අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Friday, December 09, 2011

12/09/2011 07:57:00 pm
බෝපත් ඇල්ලට රත්නපුර - කොළඹ මාර්ගයේ කුරුවිට - දෙවිපහල මාර්ගයෙන් යා හැකිය.
පටු විවරයකින් කඩා හැලෙන දියකඳ පසුව පුළුල් වන අතර මෙය බැලූ බැල්මට බෝපත්‍රයක හැඩය ක් ගන්නා නිසා බෝපත් ඇල්ල නම් නම ලැබී ඇත. දිය ඇල්ල ජෛව විවිධත්වයෙන් පරිපූර්ණ නෑඹුල් වනයකින් වැසී ගලා හැලේ.
බෝපත් ඇල්ල උසින් මීටර් 40ක් පමණ වේ. කළු ගගේ අතු ගංගාවක් වන කුරු ගඟෙන් මෙම දිය ඇල්ල පෝෂණය වේ. මෙම දිය ඇල්ල ගලා වැටීමේ සීඝ්‍රතාව තත්පරයට ඝන මීටර් හයක් පමණ වන අතර වර්ෂයකට සාමාන්‍ය වර්ෂාපතනය මි.මී 5080 පමණ වේ.






0 ප්‍රතිචාර: