"l remind you of the last words of Puran Appu, the hour before he was shot and he was a brave man. He held up his hand and said, ‘If there had been half a dozen such men as me to lead (the 1948 rebellion), there would not have been a white man living in the Kandyan provinces,’ and this is true and we would have lost the country even for a short while my lord .”
"පුරන් අප්පු වෙඩි තබා මරා දැමීමට පැයකට පෙර පැවසූ අවසාන වචන මම ඔබට මතක් කරමි,
ඔහු නිර්භීත මිනිසෙකි.
ඔහු අත ඔසවා මෙසේ පැවසීය,
'මා වැනි මිනිසුන් දුසිම් භාගයක් (1948 කැරැල්ල) මෙහෙයවීමට සිටියා නම්, උඩරට පළාත්වල සුදු ජාතිකයෙකු ජීවත් නොවනු ඇත,'
මෙය සත්‍යයකි, අපට කෙටි කලකට හෝ රට අහිමි වනු ඇත මගේ ස්වාමීනි."
ආණ්ඩුකාර විස්කවුන්ට් ටොරිංටන් 1849 ඔක්තෝබර් 9 දින ලන්ඩනයේ යටත් විජිත ලේකම් අර්ල් ග්‍රේ වෙත ලිපියක් යවමින් පවසා ඇත.
වලිසිංහ රජ්ජුරුවෝ නොහොත් වීර පුරන් අප්පු
1848 අගෝස්තු 8 ..
සකල ශ්‍රී ලංකාවම කම්පිත වූ දිනයකි.ජාතියේ වීර පුතෙකු ලක් මවට අහිමි කල දිනයකි
කවුරුත් දන්නා" වීර පුරන් අප්පු "නම් අන්වර්ථ නාමයෙන් හැදින්වු වූ ඔහු ජාතියේ සැබෑම වීරවරයෙකුය.
වීරහැන්නදිගේ ෆ්‍රැන්සිස්කෝ ෆර්නෑන්ඩෝ ලෙසින් කැලිස්ටෝ ෆර්නෑන්ඩෝ , හෙලේනා නෝනිස් දෙමාපියනට දාව ඔහු උපන්නේ 1812 නොවැම්බරයේ 7 වනදා මොරටුවහි දී ය.
මොරටුව ගම්මුලාදෑනි තැන සමග ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් අවුරුදු 13 දී මොරටුවෙන් ඔහුගේම මාමණ්ඩිය සමඟ රත්නපුරයට පැමිණියේය .පසුව රත්නපුරයේන් ඌව පළාතට සංක්‍රමණය වී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි වීම නිසා ජාතික වීරවරයෙකු ලෙසින් ඉතිහාසයට එක් විය.
1847 මුල් භාගයේදී තිස් වයස් වූ ඔහු මහනුවරෙහි ගුනෙපාන අරච්චිගේ දියණිය වන බන්ඩාර මැණිකේ සමඟ විවාහ වූ අතර ඒ විවාහයෙන් ඔහුට එක් දියණියක්ද සිටියේය.
මේ වන විට ලංකාව පුරාවටම තුවක්කු බද්ද ,ලුණු බද්ද ,බලු බද්ද ,පොල් බද්ද ,සාප්පු බද්ද ,ඇග බද්ද , යානාදී වශයෙන් එකී නොකී බදු අහිංසක ගැමියන් පිට පටවමින් බ්‍රිතාන්‍ය පාලකයන්ද ඔවුන්ට කත් ඇදි සිංහල ගම් නායකයන්ද සිංහල ගැමියන් පීඩාවට පත් කළහ.
මේ පිළිබදව ෆ්‍රැන්සිස්කෝ පසු වූයේ දැඩි ක්‍රෝධයකිනි...
ඉංග්‍රීසි බස මැනවින් ඉගෙන ගෙන තිබූ ෆ්‍රැන්සිස්කෝ සිංහලේ අවසන් රාජධානිය යටත්කර ගැනීම හා රදළ අධිකාරම්වරුන්ගේ පාවාදීම් පිළිබඳව ලියෑවුණු සියලු දේ කියෑවූයේය.
කෙමෙන් කෙමෙන් පිරිහීමට පත්වන හෙළ දිවයින මෙන්ම එහි මිනිසුන්ගේ ජීවිතය, නිදහස හා අයිතිවාසිකම් පිළිබඳවත් ඒවායින් ඔහුට මනාව වටහා ගත හැකි විය. එම සියලුම වූ වැටහීම් තුළින් ඔහු තුළ ඇතිවූයේ ලක් දෙරණ විදේශ ආධිපත්‍යයෙන් මුදවා ගැනීමේ පිරිසිදු චේනාවයි.
මේ වන විට බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව සිංහලයන් කෙරෙන් නැඟුණු සටන්, ගිනිදැල්ද බොහෝ තැන්හි ඇවිළුණද ඒ සටන් බොහොමයක්‌ම සිංහලයනට අත්පත්කර දුන්නේ සතුටුදායක ජයග්‍රහණයක් නොවේ.
කැප්පිටිපොල, කොහුකුඹුර වැනි වීරයන් බොහෝ දෙනකුටම එහිදී සිදු වූයේ දේශප්‍රේමී සටන්වලින් පමණක් නොව ජීවිත සටනින්ද මුළුමනින්ම සමුගැනීමටයි. මෙයින් රාජධානිය පුරාම කවර තත්ත්වයක් ඇතිවී තිබුණේ දැයි කියතොත් සිංහල රාජධානිය පැවතියේ එකම පාළු හුදෙකලා සොහොන් පිටියක් බදු තත්ත්වයකය.
එම තත්ත්වය මුළුමනින්ම වෙනස්‌කොට 1848 ජූලි 26 වනදා දඹුලු විහාරයේදී කුඩාපොල හිමියන් අතින් වලිසිංහ රජු නමින් රාජාභිෂෙක ලද ෆ්‍රැන්සිස්කෝ සිය නාමය " වීර සන්නද්ධ වීර බලජයසූරිය කරු උතුම්පාල අර්ථදේව ඥානරත්න පටබැඳිගේ පුරන්අප්පු" ලෙසින් ප්‍රතිනිර්මාණය වී 1848 නිදහස් සටන සදහා ගොංගාලේගොඩ බණ්ඩාගේ ප්‍රදානත්වයෙන් යුතුව සෙනා මෙහෙයවීමේ වගකීම සියතට ගත්තේය .
ටොරිංටන් ආණ්ඩුකාරවරයාට පුරන් අප්පු මහත් හිසරදයක් විය...තැබෑරුම් ගිනි තැබීම ,බ්‍රිතාන්‍ය රැජිනට අපහාස වන අයුරින් අවලාද නැගීම,පවතින රජයට එරෙහිව කැරළි ගැසීම , රජයට විරුද්ධව මහ ජනයා උසි ගැන්වීම ,බදුල්ලේ මහේස්ත්‍රාත් වරයාගේ නිළ නිවස කඩා බිද දැමීම , ඇතුළු බොහෝ චෝදනා රැසක් ඔහුට විරුද්ධව ගොනු කෙරිණි..
ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පවුම් 10 ක් ලබා දෙන බව පවසමින් ටොරිංටන් ආණ්ඩුකාරවරයා විසින් 1847 ජනවාරි 1 වන දින ගැසට් නිවේදනයක් නිකුත් කලේය.
මේ අතර ගොංගාලේගොඩ බණ්ඩා ඔහුගේ සොයුරු දිනෙස් ,ඩිංගිරාළ , වීර පුරන් අප්පු ප්‍රමුඛව හා සාමාන්‍ය ගොවි ජනතාව මෙහෙය වූ මාතලේ කැරැල්ල 1848 ජූනි 29 වනදා සමස්ත සේනාව වශයෙන් දඹුල්ලෙන් පිටත් වී මාතලේ හරහා ගියේ බ්‍රිතාන්‍යයන්ගෙන් උඩරට රාජධානිය අල්ලා ගැනීමේ අපේක්ෂාවෙනි.
ඔවුහු මාතලේ කච්චේරියද ඇතුළුව රජයේ ගොඩනැගිලිවලට පහර දී බදු වාර්තා සමහරක් විනාශ කළහ. මේ අතර ඩිංගිරාළ ජනතාව පොළඹවා කුරුණෑගලට පහර දුන්නේය.
බ්‍රිතාන්‍ය හමුදාවේ නවීන ආම්පන්න ,කාලතුවක්කු හා අවි හමුවේ මාතලේ කැරැල්ලේ සාමාජිකයන්ට පසු බසින්නට සිදු විනි...
පුරන් අප්පු සිරකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අගෝස්තු 8 වෙනිදා මරණ දණ්ඩනය නියම කරන ලදී.
ජාතියට අමතක වෙමින් පවතින පුරන් අප්පු වැනි වීර චරිත අනාගතයටත් මිය යෑමට ඉඩ නොදී ඔවුන් සදාකාලිකව ජීවමාන කළ යුතුය .
ඔවුහු සිය තරුණ වියේදීම දිවි පිදුවේ එදා ඔවුන්ට කිසිත් ලබා ගැනීමට නොව එදා ඔවුන් දෑසින් වත් දැක නොතිබූ අනාගතයේදී අපට පරගැති නොවූ නිවහල් දේශයක් දිනා දීම සදහාය.
වීර පුරන් අප්පු ,
උතුමාණෙනි ඔබතුමන්ට සදා ප්‍රණාමය වේවා..........!
(වලිසිංහ රජ්ජුරුවෝ නොහොත් වීර පුරන් අප්පු උතුමන් ජාතියට අහිමි වී වසර 177 කි.
නෙතු කවුළු
අතීතාවර්ජනා...
උපුටා ගැනීමකි .
0 ප්‍රතිචාර:
Post a Comment