නන්දා මාලණිය අපෙන් සමු අරන්.
මරණයක් වු විට නොගුණ අමතක කරමින් ගුණ පමනක් ගයන සමාජ චින්තණය වියකී යමින් මරණයේදී පවා පරිබව කරන්න තරම් අප සාමාජය පිරිහී ගිහින්.
කළගුණ අමතක කර වැරදි පමනක් සිහිපත් කරමින් ආක්‍රෝෂ පරිභව කරන සමාජ විකෘතියක් ඇති වෙලා !.
නන්දා මාළණිය අවසන් ගමන් ගිය කාලපරාශයේ ඈ ගැන සටහන් කරන්න මට හිත්දුන්නා.
ඒත් ඒ දිනවල විසිරගිය සංවාදයන් මගේ හිත ගත්තේ නෑ.
ඕනෑ කෙනෙකුට රට පාලනය කළ යුත්තේ කිනම් මතවාදයක් දරණ පිරිසක්ද ? යන්න පිළිබදව අදහසක් තියෙනවා.
එහෙම නෑ කියන්න කාටවත් බැහැ.
තව පැත්තකින් ඒක පෞද්ගලික අයිතියක්.
නන්දාවන්ගේ ගීත රචනය ඇගේ නෙවෙයි. ඈ ගායිකාව පමනයි. හඩ ඇගේ වුවත් ගීතයේ අදහස වෙනත් කෙනෙකුගේ.
ඇගේ මනෝභාවයන් හා කැළතී විසිර ගිය හඩට ජීවයක් තිබුනා.
පවන වැනි කෘතියක් ජවිපෙය දැක්කේ
“අමන යකුන් කිරුළු දරා රට ගිණි ගෙන දැවුනා
අපේ කදුළු පවන වෙලා විකුණාගෙන කෑවා.“ කියලයි.
ඒ එක කාලවකවාණුවක්.
අරගල බිමට එනතුරු ඇගේ සක්‍රීය දේශපාලන ක්‍රියාකාරිත්වයක් අප දුටුවේ නැහැ.
ඒ තවත් කාලවකවාණුවක්.
මේ කාලවකවාණු තුල දේශපාලනයේ සමාජ මතය පැවති පාලනයන්ට එරෙහිව කැළඹිලා තිබුනේ. පාලනය වෙනස් විය යුතුයැයි දැඩි සමාජ අදහසක් ඇතිවෙලා තිබුනා.
පළමු වතාවේ කොඩිය මහින්ද අරන් ගියා . දෙවෙනි වතාවේ කොඩිය අනුර අරගෙන යනවා.
මේ අවස්ථා දෙකේම වේදිකාවේ නොදැකපු කලාකාරිණියක් නෙමෙයි ඈ .
පීචං කලාකාරිණියක් නොවී ඈ වැදගත් කලාකාරිණියක ලෙස අපේ හිතේ රැදුනා.
නන්දාවන් ගැන සමන් අතාවුද හෙට්ටි මෙහෙම කියලා තිබුනා
“නන්දා අක්කා තමන්ගේ පිලට අයිති කරගන්න මේ වෙලාවේ ගොඩක් අය උත්සහා කරනවා. ඒත් නන්දාක්කා කිසි පාටකට අයත් කෙනෙක් නෙමෙයි.
ඇයගේ පාට සුදු පාට
ඇය ඇන්දේ සුදුපාට සාරිය.“
එහෙම කියාපු සමන්ටත් පාටක් තිබුනා.
පවතින රජයට ඇගේ මරණය කරගහගෙන යන්න තිබුන ඉඩකඩ අහුරා දමා ඇගේ සුදුපාට අපට ඉතිරිකලා.
එය කළකිරීම ද ?.
මාළණී ෆොන්සේකාගේත් ලතා වල්පොල ගේත් අවමගුල් උත්සව වලදී කල කතා දෙකක් සිහිපත් වෙනවා.
එවැනි විද්වත් ශෛලීයේ සැමරුමක් ඇය බලාපොරොත්තු නොවන්න ඇති.
ඈ ජීවත්ව සිටියදී ලැබු ජනතා සැමරුමන් ඈ තෘප්තිමත්ව සිටින්න ඇති.






No comments:
Post a Comment