අන්දරේ ගැන රස කතා බොහොමයි.
අන්දරෙ රාජාධිරාජසිංහ රජ මාලිගේ විනෝදාස්වය සැපයු ඇමති තුමාය ( 1779 - 1797 ) දැන් කාලේ නම් නියමිත තනතුරක් නොදැක්වුවත් රාජමාලිගේ සිටින බොහොම දෙනෙක් කවටයෝ.

එහෙත් අන්දරේ මෙන් සහජ දක්ෂතා ඇති බුද්ධිමතුන් නොවේ.
අන්දරේ අනාගත්තේ නැත.
නූතන අන්දරේ ලා කට ඇරියොත් අනා ගන්නේය.
අර්චුනා කට ඇරියොත් සිනා සාගරයක්ය.
බිග්කුච්චන් “ අපිට පාන් ද ? අසයි. තවත් වරක තේ වලට නෝබල් තෑග්ග ගත් බව පවසයි.
හෑවගේ රෙදි නැන්දා ගේ රාජකාරිය කරයි.
තරහ ගන්න එපා.
...........තව තවත් සිහි කරන්න ගියොත් මාතෘකාව අමතක වෙන බැවින් අපි එතනට යමු.
අන්දරේ උපත ලබන්නේ මාතර දික්වැල්ලේ යයි එක් මතයකි.

ඔහු දෙවුන්දර කීරවැල්ලේදී උපත ලද යයි තවත් අයගේ මතයකි.
දෙවුන්දර කීරවැල්ලේ උපත ලද බව සාක්ෂි බොහොමයකි.
අන්දරේ “ සද්ද විද්ද පළග පතිරනලාගේ “යන පරම්පරා නාමය ලබා සිටිය බව සදහන් වුවත් “පොකුනේ සිටි මැඩියෙක් ගේ හඩ ඉලක්ක කර දුණු ඊ ඇද්ද කතාවෙන්“ පසු ලැබු නම්බු නාමයක් ලෙසට නමට ඈදුනු බවත් කියවෙන්නකි.
අන්දරේ ගේ උපත සහ දෙමව්පියන් පිලිබද දෙවුන්දර කිරලවැල්ල මුල් කර ඇති කතාවල ඔහුගේ පියා ප්‍රදේශයේ සිංහල, පාලි, සංස්‌කෘත හා ප්‍රාචීන භාෂාවන් ද ලන්දේසි භාෂාව ද ප්‍රගුණ කළ පඬිවරයෙක් වු පලවින්නගේ නමැති පෙළපතට අයත්ව සිටි බවයි සදහන් වෙන්නේ .
පියා ලන්දේසීන්ගේ රාජකාරි ලබාගැනීමට ක්‍රිස්‌තියානි ආගම වැළඳගෙන ඇත.

එහි ප්‍රතිඵලයක් ලෙස ලන්දේසීන් දෙවුන්දර ඉදිකළ පල්ලියේ ගුරු තනතුරු 6 ක් ඔහුට ලැබිණි.
එම පල්ලිය ඉඳිකළ ප්‍රදේශය අදත් පල්ලියවත්ත නමින් ප්‍රකටය.
පසුව එම පල්ලිය පෘතුගීසීන් විසින් විනාශ කරන ලදී.
පල්ලියේ ගුරුවරයා පල්ලියගුරු වී,

කිරලවැල්ලේ ගුරුන්නාන්සේට “පල්ලියගුරු“ යන පෙළපත් නාමය හිමි වීය.
ලන්දේසිවරුන්ගේ පාසල් පාලනයට අධ්‍යක්‍ෂ ධුරය හිමි වූයේ ද පල්ලියගුරුටය.
මෙම පල්ලියගුරු අධ්‍යක්‍ෂවරයා දික්‌වැල්ල අලුත්ගොඩ “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ පෙළපතේ තරුණියක සමග විවාහ වීය.

ඔවුන්ට පළමුව ලැබුණේ දියණියකි.
දෙවනුව පුතකු ලැබුණේය.
ඔහුට "අන්ඩ්‍රායස්" යයි නම තැබීය.
එය පසුව අන්දරේ වී යෑයි විශ්වාස කරති.
මේ කතාව අනුව නම් අන්දරේට තම පෙළපත් නාමය මව ගෙන් ලැබුනේද ? . යන්න විමසිය යුත්තක්ය. නැත්නම් මවගේ පෙලපත් නාමයවු “සද්දවිද්ද පළඟපතිර රාජපක්‍ෂ වික්‍රමසිංහ මුතුකුමාරණ“ යන කොටස අන්දරේ මහනුවරින් උපයා ගත්තක් පසුව ආදේශ වීද ?.
බාල කාලය.
අන්දරේ කුඩා කාලයේ සිටම දග කාරයෙකි. මතකද ? “ මගුල් ගෙදර ගොස් ගොනා වගේ ඉන්න “ කියලා අම්මටයි තාත්තටයි උගන්නපු පාඩම.
කුඩා කලම අධ්‍යාපන කටයුතු සදහා පල්ලියට බාර දුන්නද එය සාර්ථක බවක් නොදුටු දෙමව්පියෝ ගමෙන් ඈත “ ගැටමාන්න “ ගුරුවරයෙකු වෙත අන්දරේ යවුවත් එයත් ප්‍රතිපලයක් වූයේ නැත.

අන්දරේ දවසක් ගුරු ගෙදරින් අතුරුදහන්ව හැන්දෑ අදුර රැගෙන නිවසට ආයේය.
මේ දඩබ්බරයාට හොද පාඩමක් උගන්නැමැයි සිතු පියා වේවැලකින් හොදටම තලා නිවසට නොගත්තේය.

එකල මෙකල මෙන් අනපනත් නොතිබු බැවින් දඩබ්බර අන්දරේගෙන් පියා නිදහස් විය.
නැත්නම් ඔහුට හිරේ තපින්න වෙනවා සිකුරුය. අන්දරේ එතරම් දඩබ්බරයෙක් වී සිටි බාලයෙක් විය.
දඩබ්බර ඔහු පියා එල්ල කර තම ප්‍රතිභාව හෙලි කලේය.
අන්දරේ එවිට ඇදහැළුන වැස්සට තෙමෙමින් මැසි මදුරුවන් ගෙන් පීඩා විදිමින්ද සිටින අතර මේ කව කීවේළු.
"වැස්‌ස වැඩි නිසා සීතල වැඩිවෙච්චි
අතපය වෙවුලාය සන්නිය ළංවෙච්චි
එලොව පොල් පෙනෙයි අද නම් වැරදිච්චි
හොඳ හැටි ගෙයි නිදිද මගෙ බුදු අප්පොච්චි"

මේ කවි ඇසු පියාට පුතන්ඩියාගේ තරම අවබෝධ විය.
අකුරු නොකලත් බුද්ධියේ තරම දැන ගත්තේය.
සමාව දී ගෙට ගත්තේය.
අන්දරේගේ කතා නිමක් දකින්න බැරිය. මම තවත් දින කිහිපයක් අන්දරේගේ වගතුග සමගම හමුවෙන්නම්.
0 ප්‍රතිචාර:
Post a Comment