රාජසිංහ රජ සමයේ අවුරුදු 19 මාස 6 දින 14 ක් සිරකරුවෙකු ලෙස ගත කිරීමට රොබර්ට් නොක්ස් ට සිදුවිය
නොක්ස් විසින් සිරගත ජීවිතය ගත කල කාලය අලලා ලියන ලද An historical relation of the island of Ceylon ( ක්‍රිව 1696 දී ලියන) පරිවර්ථනය “ ඒදා හෙළබිම “ නමින් පල කර ඇත.
මෙම පරිවර්ථණය “ ඩේව්ඩ් කරුණාරත්න “ මහතාගේය
නොක්ස් පවසන අන්දමට රාජසිංහ රජගේ යම් යම් කටයුතු ම්ලේච්ඡ ක්‍රියාවන්ය.
ඒක් දවසක ඔහු තමාගේ සේවකයින්ගේ සිත් පරීක්ෂා කිරීම සදහාත් ඔවුන් ගන්නා ප්‍රතික්‍රියා පරීක්ෂා කිරීම සදහාත් උපායක් යෙදීය.
ජලස්නානය කිරීම සදහා තම පිරිවරත් සමග ගිය රජතුමා පිහිනමින් සිටියේය.
හදිසියේ තමා සැඩ පහරකට අසුව ගසා ගෙන යන බව දැනෙන පරිද්දෙන් උදව් ඉල්ලා කෑගැසුවේය.
පිරිස අතර සිටි කායශක්තියෙන් යුතු තරුණයෝ දෙදෙනෙක් වහා දියට පැන රජතුමා බේරා ඔසවා ගෙන ගොඩට පීනාගෙන ආවෝය.
පසු දින රාජසභාවේදී මේ සම්බන්ධ ප්‍රවෘත්තිය සැලකර තමා බොහෝ සතුටු වු බව පවසා මේ තරුනයෝ දෙදෙනා කවුදෑයි විමසීය.
තරුනයේ දෙදෙනා රජ තමන් දෙදෙනා ඇගයීමට ලක් කරන්නට කැදවන්නේ යැයි සතුටින් රජතුමා වෙත ඉදිරිපත් විය.
ඒවිට රාජපුරුෂයන් කැදවු රජතුමා “ මගේ රාජකීය සිරුරට නොබියව අත තැබු මේ දෙදෙනාගේ හිස ගසා දමන ලෙස “ අණ කලේය.
ඒකලත් මෙකල මෙන් රාජකීයන්ගේ කටයුතු වලට අතතැබීම අනතුරු දායකය.







No comments:
Post a Comment