සැප්තැම්බරය.
බෙලිහුල්ඔයට වැස්ස ලැබෙන කාලය.
කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි නැතත් අපිට මේ රටාව හුරු පුරුදුයි.
පෙබරවාරි වෙනකම් මේ වැස්ස ලැබෙනවා.
ආයෙත් මහ වැසි පුරන්නේ අප්රේල් මුල් සතියේ.
බක්මහට හෙන ගහ ගහා වහිනවා.
ලහ කොල දළු දාන්න “ N” , ලැබෙනවා.
අපි පුංචි කාලේ ගොවිතැන් බත් කරන උදවිය කාලගුණයට අවනතව වගා කටයුතු කලා
අපේ ගම බත බුලතින් සරුයි.
ජනාකීර්ණ නැහැ.
පිටතින් දියලුනු , කරවල , දුන්කල , සබන් වගේ දේවල් තමයි බෙලිහුල්ඔය පාලමෙන් මෙගොඩ තිබුන පුංචි කඩමණ්ඩියට ගෙනාවේ. ( ආනයන කලේ )
කන්නයක් එවර වෙලා මාසයක් දෙකක් වෙනකම් සතියකට වී ටොන් විස්සක් විතර පාලමෙන් එහාට යනවා ( අපනයන වෙනවා)
ගොඩ ගොවිතැන් කරපු උදවියත් හිටියා.
ඉරිගු , වියලි මිරිස් වෙළදපලට ලැබෙනවා.
මට මතකයි සිරිමා මැතිණිගේ ආණ්ඩුකාලේ මිරිස් පොළු ,හාල් පොළු තිබුන කාලේ ඒ කාලේ ලක්ෂපතියෝ වුන ගොවි මහත්තුරු බිහිවුනා.
ආර්ථිකේ විවෘත වුනා. අපි බංකොලොත් වුනා.
පාලමෙන් එහාට ශ්‍රමය ගලන්න පටන් ගත්තා. කෙත් වතු පාළු වුනා.
පාලමෙන් මෙහාට ලොරි පුරෝල කඩමණ්ඩියට බඩු භාණ්ඩ ආවා.
දැන් හාල් ටිකත් ඩඩ්ලිගේ මෝලෙන්.
මේ යුග දෙකක් හරහා ඇදපු රේඛාවක්.
අද මීටත් වඩා වෙනස්. .
ප්‍රෙද්ශයම ජනාකීර්න වෙලා.
එක පැත්තකින් සබරගමු විශ්ව විද්‍යාලය ශීෂ්‍ය ප්‍රජාව හාර පන්දහසක් ජනගහනයට එකතු වෙලා.
ඒ නිසා ඇතිවුන ආර්ථිකයක්.
බෙලිහුල්ඔයට එන සංචාරකයෝ දවසින් දවස වැඩිවෙනවා.
ඒ නිසාත් නව ආර්ථිකයක් ඇතිවෙලා.






No comments:
Post a Comment