“බමරකන්ද ඇල්ල” ලංකාවේ උසම දිය ඇල්ලයි.
ඇල්ල මගදී ඡෙදනය වී ඇති නිසාවෙන් සුන්දරත්වයට පොඩි හාණියක්ව ඇති සෙයකි.
මගේ අද කතාව ඇල්ල ගැන නොවේ.
ඇල්ල ලග “ කලුපහණ වලව්ව “ අශ්‍රිතව පවතින ජනප්‍රවාද පිළිබදවයි.
බමරකන්ද ඇල්ල නැරඹිමට යන මට වීරකෝන්ගම පසුකරන්නත් රැදෙන්නත් සිදුවුනේ ඇල්ලත් පරිසරයත් සිතින් විදින්නට සිදුවු අහම්බය හේතුවනි.
මේ ප්‍රදේශය පිලිබදව ක්‍රිව 1500 සමයේ පෟතුගීසි ආගමනය සිදුවු කාලයේ සිට එක්වු ජනප්‍රවාද රැසකි.එයට හේතු වන්න ඇත්තේ ඌවට ගමන් බිමන් සදහා යොදාගත් මග කලුපහණ හරහා වැටී තිබිම විය හැකිය.
ඌව සබරගමුව මායිමේ පිහිටි කලුපහන සෞම්‍ය දේශගුණයෙන් යුතු නෙත නිවන පරිසරයකින් යුතුය.
මගේ කතානායකයා ඩිංගිරිහාමි වීරකොන් ය.
මෙතුමන් වීරකෝන්ගම මුල් පදිංචිකරුවෙකු නොවු බව ජනකතාවකින් මා ඇහිද ගත් මුලාශ්‍රයකි. තවමත් එය නිවරදි කර ගැනීමට නොහැකිවීම අඩුපාඩුවක් බව සදහන් කරමු.
දෙවන රාජසිංහ රජු සමයේ , මෙතුමන් පදිංචි ප්‍රදේශයේ සිට මහනුවර බලා පිටත්ව තිබේ.
ඒ තමන් විසින් රචිත කාව්‍ය ප්‍රබන්ධයක් රජතුමාට ඔප්පු කිරීම පිණිසයි.
දින හත අටක් ගතවෙන මෙම ගමනට හතර පස්දෙනෙකුගේ කණ්ඩායමක් මෙතුමාට සහය වු අතර බලන්ගොඩ , බෙලිහුල්ඔය ,හපුතලය,වැලිමඩ බෝගොඩ පසුකර හාරගම හරහා මහනුවරට ලගා වීම ඔහුගේ අරමුණ වී තිබිනි.
මෙම ගමන් මග යොදා ගැණීමෙන් එතුමන් රත්නපුරයෙන් මෙපිට පදිංචිකරුවෙක් යයි මම උපකල්පනය කරන්නෙමි.
මේ ගමන අතරමග එක් දිනක් නවාතැන ලෙස කලුපහන තෝරාගෙන තිබු අතර කලුපහන ගම් ප්‍රධානියෙකුගේ නිවසක් සුදානම් කර ගත හැකි විනි.
කාමර කිහිපයක් සහ ආලින්දයක් එම නිවසේ තිබු අතර ආලින්දයේ පරිවාරකයන්ටත්, ප්‍රභුවරයාට ඇතුල් කාමරයකත් සුව පහසුව සැලසිනි.
ප්‍රභුවරයා හැඩි දැඩි සිරුරකින් මුහුනපුරා වවාගත් රැවුලකින් යුතු තේජවන්තයෙකු විය.
ගම් ප්‍රධානියාට රුමත් දියණියන් දෙනෙකු සිටි අතර ඔවුන් නිදන කාමර යාබද විය.
නින්ද යන නොයන මානයේ ප්‍රභුවරයාට තමාගේ හැඩිදැඩි සිරුරටත් කලු වැඩුන රැවුලටත් අපහාස මුඛයෙන් උසුලු විසුලු කරන කාන්තා හඩවල් දෙකක් ඇසුනත් ආන්තුකයෙකුවු ඔහු නිහඩව නින්දට වැටුනේය.
පසුදා ගමන් ආරම්භ කිරීමට පෙර තමන්ට උසුලු විසුලු කල යුවතියන් තේ ඇස ගැටෙන තැනක මෙම කවි පද තල්පතක ලියා තබා යාමට අමතක නොකලේය.
“පවුලෙන් ඔබගේ මම සත්කාර ලැබුවා
රැවුලෙන් පිරි එකෙකයැයි අවමන් ලැබුවා
අවුලෙන් මදරදගේ මගේ සිත උසි ලෑවා
රැවුලෙන් වත පිසීමට ආපසු එනවා”
කාලය ගතවිය. දෙවන රාජසිංහ රජු ඩිංගිරිහාමි වීරකෝන් අගයමින් කලුපහනින් ගම්වරයක් ප්‍රධානය කල අතර මුදලි තනතුරකට පත් කලේය. එම ගම්වරය වීරකොන්ගම වු අතර මුදලි ඩිංගිරිහාමි “ රැවුලෙන් වත පිසීමට ආපසු කලුපහනට පැමිණියේය.
“ඌව දිසාවේ කන්දපල්ල කෝරලේ වීරකෝන් ගම සමස්ත වික්‍රම බණ්ඩාර රාජාරාම වීරකෝන් වාහල මුදියන්සේ රාළහාමිලාගේ ඩිංගිරිහාමි වීරකෝන්” නමින් කලුපහන පැල පදියම්ව රාජ අණසක පවත්වාගෙන යමින් කලුපහන වාසය කලේය.

මේ නමින් නව පෙලපතක් ප්‍රදේශයේ තහවුරු කර ඇති බව කලුපහන වර්තමානය සාක්ෂි දරති.
මෙතුමන් කාන්තා ලෝලියෙකු බව තහවුරු වන තවත් පද පෙලක් මෙසේය.
“ ආරමින් බුරුලු ඇති දෙනුන් දුටිමි
සූරමින් බුරුලු ඇති දෙනුන් දුටිමි
පාර මන් වැරදි ආවා මතු තේමි
වීරකෝන් මුදලි මම ඩිංගිරි හාමි
සිලිටි මුස වරල මොණරිදු පිල් රැසකි
නොවැටී තන මඩල ඇගේවත පුන් සදකි
දැවටී ළංවෙන්නට ඇත්නම් මද යුදකී
ළපටි අගනන්ට මගේ සිත බොහොම දුකී
සිත යට නැගුන ප්‍රේමය මගේ හද රදවා
නුඹ මට කරපු අවමානෙට මම ආවා
බද පිට ඉදන් රසමීයක පැණි කෑවා
එතකොට හැඩලි කුකුළෙක් මගේ සිත කෑවා

රණකාමියෙකු ලෙසද ඌව ඉතිහාසය තුල ලියවී ඇත්තේ පෘතුගීසින් හා සටන් වැදුන වෘත්තාන්ත වලය. අපි දවසක කියවමු.
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment