බිග් කුවෙච්චන් අපට පාන් ද ? කියලා අහනවා.
ඔව් අපිට පාන් තමයි.
මැතිවරණ වේදිකාවේ කියන කතා අහලා අපිත් රැවටෙනවා.
කලින් කලට එක එක් කෙනා පාර්ලිමේන්තුවට , පලාත් සභාවට ප්‍රාදේශීය සභාවට යවනවා.
ගියාට පස්සේ ඡණ්දේ දුන්න අපිව මතක නැහැ.
අපෙන් අහනවා “ පාන් ද ? කියලා.
ඔව් “ අපිට පාන් “ තමයි.
බිග් කුවෙච්චන් විතරක් නෙමෙයි පසුගිය කාල පරාසයක හිටපු බයියොත් අපෙන් ඇහුවේ “ තමුසෙලාට පාන් ද “ කියලා.
“පාන්ද ?“. කියලා අහන එකක් නෑ කියලා හිතාගෙන මේ පාර ඇරපු උන්දැලත් දැන් අපෙන් අහනවා “පාන් ද “ කියලා.
මම 1980 ගනන් වල ජනතාව රවට්ටන ව්‍යාපාරයකට සහයෝගය දෙමින් ගම් නියම් ගම්වල ඇවිදිමින් ජනතාව රවට්ටමින් ගිය බවක් පසු කාලය වන විට තේරුම් ගත්තා
ඇත්තටම මම.් කරලා තියෙන්නේ බොරුවක් කියලා කියපු දේවල් යථාර්තයක් කරන්න දරපු උත්සහායෙදී තමයි තේරුනේ.
මේ ඇවිදින අතරවාරයේදී එක් ගැමි ගෙදරකට ගොඩ වුනා .
කතා බහේදී
වැඩක් නෑ මහත්තයා ඡණ්දෙට මිළක් තියෙනවා.
මම ඡණ්දේ දෙන්න කලින්ම ගණුදෙණුව බේරගන්න කැමතියි.
ඡණ්දේ දිනපුවට පස්සේ ඔය කවුරුවත් එන්නේ නෑ
අපේ ගෙදර ඡණ්ද හයක් තියෙනවා.
මහත්තයා කැමති නම් දොලෙස් දාහක් දෙන්න.
ගණුදෙණුව එවරයි.
ආයේ “ අපට පාන්ද කියලා “ අහන්න ඕනි නැහැනේ.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment