අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
Thursday, November 20, 2025

11/20/2025 10:00:00 pm

අද විශ්ව ළමා දිනය .

අපි ළමා දිනය ලෙස සලකන්නේ ඔක්තෝම්බර් පලවෙනිදා.

දරුවෝ මේ ලෝකේ තියෙන වටිනාම සම්පත. දරුවන් නැති නිවසක් හරිම පාලුයි. ඉතින් දරුවන් නැති සමාජයක් ගැන මොන කතාද  ?.

මේ නිසා මල් කැකුළු වන් දරුවන් වෙනුවෙන්  විශේශිත වූ දිනයක් වෙන් කර ලා. ඒ දිනය ලෝක ළමා දිනය ලෙස හදුන්වනු ලබනවා

ලෝකළමා දිනය  විවිධ රටවල  විවිධ දින වකවානුවන් හිදී  සමරනවා.  දරුවන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම ට ප්‍රවර්ධනය  කිරීමට හා සැමරිමට මෙන්ම දරුවන් සදහා වඩාත් යෝග්‍ය  සමාජයක් හා ඔවුන්ට හොද ලොවක් තනා දීමට ප්‍රවේශයක් ලබා ගන්නේ  මෙම ළමා දිනය තුළිනි . 

 අපේ රටේ ලමා දිනය  සමරනු ලබන්නේ  ඔක්තෝබර් 1 වන දා .


ලමයා  ලෙස සරලවම  හදුන්වන්නේ  වයස අවුරුදු 18 අඩු දරුවන් . ලමයා යනු විශ්වයේ ශේෂ්‍යඨතම නිර්මාණය ලෙසයි හදුන්වන්නේ.එමෙන්ම මානව ශිෂ්ඨාචාරයේ  තීරණාත්මක සාධකය ළමයා ලෙස දක්වා තියෙනවා .

1989 නොවැම්බර්  20 වන දින  එක්සත් ජාත්න්ගේ මහා මණ්ඩලය විසින්  අනුමත කරගන්නා ලද  ළමා අයිතිවාසිකම් ප්‍රතිපත්තියට අනුව ළමයා යනු කවුරදැයි යන පැනයට වඩාත් යෝග්‍ය අර්ථකතනයක් ලබා දෙනවා‍්. ඔවුන්ට අනුව ” නීතිය මගින් අඩු වයසකදී පූර්ණත්වය ලබන්නම් මිස වයස අ වු 18 අඩු සියලු මිනිසුන් ළමුන් වන බවය ”  

මෙලෙසින් හදුනා ගත හැකී ළමයා වෙනුවෙන් නිර්මාණය වී ඇති දිනය වු

විශ්ව ලමා දිනය ප්‍රතම වරට ප්‍රකාශයට පත්වූයේ 1925 දී  ජිනීවා හී පැවති සුබ සාධන  පිළිබද ලෝක සමුළුව දිනයේදිය .

1950 සිට එය  බොහෝදුරට කොමියුනිස්ට්  හා පශ්චාත් කොමියුනිස්ට්  රටවල   සැමරුමට ලක්කරන ලද්දේ ජුනි 1 වන දා .   පළමු වරට විශ්ව ලමා දිනය  ලෙස 1954 දී ආරම්භ කරන ලද අතර එය පසුව 1959 නොවැම්බර් 20 වන දින  සැමරීමට තීරණය කෙරුණා ඊට හේතුව වූයේ එක්සත් ජාතින්ගේ මහා  මණ්ඩලයේ සැමරුම් දිනය එදිනට පවතින නිසාවෙනි .

එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලය , ලමුන්ගේ ආරක්ශාව හා ලමා අයිතිවාසිකම් සම්බන්දව   ක්‍රියාකාරිව පවතිනවා . 


ලෝකලමා දිනයේ වැදගත්කම දෙසට අවධානය යොමු කරන විට  එය  බොහෝ දේ අරමුණු කරගනිමින් සමරනු ලබයි .

ඒ අතරින් කිහිපයක් ලෙස  

ලමුන්ට සිදුවන හිංසන වැලක්වීම 

ලමුන්ට වන අපචාර වලින් ඔවුන් ආරක්ශා කිරිම 

ලමා අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කිරීම 

උදෙසා මෙම දිනය  තුළදී වැඩි අවදානය යොමු කරයි , 

එමෙන්ම  දරුවන් සියලු දෙනාටම විවේකි බවක් ලබා දීම  

ඔවුන්ට යම් කිසි සමාජ භාවයක් ඇති කිරීම 

සමාජ මට්ටමින් දරුවන් උතුම් සහ වටිනාකමින් අනූන යැයි ප්‍රකට කරවීම උදෙසා මෙම ලමා දිනය කටයුතු කරයි .

මෙලෙසින් ලමා දිනය වැදගත් වන අතර ලෝකයේ විවිධ රටවල විවිද ආකාරයේන් මෙය සමරයි. 

ලංකාව තුළදීනම්   පාසල් ලමුන් උදෙසා විවිද  වැඩසටහන්  විනෝද ක්‍රියාකාරම් මේ දිනයේදි සිදුකර ත්‍යාග ලබා දීම කරයි.

කෙසේ නමුත් ලමා දිනය තුළ ගැබ්ව ඇති යටි අරුත වන්නේ දරුවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධවපෙනී සිටීමට රටක් වශයෙන් බැදී ඇති බව ඇගවිමකි. 

 අප රටේ  ලමා අයිතිවාසිකම් සම්බන්ද නීති කිහිපයක්  මෙහෙමයි.

අංක 1939 ළමුන් හා තරුණයන් පිළිබද පනත 

1995 අංක 22 දරණ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන පනත 

( ලමා අපචාර සම්බන්දව ක්‍රියාත්මක වේ)

1998අංක 27 දරණ  අදිකරන පනත 

(16  අඩු ලමයෙකු දූශණය කිරීම හා සම්බන්ද නඩු )

අංක 50 දරණ ළමා ආරක්ෂක පනත  



A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: