2022-07-24

7/24/2022 12:10:00 pm
1



පාට වරුන ඇති කුකුලනි
මම තොපට රනින් වළළු
තනවාලා දෙමි පයට
මේ අප දෙන්නා එක්වුනි රෑ තුන්යමට

ඉර දුටුවොත් නාඩන් කුකුලනි හෙට
සදට හොරෙන් සද මුදුනින් සාවෝ ගියා
ඉරට හොරෙන් ඉර මුදුනින් ගිරව් ගියා
මලට හොරෙන් මල මුදුනින් ඔමරු ගියා.

අපට හොරෙන් නුඹ දෑසට නොපෙනී ගියා
ගිරවුන් හැර ගියත් ඉර තනි නොවේවා.
සාවුන් හැර.............ගියත් නති සද තනිනොව්වා.
ඹඹරුන් හැර ගියත් මල තනිනොවේවා.
මා හැර ගියද නැගණිය තනි නොවේවා.

පිං ඇති ළදක් කර කාරෙට ලැබීයන්
රුවැති ගුනැති දූ දරුවන් ලැබීයන්
මේ ජාතියේ මං කල පව් ගෙවීයන්
මතු ජාතියේ හිමි සද ලෙස ලැබීයන්

සවි ඇති කළට උක් දණ්ඩේ පැණිසේමා.
සවි නැති කලට..................වැටකෙයියා රොඩු සේමා
වෙර නැති දා කෙතකට බැදි වැට සේමා.
අසරණදා ....................මල් යායේ කටු සේමා.

වැල්ලේ පිපෙන බිම් මල වාසනාවන්
ගොල්ලේ පිපෙන පන්මල වාසානාවන්.
දෙපොදාට පුන් සද වාසනාවන්
මතු ජාතියෙත් ඔබ මට වාසනාවන්.

චිත්‍රපටය - සිරිබෝ අයියා 
පද            - මහාචාර්ය සුනිල් ආරියරත්න
ගායනයය - විශාරද නන්දා මාලනි සහ විශාරද අමරදේවයන්
ස්තුතියි  town arachchi  ට.


notes of imaginary

1 ප්‍රතිචාර:

town arachchi said...

මෙහි පද රචනය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර ගායනය අචාර්ය පණ්ඩිත් අමරදේවයන් සහ ආචාර්ය නන්දා මාලනිය වේ . චිත්‍රපටය සිරිබෝ අයියා