අසත්‍යයෙන් සත්‍යයටද - අන්ධකාරයෙන් ආලෝකයටද
මරණයෙන් අමරණයටද - අප යොමු කල මැනවි.

--- වේද ගීතයක්

Lead us from falsehood to truth - from darkness to light, from death to immortality.
2025-11-28

11/28/2025 10:00:00 pm


ඉරිසියාවට කියන කතා නොවේ. රටට බෙදන්න පෙර මඩියට බෙදා ගන්නා උදවිය ඉන්නා රටක..........
අපි හිත හදාගනිමු!
හිතට එන හැමදේම පලකිරීම සෞඛ්‍යට හිතකර නොවේ.
ඒත් සමහරක් දේ ලියවේ.

මැතිඇමැතිවරුන්ට වාහන ගෙන්වීම ගැන දොඩමලු වීමද එවැන්නකි.

බලයක් නැතිව නන්තාරව සිටිය යුගයේදී මැති ඇමතිවරුනට අලුත් වාහන අකැපය.
පස්ස පැත්ත තියාගෙන යාමට අලුත් වාහන ඕනෑදැයි එකල මතයවිය. දැන් නම් පස්ස පැත්ත තියා ගෙන යාමට අලුත් වාහන අවශ්‍ය බව තේරුම් ගොස් ඇත‍.
එයත් Change එකකි.

මැති ඇමැතිවරුන්ට සුපිරි දීමනා ලබා දෙන බව ස්ථීර වුයේ අයවැයත් සමගය.
මහජනතාවට නැති දේවල් අපිට ඕන නෑ කිව්වේ ඉස්සරය.
ලක්ෂ 12 කට විට්ස් කාරයක් ගෙනත් දෙනා කීවේත් ඉස්සරය.
බස්වල කෝච්චියේ සෙනග මාරාන්තික ගමනක යන බව දුටුවේත් ඉස්සරය.
දැන් ඒවා ගැන වගේ වගක් නැත.

දැනට වාර්තා වන ලැබෙන වාහන වරප්‍රසාදය ලොතරැයියක්ය .
මන්ත්‍රී කම තියෙනතාක් මහජනතා බදු මුදලින් නඩත්තුවන වාහනය තනතුර අවසන්ව ගෙදර යන දා එවකට බලපැවෙත්වන තක්සේරු වටිනාකම ගෙවා ගෙදර ගෙන යා හැක.
මෙයත් හොද Change එකකි.

දේශපාලනඥයන් මේ වන විට මහජන සේවයට කැප වී සිටින්නේ දුෂ්කරතා රැසක්‌ මැද ය. ඒවා රටේ ජනතාවට තබා වනේ වන හතුරෙකුටවත් විඳින්නට නොලැබේවා යන්න ජනතාවගේ ප්‍රාර්ථනාවය.
මේ හදිසියේ වාහන ගෙන්වන්නට තදියම මොකක්‌දැයි මේ ගැන හාංකවිසියක්‌වත් නො දන්නා මෝඩ තකතීරුවන්ට ප්‍රශ්නයක්‌ විය හැකිය. 
 ඒ ගැන පැහැදිලි කර දෙන්නෙම්, අහගන්න.

දිලිසෙන්නට ඔප දමා, ෆුල් කන්ඩිෂන් පිට අපට පෙනෙන්නට තිබෙන බොහෝ වාහන ඇත්තටම අබලන් ය. කෙනකුට ඒවා දකින විට සියුම් ඊර්ෂ්‍යාවක්‌ මතුවන්නේ එම වාහන දේශපාලනඥයන් සතුව තිබීම නිසාම මිස වෙන කාරණයක්‌ නිසා නොවේ. තුන් හතර දෙනකුට එක්‌ව එම වාහනවල ගමන් කිරීමේ හැකියාවක්‌ නැත. පොඩි වැස්‌සකට ද තෙමේ.
දේශපාලනඥයන් ගමන් ගන්නා රථ සමඟ 'බැකප්' වාහන ගමන් ගන්නේ 'ආරක්‍ෂාවට' යෑයි කවුරුන් හෝ සිතන්නේ නම් එය මුලාවකි. එම බැකප් වාහන ගමන් ගන්නේ අදාළ රථය (සමහර මෝඩයන් සුපිරි යෑයි සිතා සිටින) හදිසියේ බ්‍රේක්‌ ඩවුන් වූ විටෙක තල්ලු කිරීමට හෝ අලුත්වැඩියා කිරීමටය. 
එසේ නම් ආරක්‍ෂකයන් ගමන් ගන්නා රථය හොඳ තත්ත්වයේ තිබේදැයි කේන්ති යන අන්දමේ ප්‍රශ්න නොඅසන ලෙස  සියලුම මෝඩ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමු.

ඇත්තෙන්ම  කල්පනාව හැටියට මෙම ගෙන්වන වාහන සුඛෝප‍බෝගි බවින්  මදි බවය.

රටේ ජනතාවට අඩුම මිලට වාහනයක්‌ ගන්නට හැකියාවක්‌ නැත්නම්, අඩුම තරමින් යතුරු පැදියක්‌ තීරුබදු රහිත මිලට නොව අවම මිලකට මිලට ගැනීමට හැකියාවක්‌ නැත්නම් අපට මේ සුඛෝපභෝගී වාහනවලින් ඇති ඵලය කුමක්‌දැයි සිතන මේ මැති ඇමැතිවරුන්ට ජාතියේ ප්‍රශංසාව හිමිවිය යුතුය
අපේ කරුමයට එහෙම අය නැත.
 
ඇත්ත වශයෙන්ම මේ මොහොතේ රටේ ජනතාවට ද කළ හැකි යමක්‌ තිබේ. ඒ අප වෙනුවෙන් දුක්‌ විඳින මැති ඇමැතිවරුන් වෙනුවෙන් ගතහැකි හොඳම පියවර ගෙන තිබේ යෑයි හිත හදා ගැනීමය.

A day in the life
Next
This is the most recent post.
Older Post

0 ප්‍රතිචාර: