ආදරය ප්‍රේමය කවදා කොතනක කොයි
මොහොතක සිත් තුල ඇතිවුනදැයි අප නොදන්නා සේම ආදරය ප්‍රේමය කවදා කොයි මොහොතක අප
අත්හැර යන්නේදැයි නිශ්චිතයක්ද නැත.
සොදුරු
පාසල් දිවියේ එක් දවසක ඔහුගේ නෙත් ඇගේ නෙත් හමුවුනා ය. පසුදින මේ අරුමය මා සමග
බෙදා ගත් ඔහු අපමන සතුටකින් මා හා දොඩමළු වූ අන්දම මට සිහිවිය. පාසල් වියේ පිළිසිද
තරුනවියේ ගබ්සාවු ඔහුගේ ආදරයේ සහ ප්‍රේමයේ වියෝ ගීතය මා කලක් අසා සිටියාය. මුල්
අවධියේ බලවත් කම්පාවට පත්ව සිටි ඔහුට ටික කලකින් ඒ කතාව අසන්නට මා මෙන්ම තවත්
අසන්නියක් සිටි බව මට තවත් දිනක ඔහු කීවාය. පාසල් වියේ උපන් ආදරය වසර ගනනාවකට පසු
ඒකාත්මීයවන්නට පෙර සිදී බිදී ගියත් ඒ විරහයේ කතාව බෙදා හදා ගත් අසන්නිය ඔහුට දශක
තුනකටත් වඩා කාලයක් තවමත් ඒකාත්මීව ආදරය කරන්නීය. ප්‍රේමකරන්නීය.
අප ඉදිරියෙන් සෙමින් ඇදෙන
අවමංගල්‍යය රථයේ ගමනට අනූරූපව සෙමින් මාද ඔහුද එකම මාවතක පියමනිමින් සිටියෙමි. මේ
ගමන කෙළවරවන්නේ සුසානයේ පිහිටි ආදාහනාගාරය අභියසින් බව දැන සිටියත් ඒ බවක් මා සිතට
නො අවාය. ඒ වෙනුවට මගේ සිත ඔහුගේ අතීතයට ඔහුත් සමග පියමැන්නාය. මා මෙන්ම ඔහුත්
සෙමින් සෙමින් ඒ අතීතයට පියමනින්න ඇතැයි මා සිතුවේ මගේ නිහඩතාවය ට ඉඩ දී ඔහු ගොළුව
සිටි යයි මගේ සිත කියන්න වු බැවින්ය.
අප සමග
අවමංගල්‍ය රථය තුල නිසලව මේ ගමන් කරන්නේ ඔහු සමග පාසල් වියේ සිට තුරුණු විය
දක්වා ගමන් කර ඔහු ඔසවා පොලොවේ ගසන ලද ඔහුගේ ආදරයයි. ඔහුගේ ප්‍රේමයයි.
ඔහු නිර්දය ලෙස දෝෂාභියෝගයකට
ලක් කර ඇය , ඇයට ඇය ප්‍රේම කරන බවත් ඇයට ඇය ආදරය කරන බවත් ඔහුට කීව බව මා
හා වේදනාවෙන් පවසා ඔහුට ආදරය කරන්නත් ඔහුට ප්‍රේම කරන්නත් ඈ මග පෙන්වු බව කියමින්
ඔහුගේ සිත සැහැල්ලු කර ගත් ඒ අතීත දවස මට සිහිපත් විය.
ආදරය සහ ප්‍රේමය අතහැර ඈ අපටත්
කලින් නිසල චාරිකාවක යෙදී සිටින විට අප ඈත් සමග අනිත්‍යවු සංසාර ගමනක පසු ගමන්
කරුවන් බවට පත්ව ඈ හා සුසානය කරා යන්නට මදක් පින් කර ඇති බව මා සිහිපත් කර ගත්තාය.
එහෙත් එය අසන්නට මා සමග පියමන් වන ඔහුට කන් නැත.
ඔහු තවමත් නිහඩය. දෙනෙත් කෙවෙනි
තුල උපන් කදුලක් දෙනෙත් තුලම වියකී යන්නට තතනන විට මා දැහන බිද “ අපි යමු” යැයි
ඔහුට යෝජනා කලාය. “වතාවත් එවරවෙලාම යමු.”ඔහු නිහඩතාවය සිද දැම්මේය. ඈ
ජීවත්වු සමාජය නවීකරනයව වැලදගත් සිරිත් විරිත් අකුරට යමින් දේහය ආදාහනාගාරයෙ
කවුළුවෙන් රිංගා දිදුලන්නට පටන්ගත්තාය. උස්වු කුලුණින් වලාවක් මිදෙන්නට විය.
ඔහුත් මාත් මගට පිවිසුනාය.
සුදුවැලි ඇතූරු මාවතක – සුදු කොඩි සැරසු දෙපසක – ගොක්කොල සැරසිලි මැද “මාද පෙර
ගමන් යන්නේ ?.යයි විමසු විට නෑ ..නෑ ..අපි දෙන්නාම” යයි කී
බවක් ඔහු මා සමග අතීතයේදී කියා ඇත. ආදරය ප්‍රේමය අධිතක්සේරුව මුලාවක් වු ඈ – මින්
බොහෝ කාලයකට පෙර ඔහු සුසානයකට තල්ලු කර වාසනාව සොයා ගියාය. ඔහු සුසානය තුලින්
යලිත් ජීවිතය සොයා ගත්තාය.
ඈත් ඔහුත් දෙමගක ගියත් කවදා හෝ
එක් මගකට පිවිසෙන බව එදා ඈ හට නොසිතෙන්නට ඇත.වාසනාව විසින් තවමත් ඔහුට ආදරය සහ ප්‍රේමය
ඉතිරි වී ඇති බවක් ඔහුට කියන්නට මගේ සිත කීවත් එය අසන්නට ඔහු සුවපත්වී නැති බව
ඔහුගේ දෙනෙත මට කීවාය.
රිය තුල ගොළුවු අප – ගලා ආ
අදුරත් රැගෙන ආපසු පැමිනෙමින් සිටියාය. මා නිවස අසල හැර දමා ගොළුවතින්ම විසිර
යන්නට ඉඩ දී ඔහුගේ රිය කවුළුව වැසීගියේය. මම දෑත වැනුවත් ඔහු ඒ බව ග්‍රහණය නොකල බව
මතේ සිත සටහන් කර ගත්තාය.
2011.07.25 දින ම විසින් කඩුල්ලට කල සටහනකි.
අද 2022 අගෝස්තු 14 දා.
ඔහු මට දෑත වනන්නේ නැතිවම මගෙන් සමු අරන්. දින දෙකකට කලින් අපි රෝගී මිතුරෙකු හට සුවපතන්නට ගොස් වෙන්ව ගියෙමු.නිවසට පැමිණ " මට මහන්සියි " කියා ඇලවුන ඔහු ගේ අවසන් වදන් පෙල වුයේය.ඔවු මිත්‍රයා දැන් අපිට මහන්සියි.
0 comments:
Post a Comment