Friday, July 04, 2025

ප්‍රංශයේ වැලරි බැකෝට් ගේ නඩු විභාගය



ඇය එකම එක උන්ඩයකින් සිය සැමියා සදහටම නිහඩ කළාය ! දැන් ඔහු තම දියණියච කිසි දාක, කිසිම දාක දූෂණය නොකරනු ඇත


කළු ජැකට් එකක් සහ කහ පැහැ ඕචර් ස්කාෆ් එකක් ඇඳ සිටි වැලරි බැකෝට් ඇගේ නඩු විභාගයේ තුන්වන දිනය සඳහා ඊයේ ප්‍රංශයේ සායින්-එට්-ලොයර් හි ඇසයිස් උසාවියට ​​ඇගේ ඥාතීන් සමඟ පැමිණියාය. ඇගේ ස්වාමිපුරුෂයා වන ඩැනියෙල් පොලෙට් 2016 මාර්තු 13 වන දින හිස හරහා එකම එක වෙඩි උණ්ඩයකින් ඝාතනය කළ බවට චෝදනා ලැබූ ඇය ජීවිතාන්තය දක්වා සිරදඩුවමක අවදානමට ලක්වූ විත්තිකාරිය විය.
.නඩු විභාගයේදී හෙළිදරවිවූ කරුනු,
මිය ගිය මිනිසා ඩැනියෙල් පොලෙට්ය. විත්තිකාරිය ඔහුගේ බිරිදවූ වැලරි බැ‍කෝටිය. වැලරිගේ මව ජොයෙල් ඕබාගේ විය. 1995 දී ජොයෙල් ඕබාගේ පෙම්වතා වූ ඩැනියෙල් පොලෙට් එවකට වයස අවුරුදු 12-13 ක් වූ ජොයෙල්ගේ දියණිය වූ වැලරි බැකෝට ලිංගික අතවර කිරීමේ චෝදනාවට වරදකරු විය. නමුත් ජොයෙල් සිය සහකරු සමග ඉන් අමනාප නොගෙන නිතිපතා ඔහුව බැලීමට සිරගෙදරට ගෑටුවාය, සමහර විට ඹහු අතින් දූෂණයට ලක්වූ ඇගේ දියණිය සමඟම.
වැලරි බැකෝට්ගේ නීතිඥ මාත්‍රේ ටොමසිනි ඇගෙන් මෙසේ ප්‍රශ්න කලේය,
‘‘ ඹබ සිරගෙදරකට මේ දරුවාව ඇගේ දූෂණය කරන්නා වෙත ගෙන යන්නේ කෙසේද? ”
‘‘ “මම බොළඳ කෙනෙක්. මම ඹහුට දෙවන අවස්ථාවක් ලබා දෙනවා. ඔව්, එය සාමාන්‍ය දෙයක් නොවන්නට ඇත ”.
“ඔබ තවමත් ඇගේ මව නේද !”, වැලරි බැකෝට්ගේ නීතිඥයා තියුණු ලෙස ප්‍රතිචාර දක්වයි. තම දියණිය වෙනුවෙන් කල යුතු‘‘ වගකීම අතපසු කිරීමෙන්
ඇයද ස්ත්‍රී දූෂණයට හවුල් වූ බවට” ඇයට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර ඇති බව නීතිඥා පැවසූ විට ජොයෙල් ඕබාග් නිහඩව සිටියි.
ඩැනියෙල් පොලෙට් නිදහස් වී නැවත පැමිණ ටික කලකට පසු, තම දියණිය
ඔහු කල දූෂණයෙන් ගැබි ගත් බව දැනසිටියද ඇය කිසි විටෙකත් ඔහුව සිය නිවසින් එළවා නොදැමිමාය .එය සිය කාර්යයට උත්තේජනයක් ලෙස සැලකූ ඹහු ඇගේ දියනියට වයස 17 තෙක් තම අපයෝජනය දියත් කලේය.. ටික කලක් යනවිට තව දුරටත් මෙය ඉවසා නොසිටි වැලරි බැකෝටිගේ මව දූෂකයාව ගෙදරින් එලවා නොදමා තම වයස අවුරුදු 17 දී, නැවත ගැබිගත් වැලරි බැකෝටිව සිය නිවසින් එළියට දැමුවාය. මහමගට වැටුණු, දරු ගැබක් සහිත වැලරි කිසිවක් කරකියා ගත නොහැකිව අවසානයේ සිය දුෂකයා, පොලට් සමඟම ජීවත් වීමට තීරණය කලාය.


වසර ගණනක් ඹහු සමග වැලරි ජීවත් විමෙි ප්‍රතිපලයක් ලෙස ඇය තවත් දියනියන් තිදෙනෙකු බිහිකලාය.. අධික ලෙස මත්පැන් පානය කරන්නෙකු වන පොලෙට් පසුකාලීනව වඩ වඩාත් ප්‍රචණ්ඩකාරී වූ අතර එක් අවස්ථාවකදී මිටියකින් ඇයට පහර දුන්නේය. සමහර විට ඇගේ හුස්ම හිරවන තුරු හෝ සිහි මුර්ජා වෙනතුරු ඹහු ඇයට පයින් ඇන්නේය. පොලටි ට්‍රක් රථ රියදුරු සහායකයෙකි. කල් යාමෙිදි ට්‍රක් රථ රියදුරන්ගේ ගණිකාවක් ලෙස වැඩ කරන ලෙස පොලෙට් ඇයට නියෝග කළ අතර ගනුදෙනුකරුවන්ගෙන් ඹහු සිය බිරිද විකුණා යුරෝ 20 ත් 50 ත් අතර මුදලක් ඉපයීය. ඇය එය ප්‍රතික්ෂේප කළහොත් ඇයව මරා දමන බවට පොලෙට් තර්ජනය කළ බව වැලරි අධිකරනයට ප්‍රකාශ කර තිබිනි.. මෙය ශෝකාන්තයක් වුවද තවමත් ඛෙිදවාචකයක් නොවීය.

ඛෙිදවාචකය ඇරඹ්යේ පොලෙට් ඔවුන්ගේ 14 හැවිරිදි දියණියගේ වැඩෙන
මනා ලිංගික ඉන්ද්‍රයන් ගැන ඇගෙන් ප්‍රශ්න කිරීමට පටන් ගත් විටය, එනමි ඇයව විකුණා හොද මුදලක් ඉපයීම ඔහුගේ යටි අරමුණ විය. වැලරි බැකෝටි අධිකරනයට පැවසුවෙි තමාට සිදුවු දෙය තම දියණියට සිදුවීමට ඇය කිසිවිටෙක ඉඩ නොදෙන බව සහ
. “මෙය නැවැත්විය යුතු” බවයි.
2016 මාර්තු මාසයේදී, පොලෙට් විසින් තවත් ට්‍රක් රියදුරෙක් සමග ලිංගික එකවීමට වැලරිට නියෝග කිරීමෙන් පසු, ඇය ඔහු රියදුරු අසුනේ සිටියදී හිස පිටුපසට තනි වෙඩි උණ්ඩයක් ඇතුල්කර ඔහුව මරා දැමිමාය ඇය ඒ සදහා මෝටර් රථයේ සගවා තබා තිබූ තම පිස්තෝලය භාවිතා කළාය. තමාට අත්විදීමට සිදුවු දෙය තම දියණියගේද ඉරණම නොවීමට ඇය වග බලාගත්තේ එසේය. I wanted to save her,”වැලරි අධිකරනයට පවසා තිබිනි.
පොලටිගේ පවුලේ සාමාජිකයන් උසාවියට පැමිණියේ පොලෙට්ගේ මරණය ගැන කනගාටු නොවන බව පවසමිනි. ඔහුගේ සහෝදර සහෝදරියන් ඔහුව හැඳින්වූයේ “රාක්ෂයෙක්” ලෙසයි. “මම ලෝකයේ වැඩිපුරම ස්තූතිවන්ත වන පුද්ගලයා වැලරි ය. ඇය දිගු කලක් මා කළ යුතුව තිබූ දේ කළා ”යැයි 59 හැවිරිදි පොලෙට්ගේ සහෝදරිය පැවසුවාය
පසුව මෙි ගැහැණිය ඇගේ දරුවන් හතර දෙනාගේ උදව්වෙන් සිය වධකයාගේ සිරුර වනාන්තරයක සඟවා තැබීය. එහෙත් කුණුවී දිරාපත්වු මිනිසෙකුගේ සිරුර ප්‍රංශ පොලිසිය 2017 සැප්තැමිබරයේ සොයාගත්හ. 2017 ඔක්තෝම්බර් මාසයේදී ඇය අත්අඩංගුවට ගෙන පාපොච්චාරණය කර වසරකට පසුව වැලරි ඇප මත නිදහස් විය. ගිය සතියේ ඇයගේ නඩු විභාගයේදි පැමිනිල්ල ඇයට වසර 08 ක සිරදඩුවමක් ඉල්ලා සිටි විට ඇය අධිකරනය තුල සිහිසුන්ව ඇද වැටුනාය. හැට දහසක් ප්‍රංශ ජාතිකයෝ ඇයව නිදහස් කරන ලෙස ඉල්ලා සිය අත්සන් සමග අධිකරනයට පෙත්සමක් ඉදිරිපත් කර තිබිනි. ඊයේ අධිකරනයට පැමිණි ඇය කිසිවක් කතා නොකලාය. හෙට ඇයට දෙන
තින්දුව Assize Court of Saône-et-Loire, ජනතාවට ප්‍රකාශ කරනු ඇත.

👬👬👬👬👬👬👬👬👬👬 

 
ප්‍රංශයේ වැලරි බෙකෝටිගේ මෙි කතාන්දරය අපේ කෘතහස්ත කවියෙකු වන රුවන් බන්දුජීවගේ ‘‘ කුණ්ඩලකේශී ‘‘ නැමති නිර්මාණය සිහි ගන්වයි. එකී නිර්මාණයට දේශසීමා නැත.
'කෙස්ස උස්කරන් බැද ගෙන
රෙද්ද තද කරන් ඇදගෙන
රතු බුනීල මල්පෙති බිම අතුරපු දේවී
සන්තුක නිදි ඇද වටේට -තුන් වරයක් පැදකුණු කොට
මන්න පාර හතක් දීපු කුණඩලකේසී
මාල කඩනවා සන්තුක -කංස බෙදනවා සන්තුක
රාජපුරුෂයන් නිතරම පැලට පනීවී...
බතක් මාළුවක් බැදගෙන -පියඹා ගිහින් වැලිකඩ
කසෙන් තැළුම් කෑ සන්තුක සනසපු දේවී,
සූදු කෙළිනවා සන්තුක-මඩමෙ ලගිනවා සන්තුක
මොනව කළත් මේ වෙනකල් ඉවසපු දේවී..
''එප තාත්තේ '' කිය කිය -දූ හීනෙන් හඩන හඩින්
තිගැස්සිලා නිදි පැදුරෙන් විසි වුණ දේවී
සන්තුක නිදි ඇද වටේට
තුන් විඩයක් පැදකුණු කර
මන්න පාර හතක් දීපු කුණ්ඩලකේසී ..
[...... රුවන් බන්දුඡිව
කුණ්ඩලකේශීගේ මිනිහා සත්තුක අවම වශයෙන් තව හොදය. ඔහු කුණ්ඩලකේශීව ගණිකා වෘත්තියේ යෙදවූයේ නැත.
====================================
මා මෙි සටහන් උපුටා ගත්තේ ප්‍රංශ https://news.in-24.com/news වෙබි අඩවියෙනි. එහෙත් අල්ජසීරා පසුව සටහන් කර තිබුනේ ප්‍රංශ අධිකරණය වැලරියා බැකෝටිව නිදොස් කොට නිදහස් කල බවයි.
=====================================
https://www.aljazeera.com/.../french-woman-stands-trial...

වියමන .. ප්‍රදීප් පීරිස් 

මුුහුණ පොතෙන්. 

 


A day in the life

0 comments:

 

මීදුම Published @ 2014 by Ipietoon