපිට හත්මුතු පරම්පරාවම රදළයෝ වීම භාරකාරිත්වයට තරග කිරීම සුදුසුකමක් වෙනවා නම් එය මෙකලට ගැලපෙන්නේ නැහැ.

මේ කතාබහ අළුත්නුවර කතරගම දේවාලයේ භාරකාරිත්වය පැවරීමේ ඡණ්ද විමසීම දෙසට හැරෙමු.
මගේ අවධානය සහෝදරවරුන්ගේත් පනතත් , භාරකාරීත්වයට තරගවැදුන අපේක්ෂකයන්ට සහ  ,භාරකාරිත්වයට පත්කිරීමේ ඡණ්දය අයිතිය තිබුන සුවිශේෂවු ඡණ්දදායකයින්ටත් යොමු වුනා.

පැහැදිලිවම අපේක්ෂකයෝ කාණ්ඩ දෙකකට බෙදන්න පුළුවන්. ඒ එයාලගේ අනාගත දේවාල සංවර්ධණ ව්‍යාපෘති අගය කිරීමෙන්.
මගේ ජීවිත කාලය තුලම දේවාල භුමියෙන් මතුවු මැණික් සම්පත සූරා කෑ
බස්නායකවරු. මොහොට්ටාලලා පිළිබද අත්දැකීම් තියෙනවා.
අටුවා ටීකා නොලිවුවත් දේවාල පරිශ්‍රයට ගියාම ඒ බව තේරෙනවා.
ක්‍රිව 1582 දී දේවාලය කරවා ජනතා අයිතියට පත්කල බව ඉතිහාසය කියනවා
අවුරුදු හාරසිය පනහකට ආසන්න දේවාලයේ සංවර්ධණය කොහොම වෙන්න ඇත් ද ?
තවමත් ..........................................
ඒත් දේවාලයට අයත් භුමියෙන් ගොඩ ගත් මැණික් සම්පත කෝටි ප්‍ර කෝටි වෙනවා.
ඉන් බිම් පංගුව 10 % ක් ලැබුනත් කොයි තරම් මුදලක් ද ?.
දේවාලයට අරක්ගත් දෙවිවරු අහක බලාගෙන ........!

මේ සම්පත දෙස බලාගෙන තරග බිමට ආ අපේක්ෂකයෝ එක් කොටසක්.
අනිත් ගොඩේ හිටියේ එක් කෙනයි.

ඔහු වෘත්තීයෙන් ඉංජිනේරුවරයෙක්.මොරටුව විශ්ව විද්‍යාලයේ බාහිර කථිකාචාර්වරයෙක් .පශ්චාත් උපාධි හා ඩිප්ලෝමාධාරියෙන්. ILO සහතික ලත් පුහුණුකරුවෙක්.
කරුමෙට රාජ්‍ය - පාක්ෂික සහෝදරයෙක් !.
ඔහුගේ පස් අවුරුදු සංවර්ධණ සැලස්මත් දේවාලයේ ආදායම නිර්ව්‍යාජව ආයෝජණය කරන අන්දමත් ව්‍යාපෘති වාර්තාවේ තිබුනා.
ඒත් ඔහුට ඡණ්දයකදී යෙදිය යුතු සිව් වැදැරුම් ක්‍රම පිලිබද දැනුමක් තිබුනේ නැහැ.
දානය ,දණ්ඩනය . වගේ දේවල්.
පුර්ව ආදර්ශ දීලා තිබුනා තම අධ්‍යාපනය ගැන ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවේ ඉන්න සහෝදරවරුන්.
ඒ නිසා මේ අධ්‍යාපන සුදුසුකම් වටිනාකමින් ගිලිහුනාද ? 
මට හිතෙන විකාර.

ඡණ්දදායකයෝ වැඩි පිරිසක් ප්‍රාෙද්ශීය ලේකම්වරු. ඔවුන් රාජ්‍ය පරිපාලන විභාගය සමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලත් විද්‍යාර්ථීන්.
විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දැන උගත් පඩිවරුන්.

මට හිතෙන හැටියට දානය පුජා කරපු අපේක්ෂකයින් ගේ දාන පාරමිතාව අනුව දේවාල භාරකාරිත්වය තීරණය වුනා.

දණ්ඩනය සහෝදර කණ්ඩායමේ අමාත්‍ය මාත්‍යයන් අතින් ඉටුවෙන්නත් ඇති.
දානය ,තම අධ්‍යාපනයත් ගෞරවයත් රැක ගත් සහෝදරයා පූජා නොකරන්න ඇති.
ඔහුට අළුත්නුවර දේවාල සැලස්ම අකුලා ගන්න සිද්ධවුනා.

ආණ්ඩුවත් ඡණ්ද දායකයින් පිලිබදව අවධානය යොමු කරන්න ඕනි.
විහාරාධිපතිවරු , බස්නායක නිළමේවරු බැහැර කරමු.
ප්‍රා ලේකම්ලා රාජ්‍ය ප්‍රතිපත්ති ජනතාවට ගෙන යන අතරමැදියෝ.
මෙයාලත් ආංඩුවට වලංගු නැද්ද ?. 


අපි දේවාල භුමිය වෙන්දේසි කරමු.


A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: