සිහිනයන් දියකළා රන්පාට අහස මැද
හුළං විස්කෝතු හා කෝපි ඇත එක් පසෙක
සීරුවට පෙල ගසයි සන්තෝස ඒ මතක
ඉතින් තරු දන්නෙ නැහැ එදුර නොතරම්ය වග
බිමට ආ විටෙක ඒ බැඳුම් පුපුරනා වග
සිසිරයේ හීතලම තැනෙක මල් සුවඳ ඇත
පිපෙන්නෙම මල් එකම සෘතුවක විතරයිද ?
පැමිණීම් ළඟ නිතර හමුවීම්වල මිහිර
පිටවීම් වල එතෙයි වෙන්වීම් වල රිදුම
ඒ රිදුම් දරාගැනුමද අමුතු තාලයකි
මේ ගෙවෙන්නේ රැඟුම් නැති අසඟ කාලයකි
ගල් ගැහෙන හීතලේ වුවද ජීවත් වෙමි
ආලෝකයේ යතුර නුඹට දී හිනැහෙමී...
සෝමලතා හේරත් මැණිකේ
A day in the life
0 ප්‍රතිචාර:
Post a Comment