පරිවර්ථනය - Translate සිංහල > TAMIL> ENGLISH

Tuesday, August 30, 2022

උසස් පෙල ප්‍රතිපල.

උසස් පෙල ප්‍රතිපල නිකුත් වෙලා.විභාගයෙන් උසස් අන්දමින් සමත් දරුවෝ අගයමින් ඉන්න මේ වෙලාවේ උසස් පෙල සමත් , අසමත් දරුවන්ගැන අවධානය ගිලිහෙමින් තියෙන වෙලාවක්.

සමත් වු අය අගයන ගමන් දෙවෙනි පෙලත් අගයන්න දෙමව්පියෝ ගුරුවරුන් වැඩිහිටියෝ අවධානය යොමු කරන්න ඕන. කොරෝනාවක්, දේශපාලන ආර්ථික අර්බුදත් පිරුණ සමයක මේ දරුවෝ විභාගයට පෙනී සිටියේ. දෙමව්පියන්ට තදින් බල පෑ අර්බූද දරුවන්ට බල නොපෑවයි කියලා හිතන්න හොද නැහැ.

සාමාන්‍ය පෙල , උසස්පෙල එකවර සමත් නොවුන එහෙත් නැවත නැවත උත්සහා දරා අධ්‍යාපපනයෙන් ඉහලටම ගිය චරිත අපිට ඕන තරම් හමු වෙනවා. ඒ වගේම උසස් පෙලින් පසු තමන්ගේ ගමන් මග වෙනස් කර ගෙන ජීවිතය ජයගත් චරිත ඕන තරම් ඉන්නවා.  

උත්සහායයි වැදගත් වෙන්නේ.

මට වතපොතෙයි පලකර තිබු එවන් චරිතයක් ගැන කියවන්න ලැබුනා. ඔහුගේ ගමන් මග පුරන්න පටන් අරන් තියෙන්නේ පලමු බිදවැටිම ජයග්‍රහණයක් කර ගැණීමෙන්.



  උසස් පෙළ ගණිත අංශයෙන් විභාගය දිනන්න සිහින මවන තරුණයෙක් කොයි තරම් මහන්සි උනත් ලබුනේ F සාමාර්ත හතරක්. ඔහුගේ සිහින බිද දාන්න ඔහු කැමති වෙන්නේ නැහැ. මරදාන කාර්මික විද්‍යාලයෙන් සහතික පත්‍ර පාඨමාලාවක් හදාරණවා. ඊට පස්සෙ Water Board එකේ වැඩට යනවා. හැබැයි ඔහුගේ විශ්ව විද්‍යාලයක ඉගෙණීමේ සිහිනයට උසස් පෙළ ප්‍රථිපළය බාදාවක් වන්නේ නැහැ. එන්ගලන්තයේදී ප්‍රථම උපාධියක් ලබා ගන්නවා. ඉන් නවතින්නේ නැතිව පශ්චාත් උපාධි දෙකක් ලබා ගන්නවා. ඒ පාරේම තවදුරටත් ගමන් කර ආචාර්‍ය උපාධි දෙකක් ලබා ගන්නවා. ඔහු ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපති වරයා බවට පත්වෙනවා. ඉන්ජීනේරුවා කියන්නේ අනාගතය දකින්නෙක් බව සනාත කරමින් ඔහු මොරටු විශ්ව විදාලයේ උප කුලපති තුමන් ලෙස දෙවතාවක්ම තෝරා ගන්නවා. මේ මහාචාර්‍ය දයන්ත විජේසේකර නම් ශ්‍රේෂට අධ්‍යාපන වේදියායි. එතුමා අද දවසේත් ගෞරවනීයම කුලපති තුමෙක්.
 උසස් පෙළ විභාගයෙන් බලා පොරොත්තු බිද ගන්නේ නැතුව ඔයාගේ දක්ෂ කම තියෙන්නේ කොහේදැයි විමසන්න. ඔබ ඉදිරියේ විකල්ප තියෙනවා. පරදින්නේ ඔබ පරාජය බාරගෙන නැවතුනොත් විතරයි. උසස් පෙළ ප්‍රතිපළ ඔබේ ජීවිතය නවත්වන දෙයක් විය යුතු නැහැ. දිරිමත් වන්න. දිනන්න ඔබට පුළුවන් 
දයන්තා කිසිවෙකු කිසිදා නොබිඳී ය හෑකි වාර්තාව ක් තියලා තියෙනවා. ඒ තමයි විවෘත විශ්ව විද්‍යාලයේ අවුරුදු 9 ක්ද, මොරටුව විශ්ව විද්‍යාලයේ අවුරුදු 6 ක්ද ලෙස අවුරුදු 15ක් උපකුලපති ධූරය දරමින්. ඔහු තමයි විශ්ව විද්‍යාල දොකක උපකුලපති වරයා වූ පළමු වැන්නා. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ට අයත් විශ්ව විද්‍යාල වල එසේ විශ්ව විද්‍යාල දෙකක උපකුලපති වූවන් ඉන්නේ තව දෙන්නයි. එමෙන්ම දයන්තා තමයි කොළඹ වාහන තදබදය ට පිළියමක් ලෙස ගාලු පාර, රොනී ද මැල් මාවත වගේ සමහර පාරවල one way ක්‍රමය හදුන්වා දුන්නේ. ඒ ත් ඔහු කියූ දේම කලා නම් මෙම ක්‍රමය වඩාත් සාර්ථක වීමට තිබූ බව ඔහු මා සමග වරක් කීවා.
ඔහු vocational education පිලිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති කෙනෙක්. ඔබට චිරං ජයතු දයන්තා

උපුටා ගැනිමකි...

 

notes of imaginary

 


7 comments:

Anonymous said...

ඔබතුමා අපොස උසස් පෙළ අතිරේක පන්ති ගුරුවරයෙක්ද?

Anonymous said...

ඇමරිකන් සොල්දාදුවා

miduma said...

ගුරුවරයෙක් නොවෙයි .

Anonymous said...

එහෙනං උසස්පෙළ සිසුවෙක්ද?

miduma said...

ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයිය යුතුයි කියලා හිතන්නේ .වයස අවුරුදු හැත්තෑ පහයි. උසස් පෙල ලියපු කාලය පහුවෙලා අර්ධ ශතකයට වැඩියි .දැන් මම සීයා කෙනෙක් .profile පිතූරේ බලන්න .බණක් භාවනාවක් කරගෙන ඉන්න වයසේ .

Anonymous said...

' miduma said…
ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයිය යුතුයි කියලා හිතන්නේ .වයස අවුරුදු හැත්තෑ පහයි. උසස් පෙල ලියපු කාලය පහුවෙලා අර්ධ ශතකයට වැඩියි .දැන් මම සීයා කෙනෙක් .profile පිතූරේ බලන්න .බණක් භාවනාවක් කරගෙන ඉන්න වයසේ .'

අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පහර ගසන්නේ ඇයි? එතුමාගේ වයසත් ඔබට වඩා වසරකින් පමණ අඩු නිසා ඔහුත් බණක් භාවනාවක් කරගෙන ඉන්න වයසේ කියා නේද මේ කියන්නේ? මෙම ප්‍රකාශය ගැන විමර්ශනය කොට රාජ්‍ය ද්‍රෝහී චෝදනා යටතේ දඩුවම් කල යුතුය.

Anonymous said...

කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නෙගෙන්න විජිත හේරත්ට නාරාහේන්පිට බිල්ඩින් තියෙන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම මුකුත් තියෙන්න බෑ. එවුන් හිඟන්නෝ.

කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න අනුර දිසානායකට ප්ලේන් එකේ බිස්නස් ක්ලාස් යන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලා පයින් යන්න ඕන. එවුන් හිඟන්නෝ.

කවදාවත් රස්සාවක් නොකළ මන්ත්‍රී වැටුපත් නොගන්න ජවිපෙ නායකයින්ට එයාලගේ දරුවෝ පිටරට විශ්වවිද්‍යාලවලට යවල උගන්වන්න පුළුවන්. හැබැයි මහින්දගේ පුතාලට එහෙම බෑ. එවුන් හිඟන්නෝ.
දෙපාරක් මේ රටේ ජනාධිපති වෙච්චි අගමැතිකම් මැති ඇමැතිකම් දරපු මහින්ද රාජපක්ෂගේ දරුවන්ට කිසිවක් ලැබෙන්න විදිහක් නෑ. එහෙම ලැබෙනවා නම් ඒවා හොරා කාපුවා. නැත්නම් අල්ලස්.

හැබැයි හඳුන්නෙත්ති ටිල්වින් වගේ අය කියන විදිහට එයාලා අඳින පළඳින සියල්ල ජයශාන්ත සහෝදරයලා දෙන්නේ. ඒවා හොරකම්, අල්ලස් නෙමෙයි. පරිත්‍යාග.

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ කියන විදිහට ජවිපෙ නායකයෝ හැමෝගේ ම ගෙවල්වල ටයිල් ධම්මික පෙරේරාගේ ලංකා ටයිල්ස්. පැලවත්ත මහ ගෙදර බරපැනත් ධම්මිකගෙන් කියල කියනවා.
විජිත හේරත් කියන විදිහට එයාගේ බිරිඳ සමග දැවැද්දට ලැබුණු දේපළ තමයි නාරාහේන්පිට කඩපෙළ. හැබැයි මහින්දගේ පුතාලට එහෙම දෑවැද්දි ලැබෙන්නත් බෑ.

විජිත හේරත්ලා ගෑනු එක්ක දෑවැදි ගත්තට මහින්දගේ පුතාලට ඒවා බෑ. ජවිපෙ නායකයෝ රස්සාවක් නොකර හොඳට කාලා ඇඳලා පවුල් නඩත්තු කළාට මහින්දගේ පුතාලට එහෙම බෑ.

මේ කුහක ජවිපෙ දෙබිඩි අදහස් ප්‍රශ්න කරන්න එහි අනුගාමිකයින්ට කවදාවත් බෑ. එහෙම කළ එකා ද්‍රෝහියෙක්.