අද අනිල් ජයන්ත කියන රටේ නියෝජ්‍ය මුදල් ඇමති මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා මාර උජාරුවට “රුපියල ශක්තිමත් වුණා” කියන සිඟිති ආතල් එක දෙනවා.
හැබැයි ඇත්ත ප්‍රශ්නය තියෙන්නේ ඒකට යටින්.
රුපියල ශක්තිමත් වුණා කියලා chart එකක් පෙන්නන්න පුළුවන්.
මාධ්‍ය සාකච්ඡාවල ලස්සන කතා කියන්න පුළුවන්.
හැබැයි රටක මුදල් පද්ධතිය කියන්නේ Facebook post එකක් නෙවෙයි.
වෙළඳපොළ කියන්නේ විශ්වාසය මත දුවන යන්ත්‍රයක්.
අද Friday market close වෙන්න ටිකකට කලින් එකපාරටම ඩොලරය 344 ඉඳලා 333 range එකට කඩා දානවා කියන්නේ සාමාන්‍ය ස්වභාවික විනිමය චලනයක් නෙවෙයි කියන සැකය market එකට එනවා.
විශේෂයෙන් usable foreign reserves ඩොලර් බිලියන 6ක් වගේ කුඩා ප්‍රමාණයක් තියෙන රටකට මේ වගේ දැවැන්ත මැදිහත්වීමක් කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
මහ බැංකුව සංචිත වලින් ඩොලර් වෙළඳපොළට විසි කරලා rate එක කෘතිමව පහළට තල්ලු කරනවා නම්, කෙටි කාලයකට chart එක ලස්සන වෙයි.
හැබැයි ඊට පස්සේ වෙන්නේ මොකක්ද?
වෙළඳපොළ official rate එක විශ්වාස කරන එක නවත්වනවා.
ඒක තමයි මුල්ම අනතුර.
එතනින් පස්සේ:
• උණ්ඩියල් ජාල නැවත ශක්තිමත් වෙනවා
• කළු කඩ ඩොලර් වෙළඳපොළ උණුසුම් වෙනවා
• විදේශ රැකියා කරන මිනිස්සු බැංකු මග හැර යනවා
• අපනයනකරුවන් ඩොලර් රඳවාගෙන ඉන්නවා
• බැංකු පද්ධතියට එන ඩොලර් අඩුවෙනවා
ඒක තමයි 2022 අර්බුදයට කලින් වෙන්න පටන් ගත්තෙත්.
කෘතිම rate control → කළු වෙළඳපොළ → remittance collapse → reserve depletion → currency crash.
අද Friday artificially rate එක push කරලා market close කළා කියලා හිතමු.
එතකොට Monday වෙනකන් unofficial market එකේ panic expectation build වෙනවා.
Banks වහලා.
Official market එක නවතිලා.
හැබැයි කළු market එක නවතින්නේ නෑ.
දැන් unofficial market එක හිතනවා:
“333 ඇත්ත rate එක නෙවෙයි.”
“Reserves burn කරනවා.”
“මේක දිගටම කරන්න බෑ.”
එතකොට Monday වෙනකොට official rate එක 333 තිබුණත් black market එකේ 350-360 යන තත්ත්වයක් එන්න පුළුවන්.
එතනින් පස්සේ banking channel එකට dollars එන එක තවත් කඩා වැටෙනවා.
පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඩොලර් 1000ක් එවනවා නම් bank එකෙන් රුපියල් 333,000යි.
හැබැයි unofficial market එකේ 360,000ක් ලැබෙනවා නම් මිනිස්සු මොන පාරද තෝරන්නේ?
ආර්ථිකය හැමවෙලේම වැඩ කරන්නේ incentive එකට.
ඒ නිසා artificial currency strength කියන්නේ ඇත්ත ශක්තියක් නෙවෙයි.
ඒක බොහෝ වෙලාවට cosmetic stability එකක්.
Steroid ගහලා marathon දුවනවා වගේ වැඩක්.
ටික දවසක් හොඳට පේනවා.
හැබැයි collapse එක එද්දී brutal.
Sri Lanka වගේ:
• ආනයන මත ජීවත් වෙන
• ණය බර වැඩි
• විදේශ විනිමය හිඟ ඉතිහාසයක් තියෙන
• informal dollar economy එක ශක්තිමත්
රටකට මේ වගේ sudden exchange rate manipulation කියන්නේ ඉතාම high risk game එකක්.
Stable currency එකක් කියන්නේ artificially strong currency එකක් නෙවෙයි.
ඇත්ත stability එක එන්නේ:
• සැබෑ ඩොලර් ආදායම් වලින්
• ශක්තිමත් අපනයන වලින්
• වෙළඳපොළේ විශ්වාසයෙන්
• විශ්වාසදායක මුදල් ප්‍රතිපත්තියෙන්
• sustainable reserves වලින්
මිසක් press conference වලින් නෙවෙයි.
Chart එක green කරලා economy එක recover වෙන්නේ නෑ.
Market එකට බොරු කරන්න පුළුවන් ටික කාලයයි.නන්දලාල් අනිල් අයිසේ කෝටි ගණන් පඩි ගන්න ගමන් මිනිස්සු අමාරුවෙන් ගොඩදාපු ආර්ථිකය ආයේ කුඩු පට්ටම් කරන්න එපා මනුස්සයො.දන්නෙ නැත්නම් ඉල්ලලා අස්වෙලා දන්න මිනිහෙක්ට ඕක දෙනවා.
මෙහෙම කියන්නේ
A day in the life
විවාහක රූ රැජිනන් බිහිකරන්නන්ගේ සන්සදය
ජීවිතයෙන් දවසක් .








0 ප්‍රතිචාර:
Post a Comment