රනිල් මහත්තයාගේ නවතම ව්‍යාපෘතිය “ ඉවසුවා ඇති”.
මටනම් හිතෙන්නේ තව ටිකක් ඉවසන්න වෙයි කියලා.
මානුෂික මෙහෙයුම්වල ඉන්නේ නාගරික පංතිය නෙමෙයි. හද්දා පිටිසර කොල්ලෝ.උන්ට ඹ්නවෙලා තියෙනවා .”එකම කොඩියක් -එකම රටක්”. උන්ගේ පවුල්වලටත් ඹ්න වෙලා තියෙන්නේ එකම කොඩියකුයි -එකම රටකුයි මිස බඩ පිරෙන්න කන්න නෙමෙයි. පැට්රල් ගහගෙන රොන්දේ යන්න නෙමෙයි.රනිල් මහත්තයාට මේක තේරෙන්නේ නෑ.උන්නැහේ උඩුගං බලා පීනනවා.
කිලිනොච්චිය හමුදාව අත්පත්කරගත්ත නිවේදනය දුන්නම රට පුරා පැය ගනනාවක් රතිඤඤා පත්තු කලේ කාගෙවත් උවමනාවට නෙමෙයි. ජාතික කොඩි නිවෙස් ඉස්සරහා එසවූයේත් කාගෙවත් උවමනාවට නෙමෙයි.ජනතාවගේ උද්දාමයට මිසක්, කාගෙවත් අනුබලයකට නෙමෙයි.
එතුමන් නොයෙක් දේශපාලන ව්‍යාපෘති අත්හදා බලනවා. ඒවා පීචං වෙනවා.අපිට නෙමෙයිනේ ඒවා හදන්නේ .එතුමන්ටනේ එවා ගැලපෙන්නේ. එතුමන් හිතන්නේ අපි තාමත් ජීවත් වෙන්නේ පනහේ දශකයේ කියලා.එදා දේශපාලකයා ජනතාවට පිටුපස්සේ හිටගෙන හිටියේ . අද ඊට වඩා වෙනස් . ජනතාව අද ඉදිරියෙන්. දේශපාලකයා ට ජනතාව සමග නොගියොත් පාලකයා වෙන්න ආශාව තිබුනටම බැරිවෙනවා.සටන් විරාමයක් ගෙනල්ලා කරපු වින්නැහිය රටට තාම මතක තියෙනවා. තාමත් කතා කරන්නේ කොටි සහයෝගීතාවයෙන් යුතුව. එතුමන්ගේ චින්තනය තුල ඒකීය රටක අවශ්‍යතාවය විද්‍යාමාන වෙන්නේ නෑ.ජනතාව ඉල්ලන්නේ බඩ නෙමෙයි. ජනතාව ඉල්ලන්නේ රට. . .එතුමන්ට බඩගින්න ඉවසන්න බැරිව “ ඉවසුවා ඇති” කියලා මොර දෙනවා..එතුමන්ට එන ආත්මේ වෙනකම්ම ඉවසන්න වෙනවා.අපේ රටේ පාලකයා වෙන්න.
මුලතිව් වලිනුත් කොටි කම්බස් කරලා .”එකම කොඩියක -එකම රටක” සිංහල දෙමල මුස්ලිම් මැලේ සහෝදර සහෝදරවරුන් එක්ක එකම බතක් පිහාගෙන කන ගමන් බඩ ගැන හිතමු .
එතෙක් අපි ඉවසමු.
කාලය .
-
කාලය මට ඉගැන්වූ දේවල්
=======================
මගේ ජීවිතයේ වැඩිපුර කාලයක් දිව්වේ කිසිම පලක් නැති අරමුණු සහ පුද්ගලයන්
පිටුපස බව .
හැම කෙනෙකුම සතුටු කරන්...
1 day ago
3 comments:
100% true.
කරුණා බින්දේ නැගෙනහිර ප්‍රබාගෙන් ඈත් කලේ කව්ද?
එත දෙයක් හරි රට වෙනුවෙන් කියා කාගෙවත් උවමනාවන්ට දරදිය අදින්නේ ගමිවල අහිංසක කොල්ලො ගකල්ලො. රට වෙනුවෙන් ඉවසන්න කියන එක මහ මිනිහෙක්වත් උන්ගෙ ලමයෙක්වත් මේ කිසිම යුද්දෙකදි මඩේ එරීගෙන, බඩගින්නේ යුධ වැදුනා ඔබ දැක තියෙනවාද?(වර්ථමානේ)
ඉවසන්න පුළුවන්නම් මහත්තයෝ හෙට ආමි එකට ගිහින් බැදිලා ඊලග නිවාඩුවට ඇවිත් මේ බ්ලොග් එක ලියන්න. එදාට මම පිළිගන්නවා ඔබ නියම දේශප්‍රේමියකු බව.....
රැපියල් කෝටි 660තින් සත පහක වැඩක් නැති එයාර් පටන් ගන්නවා අහිංසක රණවිරැවන්ට ගෙවල් හදාදෙන්න අපි (මෙතන අපි කියන්නේ රජය වෙන්නැති)වෙනුවෙන් (තොපි) අපි කියලා කෝටි ගනන් එකතු තරනවා . හදලා නිකන් දීපු එක ගෙයක් මට පෙන්වන්න.
තව ඉවසමුද?
ඔව් අපි තව ඉවසනවා. මෙක ද අණ්ඩුව අපිව කෑවත් යුද්ධෙ හරියට කරලා රට බේර ගන්න බව පේනවා. ඒ ඇති .
ඒ හොඳටෝ ම ඇති.
Post a Comment
ඔබගේ අවධානය යොමුවුවාට මීදුම ස්තුති කරයි.
සුබ දවසක් !.
මෙහි පලවන වියමන් බොහොමයක් වෙනත් පලකරන්නන්ගේ වියමන්ය. ඒ අතරට මීදුමද වියමන් එකතු කර ලබයි. වෙනත් වියමන් කරුවන්ගෙන් උපුටා ගත් බව සදහන් කරමින් කරන එකතු කිරීම් සදහාද ප්‍රතිචාර යොමු කල හොත් ඒවා වියමන් කරුවන්ට අගතියක් නොවන්නේ නම් පලකරනු ලැබේ.
මීදුම පල කරන වියමන් සදහා කරන ප්‍රතිචාර සාධාරණ හේතු ඉදිරිපත් නොකරමින් කරන අවලාද සුදුසු යයි හැගේ නම් පමනක් පල කරනු ලැබේ.