ඉතිහාසයේ පටලැවිල්ල..අනිවාර්යද..? නැද්ද..?අගමැතිතුමිය කියන්නේ අනිවාර්ය විෂයයන් පහක් තිබෙන බවත් ,ඒ හැර විෂයන් දෙකක් ලිස්ට් දෙකකින් තෝරා ගැනීමට හැකි බවත්..ඒ තෝරා ගන්නා ලිස්ට් දෙකේ සෞන්දර්ය සහ ඉතිහාසයේ තිබෙන බවත්..අපි කියන්නෙත් ඒකම තමයි..අපි වැඩේ වැරදියි කිව්වේ ඒක නොතේරිලා නෙවෙයි...අනිවාර්ය විෂයයන්ගෙන් ඉතිහාසය ඉවත් කරහම,ඉතිහාසය විෂය සාමාන්‍යයෙන් ළමයින්ට වෙහෙස අරන් පාඩම් කරන්න ඕන විෂයක් නිසා, බොහෝ දරුවන් එය තෝරා නොගැනීමට ඉඩ තිබෙනවා..එවිට බහුතරයක් දරුවන් ඉතිහාසය විෂය හැදෑරීමෙන් ඉවත් වෙනවා.."ඔන්න අපි ළමයින්ට තෝරගන්න දීලා තියෙනවා.. ළමයි තෝරගත්තෙ නෑ ..ඒකට අපට කරන්න දෙයක් නෑ"කියලා ඇඟ බේරගන්න එක රටේ පාලකයන්ගේ සිරිතක් නොවිය යුතුයි..පාලකයන් ඉන්නේ ළමයින්ට හරි මග යන්න පුළුවන් වැඩපිළිවෙළවල්,තීරණය කරලා ඒවා සංවිධානය කරලා ක්‍රියාත්මක කරන්න මිසක්,ළමයින්ට ඕන දේ කරන්න නම් අධ්‍යාපන අමාත්‍යංශ ,විෂය මාලා සංවර්ධන ය ආයතන, අවශ්‍ය වෙන්නේ නෑනේ...ඉතිහාසය යන විෂය අනිවාර්ය කළ යුත්තේ රටක් හා ඒ රටේ පුරවැසියන්ගේ බැඳීම පිළිබඳ එය ප්‍රධාන සාධකයක් වන නිසා..අද උලපනේ හාමුදුරුවෝ කිව්වේ ඉතිහාසයක් අවශ්‍ය රටවැසියන් බිහිකරන්න ඕන නිසා කියලා..ඉතිහාසය නැති උනහම බිහිවෙන්නේ පරවැසියන් කියලා...ඒක නිසා තමයි ඒක අනිවාර්ය විෂයක් විදියට තියෙන්න ඕන..
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි වර්තමාන රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය හදන කමිටුවේ ප්‍රධානියෙක්..
ඔහු කියනවා "මේක කලොත් හෙන ගහන්න ඕන කියලා...අපි නම් එහෙම හෙන ගහන්න කියලා කියන්නේ නෑ..අපි කියන්නේ ඉතිහාසය අනිවාර්ය විෂයක් විදියට සාමාන්‍ය පෙළ විභාගයට තියන්න ඕන කියලා...එතකොට බොහොම පහසුවෙන් ප්‍රශ්නය විසඳෙනවා..කාටවත් විරෝධතා කරන්න දෙයක් නෑ....නවීන ලෝකයට රැකියා අවස්ථාවන්ට ැලපෙන වෘත්තියේ අධ්‍යාපන පැත්තකට දරුවන්ට අවස්ථාවක් සලසලා අධ්‍යාපනයේ වෙනස්කම් ඇතිවෙනවා නම් ඩාත් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා..ඉතිහාසය අයින් කරන එක නෙවෙයි කරන්න ඕනේ ,දෙස් විදෙස් රැකියා වෙළඳපොළට ගැලපෙන වෘත්තීය අධ්‍යාපන පාඨමාලා පාසල් අධ්‍යාපනයේ සාමාන්‍ය පෙළ සහ ඉන් ඉහළ පන්තිවලට යනකොට ඇතුළත් කරන එක..එහෙම වුණොත් රජයට සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වේවි. තමන්ගේ පාලන කාලය තුළදී..මොන විෂය ධාරාවක් ඉගෙන ගත්තත්,රටක ඉතිහාසය කියන එක,ඒ රටේ දරුවන්ගේ හදවතට බැඳීමක් ඇතිවෙන විදියට උගන්වන්න,විෂය නිර්දේශ සකස් කරන්න ඕනේ...තමන් ගෞරවනීය ඉතිහාසයක් තියෙන රටක පුරවැසියන් කියන එක,රට ගැන අභිමානයහ ඇතිවෙන විදියට, දරුවන්ගේ සිත් සතන් තුළට ඇතුළත් වෙන විදියට ඉතිහාසය පාඨමාලා සැකසෙන්න ඕන..අධ්‍යාපන බලධාරීන් ඒ විදියේ උපදෙස් රජයට දෙනවනම් අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නේ නෑ..අපට නොපෙනෙන සමහර බලවේග වල අවශ්‍යතාවය අනුව ඔවුන්ට වාසි සහගත විදියට ඉදිරි දරු පරම්පරාව මෙහෙයවන්න කෙරෙනකුමන්ත්රණකාරී වැඩපිළිවෙළවල් යග්‍රහණය කරන්න ඉඩ දෙන්න හොඳ නෑ..ඊයේ සමාජමාධ්‍යවල සංසරණය වුණු අධ්‍යාපන විෂය මාලාවේ වෙනස් කිරීම පිළිබඳ සටහනෙත් අනිවාර්ය විෂයයන් පේළියේ තිබුණේ ඉතිහාසය හැර අනෙක් විෂයන් පහ පමණයි..කොහොම වෙතත් මේ වැඩේ කරන්න ගියොත් නම් බලවත් විරෝධයක් පැන නගින එක ස්ථිරයි...සමහර විට වටවංගු කතා කියන්නේ ඒ විරෝධයේ සැර බාල කරගන්න වෙන්න පුළුවන්..උසස් පෙළට ඉතිහාසය කවර පාඨමාලාවක් යටතේ වුවත් අනිවාර්යයි කියන කතාව පිළිබඳ ව පැහැදිලි බවක් නෑ.සැබවින්ම එහෙම තියෙනවා නම් හොඳයි..ඒත් හරිම අපැහැදිලි පැහැදිලි කිරීමක් තියෙන්නේ..සාමාන්‍ය පිලොන් අනිවාර්ය බව ඉවත් කරලා උසස් පෙළට අනිවාර්ය කියලා කිව්වහම ඒක මහා අමුතු වැඩක් වගේ දැනෙනවා..අපි අගමැතිතුමිය ඇතුළු අධ්‍යාපන බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලන්නේ,කරුණාකරලා දරුවන්ගේ සිත් සතන් ඇතුළට තමන්ගේ රට පිළිබඳව අභිමානයක් ඇතිවෙනව විදියට ,තමන් රටට ආදරය කරන පුරවැසියෝ බවට පත්වෙන විදියට,ඉතිහාසය විෂය දරුවන්ට අනිවාර්ය විෂයක් කරන ලෙසයි.....දැනට අනිවාර්ය විෂයක් වන එය,අනිවාර්ය තත්ත්වයෙන් වෙනස් නොකරන ලෙසයි..
A day in the life
0 comments:
Post a Comment